වස
විසෙන් තොර සුරක්ෂිත අහර පාරිබෝගිකය වෙත ලබා දේම මෙමගින් අපේක්ෂා කෙරේ ඒ අනුව නිෂ්පාදන ක්‍රියාවලියේ දී විෂ
රසායනික භාවිතය අවම කිරීමේදී අසුරුම්කරනයදී හා පසු අස්වනු ක්‍රියාකාරකම් වලදී
හනිකකර ද්‍රව්‍ය භාවිතය වැලක්වීමට පියවර ගැනීම මගින් අහර ද්‍රව්‍ය වල ආරක්‍ෂිත බව
තහවරු කර කැණීමට පියවර ගනු ලැබේ.
ü
කාබනික
කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය
ü
පලිබෝදනාශක
භාවිතය,
අධික පොහොර භාවිතය අවම කිරීම මගින් හා
අස්වනු ක්‍රියාකාරකම්වලදී හානිකර ද්‍රව්ව්‍ය දීම වලක්වීම සදහා ප්‍රජාව දැනුවත්
කිරීම
ü
පලිබෝධනාශක
හදුනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
පැළෑටි නිරෝධායනය
පැළෑටි
නිරෝදයනය ක්‍රියාත්මක කරනු ලබන්නේ ජීව විද්දියාත්මක හේතු මතය .මෙහි ඉලක්කය වනුයේ
විදේශීය රටවලින් හානිකර කෘමින් රෝග සහ වල්
පැල වල බිජ රටට ඇතුල්වීම වැලැක්වීමටය.පැළෑටි, පැළෑටි වල කොටස් බිඉජ පරාග ආදිය වෙනත් රටකින්
ආනයනය කිරීමේදී ඒවා සමග මෙම අහිතකර ද්‍රව්‍ය
තවත් රටකට ඇතුල්විය හැක.
පැළෑටි
ආනයනය කිරීම .කෘමි සහ පැළෑටි රෝග කාරකයන් පැළෑටි සමග තිබිය හැක .එහෙයින් පැළෑටි
ආනයනය කරන විට නිරෝදයන පිළිවෙත් ඉතා දැඩිව
කල යුතුය .බීජ පැළෑටි වෙනුවට බොහෝදුරට බීජ ආනයනය කිරීම දිලීර බැක්ටීරියා සහ
වෙනත් රෝග ප්‍රවේශය වැලැක්විය හැක. නමුත් බීජ මගින් ව්‍යාප්ත වන රෝග ප්‍රවේශ වීමේ අවධානම තිබේ
.එහෙයින් රෝග සහිත බීජ ද්‍රව්‍ය අනයනයෙන්
වැළකිය යුතුය.
පටක
රෝපණ ද්‍රව්‍ය එක් රටකින් තවත් රටකට මෑත කාලයේදී වැඩියෙන් ප්‍රවාහනය කරන්නේ පටක
වලින් නිපැයු පැළෑටි වේ . බොහෝ සහ රෝග
ගැටළු වැළක්විය හැකි නමුත් වෛරස් රෝග තිබීමේ අවධානමක් තිබිය හැක.එහෙයින් මෙවැනි ද්‍රව්‍ය
ආනයනය කිරීමෙන් පසුව වරින්වර රෝග
නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍යය .
පරාග
ආනයනය කිරීමේදී සමහර වෛරස් සහ දිලීර බීජානු
ඒවා සමග තිබිය හැක .මේ නිසා ඒ පිලිබඳ අවධානය කිරීම වැදගත් වේ.
රෝග
නිරෝදායනයෙදී පරීක්ෂාකාරී විය යුතු ජීවින්
මෙසේය.
කෘමීන්
- පැළෑටි ආනයනය කිරීමේදී කෘමීන් වැනි පලිබෝධකයන් පිලිබඳ සැලකිලිමත් වීම
වැදගත්ය.මොවුන් ගෙන් මෙරූ සතුන් බිත්තර හෝ කීටයන් වශයෙන් ඔවුන්ගේ ජීවන චක්‍රයේ යම්
අවස්ථාවක පැළෑටි ගෙඩි බීජ ආදී ද්‍රව්‍ය වල
සිටීමට ඉඩ ඇත .සමහර කෘමීයෝ වෛරස් රෝග කාරකයන් වේ.
වට
පණුවන් -
පැළෑටි මුල් සහ බීජ ආශ්‍රිතව වට පණුවන් සිටීමට ඉඩ ඇත. මොවුන් මතුපිට
සිට පැළෑටි පටක වලට හානි කරයි.
මෙලෙස වට පණුවන් පැළෑටි ආනයනය කරන
රටවලට සංක්‍රමනය කිරීම වැලක්වීමට ක්‍රියාමාර්ග යොදා ඇත.
වලට
මුලරම්බය වූ ප්‍රදේශ වලින් පැළෑටි ආනයනය
කිරීමේදී මතු වන සාමාන්‍ය වශයෙන් පැළෑටි පලිබෝධකයින්
සහ රෝග බෝග වල මුලාරම්බය සිදුවන ප්‍රදේශ වලින් දක්නට ලැබේ.ඉතා දිගුකාලයක් තිස්සේ
අන්තර්කරණය රෝග කාරකයන් පරිසරයට අනුකුලව හැඩගැසේ .
උදා
: මැද පෙරදිග රටවල තිරිඟු
වගාවට වැළදෙන පක්සීනියා ග්‍රෑම්නස් රෝගය
උතුරු
ඇමරිකාවේ සුරියකාන්ත වලට වැළදෙන සුදු පුස්
රෝගය
දකුණු
ඇමරිකාවේ පශ්චිම අංගමාර රෝගය
පැළෑටි
වල විවිධ ලක්ෂණ නිසා රෝග කාරක ජීවීහුද රුඋප විද්දියාත්මක කික වශයෙන් එම පරිසරයට
අනුකුලව හද ගැසෙති . සමහර විට පෙලටි මව්බිමේ
වැඩෙන විට කෘමි හූඕ රෝග උවදුරක සේයාවකුදු නොපෙනී තිබුනත් එම පැළෑටි වෙනත් පරිසරයක වගා කල විට එම පරිසරයේ පලිභෝදනාශක යන්ද සිටිය හැක එහෙයින් එක් පරිසරයකට
පැළෑටි ගෙන්වීමේදී මේ කරුණු ගෙන සැලකිලිමත් වීම වැදගත් වේ .
* කාබනික ගොවිතැන (Organic Farming)
කාබනික ගොවිතැන (Organic Farming)යන්න ශී‍්‍ර ලාංකික ගොවීනට අලුත් ගොවිතැන් ක‍්‍රමයක් සේ පෙනුණත් මෙය ලෝකය පුරා ශීඝ‍්‍රයෙන් වර්ධනය වන ගොවිතැන් ක‍්‍රමයකි. තව අතකට මෙය අපේ මුතුන් මිත්තන් කළ පරිසර හිතකාමී අතීත ගොවිතැන් ක‍්‍රම නූතන තාක්ෂණික දැනුමත් සමග සංකලනය කිරීමෙන් සාදාගත් තිරසාර ගොවිතැන් ක‍්‍රමයක්(Sustainable Farming System) ලෙසද හැඳින්විය හැක. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිසර දූෂණයට හේතුවන හා මිනිස් සෞඛ්‍යයට අහිතකර කෘමිනාශක රසායනික පොහොර ඉන්ධන වැනි ද්‍රව්‍ය භාවිතා නොකිරීම හෝ ඉතා අවමයක් දක්වා සීමාකරන ලද ඒ වෙනුවට ගොවිපළ ආශි‍්‍රතව සපයා ගත හැකි පරිසර හිතකාමී විකල්ප ද්‍රව්‍ය හා ක‍්‍රම මෙහිදී උපයෝගී කර ගැනීමයි.කාබනික ගොවිතැනේදී රසායනික පොහොර භාවිතය අවම මට්ටමක පවතින අතර ඒ වෙනුවට ගොවිපළ ආශි‍්‍රතව සපයා ගත හැකි සත්ව හා ශාක අපද්‍රව්‍ය භාවිතයෙන් සාදා ගත හැකි කොම්පෝස්ට් පොහොර ශාක කොටස් ආශ‍්‍රයෙන් ලබාගන්නා කොළ පොහොර හා ගොවිපළට බැහැරව සපයා ගත හැකි වියෝජනය වන කාබනික අපද්‍රව්‍ය පොහොරක් වශයෙන් භාවිතයට ගනී. තවද රනිල කුලයේ ශාක ක්ෂේත‍්‍රයේ වගා කිරීමෙන් පසට ස්වාභාවිකවම පෝෂක එක්්කර ගත හැක. ඊට අමතරව කාබනික ගොවිතැනේදී රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතා කරන හෙයින් බෝගවල රෝග හා පලිබෝධවලට ඔරොත්තු දීමේ ගුණය වැඩිවීමක් ද සිදු වේ.
රසායනික පොහොර, පලිබෝධ නාශක වැනි විෂ රසායනික ද්‍රව්‍ය භාවිතය මගින් මිනිසාට හා පරිසර පද්ධතීන්ට වන හානිය පරීක්ෂණ මගින් තහවුරු වීමත් සමගම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව කාබනිකව නිපදවූ ආහාර වෙත යොමුවීමේ ප‍්‍රවණතාවයක් ලොව පුරා නිර්මාණය වෙමින් පවතී.
මේ නිසා ගුණාත්මකත්වයෙන් ඉහළ කාබනික ආහාර සඳහා වඩා වැඩි මිලක් වෙළෙඳපොළේදී ලබාගත හැක. බොහෝවිට විදේශ වෙළෙඳ පොළේ මෙම මිල දෙගුණයක් හෝ ඊටත් වඩා වැඩි මිලක් වීමට වුවද ඉඩ ඇත.ලෝකවෙළෙඳ පොළේ කාබනික නිෂ්පාදනය කරන ලද ආහාර සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුකොට ගෙන බොහෝ රටවල ගොවීන් මේ සඳහා දැන් යොමුවෙමින් පවතී.
විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල් පවා මේ කෙරෙහි තම උනන්දුව යොමු කරමින් සිටියි. කෙසේ වුවත් කාබනික ගොවිතැන අතින් ඉහළම ප‍්‍රගතියක් ලබාගෙන සිටින්නේ බටහිර රටවල්ය. යුරෝපා සංගමයේ දත්තවලට අනුව යුරෝපයේ පමණක් 1993 දී කාබනික ගොවිතැන් සිදුතරන භුමි ප‍්‍රමාණය හෙක්ටයාර් 900,000 වු අතර මේ අගය1998 වන විට හෙක්ටයාර් මිලියන 2.9 දක්වා වැඩි වී ඇත. මේ සඳහා යොදාගත් භුමි ප‍්‍රමාණය යුරෝපයේ මුළු කෘෂිකාර්මික භුමි ප‍්‍රමාණයෙන් 2% ක් වූ අතර මෙම අගය2005 වසර අවසන් වන විට 5% සිට 10% තරම් වූ භුමි ප‍්‍රමාණයක් දක්වා වැඩිවනු ඇතැයි යුරෝපා සංගමය ඇස්තමේන්තු කර ඇත. එසේම යුරෝපා සංගමයේ රවල්වල මේ වන විට කාබනික ගොවිතැන ප‍්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නීති හා ආයතන ව්‍යුහයන් ස්ථාපිත කර ඇති අතර තම ගොවිපළ කාබනික ගොවිපොළ බවට පරිවර්තනය කරන ගොවීන් සඳහා සහනාධාර විවිධ දිරි ගැන්වීම් ලබාදීම සිදු කරනු ලබයි.
ශී‍්‍ර ලංකාවේද දැනට කාබනික එළවළු, කාබනික කුළුබඩු, කාබනික තේ සුළුපරිමාණයෙන් අපනයනය සිදු කරනු ලබයි. ඉදිරියේදී ශී‍්‍ර ලංකාවේ කාබනික ගොවිතැනදියුණු කිරීමට විශාල විභවයක් ඇති අතර දැනට මේ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත්උත්සාහයක් දරා නොමැත. විශේෂයෙන් දැනටමත් කෘමිනාශක හා කෘති‍්‍රම පොහොර ඉතාඅඩුවෙන් යොදා ගනිමින් වගා කරන ගම්මිරිස්, කෝපි, කුරුඳු වැනි අපනයන බෝගත්,තේ වැනි වැවිලි
බෝගත් පහසුවෙන් කාබනික වගාවන් බවට පත් කළ හැකිය.කාබනික ආහාර ලෝක වෙළෙඳ පොළේ අලෙවි කිරීමට අවශ්‍යය. ගැනුම්කරුවන් සොයා ගැනීම අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන්ම කළ හැකි අතර අදාළ ආහාරවල පැවැතිය යුතු ප‍්‍රමිතීන් හා ඇසුරුම්කරණය වැනි තොරතුරු මේ මගින් පහසුවෙන් ලබාගත හැක.අපේ ගොවීන් ද රසායනික ක‍්‍රමවලින් බැහැරව කාබනික ගොවිතැන වැනි නවීන
ක‍්‍රම අනුගමනය කර වැඩි විදේශ විනිමයක් ලබාගැනීමට උත්සුක විය යුතු කාලය එලඹ ඇති බව සඳහන් කළ යුතුව ඇත.
* පලිබෝධනාශක හදුනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
කෘෂිකර්මාන්තය කෙරෙහි යොමු වූ දා පටන්, සිය වගා කරන ලද බෝග අනෙකුත් ජීවීන් සහ පාරිසරික ගැටලූ වලින් ආරක්ෂා කර ගැනීමට නිරන්තර අරගලයක යෙදීමට මිනිසා හට සිදුවුනි. අදටත් සිය බෝග වගාවෙන් උපරිම අස්වැන්නක් සහ ලාභයක් ලබා ගැනීමට ශාක ආරක්ෂණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටත්, වැඩි මුදලක් යට කිරීමටත් ගොවි ජනතාවට සිදුවී ඇත. වැඩි අස්වැන්නක් දෙන නව බෝග ප්‍රභේදයන් වගා බිම් වලට හඳුන්වා දීම තුලින් ද ශාක ආරක්ෂණය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වීම නොවැලැක්විය හැකි කරුණක් බවට පත්ව ඇත. මේ අතරින් රෝග සහ පළිබෝධ හානි මුල් තැනක් ගනී.
පළිබෝධ යනු මිනිසාට හෝ මිනිසා විසින් ඇති කරනු ලබන සතකුට, වගා කරනු ලබන බෝගයකට, ගබඩා කරන ලද නිෂ්පාදනවලට හෝ මිනිසා විසින් පරිහරණය කරනු ලබන යම් ද්‍රව්යෙඅයකට ආර්ථීක වශයෙන් හානි සිදු කරන ජීවීන් කොට්ටාසයකි. පළිබෝධ ප්‍රධාන කාණ්ඩ තුනකි.
1. කෘමි හා කෘමි නොවන සතුන්
2. වල් පැළෑටි
3. රෝග කාරක ජීවින්
4. කෘමි පලිබෝධකයන්
රෝග හා පළිබෝධ
පාලනය කිරීමේ ප්‍රධාන ක්‍රම
·
හඳුන්වා දීම වැලැක්වීම
ඕනෑම කෘෂිකාර්මික බිමක රෝග සහ
පළිබෝධ මර්ධනය කළ හැකි සාර්ථකම ක්‍රමය වනුයේ එම බිමට රෝග කාරකයන් සහ පළිබෝධකයන්
ඇතුලූවීම වැලැක්වීමය. පිරිසිදු සහ සහතික කරන ලද රෝපණ ද්‍රව්‍ය භාවිතය, කෘෂිකාර්මික බිමෙහි සහ ඒ අවට
පරිසරයෙහි සනීපාරක්ෂාව තහවුරු කිරීම, පිරිසිදු උපකරණ භාවිතය, හොඳින් සැකසූ සහ පරිණත වූ
කොම්පෝස්ට් පොහොර භාවිතය යන ක්‍රමෝපායයන් මගින් රෝග සහ පළිබෝධකයින් කෘෂිකාර්මික
බිමට ඇතුලූවීම වලකා, එමගින් සිදුවන
ආර්ථික හානිය නැති කර ගත හැක .
·
තුරන් කිරීම
කෘෂිකාර්මික බිමට රෝග සහ පළිබෝධ
හානි පැතිරුණු මුල් අවස්ථාවන්හිදී, ඒවා මුලිනුපුටා දැමීම පහසුවේ. එම
රෝග සහ පළිබෝධ හානි දක්නට ලැබෙන ශාක ප්‍රමාණය සංඛයාත්මකව අඩු නම්, සරල ක්‍රමයන් මගින් ඒවා විනාශ
කිරීම හෝ කරදරකාරී වල් පැළ වල ගහනය අඩු නම්, ඒවා මුලිනුපුටා විනාශ කිරීම
මෙහිදී ගත හැකි පියවරයන් වේ. එනමුදු, විශේෂයෙන්ම වල් පැළ සම්පූර්ණයෙන්
ගලවා විනාශ කිරීමේදී භූමිය නිරාවරණය වීමෙන් පාංශු ඛාදනය සිදුවිය හැකි බැවින් ඒ
සඳහා පිලියම් යෙදීමට කල්පනාකාරී විය යුතුය.
·
පාලනය කිරීම
රෝග පළිබෝධ පැතිරීමේ ප්‍රමාණය
අහිතකර බලපෑම් ඇති කරන්නේ නම්, ඒවා පාලනය කිරීමට නිසි පියවර ගත යුතු වේ. මේ සඳහා එක් මර්ධන ක්‍රමයක්
හෝ ක්‍රම කිහිපයක මිශ්‍රණයක් භාවිතා කළ හැක. රෝග පළිබෝධ පාලනය කිරීමේදී යොදා ගත
හැකි ප්‍රධාන ක්‍රමයන් පහත දැක්වේ.
1. සරල යන්ත්‍ර භාවිතය හෝ මිනිස් ශ්‍රමය
වැඩිපුර භාවිතා කිරීම
සරල යන්ත්‍ර හෝ මිනිස් ශ්‍රමය
වැඩිපුර යෙදවීම කාලය මෙන්ම මුදල් වැඩිපුර වැයවන ක්‍රියාවක් වන අතර, සුලූ පරිමාණ වගාවකදී සාර්ථකව යොදා
ගත හැක. මෙහිදී බොහෝ විට සිදු වනුයේ රේක්ක, උදැල්ල, කරඬි වැනි සරල උපකරණ භාවිතය හෝ
අතින් උගුල්ලා දැමීම හෝ ඉවත් කිරීම මගින් රෝග සහ පළිබෝධ හානි ක්ෂේත්‍රය තුළ අවම කර
ගැනීමය. මිනිස් ශ්‍රමය සෘජුව යෙදෙන බැවින් රෝග සහ පළිබෝධ හානි තෝරා ඉවත් කිරීමේ
වාසිදායක තත්ත්වය මෙම ක්‍රමයේදී යොදා ගත හැක.
2. යාන්ත්‍රික ක්‍රම භාවිතය
තරමක සංකීර්ණ යන්ත්‍ර භාවිතයෙන්
රෝගී ශාක ඉවත් කිරීමත්, පලිබෝධ හානි
අවම කිරීමත් මේ ගනයට අයත් වේ. උදාහරණයක් ලෙස, වීඩරයක් භාවිතයෙන් වල් පැලෑටි
ඉවත් කිරීම සඳහන් කළ හැක.
3. ශෂ්‍ය විදයාත්මක ක්‍රම භාවිතය
බිම් සැකසීමෙන් පටන් ගෙන, බෝගය ක්ෂේත්‍රයේ ස්ථාපනය කරන ක්‍රමවේදය
දක්වා කෙරෙන්නා වූ සියළුම ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රයාවලින් සාර්ථකව කිරීම මගින් රෝග
සහ පළිබෝධ මර්ධනය මෙයට අයත් වේ. උදාහරණයක් ලෙස, වසුන් යෙදීම මගින් සහ මිශ්‍ර බෝග
වගාවන් මගින් වල් පැල පාලනය දැක්විය හැක.
4. රසායනික ක්‍රම භාවිතය
වෙළඳ පොලෙහි මිල දී ගත හැකි
රසායනික පළිබෝධ නාශක, එනම් දිලීර
නාශක, කෘමි නාශක සහ වල්
නාශක භාවිතයෙන් රෝග සහ පළිබෝධ මර්ධනය මේ යටතට ගැනේ.
5. ජෛව පාලකයන් භාවිතය
එක් එක් රෝග සහ පළිබෝධකයන් සඳහා
විශේෂිත වූ පරපෝෂිතයින් උපයෝගී කර ගනිමින් ඒවා මර්ධනය කිරීම මෙයට අයත් වේ. උදාහරණ
ලෙස පැපොල් පිටි මකුණා (Paracoccus marginatus) මර්ධනය කිරීමට papayazයොදා යොදා ගැනීමත්, සැල්වීනියා (සැල්වීනියා molesta) ශාක මර්ධනයට Cyrtobagus
bruchi යොදා යොදා ගැනීමත් සහ ජපන් ජබර මර්ධනයට
Neochetin eichhorniae සහ ජබර මර්ධනයට Neochetin eichhorniae යොදා ගැනීමත් දැක්විය හැක.
6. ඒකාබද්ධ රෝග සහ පළිබෝධ මර්ධන ක්‍රම
භාවිතය
රෝග සහ පළිබෝධ මර්ධන ක්‍රම දෙකක්
හෝ ඊට වැඩි ගණනක් යොදා ගැනීම මගින් ඒවා මර්ධනය කිරීම මෙයින් දැක්වේ. ඒකාබද්ධ මර්ධන
ක්‍රමයක් භාවිතා කෙරෙනුයේ එක් ක්‍රමයක් මගින් සාර්ථක මර්ධනයක් නොවන අවස්ථාවන්
හිදීය.
සඳු පූර්ණිමා...
(ඡායා රූප හා මුලාශ්‍රයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)