Friday, October 7, 2022

ආහාර සුරක්ෂාව සම්භන්දයෙන් වැදගත් වන කෘෂිකාර්මික සංවර්ධන ක්ෂේත්‍ර .


Ø යෙදවුම් කළමනාකරනය

තත්වයෙන් උසස් බීජ හා රෝපණ ද්‍රව්‍ය ,පොහොර සහ කෘෂි රසායන ,තාක්ෂණික මෙවලම් හා උපකරණ කෘෂිකාර්මික නිෂ්පාදනයන්හි වැදගත්ම යෙදවුම වේ .මෙම යෙදවුම් මන ලෙස කළමනාකරණය කිරීමෙන් නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන පාර්ශවයන් දෙකටම ඉහල ප්‍රතිලාභ ලබා ගත හැකි වේ.රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ මැදිහත් වීම වැඩ උචිත ආහාර සුරක්ෂිත ක්‍රමවේදයක් යටතේ සිදු කරයි.

උපාය මාර්ග

  • බීජ සුරක්ෂිතතාවය හා අනුමත ප්‍රබේධ වල බීජ ආරක්ෂක තොග පවත්වා ගැනීම.

Ø කාබනික පොහොර සහ ජීව පොහොර ප්‍රවර්ධනය සහ භාවිතය

සමෝධානික පලිබෝධ පාලනය හා ජෛව පලිබෝධ නාශක තුලින් රසායනික පොහොර භාවිතය යන ඒවා දැකිය හැකිය .

ස්වභාවික සම්පත් කළමනාකරණය සහ දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම.

පස ජලය සහ අනෙකුත් ස්වභාවික සම්පත් වලින් සමන්විත භුමිය කෘෂිකාර්මික නිෂ්පාදනයන් සඳහා හානියක් නොවන අයුරින් භාවිතා කිරීම .

උපාය මාර්ග

·        පාංශු ජල සුරක්ෂිතතාව සහ සංරක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම.

·        කෘෂි ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම

 

Ø පාරිභෝගික සෞක්‍ය සහ තෘප්තිමත් බාවය .

මෙහිදී ආහාර නිෂ්පාදන මගින් සමබල ආහාර වේලක් හා දෛනිකව ලබා ගත යුතු පෝෂ්‍යදායි අහර වේලක් සදහා අවශ්‍ය එළවලු හා පලතුරු ලබා ගැනීම ආහාර සුරක්ෂිතතාවය  මත සිදුකල යුතුය.

Ø නෛතික රාමු හා නියාමන රාමුව

යෙදුම් ක්‍රියාවලි හා නිමැයුම් ක්‍රියාවලි වල ගුණාත්මක භාවය සදහා ආහාර වල සුරක්ෂිතත්වය හදුනා ගැනීම සදහා ආරක්ෂාකාරී හා සක්‍රිය කෘෂි අංශය පැවැත්ම තහවුරු කිරීම සදහා නීති සම්පාදනය කිරීම වැදගත් කාර්යක් වේ. ශාක ආරක්ෂණ පනත පලිබෝදනාශක පාලන පාංශු සංරක්ෂණ හා බිජ පනත හා පලිබෝදනාශක පාලන පනත  ක්‍රියාත්මක කිරීම තුලින් කෘෂිකර්මයේ භාවිත වන යෙදුම් වල ගුණාත්මක භාවය තහවුරු කෙරෙන අතර පාංශු සංරක්ෂණ පනත මගින් තිරසාර ඉඩම් භාවිතය  අධීක්ෂණය කෙරේ.ශාක ආරක්ෂණ පනත මගින් ශාක ස්වස්ථතා කොන්දේසි නියාමන කෙරෙන අතර එමගින් කෘෂිකාර්මික ද්‍රව්‍ය ආනයනය අදාලව සුවිශේෂී කාර්යභාරයක් ඉටුකෙරේ.

 

උපායමාර්ග

·        පලිබෝධනාශක සදහා යාවත්කාලීන කරන ලද පනතක් හදුන්වාදීම .

·        බීජ පනත සදහා යවත්කලෙන කරන ලද පනතක් හදුන්ව දීම .

·        ශාක ආරක්ෂණ පනත සදහා යාවත්කාලීන කරන ලද පනතක් හදුන්වා දීම.

·        ශාක ප්‍රභේද අයිතිවසිකම් ආරක්ෂා කිරීමේ පනත හදුන්ව දීම.

·        දැනට පවත්නා පාංශු සංරක්ෂණ පනතෙහි නීතිමය ප්‍රතිපාදන වැඩි දියුණු කිරීම.

 

Ø ගෙවතු වගා ප්‍රවර්ධනය

ගෙවතු වගා ප්‍රවර්ධනය තුලින් රටේ සමස්ත ආහාර නිෂ්පාදනය වර්ධනය කරගැනීමට හැකි වන අතරම පවුලේ අතිරේක ආහාර සහ පෝෂණ අවශ්‍යතාවයද සපුරාගත හැකිය.මෙය පවුලේ ආහාර අවශ්‍යතාවය සදහා වැය වන වියදම අවම කර ගැනීමට ඉවහල් වන අතරම කෘෂි රසායනිකවලින්  තොර පරිසර හිතකාමී   කෘෂිකර්මාන්තයක්  ප්‍රවර්ධනයටද හේතු වේ.මිරිස් වගාව සඳහා විභවයක් සහිත ප්‍රදේශවල ඇති ගෙවතුවල මිරිස් නිෂ්පාදනය වැඩි කිරීම තුලින් රටට අවශ්‍ය අමු මිරිස් අවශ්‍යතාව සපුරා ගත හැකි අතර ,එය මිරිස් ආනයනය අඩු කිරීමටත් විසදුමක් ලෙස ද යොදා ගනී.

උපායමාර්ග

·        නාගරික ,අර්ධ නාගරික හා ග්‍රාමීය ගෙවතු වගාව.

·        කාර්යාල පරිශ්‍රවල ගෙවතු වගාව සහ ගෙවතු වගා ආකෘති ඇති කිරීම.

·        පාසල් ගෙවතු වගාව .

·        ආරක්ෂක කඳවුරුවල ආදර්ශන ගෙවතු වගා ඇති කිරීම.

·        පුද්ගලික ආයතන පරිශ්‍රයන්හි ගෙවතු වගාව.

·        මහජන නියෝජිතයන් සඳහා ගෙවතු වගාව.

·        පුද්ගලික අංශය නියෝජනය කරමින් ඇති කරන ගෙවතු වගාව.

·        ගෙවතු වගා වැඩසටහන සඳහා දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන.



 සඳු පූර්ණිමා...

(ඡායා රූප හා මූලාශ්‍ර අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)



1 comment:

Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...