Thursday, October 27, 2022

දෘශ්‍ය මාධ්‍ය තුළ භාවිත නිර්වාචික සන්නිවේදනය

න්නිවේදනය යනු මානව ජිවිතයට අත්‍යවශ්‍යය දෙයකි.  මිනිසා මව් කුස තුළ සිටින අවධියේ පටන් සන්නිවේදනයේ යෙදේ.  මිනිසා යනු සාමුහික සත්ව කොට්ඨාසයකි. එම නිසා කිසිවිටෙකත් තනිව ජීවත්විය නොහැකිය. අන් අය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවශ්‍ය බැවින් සන්නිවේදනය මිනිසාට අත්‍යවශ්‍ය වේ. එසේ ගත් කළ සන්නිවේදනය යන්න සරලව දෙපාර්ශවයක් අතර සිදුවන තොරතුරු අදහස් හා හැඟීම් හුවමාරු වන ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. එලෙසම සන්නිවේදනය සඳහා යොදා ගන්නා විධික්‍රම නැත්නම් සන්නිවේදන ස්වරූප සන්නිවේදන විද්‍යාඥයන් විසින් වර්ග කර ඇත. එම ස්වරූප සියල්ල මානව සමාජයේ සන්නිවේදන අවශ්‍යතාවයන් සපුරාලීමට නිරන්තරයෙන් යොදා ගැනේ. 

වාචික සන්නිවේදනය 

අවාචික සන්නිවේදනය (නිර්වාචික)  

ලිඛිත සන්නිවේදනය

දෘශ්‍ය සන්නිවේදනය

ශ්‍රව්‍ය සන්නිවේදනය 

විධිමත් සන්නිවේදනය 

අවිධිමත් සන්නිවේදනය

ඉහත සන්නිවේදන විධි අතුරින් දෘශ්‍ය සන්නිවේදනයට ප්‍රධාන තැනක් හිමිවේ. ඇසින් දැකීම නිසා සිදුවන සන්නිවේදනය බැවින් මෙයට නිශ්චිත සීමාවක් ප්‍රකාශයට කළ නොහැකිය. මානව සමාජයේේ ආරම්භයේ සිටම මෙම සන්නිවේදනය භාවිතයට ගැනුනි. එනම් ආදි මිනිසා ගිනි ගොඩවල් ගැසීම, දුම්  ඉහලට නැංවීම, ගස් වල කොළ අතු එල්ලීම මගින් පණිවුඩ හුවමාරු කර ගනු ලැබුවේ දෘශ්‍ය සන්නිවේදනය මගිනි. මේවා නිර්වාචික සන්නිවේදන යන කාණ්ඩයට ද ඇත ඇතුළත් වේ. තවද දෘශ්‍ය සන්නිවේදනයට සීමාවක් නැත. කොළ අතු එල්ලීමේ පටන් චිත්‍ර, කැටයම්, මුර්ති, අභිනයන්, සිනමාව, ඡායාරූපකරණය, පෝස්ටර් ආදී සියල්ලම දෘශ්‍ය මෙන්ම නිර්වාචික සන්නිවේදන කාණ්ඩයට ඇතුලත් වේ, මෙහිදී පසක් වන ප්‍රධානතම කරුණ වන්නේ දෘශ්‍ය සන්නිවේදනය තුළ බොහෝ සෙයින් නිර්වාචික සන්නිවේදනය භාවිතා වන බවයි. මෙහිදී නිර්වාචික සන්නිවේදනය යනු කෙටියෙන් ගත්කල වචන භාවිතයකින් තොරව සිදුවන සන්නිවේදනයයි. මෙය මිනිසාගේ ජීවවිද්‍යාත්මක උරුමයකි. එබැවින් එය සමස්ත ලෝකයටම පොදු හේතුවකි. භාෂාව තුළින් හටගන්නා වූ සන්නිවේදනය බාධක මඟ හරවා ගැනීමට නිර්වාචික සන්නිවේදනය උපයෝගි කරගත හැකිය. එමගින් මිනිසාට සමාජය තුළ පහසුවෙන් ගණුදෙනු කිරීමේ හැකියාවක් පවතී.

මහාචාර්ය ඇල්බට් මෙහෙරාබියන් පවසන ආකාරයට පුත් පුද්ගලයෙකු සතුව පවත්නා සන්නි සන්නිවේදන රටාව තුළ 55% ක් මුහුණේ ඉරියව් මගින් ප්‍රකාශනය වන අතර 38% ක් කතන ස්වරූපය තුළින් පෙන්නුම් කරන අතර වචන භාවිතය තුළින් නිරූපනය වන්නේ 7% ක් පමණ ප්‍රමාණයක් පමණි.  මෙහිදී මුහුණේ ඉරියව් වචන භාවිතයෙන් තොරව ඕනෑම මොහොතක නිරූපණය කිරීමෙන් සන්නිවේන්නිවේදනයේ යෙදිය හැකි වන අතර මෙය සාර්ථක කරගැනීමට දෘශ්‍ය සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ එනම් මෙහිදී 

කෝපය 

පිළිකුල් සහගත බව 

බිය 

ප්‍රීතිය 

දුක්මුසු බව 

යන ආදී හැඟීම් රාශියක් මුහුණේ ඉරියව් මඟින් ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී. නමුත් මෙහිදී මෙය සාර්ථක කර ගැනීමට නම් අනෙකාගේ මුහුණේ හැඟීම් ප්‍රකාශනය අප දැකිය යුතුය. එමනිසා නිර්වාචික සන්නිවේදනය සමඟ බැඳී පවතින අංගයක් ලෙසට දෘශ්‍ය සන්නිවේදනය හඳුනාගත හැකිය. 

ඇඳුම් පැළඳුම් ගතහොත් සෑම සංස්කෘතියකම එහි සාමාජිකයන් විසින් ඇඳිය පැළඳිය යුතු ආකාරය පිළිබඳ විවිධාකාර සම්මුතීන් ඇති කර ගෙන තිබේ. සෑම පිළිගත් සම්මුතියකට අනුව වස්ත්‍ර ඇඳීමෙන්, කණකර ආභරණ පැළඳීමෙන්, මුහුණු ආලේපන යෙදීමෙන්, කොණ්ඩා සැකසුම් මගින් ලෝකයාට ප්‍රකාශ කරන්නේ තම සංස්කෘතිය විසින් සම්මත ක්‍රමයට අනුව තමා හැඳපැළඳ සිටීමට රුචියක් දක්වන බවයි. සංස්කෘතිය කෙරෙහි තමා තුළ ගෞරවයක් ඇති බවයි. එසේම තම සංස්කෘතිය, ආගම කෙරෙහි ගෞරවයක් පැහැදීමක් නොමැති නම් ඇත්තේ කලකිරීමක් නම් ඇඳුම් පැළඳුම් මගින් එය ප්‍රකාශ කළ හැකිය. 

නිදසුන් : වර්තමාන බටහිර රටවල ඇතැම් තරුණ තරුණියන් කොණ්ඩා රැවුල් වවාගෙන කිලිටි වූ ඇඳුම් හැද නැතහොත් පොදු නොවූ විලාසිතාවන්ගෙන් සැරසී ලෝකයාට ප්‍රකාශ කරනු ලබන්නේ තමන් අවට ඇති සංස්කෘතිය ඔවුන් පිළිනොගන්නා බවයි.

මේ අනුව පෙනෙන්නේ ඇඳුම් පැළඳුම් යනු නිර්වාචික සන්නිවේදනය කළ හැකි මාධ්‍යයක් වුවත් එය නිසියාකාරව සන්නිවේදනය වීමට නම් දැකීමක්  සිදු විය යුතු බවයි. තවද “පරතරය“ ගතහොත් එනම් පුද්ගලයන් සිටින දුර ප්‍රමාණය දැකීම තුළින්ද විවිධාකාර පණිවිඩ සන්නිවේදනය වේ. එනම් පුද්ගලයන් අතර පවතින පරතරය මගින් ඔවුන් අතර තිබෙන සබඳතාවය හැඟීම් ආදිය වටහා ගත හැකිය. එනම් නන්නාදුන පුද්ගලයන් දෙදෙනකු පරතරය තබා ගෙන සිටින ආකාරය මගින් ඔවුන් මින් පෙර හමු නො වූ පුද්ගලයන් බවට සන්නිවේදනය කරගත හැකිය. එසේම පෙම්වතා සහ පෙම්වතිය අතර තිබෙන පරතරය හා ඔවුන් තුළින් පෙන්වන හැඟීම් තුළින් ඔවුන් පෙම්වතුන් බව දෘශ්‍යමාන වේ.  මේවාද දෘශ්‍ය සන්නිවේදනය තුළ භාවිතා වන සන්නිවේදනයක් ලෙස හඳුනා ගත හැකිය. එසේම සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර දුර ප්‍රමාණය වැඩි නම් සන්නිවේදන මෙවලම් භාවිතයෙන් තොරව වාචික සන්නිවේදනයේ යෙදිය නොහැකිය. එසේම මෙහිදී නිර්වාචික සන්නිවේදනය මගින් අදාළ සංදේශය ග්‍රාහක ගත කිරීමේ හැකියාව ලැබේ.

නිදසුන් : දුම්රියක රියදුරෙකු හට ඉදිරියෙන් පවත්නා අනතුරුදායක තත්ත්වයක් වචන භාවිතයෙන් ඉදිරිපත් කළ නොහැකිය. ඒත් සඳහා රතු පැහැති කොඩියක් වැනීම සිදු සිදුකරනු ලබයි. එමගින් ඉදිරියේ අනතුරක් ඇති බව රියදුරා වටහා ගනු ලබයි.

මේ දැකීම තුළ සිදු වූ නිර්වාචික සන්නිවේදන අවස්ථාවකි. එලෙසම මගියෙකු සිය  අවශ්‍යතාවය මත බස් රථයක් නවතා ගැනීමට අත ඇල්ලීම සිදු කරනු ලබයි. එය රියදුරා දැකීම නිසා පණිවිඩය හඳුනාගෙන බස් රථය නවත්වනු ලබයි මෙහි දී ද සිදුවන්නේ දෘශ්‍ය සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය භාවිතා කිරීමකි. එලෙසම සංඥා හා සංකේත ගතහොත් ඒවා තුළද සිදුවන්නේ දැකීම තුළින් අර්ථය වටහා ගැනීමකි. මෙය සාර්ථක දෘශ්‍ය මෙන්ම නිර්වාචික සන්නිවේදනය ලෙස ද හඳුනාගත හැකිය. මහා මාර්ගවල, ගුවන්තොටුපලවල ආදි ස්ථානවලදී මෙය සාර්ථකව භාවිතයට ගත හැකිය. 

නිදසුන් : මාර්ග සංඥා පද්ධති ගත හැකිය. මෙමගින් බොහෝ මාර්ග  අනතුරු මෙන්ම තදබදය ද අවම කර ගැනීමට හැකිවී තිබේ. 

එහිදී  

අනතුරු ඇඟවීමේ සංඥා 

තහනම් සංඥා 

සීමාකාරී සංඥා 

විදාන සංඥා 

ප්‍රමුඛතා සංඥා 

තොරතුරු සංඥා 

ආලෝක සංඥා 

පොලිස් හස්ත සංඥා 

ආදිය හඳුන්වා දිය හැකිය.

එසේම ගුවන්තොටුපල, වරාය ආදී ස්ථානවලට විවිධාකාරයේ භාෂාව භාවිතා කරන පුද්ගලයන් පැමිණෙන බැවින් භාෂාවක් යොදාගෙන සන්නිවේදනයේ යෙදුනහොත්  එය අසාර්ථක වන්නට ඉඩ ඇත.  

එම නිසා  සැමට පොදු භාවිතය ඉතා ඵලදායී දෘශ්‍ය සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය භාවිතා කරයි.

දෘශ්‍ය සන්නිවේදනය මෙන්ම නිර්වාචික සන්නිවේදනය ආරම්භ වනු ලබන්නේ මිනිසා සිතන්නට ගත් දා සිටය.  එනම් මීට වසර දස දහස් ගණනකට පෙර සිටයි. ආදී මානවයා තමාට සිදු වූ හා මුහුණ දීමට සිදු වූ තම අත්දැකීම් රඟ දක්වා පෙන්වීම හා ගල් ගුහාවල චිත්‍ර වශයෙන් සිතුවම් කර පෙන්වීම ආදිය මගින් ඔවුන් නිර්වාචිකව තම සන්නිවේදනය සිදු කරනු ලැබීය. එම ප්‍රාග් යුගයේ දී ඔවුනට භාෂාවන් නොවූ හෙයින් ඔවුන් නිර්වාචික සන්නිවේදනය තම භාෂාව වශයෙන් භාවිතා කර ඇති බවට වර්තමානයේ දී සාක්ෂි සොයාගෙන තිබේ. 

එමෙන්ම ගැමි ජන ජනතාව යම්තාක් දුරට ප්‍රබලතා වශයෙන් නිර්වාචික සන්නිවේදනය භාවිතා වී තිබේ. යම්කිසි දුර ගමනක් යෑමට ප්‍රථම ගසක කොළ අත්තක් කඩා එල්ලා යාම, විවිධ වර්ග වල මල්, ගෙඩි, ඈතට විදීම තුළින් අදාළ පණිවිඩයන් යමෙකුට දැනුම්දීම සිදු කරයි. ගිනි ගොඩක් ගසා ඈතට දුම විහිදා පෙනෙන පරිදි විසුරුවා එමගින් නිසි සන්නිවේදන කරුණක් නිර්වාචික ව අනෙකාට දැනුම්දීම ආදිය අතීතයේ සිදු වී තිබේ. මේවාද දැකීම තුළින් අර්ථය වටහා ගන්නා ලද ඒවාය.

ගිනිමැල, දුම, කොළ අතු එල්ලීම, වැනි ප්‍රාථමික සන්නිවේදන ක්‍රම යොදා ගනිමින් ආදිකාලීන ගෝත්‍රික සමාජය විවිධ පණිවිඩ  හුවමාරු කරගත් ආකාරයට අදටත් බොහෝ ගම්වල සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම භාවිත කරනු ලැබෙයි. අපගෙන් ග්‍රාමීය සමාජයේ පවතින බලිතොවිල් ආදියෙහි දක්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික සන්නිවේදන ලක්ෂණය. ලෙඩරෝග සඳහා කොළ අතු එල්ලීම, කෙම් ක්‍රම, තහන්චි, මංගල හා අවමංගල චාරිත්‍ර විධි මෙන්ම ජන කවි, නාටක, රූකඩ ආදියද සාම්ප්‍රදායිකව යොදා ගත් දෘශ්‍ය සන්නිවේදන භාවිතයන්ය. ලෝකයේ කුමන රටක වුවද කුමන ජන කණ්ඩායමක් අධ්‍යයනය කළ ද මෙවැනි දෘශ්‍ය  සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම සොයා ගත හැකිය. මෙහි විශේෂත්වය වන්නේ ඒ කුමන හෝ දෘශ්‍ය සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයක් එක් එක් ජන කණ්ඩායමකට සුවිශේෂී වන බවය. 

එලෙසම කිසියම් බරපතළ රෝගයක් සෑදුණ විට පැමිණෙන අනෙකුත් තැනැත්තන්ගෙන් විය හැකි කිලි, විෂබීජ, යක්ෂ දෝෂ ආදිය හැරීමහැරීම සඳහා තම නිවෙස ඉදිරිපිට ගොක්කොල කිහිපයක් එල්ලා තැබීම අතීතයේ පටන් වර්තමානය දක්වාම සිදුවන්නා වූ සම්ප්‍රදායකි. එලෙසම නිවසක් ඉදිරිපිට කොළ අතු එල්ලා තිබීම මගින් පුද්ගලයන් එම නිවසේ රෝගයක් වැලළඳුණු රෝගීයෙකු සිටින බවත් එම නිවසට නොයා යුතු බවත් නිර්වාචිකව තේරුම් ගනු ලබයි. එමෙන්ම යම්කිසි පුද්ගලයෙකු මියගිය පසු බෞද්ධයන් විසින් නිවස ඉදිරිපිට සුදු කොඩියක් ප්‍රදර්ශනය කරනු ලබයි. එමගින් නිවසේ යම්කිසි පුද්ගලයෙකු මියගොස් ඇති බව ගම්වැසියන් වටහාගනියි. මෙයද නිර්වාචිකව සන්නිවේදනය සිදු වූ අවස්ථාවකි. එසේම තවද දෘශ්‍ය සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය භාවිතා වන අවස්ථා ලෙසට මිනිසුන් අතීතයේ පමණක් නොව වර්තමානයේ දී වර්ෂාවක් පැමිණෙන බව අහසේ ඇතිවන අඳුරු පැහැ වලාකුළු මගින් සන්නිවේදනය කර ගනී. එසේම නාට්‍ය , අභිරූපණ, රංග, චිත්‍ර හා කැටයම් කලා මගින්ද නිර්වාචික සන්නිවේදනයේ යෙදේ. මෙහිදී නාට්‍යක  විවිධාකාර චරිත මේ මේ වශයෙන් වෙන්කොට හඳුනා ගන්නේ හැඳ සිටින ඇඳුම් පැළඳුම්, වේශ නිරූපන පාදක කොටගෙනය. එලෙසම අභිරූපන රංගන මගින්ද අත් පා හැසිරවීම්, මුහුණේ ඉරියව් දෙස බලා සිටීම තුළින් අර්ථය වටහා ගත හැකිය. මෙහි දී ද සිදුවන්නේ දෘශ්‍ය සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය භාවිතයකි.  

වර්තමානය ගත්හොත් රාජ්‍ය උත්සවවල ජාතික කොඩිය අඩකුනු කර ඔසවා තිබීම දකින්නට ලැබේ.  එවිට මෙම දැකීම් තුළින් අප වටහා ගන්නේ එසේ සිදුකර ඇත්තේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමක් බවය. තවද මහා මාර්ගයේ සංඥා වලට අමතරව කහ ඉරි වර්තමානයේ සුදු ඉරි දක්නට ලැබේ. එය දෘශ්‍ය වීම මගින් අපට සන්නි සන්නිවේදනය වන්නේ මෙම ස්ථානයෙන් පාර මාරු වීමට සුදුසු බවයි. එය මාර්ගයේ දී එක් එක් පුද්ගලයා වෙන වෙනම දැනුවත් කිරීමට  අවශ්‍ය නොවේ. ඔවුන් කහ ඉර දුටු විගස එය වටහා ගනී.  එසේම රියදුරන් ඉදිරියෙන් පාසලක් රෝහලක් ඇති බවට කල්තියාම හදුනාගැනීම සිදු කරන්නේ ඒවාටම ආවේණික සංකේත හේතුවෙනි.  වර්තමානය වන විට රියදුරන් ඉදිරියේ පොලීසියෙන් ඇති බව අනෙක් රියදුරාට පැවසීමට තම වාහනයේ ආලෝකය දල්වා නිවා දමනු ලබයි. මේවා සියල්ල වටහා ගන්නේ දැකීම හේතුකොටගෙනය. 

එසේ නම් අපට මෙයින් පසක් වනුයේ මිනිසාට සන්නිවේදනය කිරීම මගින් තොරව ජීවත්විය නොහැකි බවයි. එලෙසම බොහෝ විට සන්නිවේදනය දැකීම තුළින් ඇති වන අතර ඉහත කරුණු කාරණා විමසුමට ගත් විට දෘශ්‍ය සන්නිවේදනය තුළ නිර්වාචික සන්නිවේදනය ක්‍රියාත්මක වන අයුරු දැකගත හැකිය.


Sunday, October 9, 2022

නව මාධ්‍ය භාවිතයේ පවතින යහපත් ප්‍රතිඵල


නවීන ජීවිතයට පහසු වී ඇති අතර සන්නිවේදනය හා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා නව මාධ්‍ය  තාක්ෂණයෙහි අතිවිශාල දායකත්වයක් සපයනු ලබයි.  නව මාධ්‍ය  මගින් අපගේ ජීවිතය වඩාත් පහසුවෙන් සහ වඩාත් පහසු කර ඇති බවට කිසිදු සැකයක් නැත. වර්තමානය වනවිට නව මාධ්‍ය භාවිතය මගින් අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, බැංකු, ව්‍යාපාරික, මූල්‍යමය, වැනි බොහෝ ක්‍ෂේත්‍රයන්හි විශාල විපර්යාසයක් සිදුක ඇත.  නව මාධ්‍යට අයත් අන්තර්ජාලය මගින් ඊමේල් හරහා සන්නිවේදනයට පමණක් සීමා නොවී, වෙනත් දේ අතර තොරතුරු, රූප සහ නිෂ්පාදන පහසුවෙන් ලබා ගත හැකිය. සෑම දවසකම අන්තර්ජාලය අළුත් පහසුකමක් ලබා දෙයි, නව වෙබ් අඩවියක් වන ජීවීන්ට වඩාත් පහසුවෙන් පහසු වන නව දෙයක් බවට පත් වේ. කෙසේ වෙතත්, නව මාධ්‍ය තුලින් සමාජයට ඇතිකරනු ලබන යහපත් මෙන්ම අයහපත් ප්‍රථිපල විමසා බැලීම ඉතා වැදගත්ය.  පළමුව නවමාධ්‍යයේ යහපත් ප්‍රථිපල සලකා බැලීමේදී, සන්නිවේදන ක්ෂේත්‍රය තුල ඇති වී තිබෙන නව ප්‍රවණතා හැදින්විය හැකිය.  නව මධ්‍යයේද නව ප්‍රවනතාවයක් වන්නේ සමාජ මාධ්‍ය භාවිතයයි.   අන්තර්පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා ඉවහල් වන පහසුකම් රාශියක් මෙම වෙබ්අඩවි තුළ අන්තර්ගත වීම මඟින් මෙම මාධ්‍ය විශේෂය අන්තර්ජාල පරිශීලකයින්ගේ ප්‍රබල ආකර්ෂණයට ලක්වූ භාවිතයක් වශයෙන් පෙන්වා දිය හැකිය. Kalplan සහ Heanlein  මාධ්‍ය තුළ පවත්නා විවිධත්වය කොටස් 6 ක් යටතේ ප්‍රවර්ග ගත කරනු ලබයි.


1. හවුල් ව්‍යාපෘති සහිත සමාජයීය මාධ්‍ය
මෙහි දී  ඕනෑම අයෙකුට ක්ෂේත්‍රයට දත්ත ඇතුළත් කිරීම සහ සංශෝධනය කිරීම සිදුකළ හැකිය.

නිද Wikipedia 

2. Blog  සහ Micro Blogs මාධ්‍යය

මෙහි දී  ඕනෑම අයෙකුට නිර්මාණය වී ඇති අයදුම්පතක් තමන්ට රිසි ලෙස නිර්මාණය කරමින් එය සමාජයීය ජාලයක් ලෙස භාවිත කළ හැකිය. නිද: Twitter








3. අන්තර්ගත කරුණු මත බිහි වූ සමාජයීය මාධ්‍ය (Content& Communities)


මෙහි දී  ඕනෑම අයෙකුට කරුණු සහ දත්ත ඇතුළත් කිරීමට, ඒවා නැරඹීමට හා අදහස් ඉදිරිපත් කිරීමට හැකි අතර එම කරුණු මඟින් මෙවැනි සමාජයීය මාධ්‍යයන් ගොඩනැඟී තිබේ.

නිද: YouTube, Daily  Motion











4. සමාජයීය ජාල

මෙහි දී විවිධ සමාජ ඒකාබද්ධ කරනු ලබන පණිවිඩ හුවමාරු කරන මාධ්‍යයන් ලෙස මෙම ජාල පෙන්වා දිය හැකිය.

නිද: Facebook, LinkedIn, WhatsApp, Viber 





5. පරිගණක ක්‍රීඩා සහිත සමාජයීය මාධ්‍ය (Virtual Game World)
ජාලවල විනෝද ක්‍රීඩා සඳහා ඒකරාශි වන පුද්ගලයන්ගෙන් බිහි වී මෙම සමාජයීය මාධ්‍ය නිර්මාණය වී තිබේ.
නිද: World War Craft








6. ලෝක පරිගණක සමාජය (Virtual Social World) 

විවිධ සමාජයීය මාධ්‍ය ප්‍රවර්ග සංකලනය වී මෙම සමාජය ගොඩනැංවී තිබේ.

ඒ අනුව සැලකීමේ දී විවිධ ව්‍යාපාරික අරමුණු, විනෝදාස්වාදය, අධ්‍යාපනික අරමුණු හා මානුෂීය හැඟීම් වැනි සාධක මත පදනම්ව සමාජ මාධ්‍ය වෙබ්අඩවි ක්‍රියාත්මක වෙමින් පවත්නා බව ප්‍රකට වේ.  සමාජ මාධ්‍ය වෙබ්අඩවි බිහිවීම අන්තර්ජාලය ලෝකය පුරා ජනප්‍රිය වීමත් සමගම සිදු වූ බව ප්‍රකාශ කළ හැකිවේ.  ඒ අනුව ලොව බිහි වූ මුල්ම සමාජ මාධ්‍ය සේවය SixDegrees.com වෙබ් අඩවිය පෙන්වා දිය හැකිය.  එය වර්ෂයේදී ආරම්භ වූ අතර එහි නිර්මාතෘවරයා වන්නේAndrew Weinreich ය.  එසේම මුල් කාලයේ ප්‍රකට වූ  සමාජ මාධ්‍ය සේවා කිහිපයක් ලෙස Geocities, Classmates සේවා පෙන්වාදිය හැකිය.  වර්තමානයේ දී වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය සේවා  ලෙස Facebook, Twitter,  YouTube, LinkdIn වැනි සේවා පෙන්වාදිය හැකිය. ඊට අමතරව බ්ලොග් අඩවිය ද අන්තර්ජාලය තුළ අධ්‍යතනයේ වඩාත් ප්‍රමුඛතම සන්නිවේදන භාවිතයක් ලෙස කැපී පෙනෙයි.  ලොව ප්‍රමුඛතම සමාජ ජාල මාධ්‍ය සේවය ලෙස Facebook  පෙන්වා දිය හැකිය.  මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ 2004 වර්ෂයේදී ය.  මෙහි නිර්මාතෘවරයා වන්නේ මාක් සකර්බර්ග් ය.  Facebook  සේවය මගින් මිතුරු මිතුරියන් සමඟ සංවාද පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් ගණනාවක් ලබා දී තිබේ. ඒ අනුව සාමාන්‍ය වාචික සංවාද ක්‍රමවේදයට අමතරව වීඩියෝ සංවාද පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් මෙම  ආයතනය මගින් ලබා දී ඇත. වර්තමානය වන විට Facebook   පරිශීලකයන් මිලියන 1600 ක්  පමණ ඉක්මවා තිබේ.  මෙම වෙබ්අඩවිය සිය ආදායම් උපයන ප්‍රධානම ක්‍රමවේදය වන්නේ දැන්වීමේ අන්තර්ගතය අනුව තෝරාගත් පරිශීලකයින් ඉලක්ක කර වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කිරීම වන බැවිනි. එය Tagged Advertising ලෙස හදුන්වනු ලබයි. 

2006 වර්ෂයේ දී ආරම්භ වන Twitter සේවාව අන්තර්ජාල කෙටි පණිවිඩ සේවය ලෙස හඳුන්වනු ලැබේ.  මෙම සේවය මඟින් එක් පරිශීලකයෙකු ප්‍රකාශයට පත් කරනු ලබන කෙටි පණිවිඩ වෙනත් පරිශීලකයින්ට කියවීමට අවස්ථාව ලැබේ. මෙහි දී දක්නට ලැබෙන සුවිශේෂත්වය වන්නේ එසේ ප්‍රකාශයට පත්කළ හැකි එක් පණිවිඩයක අන්තර්ගත විය හැකි උපරිම අක්ෂර ප්‍රමාණය  140 කට සීමා වීමයි.   YouTube වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි. 2005 දී ආරම්භ වූ මෙම සේවය මඟින් ඉතා පහසුවෙන් වීඩියෝ උඩුගත (Upload)  කිරීම සහ ඒවා මාර්ගගතව හුවමාරු කර ගැනීමට පහසුකම් සලසා දෙයි. එසේම අන්තර්ජාලය තුළ සජීවී විකාශ පැවැත්වීම සඳහා ද මෙමඟින් අවස්ථාව ලබා දී තිබේ. වර්තමානය වන විට සෑම රූපවාහීනී නාලිකාවක්ම පාහේ සිය විකාශනය YouTube තුළ පවත්වාගෙන යෑම සිදුවේ.  විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතයට පැමිණීමට පෙර විද්‍යුත් තැපෑල අන්තර්ජාලය තුළ සන්නිවේදන කටයුතු සඳහා භාවිත වූ ප්‍රමුඛ සන්නිවේදන විධික්‍රමයයි. විද්‍යුත් තැපැල් a (E-Mail) සේවා යනු අන්තර්ජාලය ඔස්සේ පුද්ගල සබඳතා පැවැත්විය හැකි ප්‍රධානම ක්‍රමවේදයයි. එනම් පුද්ගලයින් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අන්තර්ජාලය තුළ මෙම තාක්ෂණික ක්‍රමවේදය භාවිතයට ගනියි.  

මෙම සියලුම සමාජ මාධ්‍යයන් මගින් සිදු එසේම නව මාධ්‍ය භාවිතයේ තවත් යහපත් ප්‍රථිපලයක් වන්නේ අධ්‍යපනයි.  එනම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් මෙම නව මාධ්‍ය භාවිතය මගින් සිදු වී ඇත.  පාසල් දරුවාගේ සිටම වැඩිහිටියා දක්වාම ඉගෙනුමට අවශ්‍ය සියලු දේ නව මාධ්‍ය ඔස්සේ සිදු කිරීමට වර්තමානයේ බොහෝදෙනෙකු පෙළඹ වී සිටියි.  එයට ප්‍රධානතම හේතුව වන්නේ නව මාධ්‍යයේ ඇති වේගවත් බවයි.  තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් තමන්ට ඕනෑම වේලාවක ඉතාමත් කෙටිකාලයක් තුළදී ලබා ගැනීමට ඉගනීමට මෙමගින් හැකියාව ලැබේ.  තොරතුරු නව මධ්‍යයේ  ඇති විශාලතම වාසියයි. අන්තර්ජාලය යනු තොරතුරු වල අද්විතීය වස්තුවකි. අධ්‍යාපනයට අවශ්‍ය ඕනෑම තොරතුරක්  අන්තර්ජාලය හරහා ලබා ගත හැකිය. Google,Yaho, Ask, Bing වැනි සෙවුම් යන්ත්‍ර ඒ සදහා සේවය ලබා දෙයි.

අධ්‍යාපනය සදහා වූ  එක් එක් විෂයයන් සඳහා අන්තර්ජාලය තුල දත්ත විශාල සංචිතයක් ඇත. මෙම තොරතුරු ගබඩාව සමඟ ශිෂ්‍යන්ගේ දැනුම වැඩි දියුණු කළ හැකි නමුත් පුස්තකාල වෙත ගොස් සම්ප්‍රධායික ක්‍රම  හරහා කාලය ගත කිරීමකින් තොරව සිදු කළ හැකි පර්යේෂණ සිදු කර ගත හැකිය. අන්තර්ජාලය සමඟ, සිසුන්ට ඔවුන්ගේ තොරතුරු කාලය සොයා ගැනීමට සහ වෙනත් කාර්යයන් කිරීමට ඔවුන්ගේ කාලය භාවිතා කිරීමට හැකි වේ.  එසේම ඔවුන්ගේ පාසල්/විශ්ව විද්‍යාල ව්යාපෘති සඳහා මෙම  තොරතුරු භාවිතා කළ හැකිය.  ඔවුන් උනන්දු වන විෂයයන් පිළිබඳව නව දේවල් ඉගෙන ගැනීමට නව මාධ්‍ය මන පිටුවහලක් වී ඇත.  සැබවින්ම මෙම නව මාධ්‍යට අයත්  අන්තර්ජාලය දැන් බොහෝ ව්‍යාපෘති කිරීමට අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් වී ඇත. විශේෂයෙන්ම මෙහිදී වැදගත් වන්නේ නව මාධ්‍ය ඔස්සේ අධ්‍යාපනයට විශේෂ අවස්ථා සලසා දීමයි. එහිදී ඊ-ඉගෙනුම් සේවය (E-Learning)  පාසල් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් අතර ප්‍රචලිත වූත් ප්‍රමුඛ වූත් සේවයකි. ඊ-ඉගෙනුම යනු, සාම්ප්‍රදායික පන්ති කාමරයකින් පිටත අධ්‍යාපන විෂය මාලාවට ප්‍රවේශ වීම සඳහා විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉගෙනීමයි.  බොහෝ අවස්ථාවන්හීදී, එය සම්පූර්ණයෙන්ම මාර්ගගතව ලබා දෙන පාඨමාලාවක්, වැඩසටහනක් හෝ උපාධියක් ලෙස සැලකිය හැකිය.  දුරස්ථ අධ්‍යාපනය, පරිගණක ගත ඉලෙක්ට්‍රොනික ඉගෙනීම, මාර්ගගත ඉගෙනීම, අන්තර්ජාල ඉගෙනීම සහ අන්තර්ජාලය හරහා ලබා දෙන ඉගෙනීම යන යෙදුම් මේ සදහා යොදා ගැනේ.  ගුරුවරයෙකු හෝ මහාචාර්යවරයෙක් සිසුන් සමඟ අන්තර් ක්‍රියා කිරීම / සන්නිවේදනය කිරීම සහ සිසුන්ගේ  සහභාගීත්වය ශ්‍රේණිගත කිරීම, සිසුන්ගේ පැවරුම් සහ පරීක්ෂණ නිසි පරිදි පවත්වාගෙන (E-Learning)  ක්‍රමයේ  සාර්ථක ක්‍රමයක් බවට  ඔප්පු වී ඇත. මීට අමතරව, සමහර අවස්ථාවන්වලදී කුමක් හෝ යම් හේතුවක් නිසාවෙන් දුරස්ථ අධ්‍යාපනක් සිදුකිරීමට සිදු වුවහොත් නව මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. නිදසුනක් ලෙස වර්තමානයේ ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති COVID-19  වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රටතුල අධ්‍යාපන ක්ෂේත්‍රය බිද වැටීමකට ලක්ව ඇත.  මෙම හේතුව නිසාවෙන් පාසල් මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය දුරස්ථව සිදු කිරීමට ඊ - ඉගෙනුම් සේවය භාවිතා කරයි.  මෙහිදී Zoom App එක හරහා ඉගෙනුම් ක්‍රියාවලියට සම්භන්ධ වීම වඩාත් පහසු වී ඇත. නව මාධ්‍ය භාවිතයේ තවත් යහපත් ලක්ෂණයක් වන්නේ නව මාධ්‍ය ව්‍යාපාර මෙවලමක් ලෙස යොදා ගැනීමයි.  බොහෝ දෙනෙකු අන්තර්ජාලය පරිශීලනය කලද එහි සැරිසරමින් එහි ඇති වාසි තම ප්‍රතිරූපය ගොඩනැගීමට මෙන්ම, තම ව්‍යාපාරය ගොඩනැගීමට භාවිතා කළ යුතු ආකාරය ගැන හරි අවබෝධයක් නොමැත.  ලෝකයේ 97% පමණ අලෙවිකරුවන් දැනට අලෙවි කටයුතු සදහා  නව මාධ්‍ය තුල පවත්නා සාමාජ ජාල භාවිතා කරන අතර දැනට ලෝකයේ 50% පමණ කුඩා ව්‍යාපාර සමාජ ජාල වෙබ් අඩවි භාවිතා නොකරයි. එමනිසා ඔවුනට ලැබෙන්නට ඇති අදායම අඩුකරගෙන ඇති බව අන්තර්ජාල විශේෂඥයන්ගේ මතයයි.  මහා පරිමාණ ව්‍යාපාරයක සිට ස්වයං ව්‍යාපාරය දක්වා වූ සෑම ව්‍යාපාර හිමිකරුවෙකුටම නව මාධ්‍ය නැතුවම බැරි මෙවලමක් බවට පත් වී ඇත.  විශේෂයෙන්ම නව මාධ්‍ය භාවිතයෙන් තම ව්‍යාපාර ගොඩනාග ගැනීමෙන් පහත වාසි අත් කර ගත හැකිය.

නිපැයුම් වර්ගයේ ප්‍රජා දැනුවත් කිරීම ඉහළ දැමිය හැකිය. Increasing brand awareness

සමාජ ජාල තුලින් ඉතා වේගයෙන් අඩු කාලයකින්, අඩු මුදලකින් නිපැයුම්වල ප්‍රජා දැනුවත් භාවය මෙන්ම ප්‍රතිරූපය ගොඩනැගිය හැකිය. එමගින් නිපැයුම්වලට වටිනාකමක් සහ ගැණුම්කරුවන් සොයාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් වනු ඇත.

වෙබ් අඩවියේ පරිශීලකයන් වැඩිකරගත හැකිය. Increasing traffic

සමාජ ජාල තුල වෙබ් අඩවිය ගැන සදහන් කිරීම මගින් වෙබ් අඩවිය ගැන අන්තර්ජාල පරිශීලකයන් දැනුවත් කළ හැකිය. එමගින් වෙබ් අඩවිය වෙත ඔවුන් කැදවීම හා  ව්‍යාපාරයට ලැබෙන ආදායම වැඩිකරගැනීමට මෙම අලෙවිකරණ තුලින් මහත් රුකුලක් ලැබෙනු ඇති.

වඩා පහසුවෙන් සැපයුම හෝ නිපැයුම් අන්තර්ජාලය තුල අලෙවිකරණය කරගැනීමේ හැකියාව Promoting products and services

මේ වන විටත් විශාල මුදලක් රූපවාහීනි, ගුවන්විදුලි හෝ පුවත්පත් දැන්වීම් වලට යොදවන්නේ නම් එයින් අඩකටත් වඩා අඩු මුදලක් වැයකොට සමාජ ජාල අලෙවිකරණය තුලින් පෙරට වඩා විශාල අලෙවිකරණ පරාසයක් අත්කරගත හැකිවේ. 

ගිණුම් දෙක එකවරම එකම ආයතනයක පවත්වා ගෙන යන්නේ නම්, ක්ෂණිකව පාහේ ගිණුම් අතර අරමුදල් මාරු කළ හැකිය.  පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුම් නිරන්තරයෙන් සමීපව නිරීක්ෂණය කළ හැකි අතර, ඔවුන්ගේ ගිණුම් ආරක්ෂිතව තබා ගැනීමට ඉඩ සලසයි. බැංකු තොරතුරු වෙත පැය 24 පුරාම ප්‍රවේශ වීම මඟින් වංචනික ක්‍රියාකාරකම් කල්තියා හඳුනාගත හැකි අතර එමඟින් මූල්‍ය හානි හෝ අලාභයන්ට එරෙහිව ආරක්ෂක වැටක් ලෙස ක්‍රියා කරයි.  

නව මාධ්‍ය භාවිතයේ තවත් වාසියක් වන්නේ මාර්ගගත සාප්පු සවරියයි. (Online Shopping) එනම් වෙබ් බ්‍රව්සරයක් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා සෙවීම හා මිලදී ගැනීමයි.  මෙහි ඇති ප්‍රධානතම ආකර්ෂණය වන්නේ නිවසින් පිටතට නොගොස් අවශ්‍ය භාණ්ඩ හා මිල දී ගැනීම් පහසුවෙන් සිදු කර ගැනීමට හැකි වීමයි. මෙවැනි සේවා ලබා දෙන ව්‍යාපාරයන් කිහිපයක් නම් WalMart, Best Buy, Sears වේ.  එසේම සමහර සමාගම් තම ව්‍යාපාර කටයුතු වෙබ් අඩවි මගින්ම සිදු කරනු ලබයි. උදා: ඇමසන් , ටයිගර් ඩිරෙක්ට් සහ නිව්ඊග් ඔවුන්ගේ ව්‍යාපාරය තනිකරම මාර්ගගතව පවත්වයි.  මීට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලE- Channelling  සේවාවද,  ප්‍රවාහන ක්ෂේත්‍රය තුල E-Ticketing සේවාවද නව මාධ්‍ය තුලින් ලැබෙන විශාල ප්‍රතිලභන්ය.

සඳු පූර්ණිමා...

(ඡායා රූප හා මුලාශ්‍රයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

Friday, October 7, 2022

ආහාර සුරක්ෂාව සම්භන්දයෙන් වැදගත් වන කෘෂිකාර්මික සංවර්ධන ක්ෂේත්‍ර .


Ø යෙදවුම් කළමනාකරනය

තත්වයෙන් උසස් බීජ හා රෝපණ ද්‍රව්‍ය ,පොහොර සහ කෘෂි රසායන ,තාක්ෂණික මෙවලම් හා උපකරණ කෘෂිකාර්මික නිෂ්පාදනයන්හි වැදගත්ම යෙදවුම වේ .මෙම යෙදවුම් මන ලෙස කළමනාකරණය කිරීමෙන් නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන පාර්ශවයන් දෙකටම ඉහල ප්‍රතිලාභ ලබා ගත හැකි වේ.රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ මැදිහත් වීම වැඩ උචිත ආහාර සුරක්ෂිත ක්‍රමවේදයක් යටතේ සිදු කරයි.

උපාය මාර්ග

  • බීජ සුරක්ෂිතතාවය හා අනුමත ප්‍රබේධ වල බීජ ආරක්ෂක තොග පවත්වා ගැනීම.

Ø කාබනික පොහොර සහ ජීව පොහොර ප්‍රවර්ධනය සහ භාවිතය

සමෝධානික පලිබෝධ පාලනය හා ජෛව පලිබෝධ නාශක තුලින් රසායනික පොහොර භාවිතය යන ඒවා දැකිය හැකිය .

ස්වභාවික සම්පත් කළමනාකරණය සහ දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම.

පස ජලය සහ අනෙකුත් ස්වභාවික සම්පත් වලින් සමන්විත භුමිය කෘෂිකාර්මික නිෂ්පාදනයන් සඳහා හානියක් නොවන අයුරින් භාවිතා කිරීම .

උපාය මාර්ග

·        පාංශු ජල සුරක්ෂිතතාව සහ සංරක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම.

·        කෘෂි ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම

 

Ø පාරිභෝගික සෞක්‍ය සහ තෘප්තිමත් බාවය .

මෙහිදී ආහාර නිෂ්පාදන මගින් සමබල ආහාර වේලක් හා දෛනිකව ලබා ගත යුතු පෝෂ්‍යදායි අහර වේලක් සදහා අවශ්‍ය එළවලු හා පලතුරු ලබා ගැනීම ආහාර සුරක්ෂිතතාවය  මත සිදුකල යුතුය.

Ø නෛතික රාමු හා නියාමන රාමුව

යෙදුම් ක්‍රියාවලි හා නිමැයුම් ක්‍රියාවලි වල ගුණාත්මක භාවය සදහා ආහාර වල සුරක්ෂිතත්වය හදුනා ගැනීම සදහා ආරක්ෂාකාරී හා සක්‍රිය කෘෂි අංශය පැවැත්ම තහවුරු කිරීම සදහා නීති සම්පාදනය කිරීම වැදගත් කාර්යක් වේ. ශාක ආරක්ෂණ පනත පලිබෝදනාශක පාලන පාංශු සංරක්ෂණ හා බිජ පනත හා පලිබෝදනාශක පාලන පනත  ක්‍රියාත්මක කිරීම තුලින් කෘෂිකර්මයේ භාවිත වන යෙදුම් වල ගුණාත්මක භාවය තහවුරු කෙරෙන අතර පාංශු සංරක්ෂණ පනත මගින් තිරසාර ඉඩම් භාවිතය  අධීක්ෂණය කෙරේ.ශාක ආරක්ෂණ පනත මගින් ශාක ස්වස්ථතා කොන්දේසි නියාමන කෙරෙන අතර එමගින් කෘෂිකාර්මික ද්‍රව්‍ය ආනයනය අදාලව සුවිශේෂී කාර්යභාරයක් ඉටුකෙරේ.

 

උපායමාර්ග

·        පලිබෝධනාශක සදහා යාවත්කාලීන කරන ලද පනතක් හදුන්වාදීම .

·        බීජ පනත සදහා යවත්කලෙන කරන ලද පනතක් හදුන්ව දීම .

·        ශාක ආරක්ෂණ පනත සදහා යාවත්කාලීන කරන ලද පනතක් හදුන්වා දීම.

·        ශාක ප්‍රභේද අයිතිවසිකම් ආරක්ෂා කිරීමේ පනත හදුන්ව දීම.

·        දැනට පවත්නා පාංශු සංරක්ෂණ පනතෙහි නීතිමය ප්‍රතිපාදන වැඩි දියුණු කිරීම.

 

Ø ගෙවතු වගා ප්‍රවර්ධනය

ගෙවතු වගා ප්‍රවර්ධනය තුලින් රටේ සමස්ත ආහාර නිෂ්පාදනය වර්ධනය කරගැනීමට හැකි වන අතරම පවුලේ අතිරේක ආහාර සහ පෝෂණ අවශ්‍යතාවයද සපුරාගත හැකිය.මෙය පවුලේ ආහාර අවශ්‍යතාවය සදහා වැය වන වියදම අවම කර ගැනීමට ඉවහල් වන අතරම කෘෂි රසායනිකවලින්  තොර පරිසර හිතකාමී   කෘෂිකර්මාන්තයක්  ප්‍රවර්ධනයටද හේතු වේ.මිරිස් වගාව සඳහා විභවයක් සහිත ප්‍රදේශවල ඇති ගෙවතුවල මිරිස් නිෂ්පාදනය වැඩි කිරීම තුලින් රටට අවශ්‍ය අමු මිරිස් අවශ්‍යතාව සපුරා ගත හැකි අතර ,එය මිරිස් ආනයනය අඩු කිරීමටත් විසදුමක් ලෙස ද යොදා ගනී.

උපායමාර්ග

·        නාගරික ,අර්ධ නාගරික හා ග්‍රාමීය ගෙවතු වගාව.

·        කාර්යාල පරිශ්‍රවල ගෙවතු වගාව සහ ගෙවතු වගා ආකෘති ඇති කිරීම.

·        පාසල් ගෙවතු වගාව .

·        ආරක්ෂක කඳවුරුවල ආදර්ශන ගෙවතු වගා ඇති කිරීම.

·        පුද්ගලික ආයතන පරිශ්‍රයන්හි ගෙවතු වගාව.

·        මහජන නියෝජිතයන් සඳහා ගෙවතු වගාව.

·        පුද්ගලික අංශය නියෝජනය කරමින් ඇති කරන ගෙවතු වගාව.

·        ගෙවතු වගා වැඩසටහන සඳහා දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන.



 සඳු පූර්ණිමා...

(ඡායා රූප හා මූලාශ්‍ර අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)



Wednesday, October 5, 2022

සමාජ මානව විද්‍යාව නිර්වචන ඇසුරින් හැඳින්වීම


18 වන සියවෙස්දී ආරම්භය ලද මෙම විෂය ක්ෂේත්‍රය තුළදී මනුෂ්‍ය වර්ගයා පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් සිදු කරනු ලබයි. මෙය හුදෙක් චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ගුරු කර ගනිමින් මිනිසාගේ පරිණාමය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යනයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වා මිනිසාගේ විකාශනය සම්භවය ජීවන රටා සිරිත් විරිත් යන ආදිය පිළිබඳවත් සිදු කරනු ලබන අධ්‍යනයක් ලෙස මෙය හැදින්විය හැකි අතර එය කාළය හා ස්ථානය මත රැදී සිදු කරන්නක් ලෙස හැඳින්විය හැකිය. මානව විද්‍යාව ප්‍රධාන ලෙසම බැදී පවතින්නේ  "මිනිසාගේ පැවැත්ම” යන ප්‍රස්තුතය මතයි. එහිදී වර්ථමානය ,අතීතය හා අනාගතය, ජීව විද්‍යාත්මක සාධක, සමාජය ,සංස්කෘතිය, හා භාෂාව යන ප්‍රපංචයන් සලකා බලයි. ඒ අනුව මූලිකවම මානව විද්‍යාව යනු මිනිසා පිළිබඳව අධ්‍යනය කරන විෂයක් බව මෙහිදී පෙනී යයි.  එහිදී මිනිසා පිළිබඳව අධ්‍යනය කිරීම කරනු ලබන්නේ කෙසේද? තව දුරටත් විස්තරාත්මකව සොයා බැලිය යුතුය. එහිදී සමාජ මානව විද්‍යාව සම්භන්ධයෙන් ඉදිරිපත් වී ඇති සුප්‍රකට නිර්වචන විග්‍රග කළ හැකිය. 

සමාජ මානව විද්‍යාවේ ආරම්භය සඳහා කදිම පසු තලයක් සපයා දෙන ලද්දේ කාර්මික විප්ලවයේ නව නිපැයුම් හා තාක්ෂණික දියුණුවයි. එහි ප්‍රතිපලයත් සමගම මානව විද්‍යාඥයෝ ලොව පුරාම විසිරී තිබී විවිධ ජන කොටස්, ගෝත්‍රික සමාජ තත්ත්ව ගවේෂණයට උත්සුක වීය. මෙවැනි පසුබිමක් මානව විද්‍යාවේ ආරම්භයට බලපෑ හෙයින් ඇතැම් විචාරකයින් මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.

 "සමාජ මානව විද්‍යාව බටහිර අධිරාජ්‍යයේ දියණියයි.”
එසේම යුරෝපීය පුනරුද ව්‍යාපාරයද සමාජ මානව විද්‍යාවේ ආරම්භයට මහත් රුකුලක් විය. ඒ බව බව හේතු කොටගෙන එවන්ස් ප්‍රිවාඩ් නම් මානව විද්‍යාඥයා සමාජ මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.
 "සමාජ මානව විද්‍යාව පුනරුදයේ දරුවෙකු ලෙස අර්ථ කථනය කළ හැකිය.”
- එවන්ස් ප්‍රිවාඩ් -
දහ අටවන සහ දහනව වන සියවස් තුළ ඇතැම් දාර්ශනිකයින් අතර පැතිරී ගිය පරිණාමවාදී අදහස් ද මානව විද්‍යාව ආරම්භ වී විෂයක් ලෙස වර්ධනය වීමට බලපෑවේය. ඒ බව බව හේතු කොටගෙන මයිකල් ස්කුලින් නම් මානව විද්‍යාඥයා සමාජ මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.
 "පොළවේ තිබෙන විවිධත්වයන් හා මිනිසා පරිණාමය වන්නේ කෙසේද ඊළඟ පරම්පරාව හෝ දෙක තුළ මිනිසාගේ වෙනස් වීම් ආදිය මානව විද්‍යාව තුළින් අධ්‍යයනය කරයි.” 
- මයිකල් ස්කුලින් - 
මෙහි පරිණාමවාදයෙන් අදහස් වූයේ මානව ශිෂ්ටාචාරය සරල හෝ නොදියුණු අවස්ථාවක සිට සංකීර්ණ හෝ දියුණු අවස්ථාවක් දක්වා විකාශනය වීමයි.
නිදසුන් :
ස්වාභවික වූ චාල්ස් ඩාවින් සත්ව පරිණාමය පිළිබඳව දත්ත රැස් කරමින් ලියූ සත්වයාගේ සම්භවය නම්  කෘතිය මුලාශ්‍රය කරගනිමින් මානව විද්‍යාඥයෝ මෙම අධ්‍යයන සිදු කිරීම.
මානව විද්‍යාවේ පියා බි්‍රතාන්‍ය ජාතික ඊ. බී. ටයිලර් ප්‍රාථමික සංස්කෘතිය නම් කෘතිය පරිණාමවාදී අදහස මුල් කොට ගනිමින් ලිවීම.
ඉංග්‍රීසි ජාතික මැක්ලෙන්ඩ් ප්‍රාථමික විවාහය නම් කෘතිය ලිවිම. ( ඥාතීත්වය හා පවුල පරිණාමය වූ අන්දම එහිදී බහු විවාහ ක්‍රමය ඒක විවාහ ක්‍රමය දක්වා පරිණාමය වූ අයුරු පිළිබඳව අධ්‍යයනය කිරීම.)
බි්‍රතාන්‍ය ජාතික ශ්‍රීමත් ජේම්ස් පරිණාමවාදය මුල් කොට ගනිමින් අභිචාර ආගම හා විද්‍යාව මානව විද්‍යාත්මක සංසිද්ධීන් තුනක් බව ප්‍රකාශ කිරීම.
ස්වභාවික විද්‍යාවන්ගේ දියුණුව හේතුකොට ගෙන මානව විද්‍යාව වර්ධනය වූ අතර ඒ සඳහා ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, කායික විද්‍යාව, භූ ගර්භ විද්‍යාව වැනි විෂයන් මානව විද්‍යාවේ පෝෂණයට මහත් රුකුලක් විය. ඒ බව බව හේතු කොටගෙන මයිකල් බ්‍රයන් ෂිෆර් නම් මානව විද්‍යාඥයා සමාජ මානව විද්‍යාවට මෙසේ නිර්වචනයක් සැපයීය.
"මෙම පෘතුවියේ මුළු මිනිස් අත්දැකීම ගැන සාක්ෂි ලබා ගැනීමට හැකි එකම  විධිය වන්නේ මානව විද්‍යාවයි.” 
- මයිකල් බ්‍රයන් ෂිෆර් - 
ස්වභාවික විද්‍යාවන්ගේ දියුණුව හේතුකොට ගෙන මානව විද්‍යාව වර්ධනය වූ අතර ඒ සඳහා ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, කායික විද්‍යාව, භූ ගර්භ විද්‍යාව වැනි විෂයන් මානව විද්‍යාවේ පෝෂණයට මහත් රුකුලක් විය. පෘතුවිය හා ජීවින් ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිපලයක් බවය යන අදහස ඉදිරිපත් වීමත් සමගම ඒ සියල්ල දේව නිර්මාණය යන මිත්‍යා අදහස බිඳ වැටුණි. ඒ සඳහා දායක වූයේ මානව විද්‍යාවේම උප විෂයක් වූ භෞතික මානව විද්‍යාවයි.
නිදසුන් : 
විවිධ ප්‍රදේශවලින් ලැබුණු පාෂාණ ධාතු බවට පත් වූ අතීත යුගවල පැවති ශාක හා සත්ව කොටස් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමින් ඒවා විශ්ලේෂණය කරමින් මිනිසා ස්වාභවික සත්වයෙකි යන අදහස ඉදිරිපත් කිරීම මානව විද්‍යාව තුළින් සිදු විය.
1948 දී  John Gillin  යන විද්‍යාඥයා  “The Ways of Man”    හි මානව විද්‍යාව යනු කුමක්දැයි නිර්වචනයකින් පෙන්වා දී  ඇත.
 "මානව විද්‍යාව, කෙටියෙන් කීවොත් මානව වර්ගයා පිළිබඳ සියලුම තොරතුරු මිනිසා ලොව වාසභූමි ඇති කරගත් ආකාරය පරීක්ෂා කර බලන විෂයකි.“
John Gillin - “The Ways of Man” (1948)
 "මානව විද්‍යාව මිනිසා පිළිබඳ විද්‍යාවයි. එක් අංශයකින් එය ස්වභාවික ඉතිහාසයේ එක් ශාඛාවක් වැන්න. මිනිසාගේ ස්වභාවය මෙන්ම, අනෙක් පාර්ශවයන් අතර මිනිසා කිනම් තත්ත්වයක් උසුලන්නේ ද යන්න විමසා බැලේ.”
A.E.Crober - “Anthoropology”
සමාජයේ වෙසෙන මිනිසාගේ කාර්යයන් හා චර්යා රටාවන් ද, ඔවුන්ගේ නිෂ්පාදනයන් ද, මිනිස් කණ්ඩායම්වල සංයුතිය හා ස්වභාවය වැනි ඒවාද මෙමඟින් අධ්‍යනය වේ. එනම් මේ පිළිබඳව 1935 දී T.K.Penniman යන විද්‍යාඥයා   “A Hundred Years of Anthropology” හි මානව විද්‍යාව යනු කුමක්ද යන්න නිර්වචනයක් සපයා දෙමින් විග්‍රහ කර ඇත.
"මානව විද්‍යාව මිනිසා පිළිබඳ විද්‍යාව වේ. එය විද්‍යාවක් අතර ප්‍රධාන වේ. පළමුකොට ඉන් සොයා බැලෙන්නේ මිනිසාගේ ජීව විද්‍යාත්මක ස්වභාවයයි. දෙවනුව සත්ව වර්ගයා අතර, පුරාතනයේ මිනිසා කවර තැනක් ඉසුලුවේද යන්නයි.”
T.K.Penniman - “A Hundred Years of Anthropology” (1935)
මෙහිදී මිනිස් ජීවියාගේ සමස්ත ජීවිතයම විද්‍යාත්මකව අධ්‍යනය කිරීම මානව විද්‍යාව ලෙස හඳුන්වා ඇත. මිනිසාගේ කායික වර්ධනය සිදු වූ අවස්ථාවේ සිට මිනිසා සම්පූර්ණ මිනිසකු බවට පත්වන අවස්ථාව දක්වාම අද්‍යනය කිරීම මානව විද්‍යාවෙන්  විවරණය කරනු ලබයි. මිනිසා කලල රූපික තත්ත්වයේ සිට සාමාජීය සත්වයකු ලෙස මුහුකුරා වැඩි සමාජයට අනුයෝජනය වීමේ ක්‍රියාවලිය එනම් සමාජානුයෝජනය වන තෙක්ම මානව විද්‍යාවේ තියුණු විමර්ශනයට බඳුන් වන බව මෙම නිර්වචනයෙන් පැහැදිලි වේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම වර්තමානයේ ජීවත්වන මිනිසාගේ ජීව විද්‍යාත්මක, පරිසරාත්මක, සමාජ විද්‍යාත්මක දත්ත ගවේෂණයන්ට මානව විද්‍යාඥයා හුරු වී සිටින බවද මෙම නිර්වචනයෙන් පැහැදිලි වේ. එසේම මෙයින් තව දුරටත් විග්‍රහ වනුයේ මානව විද්‍යාව අධ්‍යනයේදී මානව විවිධත්වයන් පදනම් කර ගෙන මිනිසා වනර යුගයේ සිටම දියුණු යුගය දක්වා වර්ධනය වූ ආකාරය එසේ පරිණාමය වීමේදී මානවයා පාරිසරික වෙනස්කම් වලට මුහුණ දුන්නේ කෙසේද? යන්න විමසා බලයි. පොදුවේ ගත් කළ මානව විද්‍යාව මගින් මිනිසා ගැන හදාරන්නේ මිනිස් ශරීරවල දැකිය හැකි ලක්ෂණ, විවිධතා, ශරීර සැකැස්ම, ජීව විද්‍යාත්මක මෙන්ම ශරීරාභ්‍යන්තරයේ හා ප්‍රවේණිය වැනි ලක්ෂණද විමසා බැලේ. පුරා වස්තු, ආදියේ මිනිස් අවශේෂ, මිනිසාට සම්බන්ධ ශාඛා සත්වමය අවශේෂ හා මිනිස් වාසය පස් ස්තරවල නියැඳි මෙන්ම කාල නිර්ණයන් සිදු කිරීමද මෙහිදී සිදු කරයි.  මේ සඳහා ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ඉදිරිපත් කර ඇති පහත නිර්වචනයද මානව විද්‍යාව යන්න හඳුනා ගැනීමට උපකාරී වේ.
"සමාජීය, සංස්කෘතික, ජෛව විවධත්වය, ඓතිහාසික, පාරිසරික වෙනස්කම්වල ගතික ක්‍රියාවලිය පිළිබඳව මානව විද්‍යාවෙන් අවබෝධ වේ.” 
-ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය (මානව විද්‍යා දෙපාර්තමේන්තු වෙබ් අඩවිය)  

ලෝකප්‍රකට පෝට්ලන්ඩ් ප්‍රජා විද්‍යාලය විසින්ද මානව විද්‍යාව පිළිබඳව නිර්වචනය කර ඇත්තේ මෙසේය. එනම්,
"මානව විද්‍යාව මිනිසුන්ගේ අධ්‍යනයයි. මෙම විෂය තුළ දී, ජනතාවගේ වර්තමාන මෙන්ම ප්‍රාග් ඓතිහාසික අතීතයේ මෙන්ම මිනිසුන්ගේ පැවැත්ම, ඒවායේ ජෛව සහ සංස්කෘතික විවිධත්වය පිළිබඳව සලකා බලනු ලැබේ. මෑත හා වර්තමාන මානව අනුගතවීම් අගය කිරීම සඳහා සිසුන් හා ඔවුන්ගේ පරිසරයන් අතර අන්තර් සබඳතාවයන් හඳුන්වාදීම හඳුන්වා දෙනු ලැබේ.” 
- පෝට්ලන්ඩ් ප්‍රජා විද්‍යාලය -
මෙම නිර්වචනය අනුව මානව විද්‍යාව තුළ මිනිසාගේ සංස්කෘතික විවිධත්වය පිළිබඳවද අධ්‍යනය කරයි. මෙහි සංස්කෘතික විවිධත්වය යනුවෙන් හඳුන්වා ඇත්තේ මානව සමාජයේ පවතින යම් යම් සංස්කෘතීන්හි ඇති වෙනස්කම් හා ඒ ඒ සංස්කෘතීන්ට පොදු වූ අනන්‍යතාවන්ය. එනම් මෙහිදී මෙම සංස්කෘතීන් තුළ සිටින ජනතාවගේ සාමාජික ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යනය කරයි. සමාජ මානව විද්‍යාඥයා තමා අධ්‍යනය කරන සමාජය පුළුල් ලෙස සමස්ත ලෙස මෙහිදී අධ්‍යනය කරයි. මේ සඳහා සමාජ මානව විද්‍යාඥයෝ මානව විද්‍යාත්මක නිරීක්ෂණ භාවිත කරයි. මෙම මානව විද්‍යාත්මක නිරීක්ෂණවලදී පුරා විද්‍යාත්මකව අදාල සමාජවල පෙර ඉතිහාසය හා ඓතිහාසික මුලාශ්‍ර ප්‍රධාන ලෙස නිරීක්ෂණය කරනු ලබයි.
නිදසුන් : 
ජේම්ස් ප්‍රේසර් - රෝමන් සංස්කෘතිය හා හීබ්‍රෑ වරුන්ගේ සමාජය 
රොබට් ස්මිත් - ආදී අරාබියානු හා හයුබට් හා ෂෙල්ට්ස් වරුන්ගේ සමාජය 
එසේම මානව විද්‍යා ක්‍රමවේදයන් භාවිතයෙන්ද සමාජ මානව විද්‍යාඥයෝ විවිධ සමාජ සංස්කෘතීන්හි ජිවත්වන මානවයා  පිළිබඳව අධ්‍යනය සිදු කොට ඇත. එහිදී විශේෂයෙන් මානව විද්‍යාඥයෝ තොරතුරු එකතු කර ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදය ලෙස සහභාගිත්ව නිරීක්ෂණය යොදා ගනියි. එහිදී සිදුවන්නේ පර්යේෂකයා අදාල ක්ෂේත්‍ර සමාජයේ  ප්‍රජාව අතරට ගොස් ඔවුන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යයි.
නිදසුන් : 
රේමන්ඩ් පර්ත් - ටිකෝපියා සමාජය 
මැලිනවොස්කි - ත්‍රෝබියානු සමාජය 
එවන්ස් ජිවාඩ් - නුවර් සමාජය
එසේම මුල් කාලීන මානව විද්‍යාඥයෝ ජනගහනය සිමා වූ සරල තාක්ෂණයක් පැවති, ලිඛිත ඉතිහාසයක් නොමැති ප්‍රාථමික සමාජ අධ්‍යනයට පෙළඹුණු අතර නූතනයේ බොහෝ මානව විද්‍යාඥයෝ ප්‍රාථමික නොවන සමාජ පිළිබඳවද අධ්‍යනය අවධානය යොමු කළහ. 
නිදසුන් : 
ඇමරිකානු මානවවිද්‍යා ක්ෂේත්‍රය තුළ ජපානය, චීනය, අයර්ලන්තය, මෙක්සිකෝව,                                         වැනි නූතන සමාජ පිළිබඳ අධ්‍යනය කිරීම.
රුත් බෙනඩික් - ජපානය 
කොනාර්ඩ් අරෙන්ස්බර්ග් - අයර්ලන්තය 
රොබට් රෙඩ්පීල්ඩ් - මෙක්සිකෝව (ගැමි සමාජය)
මෙම නිර්වචනයන්ගෙන් විග්‍රහ වන්නේ සමාජ මානව විද්‍යාව තුළ මිනිසාගේ පැවැත්මට අදාල වූ විවිධ සංස්කෘතීන් හා සමාජයන්ගේ විවිධත්වයද අධ්‍යනය වන බවයි. ඒ බව 
ජේ.එච්.එම්. බීට් නම් සමාජ මානව විද්‍යාඥයා වරක් ප්‍රකාශ කර ඇති කියමනකින් මානව විද්‍යාව පැහැදිලි වේ. එනම්, 
"මානව විද්‍යාඥයන් සොයා බලන්නේ අනුන්ගේ සංස්කෘතිය ගැනය. ඔවුන් තමන්ගේ රට පිළිබඳව අධ්‍යනය නොකරයි” බවයි. ඔහු සමාජ මානව විද්‍යාව පිළිබඳව ලියූ කෘතියටද නම් තබන ලද්දේ "වෙනත් සංස්කෘතීන්” ලෙසයි.
ලෝකප්‍රකට බටහිර වොෂිංටන් විශ්ව විද්‍යාලය මානව විද්‍යාව නිර්වචනය කර ඇත්තේ මෙසේය. එනම්, 
"මානව විද්‍යාව යනු කුමක්ද යන්න යන්නෙන් අදහස් කෙරෙන්නේ, මානව විද්‍යාව යනු අතීතයේ හා වර්තමානයේ සියලු සංස්කෘතීන්වල මානව සංස්කෘතියේ විද්‍යාත්මක අධ්‍යනයයි.”
 - බටහිර වොෂිංටන් විශ්ව විද්‍යාලය  - 
මෙම නිර්වචනයෙන්ද පැහැදිලි වන්නේ මානවයාගේ අතීතයේ හා වර්තමානයෙ සියලු සංස්කෘතීන් මානව විද්‍යාවෙන් අධ්‍යනය කරන බවයි.
මානව විද්‍යාව අර්ථ ගන්වන තවත් නිර්වචනයක් ලෙස 1967 දී Jesse D. Jennings  විසින්  "Reading in Antropology” හි දක්වන ලද පහත නිර්වචනය සැලකිය හැකිය. එනම්,
"මානව විද්‍යාව මනුෂ්‍යත්වය පිළිබඳ අධ්‍යනයකි. එහි අරමුණ වන්නේ භාෂාවේ වැදගත්කම හා සංස්කෘතිය විසින් මිනිසා හා විශ්වය සමග ඇති සම්බන්ධතාව කෙසේ නිර්වචනය කර ඇත්ද යන්න සොයා බැලීමයි.”
Jesse D. Jennings -  “Reading in Antropology” (1967)
එහි ප්‍රධාන ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ මානව විද්‍යාව භාෂාවේ ඇති වැදගත්කම හා මානව විද්‍යාව හා භාෂාව අතර ඇති සම්බන්ධතාව පිළිබිඹු කරන විද්‍යාවක් ලෙස සඳහන් කර තිබීමයි. මානව විද්‍යාඥයා අනිවානිවාර්යයෙන්ම ප්‍රකෘති භාෂාව පිළිබඳ දැනුමක් ඇති අයකු විය යුතුය. භාෂාව තුළින්  රටකට ආවේණික සංස්කෘතික ලක්ෂණද, චින්තන ක්‍රමද, තේරුම් ගැනීමට හැක. භාෂාව හා මානව විද්‍යාව අතර අදියර තුනක් යටතේ වූ සම්බන්ධතාවක් දැකිය හැකිය. එනම්,
1. තාක්ෂණික අදියර 
2. ප්‍රයෝගික අදියර
3. ව්‍යාඛ්‍යාන අදියර
තම ටිකෝපියා ගෝත්‍රික සමාජය පිළිබඳ අධ්‍යනයේදී රේමන්ඩ් ෆර්ත් නම් මානව විද්‍යාඥයා භාෂාව හා මානව විද්‍යාව අතර  කිට්ටු සම්බන්ධතාක් දක්වා ඇත. ඔහු දක්වා ඇත්තේ භාෂාව යම් රටක සංස්කෘතියෙහි එක්තරා හරස් කඩක් ලෙස දැක්විය හැකි බවයි. ෆර්ත් මෙම සම්බන්ධය තුන් ආකාරව දක්වා ඇත. එනම්,
1. එක් භාෂාවක් සහ එක් සංස්කෘතියක් අතර ඇති සම්බන්ධය 
2. භාෂාව හා සංස්කෘතිය අතර ඇති පුළුල් සම්බන්ධතාවය  
3. විද්‍යාත්මක විනය ක්‍රමයක් වාග් විද්‍යාව හා මානව විද්‍යාව සමඟ පවත්වන සම්බන්ධතව  
මෙම සම්බන්ධතා තුනෙන් කවරකට හෝ යටත් වීමට මානව විද්‍යාඥයාට සිදු වන බව ෆර්ත් දක්වා ඇත.
සමාජ මානව විද්‍යාව තවත් ආකාරයකට නිර්වචනය කරන්නේ නම්, 
"සියලු මිනිස් ප්‍රජාවන්ට අදාළ වන හැසිරීම් පිළිබඳ ප්‍රතිපත්ති අනාවරණය කිරීමට මානව විද්‍යාව උත්සාහ කරයි. මානව විද්‍යාඥයෙකුට, ශරීරයේ හැඩයන් හා ප්‍රමාණ, චාරිත්‍ර, ඇඳුම් පැළඳුම්, කථාව, ආගම සහ ලෝක දර්ශනය තුල දැකිය හැකිය. ඕනෑම ප්‍රජාවක් තුළ ජීවිතයේ ඕනෑම අංගයක් අවබෝධ කර ගැනීම සඳහා රාමුවක් සපයයි.”
- ඇමරිකානු මානව විද්‍යා සංගමය - 
දැක්විය හැකිය. ඇමරිකානු මානව විද්‍යා සංගමය විසින් මානව විද්‍යාව නිර්වචනය කර ඇත්තේ මිනිස් ප්‍රජාවට අදාළ වන හැසිරීම් අධ්‍යනය කරන විෂයක් ලෙසයි. මෙහි මිනිස් ප්‍රජාවට අදාළ හැසිරීම් අධ්‍යනය සඳහා මිනිසාගේ ජිවිතයේ සෑම අංගයක්ම අවබෝධ කර ගැනීමට සිදු වන බව මින් පැහැදිලි වේ. විවිධ සමාජ තුළ විවිධ සංස්කෘතීන් තුළ ජිවත්වන මිනිසුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර , ආගම් සහා අභිචාර විධි, ඇඳුම් පැළඳුම්, භාෂා විලාසයන් යන මෙම සියලුම අංග මානවයාගේ හැසිරීම් මත බලපායි. කාලීනව සංස්කෘතියේ වූ යම් යම් වෙනස්වීම් සමඟ මානවයාද වෙනස් වීමට මෙම හැසිරීම් බලපා ඇතැයි කිව හැක.

මිනිසාගේ හැසිරීම් කෙරෙහි බලපාන සුවිශේෂී අංගයක් ලෙස ආගම දැක්විය හැකිය. මිනිස් ඉතිහාසයේ ආගමික යුගය කොතරම් පැරණිද කිවහොත් එය භාෂාවේ ආරම්භයටද වඩා ඈතට දිව යයි. 
නිදසුන් : 
පරිණාමවාදයේ පියා ලෙස චාල්ස් ඩාවින් එච්.එම්.එස්. බිගල් නම් නෞකාවෙන් පස් වසරක් තුළ කල ලෝක සංචාරයේදී ලොව ඉපැරණිම ගෝත්‍රික ජනතාවක් වන පියරාඩෙල් පියුගෝ ගෝත්‍රිකයන් අතරට පැමිණ කළ අධ්‍යනය ආගම සම්බන්ධයෙන් වැදගත් අධ්‍යනයකි. එයින් වාර්තා වුයේ ඔවුන් අතර කිසිදු ආගමික විශ්වාසයක් නොතිබුන බවයි.
එම්.ගුසින්ඩ් නම් මානව විද්‍යාඥයා ආදිතම පියුගෝ ගෝත්‍රිකයින්ගේ ආගම පිළිබඳ අධ්‍යනය කර ඇත. එයින් අනාවරණය වූයේ පියුගෝ ගෝත්‍රිකයන් තුන් වර්ගයක් නම් තුනකින් ශුද්ධ නායකයෙකු අදහන බවයි.
ඩබ්. සච්මින්ඩ් නම් මානව විද්‍යාඥයා පිග්මී නම් ගෝත්‍රිකයන් අතර පැවති එක්තරා ආකාරයක දේව වාදයක් පිළිබඳ අධ්‍යනය සිදු කර ඇත.
ප්‍රේසර් නමැති මානව විද්‍යාඥයා ආගම හා අභිචාර සම්භන්ධව මානව විද්‍යාත්මක අධ්‍යනයක් සිදු කර ඇත. එහිදී දිව්‍යමය රජවරුන්ගේ බිලි පූජාව පිළිබඳව මානව විද්‍යාත්මක පර්යේෂණයක් කර ඇත.
එසේම මෙම නිර්වචනයට අනුව සමාජ මානව සමාජයක ජිවත්වන මිනිසාගේ ශරීරයේ හැඩයන් ප්‍රමාණ, වර්ණ භේදය, වයස් ප්‍රමාණය, බාහිර පෙනුම ආදී ජීව විද්‍යාත්මක සාධක සැලකිල්ලට ගනිමින් අධ්‍යයන කටයුතු සිදු කරයි. 
නිදසුන් :
බටහිර රටවල සමේ වර්ණය අනුව කළු සුදු භේදයක් ඇත. මේ නිසා සමාජය තුළ පදිංචි ප්‍රදේශ පවා වෙන්කර ගනියි.
ඕස්ටේ්‍රලියාවේ මුල් පදිංචිකාර ගෝත්‍රික වැසියන්ගේ සමාජ වල වැඩි බලයක් හා ගරුත්වයක් හිමි වූයේ වයෝවෘද්ධ  පුද්ගලයින්ටය.
කඩවසම් හා රූ ස්වභාවයෙන් යුතු වීම, මනා ශරීර සෞඛ්‍යය හා පුද්ගල ශක්තිය මත සමාජය තුළ මිනිසුන්ගේ පෞරුෂත්වය අධ්‍යනය කිරීම සමාජ මානව විද්‍යාව තුළින් සිදුවේ.
සමාජ මානව විද්‍යාව උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලය නිර්වචනය කර ඇත්තේ මෙසේය. එනම්, 
"මානව විද්යාව යනු ලොව වටා මානව විවිධත්වය අධ්‍යනය කිරීමයි. මානව විද්‍යාඥයන් සමාජීය සංස්ථා, සංස්කෘතික විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, නීති රීති සහ සන්නිවේදන ස්වරූප අතර අන්තර් සංස්කෘතික වෙනස්කම් දෙස බලයි. ඔවුන් නිතරම එක් එක් සංස්කෘතියට පරිවර්තනය කිරීම මගින් කණ්ඩායම් අතර අවබෝධය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරයි.”
- උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලය -
මෙමගින් විග්‍රහ වී ඇත්තේද මානවයාගේ විවිධත්වය අධ්‍යනය කිරීම සමාජ මානව විද්‍යාවෙන් සිදු වන බවයි. මෙහි තව දුරටත් දක්වා ඇත්තේ මානව සමාජීය සංස්ථා තුළ පවතින සංස්කෘතික සංසන්දනාත්මකව අධ්‍යනය කරන බවයි. මෙහිදී වැදගත් වන ප්‍රධාන කරුණක් ලෙස කිව හැක්කේ සමාජ සංස්ථා තුළ දැකිය හැකි ඥාතීත්වයල අවාහ විවාහ, චාරිත්‍ර වාරිත්‍ර, නීති රෙගුලාසි, විවිධ සන්නිවේදන ස්වරූපයන් පිළිබඳව අධ්‍යනය සමාජ මානව විද්‍යාවෙන් මූලිකවම සිදු වන බවයි.
ඥාතීත්වය පිළිබඳව සැලකීමේදී මානව විද්‍යාව තුළ අධ්‍යයනය වන ප්‍රධාන දෙයක් ලෙස ඥාතීත්වය දැක්විය හැකිය. මිනිසා විසින්ම මිනිසා අතර  ඇති කර ගත් සම්බන්ධතා මෙයට අයත් වේ. ඒ අනුව පෙනී යන්නේ මානව විද්‍යාව තුළ ඥාතීත්වය අධ්‍යයනය කළද ප්‍රමුඛ ලෙසම අධ්‍යයනය වන්නේ මිනිසා පිළිබඳව වීමයි.
නිදසුන් : 
ඇමරිකානු ජාතික ලුවිස් හෙන්රි මෝගන් ඥාතීත්වය පිළිබඳ  අධ්‍යනයෙහි පුරෝගාමී වූ මානව විද්‍යාඥයා වේ. ඔහු අධ්‍යයනය කළ ප්‍රධාන තේමාව වුයේ ප්‍රාථමික සමාජ වල දක්නට ලැබුණු ඥාතී පද මාලාවයි. එහිදී ඉරාකුවා ගෝත්‍රයේ භාවිත කරන ඥාතී පද ඥාතීන් කිහිපදෙනෙකුටම පොදුවේ භාවිත කරන බව ඔහු දැක්විය.
ඒ.ඊ. ක්‍රෝබර් නම් මානව විද්‍යාඥයා පරම්පරාවක වයස් මට්ටම්වල වෙනස්කම්, ඥාතීන්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය, කිට්ටු ඥාතීන්ගේ ජිවන ස්වභාවය, විවාහ ඥාතීන්ගේ හා ලේ ඥාතීත්වයේ වෙනස්කම්, කිට්ටු ඥාතීන්ගේ ජිවන ස්වභාවය ආදීය අධ්‍යයනය කර ඇත.
ක්‍රිස් හිස්ට් නම් මානව විද්‍යාඥයා මානව විද්‍යාව සම්බන්ධයෙන් මෙසේ අර්ථ කථනයක් දී ඇත. එනම්,
"මානව විද්‍යාවෙන් අධ්‍යයනය වනුයේ මානව වර්ගයාය. එනම්, ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ විශ්වාසයන් හා ජීවත් වන මාර්ගයන්ය.” 
-ක්‍රිස් හිස්ට්- 
විවාහ කටයුතු වලදී සිරිතක් ලෙස සමාන්තර ඥාතී හා හරස් ඥාතී ක්‍රමය අනුගමනය කරයි. සමාන්තර ඥාතීන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම තහනම්ය. හරස් ඥාතීන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම සුදුසුය. සමාන්තර ඥාතීන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම තහනම් වූ අතර එය ව්‍යභිචාරී තහංචිය ලෙස හැදින්විය.
නිදසුන් :
මැලිනවොස්කි දක්වන ආකාරයට ත්‍රෝබියන්ස් දුපත් වාසීන්ට ව්‍යභිචාරයට දඬුවම මරණයයි. තම මවගේ සොයුරියකගේ දියණිය සේවනය කළ “කිමායි” නම් තරුණයා තම ඥාතීන් ඉදිරියේ අඩි 60ක් උස පොල් ගසකින් පන සිය දිවි නසා ගත බව මැලිනවොස්කි වාර්තා කර ඇත.

එසේම අවමංගල්‍ය කටයුතු වලදීද විවිධ සිරිත් විරිත් පවත්වාගෙන යෑම.
නිදසුන් :
පුද්ගලයාගේ මරණයෙන් පසුව පවා ඥාතීන් විසින් ඥාතීත්වය අත් නොහැරීම, අවමඟුල් චාරිත්‍ර මළවුන් පිදීම, ගුණානුස්මරණ ආදිය සිදු කිරීම.
මෙවැනි ඒවා විවිධ සංස්කෘතීන්ට අනුව වෙනස් වුවද සමාජ මානව විද්‍යාව මඟින් එම විවිධත්වය, වෙනස්කම්, සම්භන්ධතා ආදිය සුවිශේෂී අධ්‍යනයකට ලක් කරයි.
මීට අමතරව බොහෝ විද්‍යාඥයෝ විසින් සමාජ මානව විද්‍යාව යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් විවිධ නිර්වචන සපයා දී ඇති අතර ඉන් තවත් නිර්වචන කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
"මානව විද්‍යාව ස්වභාවික විද්‍යාවකි. එසේම මානව විද්‍යාව තුලනාත්මක සමාජ විද්‍යාවකි.”
- රැඩ්ක්ලීෆ් බ්‍රවුන් -
"මානව විද්‍යාව මානව ශාස්ත්‍රයකි. එය ඉතිහාසය හා ඉතා සමීප විෂයකි.”
- එවන්ස් ප්‍රිවාඩ් -
"මානව විද්‍යාව වඩාත් විද්‍යාත්මක හා විද්‍යානුකුල විද්‍යාවයි.” 
- ඇල් ක්‍රෙබර් - 
"මානව විද්‍යාව යනු අතීතයේ හා වර්තමාන මානව සංස්කෘතිය හා ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යනයයි.” 
- බටහිර කෙන්ටකි විශ්ව විද්‍යාලය -
"මානව විද්‍යාව යන මාතෘකාව විෂය කරුණු අතර වඩා සංවේදීය. එය ඉතිහාසය, කොටසක් සාහිත්‍යය ස්වභාවික විද්‍යාව කොටසක් වන සමාජ විද්‍යාව එය ඇතුළේ සිට සහ ඉන් එහා පරික්ෂා කිරීමට උත්සාහ කරයි.” 
- එරික් වුල්ෆ් මානව විද්‍යාව, 1964 -
"මානව විද්‍යාව යනු මානව වර්ගයා පිළිබඳ අධ්‍යයනයි. මිනිසාගේ පැවැත්ම හා ජයග්‍රහණ පිළිබඳව පරික්ෂා කරන සියලු ශිල්පවලින් මානව විද්‍යාව සමන්විත වේ. සම්ප්‍රදායේ සමකාලීන සංස්කෘතික හා සමාජ ජිවිතයේ මානව අත්දැකීම්වල සමස්තය මෙහි ඇතුලත් වේ.” 
- ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලය - 
 "මානව විද්‍යාව සෑම ප්‍රදේශයකම හා සෑම කාලයකදීම මිනිසුන් පිළිබඳව අධ්‍යයනය කරයි.” 
- ට්‍රයිටන් විද්‍යාලය - 

මෙම සියලුම දීර්ඝ නිර්වචනයන්ගෙන් පහැදිලි වන්නේ මානව විද්‍යාව යනු මිනිසා පිළිබඳව විද්‍යාවක් බවයි. ඒ අනුව පොදුවේ මෙම සියලුම නිර්වචන ආශ්‍රයෙන්ල 
 "මානව විද්‍යාව යනුල මිනිසාගේ උපතේ සිට සියලුම කාරණයන් විද්‍යාත්මකව අධ්‍යනය කිරීමයි. එනම් මිනිසා අතීතයේ විසූ ආකාරය, වෙසෙන ආකාරය, ඔවුන්නේ සුවිශේෂි ලක්ෂණ හා ඔවුන් ඓතිහාසිකව පරිණාමය වී ලෝකයේ ඒ ඒ ශිෂ්ඨාචාරයන් ගොඩනගා ගත් අයුරු දක්වාම මානව විද්‍යාවෙන් අධ්‍යනය කරයි.
යන ලෙස මානව විද්‍යාවට පොදු නිර්වචනයක් සැපයිය හැක.

සඳු පූර්ණිමා..
(මූලාශ්‍රයන් සහ ඡායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

Monday, October 3, 2022

පුවත්පත් කාටූන් කලාව

වර්ථමානය තුළ කර්තෘ වාක්‍ය තරමටම වැදගත් අංගයක් බවට පත් වී තිබෙන කාටූන් අකුරු කියවිය හැකි කියවිය නොහැකි සෑම දෙනාගේම දැනුම පුලුල් කරන මාධ්‍යයක් බවට පත්ව ඇත. කාටූන් ,චිත්‍ර  කලාවෙන් පෝෂණය වී බිහි වූවක් වුවද අද එය ජීවත් වන්නේ පුවත්පත් කලාවේය.ශිෂ්ටාචාර වල ආරම්භයේ පටන්ම චිත්‍ර  සන්නිවේදනය පැවතියද මුල්ම කාටූන් ලක්‍ෂණ දක්නට ලැබුණු ස්ථානය ලෙස  ඇතැමෙකු සලකන්නේ පොම්පෙයි නුවර ඇද තිබූ සියුම් හාස්‍යයක් ජනිත කරවන සිතුවම් පෙළකි . එසේම යුරෝපයේ සමහර පල්ලි ආශ්‍රිතව ගාර්ගොයිල්ස් යනුවෙන් හැදින් වූ විකට ස්වරූපයක් ගන්නා මූර්ති පෙළක්ද 13 වැනි සියවසේදී දක්නට ලැබුණු අතර ඊ.එස්.මාස්ටර් නම් ජර්මන් ජාතික චිත්‍ර  ශිල්පියෙකු 1466 වර්ෂයේදී හෝඩියේ අක්‍ෂරවලට හාස්‍යයජනක මුහුණුවරක් ලබා දී තිබුණි.මේ අයුරින් නව චිත්‍ර  කලාවකට මාවතක් වැටී තිබුණද එය ඉදිරියට ගෙන එනු ලැබුවේ ස්පාඤ්ඤ ජාතික අනිබාල් සහ අගෝස්තිනෝ යන සහෝදරයන් දෙදනා විසිනි.ඔවුහු 16 වන සියවසේදී නූතන කැලිකා්චර චිත්‍ර  නිර්මාණය ආරම්භ කළහ.



කාටූන් චිත්‍ර කලාව ලොව පුරා ව්‍යාප්ත වන්නට වූයේ බටහිර ජාතීන් මගිනි. වර්ෂ 1940 දී බි්‍රතාන්‍යය ජාතිකයින් විසින් චීනයට කාටූන් කලාව හදුන්වා දුන් අතර ජපානය 1867 වසරේදී  එය හදුනා ගන්නා ලදී. ඊට පෙර ද ජපානයේ පැරණි කාටූන් කලාවක් පැවත ඇත. 19 වැනි සියවසේදි ඇලෙක් සැන්ඩර් ඔර්ලෝවස්කිමගින් රුසියාවේ කාටූන් කලාව ඇරඹී අතර බෙන්ජමින් ෆ්‍රෑන්ක් ලීන් ඇමරිකාවට එය හදුන්වා දුන්නේය.ඇමරිකානු පුවත් පතක පළ වූ ප්‍රථම  කාටූනය වන්නේ වදසබ දර ාසැ නැමති 1754 මැයි 9 වන දින පෙනිසිල්විනියන් නම් ගැසට් පත්‍රයට  අදිනු ලැබූ කාටූනයයි. එම කාටූනයෙහි කැබලි අටකට වෙන්වූ සර්පයෙකු දැක ගත හැකි වන අතර එමගින් ඇමරිකාවේ ප්‍රාන්ත 8 ක් පිළිබදව තොරතුරු හමුවේ.එනම් නිව්යෝර්ක් ,නිව් ඉන්ග්ලන්ඞ්, නිව්යොර්ක්, නිව්ජර්සි, පිලඩෙල්ෆියා, මිනසෝටා, වර්ජිනියා, නෝර්ත් කැලරිනා සහ සවුත් කැලරිනා යන ප්‍රාන්ත  සංකේතවත් කරමිනි.බි්‍රතාන්‍යය යටත් විජිතයන් වලට කාටූන් හදුන්වා දෙනු ලැබුවේ මිෂනාරින් විසිනි.කැරිකේචර් චිත්‍ර අතීතයේ සිට බි්‍රතාන්‍යයේ තිබුනද කාටූනය බි්‍රතාන්‍යයට හදුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ තෝමස්  බ්‍රවුන්  නම් ශිල්පියාටය. බි්‍රතාන්‍යයේදීද කාටූන් කලාවට සුවිශේෂි ස්ථානයක් හිමිවුණි. එය විරෝධය පෑමේත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ   ජනප්‍රිය අංගයක් විය. ඉතිහාසයේ කෘරතම පාලකයෙක් වශයෙන් සැලකෙන රුසියාවේ ජෝෂප් ස්ටාර්ලින් සිය විරුද්ධවාදීන් දහස් ගණනින් ඝාතනය කළ අයෙකි. ඇමරිකාවේ හර්බට් ලොරන්ස් බ්ලොක් නැමති කාටූන් ශිල්පියා වොෂින්ටන් පෝස්ට් පුවත් පතට අදිනු ලැබූ ස්ටාර්ලින් මාරයා රැගෙන  යාමේ කාටූනය 50 දශකයේ කැපී පෙනුන කාටූනයකි. 

ලේ තැවරුනු දෑකැත්තක් අතින් ගෙන පිටුපස හරවාගෙන ඇවිදින ස්ටාර්ලින්ට සමීපව විශාල ආයුධයක් අතින් ගත් මාරයාද ඇවිද යන බව එම කාටූනයයි. වර්ෂ 1838 දී ප්‍රංශයේ චරිවරි පුවත්පත දේශපාලන කාටූන් භාවිතා කළ අතර එයින් ආභාෂයක් ලැබු ලන්ඩනයේ රිචට් ඩෝලි පන්ච් පුවත් පතට කාටූන් ඇන්දේය. ප්‍රධාන  දේශපාලන කාටුන් කලාව පුවත් පතට එකතු වූ මුල් අවස්ථාව වන්නේ 1884 දී ඇමරිකාවේ පැවති ජනාධිපතිවරනය අරභයා වෝල්ට් මැක් ඩෝගල් විසින් නිව්යෝර්ක් වර්ල්ඞ් පුවත් පතට සැපයූ බෙල්පාසර්හි රාජකීය මංගල්‍යය නම් තේමාව යටතේ ඇදි කාටූන් පෙළ ලෙස සැළකේ.



දේශපාලන කාටූන් චිත්‍ර නිර්මාණකරණයේ ආරම්භක අවධියේ සිටි ශිල්පියෙකු වශයෙන් ඇමරිකාවේ තෝමස් නැට්ස් ප්‍රමුකස්ථානයේ  විය. ශ්‍රී ලංකාවේ කාටූන් කලාව පිළිබදව දැක්වීමේදී සෑම රටකම පාහේ ලංකාවේද කාටූන් ආරම්භ වී ඇත්තේ චිත්‍ර කලාව පදනම් කරගෙනය. ලංකාවේ පැරණි මූර්ති කලාවේ රූප කාටූන් කලාවට සමීපත්වයක් දක්වයි.ඉසුරුමුණියේ ගලින් නෙළු පිළිම තුළ හාස්‍යය උපහාසය තිබෙන බවට සාදක ඇත. අපේ පැරණි වෙස් මුහුණු කලාවෙත් අතිශයෝක්තියට නැගුණු මූලික ලක්‍ෂණ පිළිබිඹු වෙයි.

කාටූන් චිත්‍ර වලට සමානකම් පාන චිත්‍ර විශේෂයක් කැලෑ චිත්‍ර ලෙස පැමිණ ඇත.මෙහිදී සිදුවන්නේ තවකෙකුගේ නොහොබිනාකම් උපහාසයට ලක් කිරිමයි. කෙසේ වෙතත් වර්ථමාන කාටූන් චිත්‍ර කැළෑ චිත්‍ර හා විකෘති චිත්‍ර හේතු විය. ලංකාවේ පුවත්පතක් මුද්‍රණය වන්නේ ලංකාවේ පුවත් පතක් මුද්‍රණය වී සියවස් දෙකක් පමණ ගත වූ පසුවය.

ලංකාවට කාටූන් කලාව ලැබුනේ බටහිරිනි. නිදහස ලැබීමට පෙර මෙරට පුවත් පත් තුළ දේශිය කාටූන් චිත්‍ර දක්නට ලැබුනේ නැත. එහෙත් විදෙස් පුවත් පත් වල පළ වූ කාටූන් මෙරට පුවත් පත් වලද දක්නට ඇත. ශ්‍රී ලංකාවේ පළවූ මුල්ම කාටූනය ලෙස  සිංහල විශ්ව කෝෂයේ සළකන්නේ දිණමිණ පුවත්පතේ පළ වූ ”මුදලාලි” කාටූනයයි. බොහෝ පුවත් පත් සගරා සන්නිදර්ශන චිත්‍ර  නිර්මාණයේදී සුදු කළු වර්ණය භාවිතා කළ ඇත. ඔෆ්සෙට් මුද්‍රණ ක්‍රමය ව්‍යාප්ත වීමෙන් පසුව මේවා වර්ණයෙන්ද මුද්‍රණය වී ඇත. මේ අයුරින් විකාශනය වී ශ්‍රී ලංකාව තුළද කාටූන් නලාව ජනප්‍රිය  පත්ව ඇත.

කාටූන් වර්ග කිහිපයක් යටතේ කාටූන් ශිල්පියෝ තම නිර්මාණය කරනු ලබයි. එනම්,

  • දේශපාලන කාටූන්
  • පොකට් කාටූන්
  • කාටූන් චිත්‍ර කතා

වශයෙනි. කාටූන් පිළිබදව දැක්වීමේදී විශේෂ ලක්‍ෂණ රාශියක්ද පවතී. එහිදී

කාලීන ගැටළු නිරූපනය කරයි.

උපහාසාත්මක බව.

කාලත්‍රයේම කියවිය හැකිය.

නෛතික රාමු නැත .

විශාල පරාසයක් රූප සටහනකින් ඉදිරිපත් කරයි.

සමාජය පුළුල්ව විශ්ලේෂණය කරයි.


යනාදී ලක්‍ෂණ දැක ගත හැකිය. දේශපාලන කාටූන් ශිල්පීන් කාටූනයක් නිර්මාණය කිරීමේදී එක් එක් කාටූන් ශිල්පියා භාවිතා කරන විවිධ ක්‍රමවේද  පවතී.දේශපාලන කාටූනයක් කොටස් හයක් යටතේ සාකච්ඡා කෙරේග

සංකේත

නම් සටහන් කිරීම

ශීර්ෂපාඨ

අතිශයෝතිය

පොදු ක්‍රමවේදය

දෙබස්

වශයෙනි. පවතින ගැටළුකාරී තත්වයන් මේ යටතේ කාටූන් ශිල්පීන් විසින් කාටූන් නිර්මාණය කරනු ලබයි.






ලංකාවේ ජනමාධ්‍ය බිහි වීමෙන් අනතුරුව මුලු සමාජ සංස්ථාවම වෙනස් මගකට යොමු වීම දක්නට ලැබුණි. මෙරට පළමුව බිහි වු ජනමාධ්‍ය බවට පත් වී තිබෙන්නේ පුවත්පයි. පුවත්පත් මාධ්‍ය ආරම්භ වීමෙන් අනතුරව අනෙකුත් ජනමාධ්‍යයන් බිහි වීම දක්වට ලැබුණි. පුවත්පත් කලාව ආරම්භ වු මුල් කාලයේ දී එය වඩාත් දියුණු මට්ටමකට නොපැවති අතර ක්‍රම ක්‍රමයෙන් එය වඩාත් දියුණු වීම දක්නට ලැබිනි. ඒ අයුරින් පුවත්පතේ දියුණුවත් සමඟ එයට එක් වු සුවිශේෂි අංගයක් ලෙස කාටුන් නිර්මාණ තීරය දැකබලා ගැනීමට පාඨකයන් නොඉවසිල්ලෙන් බලා සිටීම දක්නට ලැබිණි. කාටුන් මගින් සමාජයට යම් පණිවිඩයක් සන්නිවේදනය වනවා සේම හාස්‍ය  මුසු උපහාසයක් ඒ තුළ ගැබ් වී තිබීමද ඊට හේතුවයි.

“පුවත්පතක සම්පුර්ණ තීරුවකට වඩා වේගයෙන් හා මැනවින් අදහසක් චිත්‍රයක් ආකාරයෙන් මනසෙහි මවාපාන හෙයින් පුවත්පත් කාටුන් චිත්‍රය ප්‍රධාන කර්තෘ වාක්‍ය්යටද වඩා වැදගත් තැනක් ගනී. ශ්‍රී ලංකාවේ පළමු මුල්ම කාටුනය ලෙස සිංහල විශ්ව කෝෂයේ දක්වන්නේ දිණමින පුවත්පතේ පළමු ‘මුදලාලි’ නැමැති කාටුනයයි. 1931 ස්වදේශ මිත්‍රයා පුවත්පතම ජී. එස්. ප්‍රනාන්දු විසින් ඩොනමෝර් කොමිසමේ යෝජනා විවේචනය කරමින් කාටුන් අදින ලදී. ශ්‍රී ලංකාවේ දේශපාලන කාටුන් විධිමත්ව අරඹන ලද්දේ 1940 දී ය. කාටුන් චිත්‍රයකින් යම් විවේචනයක් හෝ අදහසක් හෝ ඉදිරිපත් කළ හැකිය. දේශපාලන කාටුන් ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ ඉංශ්‍රීසීන් විසිනි. ලංකාවට නිදහස ලැබීමත් සමඟ ඔබ්රි කොලම් ජී. එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, විජේසෝම වැනි දේශපාලන කාටුන් ශිල්පින් බිහිවිය. මෙරට පළමු පළමු දේශපාලන කාටුනය වුයේ ස්වදේශ මිත්‍රයා පුවත්පතේ පළමු කාටුනයකි. එය ජී.එස් ප්‍රනාන්දු කාටුන් ශිල්පියා අතින් නිර්මාණය වු කාටුනයකි.


ශ්‍රී ලංකාවම නිදහස ලැබීමෙන් පසු ඔබ්රි කොලම්, ජී එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, විජේසෝම වැනි දේශපාලන කාටුන් ශිල්පින් බිහිවුහ. කාටුනය ඔස්සේ නිදහස්ව අදහස් ඉදිරිපත් කළ කාටුන් ශිල්පීන්ට විවිධ තර්ජනයන්ට මුහුණ දීමට සිදුවිය. මෙය දැඩි ලෙස උපහාසයට ලක් කිරිමට කොලම් කාටුනයක් නිර්මාණය කරන ලදී. එහි දක්නට ලැබුනේ කටත් දැතත් බැද දැමු කාටුන් ශිල්පියෙකු කකුලෙන් චිත්‍ර අදින ආකාරය නිරුපනය කළ කාටුනයකි. කොලම් ඔස්ටේ්‍රලියාවේ හොඳම කාටුන් ශිල්පියා ලෙස  සම්මාන දිනා ගැනීම ද සිදුකරන ලදී. ලංකාවේ කාටුන් ශිල්පීන් මෙම කාටුන් මාධ්‍ය හරහා සමාජ විරෝධී ක්‍රියාවන්ට බරපතල ලෙස පහර දෙන්නට යොදා ගන්නා ලදී. සර් .ජෝන් කොතලාවල අගමැතිවරයාව සිටි සමයේ සත්ත්ව ගොවිපොළක් නරඹන අවස්ථාවේ කළ ප්‍රකාශයක් ඇසුරු කොටගෙන එවකට සිටි දක්ෂ කාටුන් ශිල්පියෙකු වු ජී. එස් . ප්‍රනාන්දු විසින් කාටුනයක් නිර්මාණය කොට තිබේ. අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ටත්  එම ගොවිපොලෙහි ගොනෙකු වීමට තිබුණා නම් යනුවෙන් කළ ප්‍රකාශයකි.එම කාටුනය තුළ අගමැතිවරයා ගොනෙකු ලෙස ඇඳගෙන එළදෙනක් පිරිවරාගෙන සිටින දක්නට ලැබුණි. අගමැතිවරයෙකු වු ටී.බී. ඉලංගරත්න මහතා තමන් හාස්‍යට ලක් කර අඳින ලද කාටුන් පිළිබඳව ජී. එස්. ප්‍රනාන්දු කාටුන් ශීල්පියා හට කවියක් ලියා යවන ලදී.

“මං ගහන ගැයුමෙන්

ඔබට සැපතක් වේ නම්

තව තව තවත් ගහමින් 

සැපත ලංකර ගන්න යහමින්”

යනුවෙනි. ඉලංගරත්න මහතා ඇමති අසුන දිනාගත් පසු ඊට සුභ පතමින් තමන් වෙත එවා තිබු කවියට පිළිතුරු කවියක් ජී.එස්. ප්‍රනාන්දු විසින් යවන ලදී.

“ඔබ දිනුම ලද තැන

පවතී මිනිස් යහගුණ

ආදරය පිළිගෙන

බැනුම් අසමින් සිනාසෙනු මැන”

ලාංකීය කාටුන් කලාවේ ඉතිහාසය පිළිබදව විමසීමේ දී එයට මුලිකත්වය දක්වන ලැබු කාටුන් ශිල්පීන් පිළිබදවද සඳහන් කළ යුතුයි. මහජන මතයට ගරු කරමින් පාලක පක්ෂය විවේචනය කිරීම ජී. එස්.  ගේ කාටුන්හි අරමුණ විය. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු කාටුන් චරිතයක් පාඨක ප්‍රසාදය ඉහළින් ලබා ගැනීමට සමත් විය . ජී. එස්. ගේ  කාටුන් තුළින් වඩාත් පහර කෑමට ලක් වුයේ සර් ජෝන් කොතලාවල, කොල්වින් ආර් ද සිල්වා, ටී. බී. ඉලංගරත්න... ආදී දේශපාලඥයින්ය.

1950 පමණ වනවිට වීජේසෝමයන්ද මෙරට පුවත්පත් කලාවට එක් වු දක්ෂ කාටුන් ශිල්පියෙකු විය. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘පුංචි සිංඤ්ංඤ් ‘ නම් චරිතය ජිවමානය . මෙම චරිතය තවමත් ජිවමානය මෙම චරිතය හරහා ඔහු පොදු ජනතාව නියෝජනය කළේය. මුලදී සම්පුර්ණ ජාතික ඇඳුමින් සැරසී සිටි පුංචි සිංඤ්ංඤ් සමාජ ක්‍රමයේ වෙනස් විම හා දේශපාලන ක්‍රමයේ පැවති පීඩිත බව නිසා උපන් ආර්ථිකයෙන් බැට කෑ පුද්ගලයකු බවට පත්විය. පසුකාලීනව ඔහු ඉරුණු ඇදුමෙන් සැරසුණු ශරීරයෙන් වැහැරී ගිය පුද්ගලයෙකු බවට පත් විය. දේශපාලන කාටුන් ශිල්පියාගේ පරම යුතුකම තම රටේ දියුණුව ඉලක්ක කර සිය කාටුන් නිර්මාණය කිරීමයි. එසේ නොකාරීම රටට කරන අපරාධයකි. යනුවෙන් කාටුන් ශිල්ප විජේසෝමයන් ප්‍රකාශ කරයි. 

මිනිසුන් සිනහා ගැන්වීම ඉතා අපහසු කටයුත්තකි. කාටුන් ශිල්පින් විසින් සිදු කරන ලබන්නේ එවැනි අපහසු බැරූරුම් කාර්යකි. කැම්ලස් පෙරේරා තමාගේ නිර්මාණ තුළින් පෙන්නුම් කොට ඇත්තේ එම හැකියාවයි. ලංකාවේ කාටුන් ශිල්පීන් අතර මධ්‍යස්ථ කාටුන් ශිල්පියෙකු ලෙස උපහාසයට ලක්කල යුතු තැන සැබෑ ලෙස උපහාසයට ලක් කොට ඇත. ප්‍රසංශා කළයුතු තැන ප්‍රසංශා කොට ඇත. කැම්ලස් පෙරේරා නම්  කාටුන් ශිල්පියා විසින් ජිවය දෙන විශාල කාටුන් චරිත නිර්මාණය කර තිබේ.  කාටුන් ශිල්පියා එක් එක් යුගයන්හි දේශපාලන වෙනස්වීම් පිළිබඳව තම කාටුන් මාධ්‍ය ඔස්සේ නිරූපණය කර ඇත.

“දේශපාලන කාටුන් චිත්‍ර ශිල්පින් කළ යුත්තේ දේශපාලනඥයින් සතුටු කිරීම නොවේ. දේශපාලඥයින්ගේ තිබු අඩු ලුහුඩුකම් පෙන්වමින් ජනතාවට සේවය කිරීමයි. කාටුන් ශිල්පියා මහජනයාගේ පැත්තේන් බැලිය යුතුය.”යනුවෙන් ඇස්. සී. ඕපාත කාටුන් ශිල්පියා පවසයි.

සමාජයේ පංති භේදයකින් වයස් භේදයකින් තොරව රසවිදිය හැකි මාධ්‍යයක් ලෙස කාටුන් මාධ්‍ය පෙන්වාදිය හැකිය. වචන වලින් ප්‍රකාශ කළ නොහැකි බොහෝ දේ කාටුන් මගින් ප්‍රකාශකළ හැකි වේ. කාටුන් මගින් ඉදිරිපත් කරන්නේ හුදු හාස්්‍ය ලබාදිම නොව කාටුනයක් සමාජීය  ආර්ථික සංස්කෘතික සාධක ඔස්සේ සමාජයේ පෙනෙන නොපෙනෙන විවිධ වු දිශානතීන් කෙරෙහි පුද්ගල පරිකල්පන ශක්තිය මෙහෙයවන ලබයි . කාටුනය සමාජයේ කැඩපතක් සේ සමාජයේ විවිධාකාර වු සමාජ අවස්ථා නිරූපනයට යොදාගනී. ශ්‍රී ලංකාවේ පැවති තිස් අවුරුදු යුද්ධයේ කුරිරු බව කාටුන් මාධ්‍ය ඔස්සේ මනාව සන්නිවේදනය කළ ආකාරය දැකගත හැකි විය.

පුවත්පතක කාටුන් චිත්‍ර කිහිප ආකාරයකින් දැකිය හැකි වුවද මෙරට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ දේශපාලන කාටුනයි. වර්තමානය වනවිට මෙරට කාටුන් මාධ්‍ය දේශපාලනය හා සමීප සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බවක් දක්නට ලැබේ. වෙනත් විශේෂාංගයන් තුළින් නොකියවෙන අදහස් වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු කර ගැනීමේ හැකියාව කාටුන් මාධ්‍යට පවතී. දේශපාලන ක්‍රියාවලින් සහ සමකාලීන සමාජයෙන් අත් විඳින්නට සිදු වු ක්‍රියාකාරකම් සහ දේශපාලන නායකයින්ගේ සුවිශේෂතා හදුනාගත් කාටුන් ශිල්පීන් ඔවුන් හාස්‍යට ලක් කරන ලදීග

1962 දී මායාදුන්නේ නම් කාටුන් ශිල්පියා ඇඳි අප්පුහාමි නම් දෙබස් නොමැති නිහඬ දිගු කාටුනයන්,1964 දී බන්දුල හරි- ස්චන්ද්‍රයන් ඇඳි නිහඬ දිගු කාටුනයත් සාමාන්‍ය පොදු ජනතාවගේ සමාජ පසුබිම සහ ගති පැවතුම් පෙන්වා දෙන කාටුන් විය. 1964 දී ගිබ්සන් නම් කාටුන් ශිල්පියෙකු දිනමිණ පුවත්පතට තනි තීරුවේ පොකට් කාටුන් ඇඳ තිබේ.1960 මුල් කාලයේදී “මොකො ්”නමින් දෙබස් කාටුනයක් පලවිය.

දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් හෝ රටේ කවුරුන් හෝ කරන වරදක් අසාධාරණයක් හෝ අයුක්තියක් ජනතාවට හෙලිදරව් කරනුයේ කාටුන් චරිත මගිනි. ලාංකිය කාටුන් ඉතිහාසයේ කාටුන් චරිත බවට පත් වු “අප්පුහාමි ” “රාළහාමි ” වැනි චරිත පුවත්පත් වල නිරූපනය වුයේ මීට දශක කිහිපයකට පෙර වුවද අදටද එහි අන්තර්ගත වු සමාජ යතාර්ථයන් රැකී ඇත. වර්තමානයේ දී ද “පුංචි සිංඤ්ඤෝ අප්පුහාමි ” සමාජයේ ජිවත් වන්නේ එදා කාටුන් ශිල්පීන් තම කාටුන් චරිත හරහා පෙන්වා දුන් සමාජ ප්‍රශ්න වර්තමානයට ද අදාල වන බව සනාථ කරමිනි.

1950 පමණ වනවිට කාටුන් චිත්‍ර කලාව ප්‍රබල ලෙස ශ්‍රි ලංකාවේ පුවත්පත් කලාව තුළට එකතු විය. වර්තමානය වනවිට ඇතැම් කාටුන් ශිල්පීන් තමන්ගේ පුද්ගලික දේශපාලන මතයට පුවත්පත් ආයතනයේ මතය නායෝජනය කරන බව දැකගත හැකි වේ. දක්ෂ කාටුන් ශිල්පියා සමාජ විවේචනයක් සමඟ ගැඹුරු අදහසක් පාඨකයා වෙත සමීප කරනු ලබයි.




සඳු පූර්ණිමා...

(ඡායා රූප හා තොරතුරු මූලාශ්‍රය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...