Wednesday, November 30, 2022

ආහාර ආරක්ෂණය සම්බන්දයෙන් කෘෂි කාර්මික සමාජයන් ගෙන ඇති ක්‍රියා මාර්ග

 

වස විසෙන් තොර සුරක්ෂිත අහර පාරිබෝගිකය වෙත ලබා දේම මෙමගින් අපේක්ෂා  කෙරේ ඒ අනුව නිෂ්පාදන ක්‍රියාවලියේ දී විෂ රසායනික භාවිතය අවම කිරීමේදී අසුරුම්කරනයදී හා පසු අස්වනු ක්‍රියාකාරකම් වලදී හනිකකර ද්‍රව්‍ය භාවිතය වැලක්වීමට පියවර ගැනීම මගින් අහර ද්‍රව්‍ය වල ආරක්‍ෂිත බව තහවරු  කර කැණීමට පියවර ගනු ලැබේ.

ü කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය

ü පලිබෝදනාශක භාවිතය, අධික පොහොර භාවිතය අවම කිරීම මගින් හා අස්වනු ක්‍රියාකාරකම්වලදී හානිකර ද්‍රව්ව්‍ය දීම වලක්වීම සදහා ප්‍රජාව දැනුවත් කිරීම

ü පලිබෝධනාශක හදුනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

*    පැළෑටි නිරෝධායනය


පැළෑටි නිරෝදයනය ක්‍රියාත්මක කරනු ලබන්නේ ජීව විද්දියාත්මක හේතු මතය .මෙහි ඉලක්කය වනුයේ විදේශීය රටවලින් හානිකර කෘමින් රෝග සහ වල්  පැල වල බිජ රටට ඇතුල්වීම වැලැක්වීමටය.පැළෑටි, පැළෑටි වල කොටස් බිඉජ පරාග ආදිය වෙනත් රටකින් ආනයනය කිරීමේදී ඒවා සමග මෙම අහිතකර ද්‍රව්‍ය  තවත් රටකට ඇතුල්විය  හැක.

පැළෑටි ආනයනය කිරීම .කෘමි සහ පැළෑටි රෝග කාරකයන් පැළෑටි සමග තිබිය හැක .එහෙයින් පැළෑටි ආනයනය කරන විට නිරෝදයන පිළිවෙත් ඉතා දැඩිව  කල යුතුය .බීජ පැළෑටි වෙනුවට බොහෝදුරට බීජ ආනයනය කිරීම දිලීර බැක්ටීරියා සහ වෙනත් රෝග ප්‍රවේශය වැලැක්විය හැක. නමුත් බීජ මගින්  ව්‍යාප්ත වන රෝග ප්‍රවේශ වීමේ අවධානම තිබේ .එහෙයින් රෝග  සහිත බීජ ද්‍රව්‍ය අනයනයෙන් වැළකිය යුතුය.

පටක රෝපණ ද්‍රව්‍ය එක් රටකින් තවත් රටකට මෑත කාලයේදී වැඩියෙන් ප්‍රවාහනය කරන්නේ පටක වලින් නිපැයු පැළෑටි වේ . බොහෝ     සහ රෝග ගැටළු වැළක්විය හැකි නමුත් වෛරස් රෝග තිබීමේ අවධානමක් තිබිය හැක.එහෙයින් මෙවැනි ද්‍රව්‍ය ආනයනය කිරීමෙන් පසුව  වරින්වර රෝග නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍යය .

පරාග ආනයනය කිරීමේදී සමහර වෛරස් සහ දිලීර බීජානු  ඒවා සමග තිබිය හැක .මේ නිසා ඒ පිලිබඳ අවධානය  කිරීම වැදගත් වේ.

රෝග නිරෝදායනයෙදී පරීක්ෂාකාරී විය යුතු  ජීවින් මෙසේය.

කෘමීන් - පැළෑටි ආනයනය කිරීමේදී කෘමීන් වැනි පලිබෝධකයන් පිලිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.මොවුන් ගෙන් මෙරූ සතුන් බිත්තර හෝ කීටයන් වශයෙන් ඔවුන්ගේ ජීවන චක්‍රයේ යම් අවස්ථාවක පැළෑටි ගෙඩි බීජ ආදී  ද්‍රව්‍ය වල සිටීමට ඉඩ ඇත .සමහර කෘමීයෝ වෛරස් රෝග කාරකයන් වේ.

වට පණුවන්  -  පැළෑටි මුල් සහ බීජ ආශ්‍රිතව වට පණුවන් සිටීමට ඉඩ ඇත. මොවුන්  මතුපිට   සිට පැළෑටි පටක වලට හානි කරයි.  මෙලෙස වට පණුවන්  පැළෑටි ආනයනය කරන රටවලට සංක්‍රමනය කිරීම වැලක්වීමට ක්‍රියාමාර්ග යොදා ඇත.

වලට මුලරම්බය වූ ප්‍රදේශ වලින් පැළෑටි ආනයනය  කිරීමේදී මතු  වන           සාමාන්‍ය වශයෙන් පැළෑටි පලිබෝධකයින් සහ රෝග බෝග වල මුලාරම්බය සිදුවන ප්‍රදේශ වලින් දක්නට ලැබේ.ඉතා දිගුකාලයක් තිස්සේ අන්තර්කරණය රෝග    කාරකයන් පරිසරයට  අනුකුලව හැඩගැසේ .

උදා : මැද  පෙරදිග රටවල  තිරිඟු  වගාවට වැළදෙන පක්සීනියා ග්‍රෑම්නස් රෝගය

උතුරු ඇමරිකාවේ  සුරියකාන්ත වලට වැළදෙන සුදු පුස් රෝගය

දකුණු ඇමරිකාවේ පශ්චිම අංගමාර රෝගය

පැළෑටි වල විවිධ ලක්ෂණ නිසා රෝග කාරක ජීවීහුද රුඋප විද්දියාත්මක කික වශයෙන් එම පරිසරයට අනුකුලව හද ගැසෙති . සමහර විට පෙලටි මව්බිමේ  වැඩෙන විට කෘමි හූඕ රෝග උවදුරක සේයාවකුදු නොපෙනී තිබුනත් එම පැළෑටි   වෙනත් පරිසරයක   වගා කල විට එම පරිසරයේ  පලිභෝදනාශක යන්ද සිටිය හැක එහෙයින් එක්   පරිසරයකට  පැළෑටි ගෙන්වීමේදී මේ කරුණු ගෙන සැලකිලිමත් වීම වැදගත් වේ .

*    කාබනික ගොවිතැන  (Organic Farming)


කාබනික ගොවිතැන  (Organic Farming)යන්න ශී‍්‍ර ලාංකික ගොවීනට අලුත් ගොවිතැන් ක‍්‍රමයක් සේ පෙනුණත් මෙය ලෝකය පුරා ශීඝ‍්‍රයෙන් වර්ධනය වන ගොවිතැන් ක‍්‍රමයකි. තව අතකට මෙය අපේ මුතුන් මිත්තන් කළ පරිසර හිතකාමී අතීත ගොවිතැන් ක‍්‍රම නූතන තාක්ෂණික දැනුමත් සමග සංකලනය කිරීමෙන් සාදාගත් තිරසාර ගොවිතැන් ක‍්‍රමයක්(Sustainable Farming System) ලෙසද හැඳින්විය හැක. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිසර දූෂණයට හේතුවන හා මිනිස් සෞඛ්‍යයට අහිතකර කෘමිනාශක රසායනික පොහොර ඉන්ධන වැනි ද්‍රව්‍ය භාවිතා නොකිරීම හෝ ඉතා අවමයක් දක්වා සීමාකරන ලද ඒ වෙනුවට ගොවිපළ ආශි‍්‍රතව සපයා ගත හැකි පරිසර හිතකාමී විකල්ප ද්‍රව්‍ය හා ක‍්‍රම මෙහිදී උපයෝගී කර ගැනීමයි.කාබනික ගොවිතැනේදී රසායනික පොහොර භාවිතය අවම මට්ටමක පවතින අතර ඒ වෙනුවට ගොවිපළ ආශි‍්‍රතව සපයා ගත හැකි සත්ව හා ශාක අපද්‍රව්‍ය භාවිතයෙන් සාදා ගත හැකි කොම්පෝස්ට් පොහොර ශාක කොටස් ආශ‍්‍රයෙන් ලබාගන්නා කොළ පොහොර හා ගොවිපළට බැහැරව සපයා ගත හැකි වියෝජනය වන කාබනික අපද්‍රව්‍ය පොහොරක් වශයෙන් භාවිතයට ගනී. තවද රනිල කුලයේ ශාක ක්ෂේත‍්‍රයේ වගා කිරීමෙන් පසට ස්වාභාවිකවම පෝෂක එක්්කර ගත හැක. ඊට අමතරව කාබනික ගොවිතැනේදී රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතා කරන හෙයින් බෝගවල රෝග හා පලිබෝධවලට ඔරොත්තු දීමේ ගුණය වැඩිවීමක් ද සිදු වේ.


රසායනික පොහොර, පලිබෝධ නාශක වැනි විෂ රසායනික ද්‍රව්‍ය භාවිතය මගින් මිනිසාට හා පරිසර පද්ධතීන්ට වන හානිය පරීක්ෂණ මගින් තහවුරු වීමත් සමගම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව කාබනිකව නිපදවූ ආහාර වෙත යොමුවීමේ ප‍්‍රවණතාවයක් ලොව පුරා නිර්මාණය වෙමින් පවතී.



මේ නිසා ගුණාත්මකත්වයෙන් ඉහළ කාබනික ආහාර සඳහා වඩා වැඩි මිලක් වෙළෙඳපොළේදී ලබාගත හැක. බොහෝවිට විදේශ වෙළෙඳ පොළේ මෙම මිල දෙගුණයක් හෝ ඊටත් වඩා වැඩි මිලක් වීමට වුවද ඉඩ ඇත.ලෝකවෙළෙඳ පොළේ කාබනික නිෂ්පාදනය කරන ලද ආහාර සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුකොට ගෙන බොහෝ රටවල ගොවීන් මේ සඳහා දැන් යොමුවෙමින් පවතී.

 විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල් පවා මේ කෙරෙහි තම උනන්දුව යොමු කරමින් සිටියි. කෙසේ වුවත් කාබනික ගොවිතැන අතින් ඉහළම ප‍්‍රගතියක් ලබාගෙන සිටින්නේ බටහිර රටවල්ය. යුරෝපා සංගමයේ දත්තවලට අනුව යුරෝපයේ පමණක් 1993 දී කාබනික ගොවිතැන් සිදුතරන භුමි ප‍්‍රමාණය හෙක්ටයාර් 900,000 වු අතර මේ අගය1998 වන විට හෙක්ටයාර් මිලියන 2.9 දක්වා වැඩි වී ඇත. මේ සඳහා යොදාගත් භුමි ප‍්‍රමාණය යුරෝපයේ මුළු කෘෂිකාර්මික භුමි ප‍්‍රමාණයෙන් 2% ක් වූ අතර මෙම අගය2005 වසර අවසන් වන විට 5% සිට 10% තරම් වූ භුමි ප‍්‍රමාණයක් දක්වා වැඩිවනු ඇතැයි යුරෝපා සංගමය ඇස්තමේන්තු කර ඇත. එසේම යුරෝපා සංගමයේ රවල්වල මේ වන විට කාබනික ගොවිතැන ප‍්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නීති හා ආයතන ව්‍යුහයන් ස්ථාපිත කර ඇති අතර තම ගොවිපළ කාබනික ගොවිපොළ බවට පරිවර්තනය කරන ගොවීන් සඳහා සහනාධාර විවිධ දිරි ගැන්වීම් ලබාදීම සිදු කරනු ලබයි.


ශී‍්‍ර ලංකාවේද දැනට කාබනික එළවළු, කාබනික කුළුබඩු, කාබනික තේ සුළුපරිමාණයෙන් අපනයනය සිදු කරනු ලබයි. ඉදිරියේදී ශී‍්‍ර ලංකාවේ කාබනික ගොවිතැනදියුණු කිරීමට විශාල විභවයක් ඇති අතර දැනට මේ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත්උත්සාහයක් දරා නොමැත. විශේෂයෙන් දැනටමත් කෘමිනාශක හා කෘති‍්‍රම පොහොර ඉතාඅඩුවෙන් යොදා ගනිමින් වගා කරන ගම්මිරිස්, කෝපි, කුරුඳු වැනි අපනයන බෝගත්,තේ වැනි වැවිලි 

බෝගත් පහසුවෙන් කාබනික වගාවන් බවට පත් කළ හැකිය.කාබනික ආහාර ලෝක වෙළෙඳ පොළේ අලෙවි කිරීමට අවශ්‍යය. ගැනුම්කරුවන් සොයා ගැනීම අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන්ම කළ හැකි අතර අදාළ ආහාරවල පැවැතිය යුතු ප‍්‍රමිතීන්  හා ඇසුරුම්කරණය  වැනි තොරතුරු මේ මගින් පහසුවෙන් ලබාගත හැක.අපේ ගොවීන් ද රසායනික ක‍්‍රමවලින් බැහැරව කාබනික ගොවිතැන වැනි නවීන 

ක‍්‍රම අනුගමනය කර වැඩි විදේශ විනිමයක් ලබාගැනීමට උත්සුක විය යුතු කාලය එලඹ ඇති බව සඳහන් කළ යුතුව ඇත.

*    පලිබෝධනාශක හදුනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම


කෘෂිකර්මාන්තය කෙරෙහි යොමු වූ දා පටන්, සිය වගා කරන ලද බෝග අනෙකුත් ජීවීන් සහ පාරිසරික ගැටලූ වලින් ආරක්ෂා කර ගැනීමට නිරන්තර අරගලයක යෙදීමට මිනිසා හට සිදුවුනි. අදටත් සිය බෝග වගාවෙන් උපරිම අස්වැන්නක් සහ ලාභයක් ලබා ගැනීමට ශාක ආරක්ෂණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටත්, වැඩි මුදලක් යට කිරීමටත් ගොවි ජනතාවට සිදුවී ඇත. වැඩි අස්වැන්නක් දෙන නව බෝග ප්‍රභේදයන් වගා බිම් වලට හඳුන්වා දීම තුලින් ද ශාක ආරක්ෂණය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වීම නොවැලැක්විය හැකි කරුණක් බවට පත්ව ඇත. මේ අතරින් රෝග සහ පළිබෝධ හානි මුල් තැනක් ගනී.


 


පළිබෝධ යනු මිනිසාට හෝ මිනිසා විසින් ඇති කරනු ලබන සතකුට, වගා කරනු ලබන බෝගයකට, ගබඩා කරන ලද නිෂ්පාදනවලට හෝ මිනිසා විසින් පරිහරණය කරනු ලබන යම් ද්‍රව්යෙඅයකට ආර්ථීක වශයෙන් හානි සිදු කරන ජීවීන් කොට්ටාසයකි. පළිබෝධ ප්‍රධාන කාණ්ඩ තුනකි.


1.   කෘමි හා කෘමි නොවන සතුන්


2.   වල් පැළෑටි


3.   රෝග කාරක ජීවින්


4.   කෘමි පලිබෝධකයන්



රෝග හා පළිබෝධ පාලනය කිරීමේ ප්‍රධාන ක්‍රම

·        හඳුන්වා දීම වැලැක්වීම

ඕනෑම කෘෂිකාර්මික බිමක රෝග සහ පළිබෝධ මර්ධනය කළ හැකි සාර්ථකම ක්‍රමය වනුයේ එම බිමට රෝග කාරකයන් සහ පළිබෝධකයන් ඇතුලූවීම වැලැක්වීමය. පිරිසිදු සහ සහතික කරන ලද රෝපණ ද්‍රව්‍ය භාවිතය, කෘෂිකාර්මික බිමෙහි සහ ඒ අවට පරිසරයෙහි සනීපාරක්ෂාව තහවුරු කිරීම, පිරිසිදු උපකරණ භාවිතය, හොඳින් සැකසූ සහ පරිණත වූ කොම්පෝස්ට් පොහොර භාවිතය යන ක්‍රමෝපායයන් මගින් රෝග සහ පළිබෝධකයින් කෘෂිකාර්මික බිමට ඇතුලූවීම වලකා, එමගින් සිදුවන ආර්ථික හානිය නැති කර ගත හැක .

·        තුරන් කිරීම

කෘෂිකාර්මික බිමට රෝග සහ පළිබෝධ හානි පැතිරුණු මුල් අවස්ථාවන්හිදී, ඒවා මුලිනුපුටා දැමීම පහසුවේ. එම රෝග සහ පළිබෝධ හානි දක්නට ලැබෙන ශාක ප්‍රමාණය සංඛයාත්මකව අඩු නම්, සරල ක්‍රමයන් මගින් ඒවා විනාශ කිරීම හෝ කරදරකාරී වල් පැළ වල ගහනය අඩු නම්, ඒවා මුලිනුපුටා විනාශ කිරීම මෙහිදී ගත හැකි පියවරයන් වේ. එනමුදු, විශේෂයෙන්ම වල් පැළ සම්පූර්ණයෙන් ගලවා විනාශ කිරීමේදී භූමිය නිරාවරණය වීමෙන් පාංශු ඛාදනය සිදුවිය හැකි බැවින් ඒ සඳහා පිලියම් යෙදීමට කල්පනාකාරී විය යුතුය.

·        පාලනය කිරීම

රෝග පළිබෝධ පැතිරීමේ ප්‍රමාණය අහිතකර බලපෑම් ඇති කරන්නේ නම්, ඒවා පාලනය කිරීමට නිසි පියවර ගත යුතු වේ. මේ සඳහා එක් මර්ධන ක්‍රමයක් හෝ ක්‍රම කිහිපයක මිශ්‍රණයක් භාවිතා කළ හැක. රෝග පළිබෝධ පාලනය කිරීමේදී යොදා ගත හැකි ප්‍රධාන ක්‍රමයන් පහත දැක්වේ.

1.   සරල යන්ත්‍ර භාවිතය හෝ මිනිස් ශ්‍රමය වැඩිපුර භාවිතා කිරීම

සරල යන්ත්‍ර හෝ මිනිස් ශ්‍රමය වැඩිපුර යෙදවීම කාලය මෙන්ම මුදල් වැඩිපුර වැයවන ක්‍රියාවක් වන අතර, සුලූ පරිමාණ වගාවකදී සාර්ථකව යොදා ගත හැක. මෙහිදී බොහෝ විට සිදු වනුයේ රේක්ක, උදැල්ල, කරඬි වැනි සරල උපකරණ භාවිතය හෝ අතින් උගුල්ලා දැමීම හෝ ඉවත් කිරීම මගින් රෝග සහ පළිබෝධ හානි ක්ෂේත්‍රය තුළ අවම කර ගැනීමය. මිනිස් ශ්‍රමය සෘජුව යෙදෙන බැවින් රෝග සහ පළිබෝධ හානි තෝරා ඉවත් කිරීමේ වාසිදායක තත්ත්වය මෙම ක්‍රමයේදී යොදා ගත හැක.


2.   යාන්ත්‍රික ක්‍රම භාවිතය 


තරමක සංකීර්ණ යන්ත්‍ර භාවිතයෙන් රෝගී      ශාක ඉවත් කිරීමත්, පලිබෝධ හානි අවම කිරීමත් මේ ගනයට අයත් වේ. උදාහරණයක් ලෙස, වීඩරයක් භාවිතයෙන් වල් පැලෑටි ඉවත් කිරීම සඳහන් කළ හැක.

3.   ශෂ්‍ය විදයාත්මක ක්‍රම භාවිතය 

බිම් සැකසීමෙන් පටන් ගෙන, බෝගය ක්ෂේත්‍රයේ ස්ථාපනය කරන ක්‍රමවේදය දක්වා කෙරෙන්නා වූ සියළුම ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රයාවලින් සාර්ථකව කිරීම මගින් රෝග සහ පළිබෝධ මර්ධනය මෙයට අයත් වේ. උදාහරණයක් ලෙස, වසුන් යෙදීම මගින් සහ මිශ්‍ර බෝග වගාවන් මගින් වල් පැල පාලනය දැක්විය හැක.

4.   රසායනික ක්‍රම භාවිතය 

වෙළඳ පොලෙහි මිල දී ගත හැකි රසායනික පළිබෝධ නාශක, එනම් දිලීර නාශක, කෘමි නාශක සහ වල් නාශක භාවිතයෙන් රෝග සහ පළිබෝධ මර්ධනය මේ යටතට ගැනේ.




5. ජෛව පාලකයන් භාවිතය 

එක් එක් රෝග සහ පළිබෝධකයන් සඳහා විශේෂිත වූ පරපෝෂිතයින් උපයෝගී කර ගනිමින් ඒවා මර්ධනය කිරීම මෙයට අයත් වේ. උදාහරණ ලෙස පැපොල් පිටි මකුණා (Paracoccus marginatus) මර්ධනය කිරීමට papayazයොදා යොදා ගැනීමත්, සැල්වීනියා (සැල්වීනියා molesta) ශාක මර්ධනයට Cyrtobagus bruchi යොදා යොදා ගැනීමත් සහ ජපන් ජබර මර්ධනයට Neochetin eichhorniae සහ ජබර මර්ධනයට Neochetin eichhorniae යොදා ගැනීමත් දැක්විය හැක.

6.   ඒකාබද්ධ රෝග සහ පළිබෝධ මර්ධන ක්‍රම භාවිතය 

රෝග සහ පළිබෝධ මර්ධන ක්‍රම දෙකක් හෝ ඊට වැඩි ගණනක් යොදා ගැනීම මගින් ඒවා මර්ධනය කිරීම මෙයින් දැක්වේ. ඒකාබද්ධ මර්ධන ක්‍රමයක් භාවිතා කෙරෙනුයේ එක් ක්‍රමයක් මගින් සාර්ථක මර්ධනයක් නොවන අවස්ථාවන් හිදීය.


සඳු පූර්ණිමා...

(ඡායා රූප හා මුලාශ්‍රයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

Tuesday, November 29, 2022

Blue Sky

 Mobile Photography 


📷 My Click 


Device - Huawei Nova 7i 


Edit Apps - Lightroom, Snapseed





Monday, November 28, 2022

Red Rose

Mobile Photography 

📷 My Click 

Device - Huawei Nova 7i 

Edit Apps - Picsart, Lightroom, Snapseed


Water Drops

 Mobile Photography 

📷 My Click 

Device - Huawei Nova 7i 

Edit Apps - Picsart, Lightroom, Snapseed







Monday, November 21, 2022

Butterflies

 Mobile Photography 


📷 My Click 


Device - Huawei Nova 7i 


Edit Apps - Lightroom, Snapseed





Wednesday, November 9, 2022

Green Nature

 Mobile Photography 

📷 My Click 

Device - Huawei Nova 7i 

Edit Apps - Lightroom, Snapseed





Wednesday, November 2, 2022

සිංහල ජන කවි


ක් එක් භාෂාවට විශේෂිත වූ සාහිත්‍යයක් ද බොහෝ විට ඇති බව අපි දනිමු. ඇතැම් භාෂාවකට සාහිත්‍යක් නොමැති විය හැකි වුවද බොහෝ භාෂාවලින් ලියවුනු සාහිත්‍ය ග්‍රන්ථ ඇත්තේය. මේ අතර කාව්‍යයට ද තැනක් හිමි වේ.මේ කාව්‍යයන් නිර්මාණය කර ඇත්තේ ඒ ඒ කාලවල විසු උගතුන් විසිනි. උදාහරණ ලෙස කවිසිළුමිණ, ගුත්තිල කාව්‍ය, සැළලිහිණි සංදේශය, ආදී කෘතීන් දැක්විය හැකිය.

මේ එක් එක් කාව්‍ය කිසියම් අවධියක කිසියම් ලේඛකයෙකු විසින් රචනා කරන ලද බවට සැකයක් නැත. සැළලිහිණි සංදේශය ජයවර්ධනපුර කෝට්ටේ විසූ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත කෘතියකි. උගතුන් විසින් සම්පාදනය කරනු ලැබූ මෙවැනි කෘතිවලට අමතරව ජනතාව අතරේ ම ඇති වී ජනතාව අතරේම  ආරක්ෂා වී එන තවත් කාව්‍ය වර්ගයක් ඇත.  ඒවා සාමාන්‍යයෙන් ජන කවි ලෙස හැඳින්වේ. මේ අනුව ජන කවි ගැන කරුණු දෙකක් දැක්විය හැකිය. එනම් උගත් සාහිත්‍යයක් ඇතත් නැතත් ඕනෑම ජන කොට්ඨාසයක් අතර ජන කවි පහළ විය හැකි බව පළමුවන කරුණ වේ. දෙවැන්න නම් උගත් සාහිත්‍ය පල වීමට පෙරාතුව ජන කවි පහළ වීම ස්වභාවික බවය. ලෝකයේ ඕනෑම භාෂාවක් හා සාහිත්‍යයක් ගෙන බැලුව ද උගත් කවීන් කවි ලිවීමට පෙර පටන් පැවත එන ජන කවි සාහිත්‍ය ඇති බව පිළිගත් මතයකි.

සිංහල ජනකවියේ ඉතිහාසය ඉතා ඈතට විහිදී යන බව පැහැදිලි වෙයි.  ඇල් ගෙවිලියක විසින් ගායනා කරන ලද හෙළ ගීයක් අසා  සැටක් පමණ භික්ෂූන් වහන්සේලා රහත් වූ වගක් බුද්ධඝෝෂ හිමියන්ගේ පාලි අටුවා පොතක සඳහන් වෙයි.  මේ සඳහන් වෙන්නේ සිංහල උගතුන් කාව්‍ය ග්‍රන්ථ ලිවීමට පෙර කාලයේ පැවති ජන කවි කීමේ ප්‍රවෘත්තියක් විය හැකිය.

අව්‍යාජත්වය
ජීවිතයේ විවිධ අවස්ථා පිළිබඳ ස්වකීය අත්දැකීම් අව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීම ජන කවිවල විශේෂ ලක්ෂණයකි. කිසියම් කාර්යයක් අව්‍යාජ වූ පමණින්ම එය රසවත් වන්නේ නැත. එහෙත් අව්‍යාජත්වය නැමැති ගුණාංගය නොමැතිනම් කවියක් රසවත් විය නොහැකිය. එදිනෙදා ජීවිතයේ තමන්ට මුහුණ පෑමට සිදු වන විවිධ ප්‍රශ්න ගැටලු යනාදිය ජන කවියෝ සිය රචනා වලින් ඉදිරිපත් කළහ. 

"තන්ඩලේ දෙන්න දෙපළේ             දක්කනවා 
කටු කැලේ ගාලේ නොලිහා වැඩ       දෙනවා 
හපුතලේ කන්ද දැකලා බඩ                  දනවා 
පව් කළ ගොනෝ ඇදපන් හපුතල්       යනවා"

සරලත්වය  
සංකීර්ණ අත්දැකීමක් වුව ද නිරවුල් ලෙස සරලව ඉදිරිපත් කිරීම ජනකවියේ තවත් විශේෂ ලක්ෂණයකි, උපමාලංකාර භාවිතයේදී ඒවා ජීවිතයට හැකිතාක් ළං වන අයුරින් පැහැදිලි ලෙස ඉදිරිපත් කර ඇති බව පෙනේ. සරලත්වය ජීවිතය පිළිබඳව පුළුල් අරුත් දීම ජන කවියාගේ අරමුණයි.


"දුර එනකොට වැටකෙයියා මලක්              වගෙයි 
ළග එනකොට රිදියෙන් කළ වැඩක්          වගෙයි 
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන      වගෙයි 
මගේ මැණිකේ මට මානෙල් මලක්           වගෙයි" 

අලුත් උපමා රූපක 
කවියෙකුගේ ප්‍රතිභාශක්තිය ප්‍රකට කරවන එක් විශේෂ ලක්ෂණයක් ලෙස උපමා රූපක ආදිය භාවිතය දැක්විය හැකියි. පැරණි උගත් කවීන්ට විරුද්ධව නංවා ඇති එක් තර්කයක් නම් ඔවුන් බොහෝ දුරට චිරාගත කවි සමයට වහල් වී ගතානුගතික උපමා රූපක භාවිතා කළ බවයි. එහෙත් සිංහල ජනකවි වල දේශීය පරිසරය ඇසුරින් සකස් කර කරගන්නා ලද රමණීය සංකල්ප රූප දක්නා ලැබේ. 

"එක් උන දාට උක් දණ්ඩේ පැණි                සේමා 
වෙන් උන දාට යක් දෙබරේ වද                සේමා 
ගොසින් ගොසින් කටු අත්තේ අග            සේමා 
ඉතින් ළඳේ කරිවිල තිබ්බටු                      සේමා

සංක්ෂිප්තභාවය 
කවි ශක්තිය ප්‍රකට කරවන්නක් සැලකේ. පෙරදිග මෙන්ම අපරදිග සාහිත්‍ය වේදීන්ගේ මත සිද්ධාන්ත පරිශීලනය කරන විට පැහැදිලි වන්නේ අනවශ්‍ය එකද වචනයක්වත් භාවිත නොකරමින් පිරිමැස්මකින් යුතුව පද්‍ය රචනා කළ යුතු බවයි. මෙම පිරිමැස්මේ ප්‍රතිඵලය සංක්ෂිප්තභාවයයි. ජන කවියේ විශේෂ ලක්ෂණයක් නම් සංක්ෂිප්ත භාවය රැකගනිමින් අපේක්ෂිත වින්දනය නොඅඩුව ලබා දීමට සමත් වීමය.

"මැද වත්තේ සෙල්ලම් පාරකි                 යන්ට 
මල් පිපිලා සුවදේ බැරුවා                     ඉන්ට 
කඩාගන්ට බැහැ අත රිදෙනවා               අපට 
සාදු සාදු මල් පිපියන් හොඳ                   රුවට"

සංයමය 
කවර කවියකු වුවද නිතරම වෑයම් කරන්නේ කියවන්නා හෝ අසන්නා තුළ හැඟීම් දැනවෙන පරිදි අත්දැකීම සංයමයකින් ප්‍රකාශ කිරීමට ය. එහෙත් පරිණත නිර්මාණාත්මක බුද්ධියකින් යුක්ත කවියා සිය හැඟීම් සංයත ස්වරයකින් ඉදිරිපත් කිරීමට යටත්වේ. මේ ලක්ෂණය බොහෝ ජනකවි වල පෙනෙන්නට ඇත. කාලයක් තිස්සේම අත ගැනීමට බලා සිටි තරුණියක තමාට පිටුපා අනෙකකු හා දීග ගිය බව ඇසූ තරුණයා තම සිත්හි පහළ වූ දුකත් පසුතැවිල්ල කෝපයත් පළ කළ සැටිය මේ.

"ඉරටත් හොරෙන් ඉර මුදුනෙන් ගිරව්              ගියා 
සදටත් හොරෙන් සද මුදුනෙන් සාවෝ              ගියා
මලටත් හොරෙන් මල මුදුනෙන් බඹරු             ගියා 
මටත් හොරෙන් කළු එතනා දීග                       ගියා" 

වචන භාවිතය 
ජන කවියේ යෙදෙන පද මාලාව භාව පූර්ණය. අර්ථ රසයෙන් මෙන්ම ශබ්ද රසයෙන්ද අනූනය. එහෙයින් ධ්වනිතාර්ථවත්ය.

"මැණික් කරඬු කට ලා කිරි බොන        කුමරු" 

"රන්ලිය වැලකි සිරි හස්තය කුමරු            පිට 
පින්කද බිසව සැතපෙන සැටි දුටු         නෙතට"

"කැකුළු තිසර ඔසරියෙන් වසා               ගෙන 
රුකුළු වළලු දෑතේ නද දී                       ගෙන"

අවස්ථා නිරූපණය 
කිසියම් මානුෂික අවස්ථාවක් ඉතා සජීව ලෙස නිරූපණය කිරීමට සමත් වන්නේ ශූර කවියෙකු මය. නිරායාසයෙන් මෙන් මානුෂික අවස්ථා ජීවමානාකාරයෙන් සිතුවම් කිරීමට ජන කවීහු සමත් වෙති.

"ලප සේ විලසේ දවසක්                           වෙන්නුවෙම්මා 
එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකි අපි            නිතියෙම්මා 
සැප සේ අපි දැන් දුන්නෙත් වදුවෙන්ව ද                  අම්මා 
අප සේ පිය රජුනි දනට                                           අම්මා"

විවිධ විරිත් 
අවස්ථාවට සරිලන පරිදි විවිධ වෘත්ත උපයෝගී කරගැනීමෙහිලා සිංහල ජනකවියා දක්වා ඇත්තේ මහත් නිපුනණත්වයකි. දරු නැළවිලි, ඔන්චිලි වාරම්, ලී කෙළි, එළුවන් කෙළි, කළගෙඩි සෙල්ලම, ගොයම් කවි යනාදිය පරීක්ෂාකරන විට මේ බව පැහැදිලි වේ. 

හාස්‍ය 
හාස්‍ය රසය මගින් විවිධ අත්දැකීම්වල  සංකීර්ණත්වය පෙන්නුම් කිරීම ජන කවියේ ලක්ෂණයකි. එමෙන්ම එය ඒ ඒ කවීන්ගේ ජිවිතාවබෝධය හා පරිණත බුද්ධිය පිළිබිඹු කරන්නක් වේ. අපේ ජීවිතයේ කවර අවස්ථාවක දී වුව දුක් කම්කටුලු තුළින් විනෝදයක් හා හාස්‍ය විදීම ගැමියාගේ සිරිතකි. එකේ මේ ගුණය ජන කවියෙන් ද පිළිබිඹුවේ.

"අම්බලමේ පිනා                         පිනා 
වලං කඳක් ගෙනා                     ගෙනා 
ඒක බිඳපි   ගොනා                   ගොනා 
ඒකට මට හිනා                            හිනා" 

නවීනත්වය 
කාව්‍ය විෂයයෙහි නවීනත්වය යන සංකල්පය දෙයාකාරයකට විග්‍රහ කළ හැකිය. පළමුවැන්න කාලයට අනුව කරනු ලබන විග්‍රහයයි. එනම් වර්තමාන අවධියට අයත් සියලු කාව්‍ය රචනා නවීන රචනා වශයෙන් සලකීමයි. දෙවැන්න නම් අභ්‍යන්තර ලක්ෂණවලට අනුව කරනු ලබන විග්‍රහයි. මේ අනුව පැරණි යුගයට අයත් රචනයක වුවද නවීනත්වයක් තිබිය හැකිය. සිංහල ජන කවිය් අතරද නවීනත්වයෙන් යුත් රචනා එමට සොයා ගත හැකිය.

"පුන් සඳ සසේ ම පායලා රට               මැද්දේ 
රන්කෙන්දී සේ ම පීරලා පිට               මැද්දේ
මාර සෙනග වට කරගෙන යම             යුද්දේ 
ලෙව්කේ මැතිදු අද තනියම වෙල        මැද්දේ" 

මෙය වර්තමාන සංකල්ප රූපවාදී පද්‍ය රචනයක් වැන්න. මෙහි මුල් පාද තුනෙන් වැටහෙන මනශ්චිත්‍ර බැලූබැල්මටම එකිනෙකට අසම්බන්ධය. එහෙත් එකිනෙකට අභ්‍යන්තරික වශයෙන් ඉතා සමීප වේ. ඒවා ලෙව්කේ මැතිදුන්ගේත් පොදුවේ මනුෂ්‍ය වර්ගයගේත් ඛේදවාචකය උද්වේගකර ස්වරූපයකින් දැක්වීමට ඉවහල් වන්නේය.


සඳු පූර්ණිමා.....

Tuesday, November 1, 2022

A Blooming Flower


Mobile Photography 

📷 My Click 

Device - Huawei Nova 7i 

Edit Apps - Lightroom, Snapseed





 





Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...