Wednesday, September 28, 2022

සත්ව සන්නිවේදනය

මිනිසාට මෙන්ම සතුන්ට ද අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය වේ.  මිනිසාගේ මෙන්ම සතුන්ගේ පැවැත්ම සඳහා හේතු වන්නා වූ සත්ත්ව ප්‍රජාව අතර සිදුවන  සන්නිවේදනය සත්ව සන්නිවේදනය (Animal Communication) ලෙස හැඳින්විය හැකිය.  වසර කෝටි 30කට පමණ පෙර ජීවත් වූ ඩයිනෝසරයන් වැනි උරගයන් ක්ෂීරපායි නතර සංවර්ධිත තත්ත්වයක් පෙන්නුම් කර ඇත.  රුධිර සංයුතිය විධිමත් වීම්ත් ස්ථාවර වීම මොළයේ වර්ධනයට බලපා තිබේ.  මෙලෙස  මානව  පරිණාමයට පෙර මුල්ම සන්නිවේදන ස්වරූපය සත්ත්වයින් අතර ක්‍රියාත්මක වී ඇත. මිනිසාට මෙන්ම සත්වයාට ද ඔවුන්ගේ පැවැත්මේ මූලික සාධකයක් බවට සන්නිවේදනය පත්වේ. ඒක සෛලික ජීවින්ගේ සිට බහු සෛලික ජීවීන් දක්වා සෑම සත්ත්ව වර්ගයකටම අනන්‍ය වූ සන්නිවේදනයක් පවතී.  සත්ව සන්නිවේදනය පිළිබඳ පර්යේෂණ කළ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ  මහාචාර්ය නෝමන්, ගෙෂ්වින්ඩ් රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ පීටර් මාලර්, චිකාගෝ විශ්ව විද්‍යාලයේ ස්ටුවට් ඒ අල්ටිමාන්, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පොල් වැට්ශ්ලාවික් යන ආදීහු වැදගත් වේ.  භෞතික හා භෞතික නොවන හෝ කිසියම් අරමුණක් කෙරෙහි යම් සත්වයෙකු උත්තේජනය වීම අනුවර්ථන ආකාරයෙන් සිදුවන්නකි.  මෙම අනුවර්තන කාර්ය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ සත්වය තුළ හට ගන්නා අවශ්‍යතාවයයි.  සත්ත්වය වෙසෙනුයේ නොයෙක් අවශ්‍යතාවයන් හා බැඳීම් වලින් යුක්තවය.  මෙම බැඳීම්වලින් සත්ත්වය හා පාරිසරික සාධක අතර පවතින සමතුලිත බව පිළිබිඹු කරනු ලැබේ.  සෑම සජීවි හා අජීවි වස්තුවකටම යම් කිසි අදහසක් හෝ හැඟිමක් තවත් සතෙකු තුළ ඇති කිරීමට හැකිය.  මෙයට නිදසුනක් ලෙස අධික ලෙස වැසි ඇඳහැලෙන විට ආවරණය වීමට ස්ථානයක් කරා පිටව යෑමත්, යම් සතෙක් භායානක ලෙස කෑගසන විට අපට තිගැස්මක් ඇතිවිමත් දැක්විය හැක.  මෙහි සිදු වී ඇත්තේ සතෙකුගේ හැඟිම් හෝ අදහස් තවත් සතෙකුට ලැබිම තුළින් , එම සත්ත්වයාගේ චර්යාවේ වෙනස් වීමක්, එනම් සතුන් දෙදෙනා අතර සන්නිවේදනයක් සිදු වීඇත. සන්නිවේදනයකදී තොරතුරු ලබාදෙන අය (Sender) හා තොරතුරු ලබා ගන්නා අය (Receiver)ලෙස හඳුන්වන අතර හුවමාරු වනුයේ පණිවිඩයක් හෙවත් තොරතුරක් (Message) ය.  එම පණිවිඩය ගමන් කරන්නේ යම් මාධ්‍යයක් හරහාය.

ලෝකයේ ජීවත්වන වන සත්ත්ව ගණ කිහිපයක් හඳුනාගත හැකිය.  

  • ක්ෂීරපායි  (කිරි බී වැඩෙන)
  • උරග (බඩගායන)
  • පක්‍ෂි (පියාඹන)
  • මත්ස්‍ය 
  • කෘමින්
  • ක්ෂුද්‍ර ජීවීන් 

වශයෙනි.



අප ජීවත් වන මේ ලෝකයේ මිනිසා පමණක් නොව සත්ත්වයන්ද තම එදිනෙදා හැසිරිම් වලදී විවිධ  සන්නිවේදනය  සිදු කරයි .  ඒවගේම තම තමන්ව හදුන්වාදිමට විවිධ සන්නිවේදන ක්‍රමයන් භාවිතා කරයි. 

මිනිසාට සේම සතුන්ටද සුවිශේෂී සන්නිවේදන හැකියාවක් සහජයෙන්ම උරුමව තිබේ.  සතුන්ට තිබෙන හැකියාවන් මිනිසාට නොවේ.  නමුත් සත්ත්ව සන්නිවේදනය  මානව සන්නිවේදනය ඉක්මවා නොයයි මානවයාගේ ප්‍රධාන සන්නිවේදන මාර්ගය භාෂාවයි.  එය සහජයෙන්ම උරුම වුවක් නොවේ.  නමුත් සත්ත්ව සන්නිවේදන ක්‍රම සහජයෙන් උරුම වුවායග  සත්ත්වයෝ විවිධාකාරයෙන් සන්නිවේදනයේ යෙදෙති. ඒ අතුරෙන් සත්ත්ව සන්නිවේදනක්‍රම කිහිපයක් පහත දැක්වේ.

ස්පර්ශ සන්නිවේදනය 
ශබ්ධ සන්නිවේදනය 
දෘෂ්ටි සන්නිවේදනය 
රසායනික සන්නිවේදනය (ෆෙරමෝන්)
චර්යා සන්නිවේදනය
විද්‍යුත් සන්නිවේදනය 
තාප සන්නිවේදනය


ස්පර්ශ සන්නිවේදනය

සත්ත්වයින් අතර පවත්නා මූලිකම සන්නිවේදන ක්‍රමයක් ලෙස ස්පර්ශ සන්නිවේදනය හැදින්විය හැකිය.  බොහෝ සතුන් මෙම සන්නිවේදන ක්‍රමයට ප්‍රතිචාර දක්වන අතර මෙම සන්නිවේදන ක්‍රමය බහුලව දැකිය හැක්කේ අපෘෂ්ඨ වංශිකයින් අතරය.   අපෘෂ්ඨ වංශිකයින් ලෙස හැදින්වෙන්නේ කශේරුකාවක් නොමැති සත්ත්වයින්ය.  මොවුන් සත්ත්ව ඛාණ්ඩ කිහිපයක්   යටතේ වර්ග කෙරේ.  එනම්, නිඩාරියා/සිලින්ටරේටා, ඇනෙලිඩා, මොලුස්කා, ආත්‍රෝපෝඩා, එකයිනොඩර්මේටා වේ.  

අපෘෂ්ඨ වංශීන් අතර ස්පර්ශ සන්නිවේදන ක්‍රමය හා  රසායනික සන්නිවේදන ක්‍රමයද  එකට බැඳි පවති. එම නිසා ඔවුන්ගේ ස්පර්ශ සංවේදි අවයව හා එකට එක්ව රසායනික ප්‍රතිග්‍රාහක ද පවත්වා ගනී. සමහර කෘමි ආකාර ස්පර්ශක සහ රසායනික ප්‍රතිග්‍රාහක දැරීම මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය.  ස්පර්ශක සන්නිවේදන ක්‍රමය සඳහා නිදසුන් ලෙස  පොළව යට සිටින අන්ධ වේයන් වේ ගුහාව තුළදී තම අදහස් හුවමාරු කර ගන්නේ ස්පර්ශක සන්නිවේදන ක්‍රමය භාවිතයෙනි.  එසේම තම සංසර්ග කටයුතු සඳහා පමණක් රාත්‍රී කාලයේදී ගුල් වලින් එලළියට පැමිණෙන බිම් පණුවන් එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගන්නේ ස්පර්ශය මඟිනි. ස්පර්ශ සන්නිවේදන ක්‍රමය භාවිතා කළ හැක්කේ ඉතා කෙටි දුරකදී වුවත් සමහර සතුන් සිය සිරුරේ ඇති උපාංග ආධාරයෙන් තරමක් ඇතට හෝ මෙම  සන්නිවේදනය පවත්වා ගැනීමට උත්සාහ දරයි.  වඳුරන් එකිනෙකාගේ  සිරුරු පවිත්‍ර කර ගැනීමත් ස්පර්ශක සන්නිවේදන ක්‍රමයට නිදසුන් ලෙස දැක්විය හැකිය. 

ශබ්ධ සන්නිවේදනය

සත්ත්ව ලෝකයේ දිවි පැවැත්ම සඳහා ශ්‍රවනය ඉතා වැදගත් වේ.  ශබ්ධයට බොහෝ දුරක් ගමන් කළ හැකි අතර එයට ස්වභාවික වස්තූන් පවා පරයා ගමන් කිරීමට හැකියාව පවතී. එනම් කඳුකර වනාන්තර ආදිය පසුකර යෑමට තරම් ශබ්ධයට හැකියාවක් ඇත.  මෙයට නිදසුනක් වන්නේ අනතුර ඇඟවීමට කුරුල්ලන් ශබ්ධය යොදා ගැනීම, ගොදුරක් වෙත පිය මනින දිවියාගේ ශබ්ධය මත ඉන් දිවි ගලවා ගැනීමට දිව යන මුවාගේ හැසිරීම ගත හැකිය.  ගසක් වැනි ඉහළ ස්ථානයකට නැඟී පක්ෂියෙකු තම වසම් ශබ්ධය නිකුත් කිරීම, එසේම බොහෝ සත්ත්වයින් තම සහකරු හෝ සහකාරී ආකර්ශනය කර ගැනීම සඳහා විවිධ ශබ්ධ නිකුත් කරයි.  විශේෂයෙන්ම මෙහිදී පක්ෂීන් වැදගත් වේ.  

නිදසුන්:

ලන්දේසි ජාතික පක්ෂි ජීව විද්‍යාඥයෙක් වන නිකොලස් ටින්බර්ගන් (Nikolaas Tinbergen) ඔහු කළ පර්යේෂණයක සීබ්‍රා ෆින්ච් (Zebra Finch) යන පක්ෂියාගේ හැසිරීම නිරීක්ෂණය කර තිබූ අතර එහිදී තරුණ සීබ්‍රා ෆින්ච් පළමුව ඔවුන්ගේ විශේෂයේ අසල්වැසි පිරිමි පක්ෂියන්ගේ ගීතවලට සවන්දෙනු ලබන අතර අනතුරුව ඔහු එම ගයන ශබ්ධ පුහුණු වීමට පටන් ගනී.  ඉන් පසුව තරුණ සීබ්‍රා ෆින්ච් තම සහකාරිය ආකර්ෂණය කරගැනීම සඳහා තම ගයන ශබ්ධය උපයෝගිකර ගනී.  එබචින් එම ආකර්ශනය මත ඔවුන්ගේ ප්‍රජනනය කිරීමේ අවශ්‍යතාවය වැඩි කරයි.  

සීබ්‍රා ෆින්ච් නම් පක්ෂියා

එසේම උභය ජීවින් සැලකූ විට සිය ලිංගික සකාරිය තමන් වෙත ගෙන්වා ගැනීමට පිරිමි සත්ත්වයයා විවිධ ශබ්ධ උපයෝගී කර ගනියි.  සමහර උරග විශේෂද සිය ගොදුර ගෙන්වා ගැනීමට ද විවිධ ශබ්ද රටා උපයෝගී කරගනී.

නිදසුන්:
"රැට්ල්" (Rattle)නම් සර්පයා සිය දේහයේ වලිගය කෙළවර වූ රැට්ල් නම් කොටස චලනය කරන අතර එහිදී නිකුත් කරන ශබ්දය ඇසීමෙන් එය වෙත පැමිණෙන කුඩා සත්වයින් ගොදුරු කරගනී.  

ඊට අමතරව පිරිමි කිඹුලන්ද ශබ්දය නිකුත් කරමින් තම සංසර්ග  කටයුතු සඳහා ස්ත්‍රී සතුන් ගෙන්වා ගනී.

එසේම උතුරු ජර්මනියේ රුක් ගැහැණු සතුන් කැඳවීමට මීටර් භාගයක් පමණ ඈතින් සිට විශාල හඬක් නිමුත් කරමින් තම සන්නිවේදනය සිදු කරයි. කෘමීන් සැලකු කළ ඔවුන් තමන්ට අවශ්‍ය තොරතුරු තම වංශයේ අනෙක් සතුන්ට නිකුත් කිරීමට විවිධ ක්‍රම වලින් නිපදවන ශබ්ද උපකාරි කර ගනි.

 

"රැට්ල්” නම්සර්පයා 
නිදසුන්:
තණකොළ පෙත්තන් තමන්ගේ පසු ගාත්‍රා පියාපත් වල ඇතිල්ලීමෙන් ශබ්ධය නිකුත් කරන අතර තමන්ට අවශ්‍ය විවිධ තොරතුරු නිකුත් කිරීම සඳහා මොවුන් එකිනෙකට වෙනස් ශබ්ධ නිකුත් කරයි.  තමන් හා සංසර්ගයට අන් සතුන් කැඳවීමට මෙන්ම තමන් සංසර්ගයේ සිටින බව අන්‍යයන්හට දැන්වීම සඳහාත් මොවුන් ශබ්ද නිකුත් කරයි.  

එසේම සමහර කෘදන්තයින් නැතහොත් මීයන් අධි ධ්වනි තරංග නිකුත් කරමින් තමන් තනිවී සිටින බවත් කුසගිනි ඇති විටෙක අන් අයට ඒ බව දන්වීමටත් තොරතුරු එකිනෙකා අතර සන්නිවේදනය සිදු කර ගනියි.  
මිට අමතරව වානරයින්, බැබුන්, වඳුරන් හා චිම්පන්සියන් යම් උවදුරක් ඇත්නම් ඒ බව තම සගයන්ට දැනුම් දීමට අනතුරු සංඥා දන්වයි. 

නිදසුන්:
විලෝපිකයෙක් ළඟ සිටින විට වඳුරන් අනතුරු ඇඟවීමක් කරයි. අනතුරු ඇඟවීමේ ඇමතුම මගින් හමුදාවේ සෙසු සාමාජිකයින්ට පැන යාමට අවස්ථාවක් ලබා දේ. විලෝපිකයා මත පදනම්ව  "වර්වෙට්”  (Vervet) නම් වඳුරන්ට විවිධ ඇමතුම් ඇත.

ශබ්ධ තරංග ඉතා වේගයෙන් ගමන් කරන මාධ්‍යක් ලෙස ජලය හැඳින්විය හැකිය.  එහිදී මුහුදු ක්ෂීරපායින්ද ජලීය මාධ්‍ය ඔස්සේ තම ශබ්ධ තරංග උපයෝගී කරගනිමින් එකිනෙකා අතර තොරතුරු සන්නිවේදනය ඉතා හොදින් හුවමාරු කර ගනී.
නිදසුන් :
1965 ටී.ජී ලැම් සහ එච්.ඒ.පී. ස්මිත් යන අය "ඩොල්ෆින් ගෝල්ඩ් ෆිෂ් ඇතුළු මත්ස්‍යයින්ගේ චර්යාව” පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර මුහුදේ ජිවත්වන ඩොල්ෆින්ගේ ශබ්ධ තරංග වේග සංඛ්‍යාතය චක්‍ර 3000 - 20000 ක පමණ තරංග සංඛ්‍යාතයක් යොදා ගනිමින් සන්නිවේදනයේ නිරත වේ. එනම් තම වයස, ලිංගික තත්වය යන ආදිය මෙසේ සන්නිවේදනය කරයි. 

එසේම තල්මසුන් සිය ප්‍රජනන සහකාරිය තමන් වෙත කැඳවා ගැනීමට අති ධ්වනි තරංග නිකුත් කරයි. මෙසේ ශබ්ධය උපයෝගී කරගනිමින් තම සන්නිවේදන කාර්යයන් ඉටු කර  ගන්නා විවිධ සත්ත්වයින් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගනියි.

සැබවින්ම මෙම සත්ත්වයින්ගේ සන්නිවේදන ශබ්ධයන් විවිධාකාර ස්වරූපයන් ගනී.  සත්වයින්ගේ සන්නිවේදන ක්‍රම පිළිබඳව සත්ත්ව විද්‍යාඥයින්  විවිධ පර්යේෂනයන් සිදු කර ඇති අතර ශබ්ධ තරංග මඟින් කර ඇති සන්නිවේදනයක් පිලිබඳ එම සත්ත්ව විද්‍යාඥයින්  නිරීක්ෂණය සිදු කර ඇත.  

වසර කිහිපයකට පෙර National Geographic  විද්‍යාත්මක සඟරාවේ පළවූ ලිපියක අලින්ගේ සන්නිවේදනයන් (Communication)  ගැන ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණයක තොරතුරු අනාවරණය කොට තිබුණි.  ඔවුන් දකුණු අප්‍රිකාවේ කෲගර් ජාතික උද්‍යානයේ :වපසරිය වර්ග කිලෝමීටර් 19485) ජාතික උද්‍යානයේ අලින්ගේ අතිධ්වනීය (Ultrasonic)  ස්වර තරංග පටිගත කරන ලදී.  තණ පිට්ටනියේ තැබූ පටිගත කරන උපකරණය (Recorder) දුරස්ථපාලකයක් මගින් ක්‍රියා කරවමින්,  සවස් වරුවේ තණ බිමට අවතීර්ණ වූ අලින්ගේ තරංග පටිගත කළහා.   විද්‍යාඥයින් පිරිස සිටියේ ඈතින් අඩි 50ක් උසැති යකඩ අට්ටාලයකය.  ඉක්බිතිව කෲගර් උද්‍යානයේ වෙනත් ප්‍රදේශයකට ගොස් එම ස්වර තරංග මුදා හරින ලදී.  මෙහි දී විද්‍යාඥ පිරිස නිරීක්ෂණය කළේ වන ලැහැබ තුළින් පිටතට පැමිණි අලි රංචුවක් හොඬවැල ඉහළ ඔසවමින් තම  සගයින් කොහෙ සිටින්නේද යන්න විපරම් කොට අසාර්ථක වූ බැවින් පිට්ටනියෙන් නික්ම ගිය බවයි”

දෘෂ්ටි සන්නිවේදනය 

දෘෂ්ටි සන්නිවේදනය ගත් කළ එය කෙටි දුරකට පමණක් සිමා වන ක්‍රමයකි.  දෘශ්‍ය සන්නිවේදනයට අභිනයන්, මුහුණේ ඉරියව් සහ ශරීර ඉරියව් ඇතුළත් විය හැකිය.   එයට හේතුව වන්නේ බොහෝ ස්වාභාවික බාධක පරයා ගමන් කළ නොහැකි නිසයි. පෘෂ්ඨවංශීකයන් (දැල්ලන්, බුවල්ලන්) අතර මෙම සන්නිවේදනය බෙහෙවින් සිදුවේ.  මේ සඳහා හොඳින් වර්ධනය වු ඇස් සන්නිවේදනය ලබා ගන්නා අයට තිබිය යුතුයි.
සමහර සතුන් විවිධ වර්ණ රටා වලින් සන්නිවේදනය කරයි.  මත්ස්‍යයන්, උරඟ හා උභය ජීවින් මේ අතර දැකිය හැක.  ඒවා තර්ජනාත්මක වර්ණ රටා ලෙසඳ හදුන්වයි.  
නිදසුන්:
තිලාපියා නම් මත්ස්‍යය විශේෂය වර්ණ භාවිතයෙන් සන්නිවේදනයේ යෙදේ.
ඕස්ටේ්‍රලියාවේ එමූ සහ කැසවරි නම් වඳුරන්  වර්ණ භාවිතයෙන් සන්නිවේදනයේ යෙදේ.
කටුස්සා වර්ණය වෙනස් කරමින් විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීමට සන්නිවේදනයේ යෙදෙයි.

 එමඟින් තමන්ගේ ඇති විස සහිත භාවය අනෙකුත් සතුන්ට දැන්විම සිදු කරයි. එහිදි ගොදුර හා විලෝපිත සතුන් අතර සිදුවන්නේ දෘෂ්ටිය මුල් කරගත් සන්නිවේදනයයි.  එසේම විෂ රහිත අහිංසක ආකාර ද විෂ සහිත සතුන්ගේ වර්ණ රටා ගෙන තමන් ගොදුරු කර ගැනීමට පැමිණෙන විලෝපිතයන්ගෙන් ගැලවීමට දෘෂ්ටි සංඥා ක්‍රමය යොදා ගනී. මෙමඟින් ශක්තිය වැය නොකර සිය හැඟිම් හුවමාරු කර ගනියි. මෙයට උදාහරණ ලෙස සතෙක් රෞද්‍ර වීම අනුව ඔහුගේ මුහුණෙන් පිළිඹිඹු වන විලාසය දැකිමෙන් අන් සතුන් බියට පත්වේ. එලෙසම සතෙක් ප්‍රිය මනාපව සිටින විට ද මුහුණෙන් අත් පා චලනය කරන ආකාරය ද අන්‍යයන්ට හැඟේ.


නිදසුන්: 
චිම්පන්සීන් තම දෑත් ඔසවා, බිම හෙළීමෙන් හෝ වෙනත් චිම්පන්සියක් දෙස කෙලින්ම බැලීමෙන් තර්ජනයක් සන්නිවේදනය කරයි. පහත රූපයේ දැක්වෙන තරුණ චිම්පන්සිගේ මුහුණේ ඇති 
“සිනහව”  සැබවින්ම බිය හා යටත්කම සන්නිවේදනය කරයි.
එසේම සමහර සත්ත්වයින් මෙන්ම මත්ස්යින්ද අඳුරු ස්ථානයන්හිදී ආලෝකය භාවිතා කරමින් සන්නිවේදනයේ යෙදෙති.  දෘෂ්ටි සංඥා මාර්ගයෙන් තොරතුරු සම්ප්‍රේශනයේ දී යම් යම් බාධක ඇතිවේ.  එනම් ඒවාට යම්කිසි බාධකයක් පරයා යාමට නොහැකි විමයි. උදාහරණ ලෙස, සත්වයකු බිත්තියකට හෝ මහා පර්වතයකට මුවා වී සිය හැඟිම් එම බාධකයකට ඉදිරියෙන් සිටින සතෙකුට දැන්වීම දෘෂ්ටිය ආධාරයෙන් කළ නොහැකි වීමයි. ආලෝකය නොවැටෙන අන්ධකාර ස්ථාන වලත් මෙම තත්වයම ඇති වේ.

නිදසුන්: 
කනා මැදිරියා, රෑ බදුල්ලා  

 රසායනික සන්නිවේදනය (ෆෙරමෝන්)

බොහෝ සතුන් සන්නිවේදනය කරන තවත් ක්‍රමයක් වන්නේ ෆෙරමෝන් මඟිනි. ෆෙරමෝන් යනු රසායනික ද්‍රව්‍යයන් වන අතර විශේෂ ග්‍රන්ථි මගින් ඒවා ස්‍රාවය කරනු ලබයි.  එමඟින්අ නෙකුත් ජීවීන්ගේ ප්‍රතිචාර අවුලුවන අතර සාමාන්‍යයෙන් එකම  විශේෂයේ සාමාජිකයන් අතර එම සන්නිවේදනය සිදු වේ.  එම ජීවීන් ෆෙරමෝන් සුවඳ හෝ වෙනත් ආකාරයකින් ඔවුනොවුන්ව හඳුනා ගනී.  නිදසුනක් ලෙස ජිප්සී නම් සළබයා ෆෙරමෝන නම් ද්‍රව්‍යයක් සිය සහකරුවා වෙත පිට කරයි. එම ගන්ධය දැනුනු වහාම වෙරමොන නිකුත් කළ ස්ත්‍රී සත්ත්වයා කරා පිරිමි සත්ත්වයා පැමිණේ. එසේම කුහුඹුවන් විසින් විවිධ ෆෙරමොන ස්‍රාවයන් නිකුත් කරන අතර අනෙකුත් කුහුඹුවන් විසින් එම නිකුත් කරන ස්‍රාවයන් හඳුනා ගනී.  විශේෂයෙන්ම ෆෙරමෝන මඟින් කුහුඹුවන්ට ඔවුන්ගේ සංකීරණ, සංවිධානාත්මක සමාජයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ පවත්වා ගැනීමට කෙසේද යන්න පැහැදිලි කරයි.  විවිධ කුහුඹුවන්ගේ ෆෙරමෝනවලට විවිධ අරමුණු ඇත.  සමහරු සහකරුවන් ආකර්ෂණය කර ගනිති, තවත් සමහරු කුහුඹු ජනපදයේ සියලුම කුහුඹුවන් එකට ඒකරාශී වීමට අවශ්‍ය සංඥා  එමඟින් භාවිතා කරයි, තවත් සමහරු අනතුරු ඇඟවීමට යොදා ගනියි.
නිදසුන:
මකුළුවෙකුගේ සිට තණකොළ කපන යන්ත්‍රයක් දක්වා වූ ඕනෑම අනතුරක් කුහුඹුවන්ගේ ජනපදයකට තර්ජනය කරන විට, තර්ජනය හඳුනාගත් පළමු කුහුඹුවා අනතුරු ඇඟවීමේ ෆෙරමෝන් ස්‍රාවය කරයි.  විවිධ ෆෙරමෝන් කිහිපයක් ස්‍රාවය කරනු ලබන්නේ ජනපදයේ රැජින විසිනි. මෙයින් එකක් තරුණ ගැහැණු කුහුඹුවන් සාරවත් වීම වළක්වයි. රැජින මිය ගොස් මෙම ෆෙරමෝන් නිපදවීම නැවැත්වූ විට තරුණ ගැහැණු සතුන් සාරවත් විය හැකිය, වෙනත් කුහුඹුවන්ගේ ෆෙරමෝන් මාර්ග සලකුණු කිරීමට භාවිතා කරයි. කුහුඹුවෙකු ආහාර ප්‍රභවයක් සොයාගත් විට, එය නැවත කැදැල්ලට යන ගමනේදී සලකුණු කරන්නේ බිමෙහි ෆෙරමෝන් ස්‍රාවය කිරීමෙනි. අනෙක් කුහුඹුවන් ආහාර ප්‍රභවයට ෆෙරමෝන් මාර්ගය අනුගමනය කරයි. 
එසේම ජපන් කුරුමිණියා කෘමී පලිබෝධකයන් කොටු කර ගැනීමට කෘමී ෆෙරමෝන භාවිතා කරයි.
නිදසුන් :  
ජපන් කුරුමිණියන් සහකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ස්‍රාවය කරන ෆෙරමෝන් උගුල් මත තබා ඇත. ජපන් කුරුමිණියන් ෆෙරමෝන් මගින් ආකර්ෂණය වී උගුල් වෙත පියාසර කරයි.  උගුල් ඉදිකර ඇති ආකාරය නිසා ඔවුන්ට නැවත පිටතට යාමට නොහැක.

ෆෙරමෝන මඟින් සන්නිවේදනය කිරීමේදී මී මැස්සන්ද විශේෂිත වේ.  කුහුඹුවන් මෙන් මී මැස්සන් විවිධ අරමුණු සඳහා ෆෙරමෝන භාවිතා කරයි.  

නිදසුන් : 
මී පැණි ආහාර ප්‍රභවයන් සහ මී වදයන් සලකුණු කිරීම් සඳහා ෆෙරමෝන නිකුත් කරයි.  එසේම මෙම  ෆෙරමොන  මගින් මී මැස්සන් වඩාත් කාර්යබහුල අවධියක සමූහයක් බවට පත් කරයි.  මී මැසි රැජින තම යටත්විජිතයේ අනෙකුත් කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියට බාධා කරන ෆෙරමෝන නිපදවයි. මී මැසි ජනපදයේ සිටින එකම සාරවත් කාන්තාව ගැහැණු රැජින  බව මින්  සහ සහතික කරයි.  

 

රසායනික සන්නිවේදනය කෘමි ආකාර වල මෙන්ම  සහ ක්ෂීරපායී ආකාර වල ප්‍රචලිතව දක්නට ලැබේ. එසේම රසායනික සන්නිවේදනයේ යෙදුන වන අලියන් පිළිබඳව මෙසේ සටහනක් තැබීමට හැකිය. වන අලින්ගේ සන්නිවේදනය විස්තර කරන වෛද්‍ය නන්දන අතපත්තු (හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වන ජීවී දෙපාර්තමේන්තුව) "අලි ඇතුන්ගේ සැඟවුණු ලෝකය” කෘතියේ මෙසේ සඳහන් කරයි.  බොහොවිත්ළ හොඬවැල ඉහළට ඔසවා ඒ මේ ඇත යොමු කරමින් වාතය පරික්ෂා කරන්නේ දුර බැහැර සිට ගෙන එන රසායනික පණිවුඩ ග්‍රහණය කර ගැනීමටය.  අතින්නියකගේ මුත්‍රා හෝ බාහිර ලිංගෙන්ද්‍රයන් ඉව කර බැලීමෙන් ඇය සරුමද තත්ත්වයකට පත්ව සිටිනවද නැත්ද යන රසායනික පණිවුඩය ලබා ගැනීමට පිරිමි අලින්ට හැකියාව ඇත.” 

මුත්‍රා හෝ සත්ව මළ පහ සතුන් විසින් බහිස්‍රාවී අපද්‍රව්‍යක් ලෙස පරිසරයට එකතු වේ. මෙම බහිස්‍රාවී අපද්‍රව්‍ය ආවේණික ගන්ධයකින් යුක්ත වේ. තම වසම් සිමා දැක්විමේදී සතුන් තම අපද්‍රව්‍ය එහි සීමා වලදි නිකුත් කෙරේ. එහි ගන්ධය ආඝ්‍රහනය කළ පසු තම විශේෂයෙන් වෙනත් සතෙකුගේ නිවහනක් ලෙස සලකා ඉන් ඉවත් වේ. 

නිදසුන් :
බළල් පවුලේ සතුන් ම්‍රත්‍රා උපයෝගී කරගෙන රසායනික සන්නිවේදනය කරයි.

රසායනික සන්නිවේදන ක්‍රමයේ යම් යම් අවාසි තත්වයන් ඇත. මුල්ම අවාසිය නම් එමඟින් නිකුත්වන තොරතුරු ක්ෂණිකව වෙනස් කළ නොහැකි වීමයි. දෙවැන්න එම රසායනික ද්‍රව්‍ය අවට පරිසරයේ නොනැසි පැවතිය යුතුවීමයි. එලෙස නොනැසි පැවතීමට නම් එහි අණුක භාරය වැඩි විය යුතුය. අණුක භාරය වැඩි දුව්‍යක් ස්‍රාවය කිරිමට නම් එම සත්වයා අධික ශක්තියක් වැය කළ යුතුයි. එය ද අවාසියක් වේ.  රසායනික ද්‍රව්‍ය වේගයෙන් වාතයේ වාෂ්පශීලීව ගමන් කළ යුතුයි. එය බොහෝ කාලයක් එලෙසම පැවතුනහොත් එම ගන්ධය ඔස්සේ සතුරන් පවා පැමිණිය හැකිය.

නිදසුන් : 
කුහුඹුවන් විශේෂයක් සිය නිවහන සලකුණු කර ගැනීම පිණිස නිකුත් කරන රසායනික ද්‍රව්‍ය ඔස්සේ ඔවුන්ගේ විලෝපිකයෙක් වන සර්පයින් පැමිණිම

චර්යා සන්නිවේදනය

සන්නිවේදනය නොමතිව සමාජයේ ජිවත් වීම කළ නොහැක්කකි.  සන්නිවේදනය සඳහා බොහෝ  විශේෂයන් භාවිතා කරන අතර එහිදී සමාජ චර්යාව නැතිනම් හැසිරීම වැදගත් වේ.  මෙයප්‍රදර්ශන හැසිරීම ලෙසද හැඳින් වේ.  එනම් නිශ්චිත තොරතුරු සන්නිවේදනයට භාවිතා කරනු ලබන චාරිත්රනුකුල හැසිරීමක් ලෙස ගත හැකිය.  සමාජ හැසිරීම මත සන්නිවේදනය කිරීම මානව සමාජයට මෙන්ම සත්ත්ව සමාජයටද එක ලෙස බලපානු ඇත.  එනම් එහිදී සත්ත්ව චර්යාව ඔවුන්ගේ ප්‍රධාන සන්නිවේදන ආකාරයකි.  මෙහිදී අවයව භාවිතයෙන් එම සත්ත්වයින් තම සන්නිවේදන අවශ්‍යතාවයන් ඉටු කර ගනියි.  

නිදසුන් :
මී මැස්සන් තම ප්‍රධාන ආහාරය වූ මී පැණි සොයා ගැනීම  සඳහා නැටුම් නටමින්  තම යටත් විජිතයේ අනෙක් සාමාජිකයින් සමග සන්නිවේදන කාර්යයේ යෙදෙති.  

එසේම පිරිමි මොනරා ඔහු සතු වූ විශාල පිල් කළඹ විහිදමින් නර්තනයේ යෙදෙති.  විශේෂයෙන් මෙම සංදර්ශනයේ ඔහු යෙදෙන්නේ ගැහැණු මොනරා තම සංසර්ග කටයුත්ත සඳහා ආකර්ෂණය කර ගැනීම සඳහාය.  විශේෂයෙන්ම බොහෝ කුරුල්ලන් තම සහකරුවන් ආකර්ෂණය සඳහා නැටුම් පාමින් තම චර්යා හැසිරීම් මඟින් සන්නිවේදනයේ යෙදෙති.  එසේම සංසර්ගයේ මෙන්ම ආක්‍රමණයේදී තම ආරක්ෂාව සඳහා තම විවිධ චර්යා මඟින් සන්නිවේදන අවශ්‍යතා ඉටු කර ගනියි. 
හිවලුන් හෙවත් නරි වෙසෙන්නේ රංචු වශයෙනි.  රංචුවක සංඛ්‍යාව 12 ඉක්මවා ඇත.  උන් ආක්‍රමණයත් සමග යටත් වීම සන්නිවේදනය කරනේ කන් වෙති දෙක පහළට නමින් දෙඇස් මඳක් විවර කිරීමෙනි.  සතුරා වෙත තම ආවේගය සන්නිවේදනය කරනු ලබන්නේ වලිගය ඉහළට ඔසවමින් දත් විලිස්සා ගෙරවීමෙනි. 

"බූන්දල ජාතික  උද්‍යානය  (වපසරිය 6216 හෙක්ටයාර්) විවිධ පක්ෂයෙන් නිරීක්ෂණය කිරීමට කදිම ජාතික උද්‍යානයකි. පක්ෂීන්ගේ සන්නිවේදන කිහිපයක් සඳහන් කිරීමේදී මෙම උද්‍යානයේ දී මුහුදු කපුටන් එකිනෙකා අරගල කරගන්නා ආකාරය නිරීක්ෂණය කළ අතර එක්  පක්ෂියෙක් තම පියාපත් යුගලය උත්සහ අනිකා අනිකා ඉදිරියට ගොස් ආවේගය විදහා දක්වයි.  එවිට අනිත් පක්ෂියා බිම වැටී තිබෙන තණ පැළෑටි හොටයෙන් අල්ලා උකගුලයි, ගලවයි. ඒ යටත් වීමක් සන්නිවේදනය කිරීමටය.  පක්ෂීන්ගේ අරගලයේ දී හදිසියේම එක් පක්ෂියෙකු තම බෙල්ල කරකවා හොටය පියාපත් අස්සේ ගසාගෙන නිදා ගන්නා ආකාරයක් පෙන්වයි.  එයද යටත්වීමට දක්වන සන්නිවේදනකි.
මීට අමතරව සත්ත්වයින් සඳහා ඔවුන්ටම ආවේණික වූ චර්යාත්මක  සන්නිවේදන ක්‍රමයන් පවතී.  සංවාසයට ආරාධනා කීරීමල තම වැයික්කිය ආරක්ෂා කර ගැනීමල ශෝකය වේදනාව ප්‍රකාශ කිරීමල බිය ප්‍රකාශ කිරීමල ආචාර කිරීමල යටත් වීමල සුහදත්වය ප්‍රකාශ කිරීම වැනි හේතූන් මත මොවුන් තම සන්නිවේදන ක්‍රමයන් භාවිතා කරයි.  

විද්‍යුත් සන්නිවේදනය 

විද්‍යුත් සන්නිවේදනය කරනුයේ සත්ත්ව ලෝකයේ සතුන් කිහිපදෙනෙකි.  එම සතුන් විසින් සිය දේහය වට විද්යුත් ක්ෂේත්‍රයක් ඇතිකර ගන්න අතර එමඟින් ගොදුරු හා ගැනීම ප්‍රමුඛව සිදු කරන අතර තමන්ද ආරක්ෂාව සපයා ගනියි.  
නිදසුන් :
විදුලි ආඳන් විදුලි මත්ස්‍යයින් හා විදුලි මඩුවන්

සමහර විදුලි ආඳන් තමන් විසින් නිතුත් කරනු ලබන විද්‍යුත් තරංග ආධාරයෙන් තමන්ගේ ලිංගිකත්වය, තමන් ප්‍රජනනය සඳහා ඇති කැමැත්ත සිය සහකරුරැසහකාරිය වෙත දැන්වීම සිදු කරනු ලබයි.  

තාප සන්නිවේදනය

සත්ත්ව ලෝකයේ තාප සන්නිවේදනය සිදු කරනු ලබන්නේ කුරුමිණී විශේෂයක් පමණි.  එමඟින් ඔවුන් තම  ආරක්ෂාව සපයා ගනිති.  තමන් සතුරෙකුගේ ගොදුරක් බවට පත්වේ යැයි හැඟුන විගස තම සතුරාගේ ශරීරය වෙතට අධික තාපයෙන් යුක්ත වූ ද්‍රව්‍යක් පිට කර ඔවුන් ගැලවීමට උත්සහා දරයි.  

ලෝකයේ   ජීවි ප්‍රජාව සත්ත්ව හා ශාක ලෙස බෙදා වෙන් කළ හැක.  සත්ත්වප්‍රජාව අතර විවිධාකාර  සන්නිවේදන මාධ්‍යයන් පවති.  ජීවිලෝකයේ උසස්ම   සත්වයා වන මිනිසා අතර සන්නිවේදන මාධ්‍යයන් රාශියක් ඇති බව අප සැම දන්නා කරුණකි. නමුත් සතුන් අතර පවතින සන්නිවේදන ජාලා විවිධාකාර වේ.  මෙමඟින් නිගමනය කල හැකි වන්නේ මිනිසා මෙන්ම අනෙකුත් ජීවින් අතරද විවිධ සන්නිවේදන මාධ්‍යයන් පවතින අතර එම සන්නිවේදන මාධ්‍යයන් සත්ත්වයාගෙන් සත්ත්වයාට වෙනස් වන බවයි. විශේෂයෙන් තම සන්නිවේදන ක්‍රියාවලියේ යෙදෙනුයේ තම අවශ්‍යතවයන් සපුරා ගැනීම ප්‍රධාන අරමුණ කර ගනිමින් බවයි.




සඳු පූර්ණිමා...

(ඡායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂාව.


ලෝක ආහාර වැඩ සටහන මගින් 2007 අප්‍රේල්  15 - 30 දක්වා කාලය තුළ ද්විත්‍රීය දත්ත භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිත භාවය පිළිබඳ තක්සේරු කිරීමක්  සිදු කර තිබේ. මෙම අධ්‍යයනය සඳහා සහභාගී වූ පර්යේෂණ කණ්ඩායම ආහාර හා කෘෂිකර්ම සංවිධානය එක්සත් ජාතීනගේ සංවර්ධන වැඩසටහන, ලෝක ආහාර වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය  සමීපව කටයුතු කර ඇත. මෙහිදී ආහාර සුලභතාව්‍ය ආහාර උපයෝජ්‍යතාවය සහ ආහාර පරිහරණය පිළිබඳව අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආහාර සුලභතාව ප්‍රධාන වශයෙන් වී නිශ්පාදන සහ අලවිය මත තීරණය වී ඇති අතර 2005 - 2006 කාල සීමාව තුළ දී එහි සැළකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබේ. එසේ වුව ද දිවයිනෙහි ශුද්ධ සහල් සැපයුම ගෘහ ඒකක ඉල්ලුම සපුරා ලීමට එය ප්‍රමාණවත් නොවේ. දෙවනුව පරිභෝග කරණ අල වර්ග වැනි ද්විතීක ආහාර වර්ග නිශ්පාදනය පහළ ගොස් ඇති අතර අතිරේක ආහාර සපයා ගනු ලබන්නේ තිරිඟු පිටි ආනයන මගින්ය. 

සහලින් ස්වං පෝෂිතතාවය පිළිබඳ දිස්ත්‍රීක්ක අතර අසමානතාවයක් පවතී. අතිරික්ත වී නිශ්පාදනය ඇති ප්‍රධාන දිස්ත්‍රීක්ක කිහිපයක්  පමණක් ඇත. එයින් උතුරු මැද පළාතේ ප්‍රදේශ කිහිපයක අර්බුද කාරී තත්ව එහි නිශ්පාදිතය හා බලපා තිබේ. එහි ප්‍රථිඵලයක් වශයෙන් අතිරික්ත නිශ්පාදන හුවමාරු වීම සීමා වී තිබේ. ලිබරල් වාදී වෙළදපල ක්‍රමයක් තුළ වී සහ සහල් අලවිය වඩාත් තරග කාරීවිය යුතු නමුත් වෙළදපල සඳහා ප්‍රවේශවීමට ඉඩ ප්‍රස්ථා සීමා වී ඇත. එහෙයින් අතිරේක ඉල්ලුම සඳහා ප්‍රමාණවත් ප්‍රතිචාර නොලැබේ. මාතර, හම්බන්තොට, පුත්තලම, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රීක්කවල ග්‍රාමීය ප්‍රදේශවල ඇති දුරස්ථ භව වෙළදපල සඳහා ප්‍රවේශ වීමට ඇති දුර්වල ඉඩ ප්‍රස්ථා නිශ්පාදන හිඟය ආහාර සුලභතාව සහ සැපයුම සම්බන්ධ සාකච්ඡා වන මාතෘකාවක් වී තිබේ. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දුර්වල මාර්ග පද්ධතිය ආහාර සැපයුම සම්බන්ධයෙන් ප්‍රධාන සීමාවක් වී තිබේ.

ආහාර මිල ඉහල යාම සියලුම දිස්ත්‍රීක්කවල සිටින දිළිඳු ජනයාට ආහාර ලබා ගැනීම සඳහා ප්‍රවේශවීමේ ඇති අවස්ථා සීමා කරයි. ඉහල මිල ගණන් වාර්තාවන ප්‍රධාන දිස්ත්‍රීක්කවනුයේ යාපනය, මඩකළපුව, බදුල්ල, මොණරාගල, කළුතර, අම්පාර සහ මහනුවර වේ. දරිද්‍රතා සීමාවෙන් පහළ සහ එම සීමාවේ ජීවත්වන ජනතාව සඳහා ආහාර මිල ඉහල යාම තදින්ම බලපානු ලබයි. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව  සම්බන්ධව බලපානු ලබන ඊළග වැදගත් දෙය වන්නේ ශ්‍රමිකයන්ගේ මූලික වැටුප් ඉතා ඉහළ ප්‍රතිශතයක් පහළ ගොස් ඇති අතර එය 1978 පැවැති මට්ටමට  වඩා 40% කින් අඩු වී ඇත. මෙහි බලපෑම උතුර - නැගෙනහිර පළාත්වලදී ඉහළ අගයක් ගනී. තවද වතු ආශ්‍රිත ශ්‍රමිකයන් දිළිදුබව ඉහළ මට්ටමට පවතී. බදුල්ල හම්බන්තොට තිව්‍රතාවය 7% හෝ ඊට වඩා වැඩි මට්ටමට පවති. උතුරු නැගෙනහිර ගැටළු පවතින ප්‍රදේශවල දිළිදුබවේ තීව්‍රතාවය ඉහත සඳහන් දිස්ත්‍රීක්කවල මට්ටමට වඩා ඉහලය. දුර්වල මාර්ග පද්ධති නිසා යටිතල පහසුකම් නොමැතිවීම නිසා වෙළදපලට ළගා වීම සඳහා ඇති භෞතික අපහසුකම් ජනජීවිතයේ ක්‍රියාකාරකම් පහසුවෙන් පවත්වාගෙන යාම සඳහා සීමා පනවා තිබේ.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය උපතේදී ළමා මරණ අනුපාතය සහ මානව අනුපාතය පහළ මට්ටමක පැවතිය ද මන්ද පෝෂණය පිළිබඳ දර්ශක ඉහළ මට්ටමක පවතී. එය දිස්ත්‍රීක්කයෙන් දිස්ත්‍රීක්කයට වෙනස්වන අතර  ගැටුම් පවතින උතුර නැගෙනහිර සහ වතු ජනාවාසවල ඉහල අගයක් ගනී. බීමට සහ පරිහරණයට සුදුසු ජලය ලබා ගැනීමේ අපහසුව විශේෂයෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කවලදී වාර්තා වේ. පැල්පත් නිවාස ප්‍රතිශතය දිස්ත්‍රීක්කයෙන් දිස්ත්‍රීක්කයට වෙනස් වේ. බස්නාහිර පළාතේ දිස්ත්‍රීක්කවලදී ගෘහ ඒකකවලින් 95% සඳහා වැසිකිළි පහසුකම් ඇති නමුත් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කවලදී එය 30% කි.




සඳු පූර්ණිමා..

(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )


Monday, September 26, 2022

කෘෂිකාර්මාන්තය හා බැදුණු ඇදහිලි විශ්වාස



අතීතයේ ජීවත්වූ මෙරට ගැමියාගේ ප්‍රධාන  ජීවනෝපාය මාර්ගය බවට පත් වූයේ කෘෂිකර්මාන්තයයි. කෘෂිකාර්මික කටයුතු කිරීම සඳහා අවශ්‍ය වූ දැනුම මෙරට ජනතාවට අවබෝධ වනු ලැබුවේ ආර්යන් මෙරට පැමිනීමත් සමඟය.  මෙරට ජනාවාසකරණයේ ඉතිහාසය විමසා බලද්දි අපට තහවුරු වන්නේ මෙරට සිටි ජනතාව හා ඉන්දියාවෙන් පැමිණි ආර්යන්ගේ සංකලනයෙන් මෙරට ජනාවාසකරණය හා ජනයා නිර්මාණය වීමත් සමඟ ඒ හා බැදුණු ප්‍රධාන  ආර්ථික සාධකය බවට බවට කෘෂිකාර්මාන්තය පත්වූ බවද ඒ හා බැදුණු ඇදහිලි විශ්වාස මොනවාද යන්න සාකාච්ඡා කිරීම මෙහිදී අපේක්ෂා කරනු ලැබේ.

ප්‍රථමයෙන්ම අපට විද්‍යාමාන වනු ලබන සාක්ෂි මගින් අපට තහවුරු වනු ලබන්නේ හෙළ සංස්කෘතිය නිර්මාණය වනු ලබන්නේද දේශිය කෘෂිකර්මාන්තය මගිනි. අතීතයේ මෙරට ජීවත්වූ ගොවියන් විසින් අතීත කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමේ අරමුණින් ඇසට නොපෙනෙනු ලබන බලවේගයන් හා පාරම්පරිකව උරුම වූ විශ්වාසයන්  මත පදනම් වෙමින් තම සිත් සතන් තුළ පැවති භක්තිය මත පදනම් වෙමින් කෙම් පහන් නොහොත් ඇදහිලි විශ්වාසයන් භාවිතා  කරනු ලැබීය. සරලව ප්‍රකාශ කරන කල්හි ඇදහිලි විශ්වාස ලෙස හදුන්වා දිය හැක්කේ යම් පුද්ගලයෙක් ස්වකීය ආගම සංස්කෘතිය හා දෙවියන් පිළිබඳව මනසෙහි සිතුවම් කරනු ලබන රූපයක් බඳුය.

එය විග්‍රහ කරන කල්හි ඇදහිලි විශ්වාසයන් ලෙස හදුන්වනු ලබන්නේ එම පුද්ගලයන් විසින් අදහනු ලබන ආගම තුළ අන්තර්ගතය හා පුද්ගලයාගේ උප්පත්තියෙන් ජීවත් වනු ලබන සංස්කෘතිය තුළ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ දේවත්වය පිළිබඳ ඇති වූ විශ්වාසයන්ගේ සංකලනයෙන් අපට ඇදහිලි විශ්වාස  කෘෂිකාර්මය හා බැදුණු ඇදහිලි විශ්වාස බොහෝමයක් අපට දිස්වන්නේ උතුරු මැද පළාත පදනම් කරනු ලැබු වැව් බැදී  රාජ්‍ය වනු ලබන් රජරට රාජධානිය  හා මුසුවූ කෘෂිකාර්මාන්තය තුළ බැදුණු ඇදහිලි ව්ශ්වාස අපට දක්නට ලැබේ. මිනිසාට කෘෂිකාර්මාන්තය හා බැදුණු ඇදහිලි විශ්වාස පිළිබඳව අවබෝධය ලැබෙන්නේ පාරම්පරිකව කුඩා කාළයේ සිට කෘෂිකාර්මාන්තය හා බැදුණු කියාකාරකම් තුළින් දරුවන් මේ හා බැදුණු ඇදහිලි විශ්වාස පිළිබඳව අවබෝධ කර ගනි.

කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට සිදු කරනු ලබන වතාවත් තුළින්ම ඇදහිලි විශ්වාසය හුවා දක්වනු ලැබේ. එනම් අතීතයේ ජීවත් ගැමියන් ප්‍රථමයෙන්ම නිශ්චිත කාලවකවානු වලදී ස්වාභාවික පරිසරය නිරීක්ෂණය කරමින් කාලගුණය හා බද්ධ වෙමින් වගා කිරීමට ප්‍රථම අදාළ කාල සීමාව තුළ කිසිදු ස්වාභාවික විපත් හා වෙනත් ආපදා වළින් තොරව කෘෂිකාර්මික කටයුතු කිරීමට අවශ්‍ය දේව ආශිර්වාදය ලබා ගනු ලබන්නේ අදාළ ප්‍රදේශය තුළ වන්දනාමාන කරනු ලබන දෙවි දේවතාවුන්ට යහන් පැළක් නිර්මාණය කරමින් අදාළ ක්‍රියාවළිය සාර්ථක කර ගැනීමට සඳහා එම ප්‍රදේශය භාර දෙවියන්ට භාර හාර වෙමින් කෘෂිකාර්මික කටයුතු කිරීමට අතීත ගැමියා පිවිසේ. එය ඔවුන්ට මානසික සුවයකි. මන්දයත් ඔවුන් සිතන්නේ භාර හාර සංකල්පය මත ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කරනු ලැබීය. තවද වගා කිරීමට ප්‍රථම අදාළ බිම සකස් කරන්නේද දේව ආශිර්වාදය ලබමින් කිළි නොහොත් මාංශ  ආහාරයෙන් වැලකී සේම අදාළ කාර්යන් සිදු කරනු ලබයි. බිම් එළිපෙහෙළි කිරීමේදී පුර පොහොය දිනවල් හා පොහෝ දින හතරේදී භූමිය සුද්ධ නොකරනු ලබන්නේ බෞද්ධ සංකල්පයන් ඇදහිලි විශ්වාස කෘෂිකාර්මාන්තය තුළ භාවිතා වූ හෙයිනි. එනම් භූමිය එළිපෙහෙළි කිරීමේදී ජීවින් විනාශ වේ යැයි පවු සිදුවේවැයි සිතුවිල්ලෙන් බැහැර වීමට අතීත ගැමියන් එසේ කටයුතු කරනු ලැබීය. එහිදී පොහොය දිනයන්ට පෙර දිනවළදී අදාළ බිම සුද්ධ පවිත්‍ර කරමින් ගිනිබත් කරන්නට අතීත ගැමියා පෙළඹුනේ එනිසාවෙනි. 

කෘෂිකාර්මික කටයුතු කිරීමට අවශ්‍ය භූමිය නිසියාකාරව නිර්මාණය කිරීමෙන් අනතුරුව එකළ ගැමියා අදාළ භූමිය තුළ බීජ රෝපණය කිරීමට සැරසෙනු ලබන්නේ ආහාර අනුභවයකින් තොරවය. එනම් කෘශි බෝග කෘමි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙනි. එහිදී කෑම අනුභව කිරීමෙන් පසු බීජ රෝපණය කළ පසු එම බීජ පැළවීමෙන් අනතුරුව ශාක කොඩවීම හා විවිධ රෝග වැළදෙන්නේ එසේ කිරීමෙන් බව  ඔවුන්ගේ විශ්වාසය විය. තවද මොවුන් විසින්  තමන්ගේ කෘශී භෝග කෘමි උවදුරට ලක් වූ පසු අතීතයේ සිටි ගොවි මහතුන් විසින් කොහොඹ කොළ වළ යුශ භාවිතා කරමි අදාළ රෝගය පවතිනු ලබන ශාක වළට ඉසිනු ලැබීම දක්නට ලැබුණී. එමගින් ඔවුන් විශ්වාස කරනු ලබන්නේ එම කෘමි උවදුරෙන් කෘශී භෝග ආරක්ෂා කර ගැනීමටය.

තවද එකළ සමාජය තුළ කුඹුරු කටයුතු සිදු කරන්නේද සිදු නොකරන්නේද විවිධ දින වලදීය. එහිදී අඟහරුවාදා, සිකුරාදා ,වැනිවු දින වල කුඹුරු කටයුතු වළිනෙකළ ගොවියන් ඉවත් වීම අපට අතීතයේදී දක්නට ලැබුණු කරුණක් විය. 

අතීත සමාජය තුළ අපගේ සංස්කෘතිය ගොඩනැගෙනු ලබන්නේ පුරුශාධ්පත්‍යට සමාජ රටාවක් දක්නට ලැබීය. අතීත කෘෂිකාර්මික සමාජ ක්‍රමයට එය කිදා බහිනු ලැබීය. එනම් කෘෂිකාර්මික කටයුතු වළට දායක වීමට දේශිය කාන්තාවට තහංචි සීම පැනවිණි. එනම් කෘෂිකාර්මාන්තය හා බැදුණු ඇදහිලි විශ්වාස පදනම් කරගෙනය.  එනම් හොදින් ඵල දරන එළවළු කොටුවකට, හා පළතුරු කොටුවකට හා පීදීගෙන එන ගොයමකට මුල්ම අස්වැන්න ලබන වගාවකට මාසික ශෘද්ධ්ය පවතුනු ලබන කාලයන් තුළදී ඉහත සඳහන් කරනු ලබන ස්ථාන වළට ගමන් කිරීම තහනම් විය. එයට මූලික හේතුව වූයේ කිළි නැමැති සංකල්පය විශ්වාසය ගොවිතැන හා බද්ධ වීම මගිනි. ඔවුන් මෙම සීමාව පැනවීම  මගිනි. ඔවුන් මෙමගින් අපේක්ෂා කරනු ලැබුවේ කෘශී භෝග වල ඵල ආරක්ෂා කර ගැනීමටය.

තවද අතීතයේ වී ගොවිතැන හා බද්ධ වීමේදී පැවති ඇදහිලි විශ්වාස අතර අතීතයේ ගොයම් කපනු ලැබුවේ යන්ත්‍රනුසාරයෙන් නොව මිනිසුන්ගේ ශ්‍රමයෙනි.  එහිදී අදාළ කුඹුරේ ලියැදි තුළ ගොයම් කැපීමට පෙර දෑකැත්ත අතට ගෙන එය එයට වන්දනාමාන  කරමින් ගොයම් කැපීමට සැරසෙන්නේද අදාළ කටයුත්ත සාර්ථකව කර ගැනීමේ අරමුණෙනි.  තවද අතීතයේ ගොවියන හා වැසියන් කුඹුරෙහි කාර්යන් තුළ නිරත වනු ලබන අවස්ථා වළදී කුඹුර අසළ පාරේ ගමන් කරනු ලැබු පිරිස් කුඩ ඉහළීමකින් තොරව ගමන් කරනු ලැබුවේ බතට ගරු කිරීමක් ලෙසය.එයද සිදු වන්නට මූලික හේතුව බවට පත් වූයේද කෘෂිකාර්මාන්තය පදනම් කර ගනු ලැබු පාරම්පරිකව උරුම වූ ඥානයෙන් මිනිසාට ස්වයං පෝශිත වීමයි.  එහිදී වර්තමානය දක්වා මානව ප්‍රාථමික සන්නිවේදනය මගින් නූතන සමාජය දක්වා ප්‍රවාහනය වූ සංස්කෘතික මෙවලමක් බ්වට මෙය පත් විය.

තවද අතීත ගැමියා විසින් වී ඉසීමට පෙර අවස්ථාව තුළ කුඹුර මනාව මට්ටම් කිරීම අතීතයේ හදුන්වනු ලද්දේ  මඩ විවර කිරීම ලෙසය. එයින් පසුව වී ඉසීමට සිඳු වනු ලබයි.  ඉන් අනතුරුව ගැමි ජන විශ්වාස මත පිහිටමින් “පැළ සිටුවීම “  සිඳූ කරනු ලබයි. එය සිදු කරන්නේ පුවක් මලක්, හෝ තල් මලක්, කිරි ගසක අත්තක්,හබරල ගසක අත්තක්, ගෙන කුඹුරේ එය සිටුවමින් එයට වී අහුරක් ඉසිනු ලබයි. එම අහුර නැවත එම අතු වල වැදී ලියැද්දට වැටෙන අතර එසේද සිදු කිරීමෙන්ද අස්වැන්න වැඩි වන බව අතීත ජන විශ්වාසය විය.

තවද අතීතයේ භව භෝග ස්වාභාවික උපදාව හා සොර සතුරන්ගෙන් ආරක්ශා වීමටත්, නිසි කළට වැසි ලැබී ලැබී අස්වැන්න  සාර්ථක කර ගැනීමේ අදහසින් සත් ශාන්ති කර්ම එකළ ක්‍රියාත්මක විය. උදාහරණ -: මුට්ටි මංගල්ල්‍ය හා කොහොඹ කංකාරීය ඒ අතර දක්නට ලැබේ.

අතීතයේ වී මනිනු ලබන භාජන බවට පත් වූයේ ලාහ/,බුසල, /බෙර ආදී උපකරණ වී මැනීමට භාවිතා  කිරීමට් ප්‍රථම ඒවාට වන්දනාමාන කිරීම අතීත සමාජය තුළ දක්නට ලැබීය. එයද කෘෂිකාර්මාන්තය හා බැදුණු ඇදහිලි විශ්වාසය අතරද දක්නට ලැබීය. පැරණි සමාජයේ ජීවත් වූ වැසියන් කමත දේවත්වයෙන් සළකනු ලබයි. එක් අවස්ථාවකදී පිරිමින් විසින් කමතෙහි වැඩ කටයුතු කරන ලබන අවස්ථාවන්හිදී කාන්තාවන්ට කමතේ සිටීම තහනම් විය.

මෙහිදී වී වැපිරීමට පෙර භාවිත කරනු ලැබු කෙම් ක්‍රම අතර බිත්තර වී වැඩීම, යහන කැඩීම, සඳහන් කළ හැකියි. තවද සුභ මූර්තීන් කෙරෙහි අවබෝධ කර ගනිමින් වී වැපිරීම හා පැළ සිටුවීම හා තිත්ත කොළ සාත්තුව ආදී කියාකාරකම් සිදු කිරීම අතීත කෘෂිකාර්මාන්තය තුළ දක්නට ලැබේ.

තවද හෙළ කෘශි සංස්කෘතිය  තුළ අයියනායක දේව වන්දනයද දක්නට ලැබීය. එහිදී ගම තුළ පැවති ඒ වෙනුවෙන් පැවති දේවාලය හා නාත දෙවියන් වැඩ වාසය කරන ලදැයි සිතනු ලබන ස්වාභාවික පරිසරය තුළ පැවති ස්ථාන මතද අයියනායක දෙවියන් වඳිමින් ඔවුන් අපේක්ෂා කරනු ලබන්නේ කෘෂිකාර්මික කටයුතු වළ සාර්ථකත්වය අපේක්ෂා කරන ලදී. 

ඊට අමතරව කමතේදී අංගම් වැඩීමද එකළ දක්නට ලැබීය. එහිදී ස්වාභාවික පරිසරය සමඟ ගැටෙමි කෘෂිකාර්මික  කටයුතු කිරීමෙන් වැයවෙනු ලබන  කායික හා මානසික ශක්තීන් නැවතත් දියුණු කර ගනිමින් අතීතයේ  මෙරට පැවති සටන් ක්‍රමයක් ලෙස අංගම් වැඩීම මගින් මානසික ඒක්‍රග්‍රතාවය ඇති කරනු ලබන්නේද කෘෂිකාර්මාන්තය පදනම් කර ගෙනය.

තවද එකළ භව භෝග සතුන්ගෙන් කෘමියන්ගෙන් , කුරුල්ලන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සඳහා ගල් මැතිරවීම සිඳු කරන්නේ සත්වයන්ගේ ජීවිත විනාශ කිරීමේ අපේක්ෂාවෙන් නොවේ. පාරම්පරිකව පැවති ඇදහිලි විශ්වාසයන්ට මූලිකත්වය දීමෙනි.

අස්වනු රැක ගැනීම සඳහා ගම්භාර  දෙවියන්ට භාර හාර වීමද එකළ    ජනයා තුළ පැවති ජන විශ්වාස මත පදනම් වීමෙනි. කුඹුරට මිනිසුන් බසින්නේද දේව ආශිර්වාදය ලබා ගෙනය.  ස්වාභාවික පරිසරයේ සිදු වනු ලබන විපර්යාස හා ජීවත් වනු ලබන සමාජයේ වෙනස් වීම පිළිබඳව අවබෝධ  කර ගැනීමට එකළ ගැමියාට අවබෝධයක් නොමැති අතර දේව විශ්වාසයන් තුළින් ගොවියාගේ මානසික ශක්තිය ඉහළ මට්ටමක් දක්වා එසවුණී. තවද අක්වැහි පුරද්දී අහස පොළොව දේවත්වයෙහිලා සළකමින් ගොවියෝ කුඹුරට බසිනු ලැබීය. 

අතීත ගොවි මහතුන් තමන්ගේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමේදී පළමුවෙන්ම  බුදුන්ව හා දෙවියන්ට භාර හාර වී සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමෙන් අනතුරුව එහි අග්‍රශශ්‍ය කොටස බුදුන්ට හා දෙවියන්ට පුද පූජා පවත්වනු ලබයි. එය අළුත් සහල් මංගල්‍යය ලෙස හැදින්විය හැකිය. එය කළගුණ සැලකීමක් හා සමාන වේ.එනම් අදාළ  කාල සීමාව තුළ අපේක්ෂා කරනු ලැබු කෘෂිකාර්මික කටයුතු සාර්ථකත්වයෙන් සිඳු කර දීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වූ සෙයිනි.

එහිදී ගමේ පැවති පන්සල හා දේවාලය පදනම් කර ගනිමින් මෙය කියාත්මක වනු ලබන අතර සුප්‍රසිද්ධ ස්ථාන රාශියක් තුළට මෙම අළුත් සහල් මංගල්‍යය  පවත් වනු ලැබේ. බෞද්ධ ආගමිකයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා මාළිගාව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළද, රුවන්වැලි සෑය, කතරගම කිරි වෙහෙර, ආදී වූ ස්ථාන තුළද අළුත් සහල් මංගල්‍යය සිදු කරනු ලබයි.

මෙම අළුත් සහල් මංගල්‍යය දළදා මාළිගාව තුළ සිදු කරනු ලබන්නේද මහනුවර දළදා මාළිගාවෙහි හා සිවු දේවාල වලද වෙනත් ප්‍රධාන දේවාලයන් තුළද වාර්ශිකව පවත්වනු ලබයි. අස්වනු නෙලා ගැනීමෙන් පසු සිදු කෙරෙන මෙම පූජාව  තුළ  අලුත් සහල් දළදා වහන්සේ වෙත පූජා කරන්නේ ඉමහත් භක්තියෙනි.

ඒ අනුව අපට ඉහත සඳහන් සියලුම සාධකයන් තුළින් දේශීය කෘෂිකාර්මාන්තය තුළ පැවති ඇදහිලි විශ්වාස පිළිබඳව අවබෝධවේ.

සඳු පූර්ණිමා...

(ඡායා රූප හා තොරතුරු මූලාශ්‍රය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)


Sunday, September 25, 2022

දේශීය කෘෂිකර්මාන්තයේ ආරම්භය

 


අනාදිමත් කාලයක සිට මානව ජනාවාස බිහිවීමත් සමග ආරම්භ වුණු කෘෂිකර්මය වර්තමානය වන විට බොහෝ වෙනස්‌වීම්වලට භාජන වෙමින් වර්ධනය වීමක්‌ දක්‌නට ලැබේ. ඒ අනුව එදා ඈත අතීතයේ දී ගංගා ආශ්‍රිත බිහිවුණු කෘෂිකර්මය අද වන විට සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ප්‍රධාන කොටස්‌ 02 ක්‌ යටතේ වර්ග කළ හැක. එනම්


01.වතුවැවිලි කෘෂිකර්මාන්තය 

02.දේශීය කෘෂිකර්මාන්තය  

ප්‍රධාන වශයෙන් වතු වැවිලි කෘෂිකර්මාන්තය මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමය එළැඹීමත් සමගම හඳුන්වා දුන් බෝග වගාවකි. එහිලා ප්‍රධාන වශයෙන් තේ, පොල්, රබර් ඇතුළුසුළු අපනයනබෝග අන්තර්ගතවේ.
ලෝක කෘෂිකර්මය ආරම්භය වී දැනට වසර 10000 ත් 12000 ත් අතර ප්‍රමාණයක්‌ පවතින අතර මෙරට දේශීය කෘෂිකර්මයේ ආරම්භය පිළිබඳ නිශ්චිත කාලවකවානුවක්‌ ඉදිරිපත් කළ නොහැක.

ඉන්දියාවෙන් මෙරටට පැමිණි ආර්යයන් පළමුව මුල් වාසස්‌ථාන මල්වතු ඔය ආශ්‍රිතවත්, දකුණු පළාතේ වලවේ ගඟ, කිරිඳි ඔය, කුඹුක්‌කන් ඔය හා මැණික්‌ ගඟ යන ගංගා ආශ්‍රිතවත් හා බස්‌නාහිර දෙස කැලණි ගඟ ආශ්‍රිතවත් පිහිටුවාගෙන ඇත. මොවුන් ප්‍රධාන වශයෙන් හේන් ගොවිතැන ආශ්‍රිත වගා කටයුතු සිදු කර ඇත. ඊට අමතරව ප්‍රධාන වශයෙන් වී වගාව සම්බන්ධ ගොවිතැන ද සිදු කර ඇත. බොහෝ විට ගංගා ආශ්‍රිතව කැලෑ එළි පෙහෙළි කොට ගිනි තබා ධාන්‍ය වගා කිරීම මොවුන් සිදු කර ඇත. මෙම හේන් වගා ක්‍රමය සඳහා දිගු ඉතිහාසයක්‌ පවතී. එනම්, මහාවංශයේ සඳහන් වන පරිදි විජය කුමරු ඇතුළු පිරිස මෙරටට පැමිණෙන විටද කපු හේන, කපු කටින යන්ත්‍ර හා කුවේණියගේ කපු කැටීමේ කතාව මගින් ද මෙම ඓතිහාසික තත්ත්වය පිළිබිඹු වේ. මේ අනුව දිවයිනේ මුල්ම වගා ක්‍රමය ලෙස හේන් ගොවිතැන් ක්‍රමය දැක්‌විය හැක.

මේ අනුව පෙනී යනුයේ අතීතයේ දී ගොවීන් ජලය රැස්‌කර සිය වගා කටයුතු සිදු කිරීම සඳහා මහත් ප්‍රයත්නයක්‌ දරා ඇති බවයි. ක්‍රි. ව. 1200 දී පමණ ඉන්දියා ආක්‍රමණයට වියළි කලාපය ගොදුරු වීමත් සමග ජනතාව කඳුකරය දෙසට ගමන් කළ ද ඔවුන් පරිසර ආකෘතියට ගැලපෙන ආකාරයට සිය ගොවිතැන් කටයුතු පවත්වාගෙන ගොස්‌ ඇත.

අතීතයේ ලංකාව ස්‌වයංපෝෂිත ආර්ථිකයක්‌ බවට පත්වීම සඳහා ප්‍රධාන වශයෙන් වාරි කර්මාන්තයේ බලපෑම සිදු වූ ආකාරය දැක්‌විය හැක. මුලින්ම ආර්ය ශිෂ්ටාචාරය මල්වතු ඔය ආශ්‍රිතව සිදු වූ අතර ඉන්පසු ක්‍රමිකව වැව්, ජලාශ වැනි දේවල් ඉදිකර කෘෂිකාර්මික කටයුතු සිදු කරන ලදී.

මෙලෙස කෘෂිකාර්මික ස්‌වංපෝෂිත බව වර්ධනය කිරීම සඳහා 1 වන මහා පරාක්‍රමබාහු රජු විශාල මෙහෙයක්‌ ඉටු කළ අතර ඊට අමතරව රුහුණේ විසූ රජවරු ද වැව් තනවා ඇත. එලෙස වැව් 35000 ක්‌ පමණ තනවා ඇති අතර වර්තමානය වන විට ඉන් 17000 ක්‌ පමණ හඳුනාගෙන ඇත. එයින් 12000 ක්‌ පමණ කුඩා වැව් වේ.

මේ ආකාරයට පුරාණ සිංහල දෙමළ රජවරු සමයේ වාරිමාර්ග පද්ධති දියුණු කර කෘෂිකාර්මික කටයුතුවලින් ස්‌වයංපෝෂිත බවට පත් කිරීමට උත්සාහ ගෙන ඇත. බහුල ලෙස රජරට ශිෂ්ටාචාරය ආශ්‍රිතව කෘෂිකාර්මික ස්‌වයංපෝෂිත තත්ත්වයක්‌ දක්‌නට ලැබිණි. බොහෝවිට නියං සාගත ඇති වන අවස්‌ථාවලදී එම තත්ත්වයන්ට මුහුණ දීමට හැකියාව ඇති ආහාර නිෂ්පාදන අතින් සමෘද්ධිමත් ආර්ථිකයක්‌ දක්‌නට ලැබිණි. මෙම තත්ත්වය ඇති කිරීමට එකල රාජ්‍ය පාලනය කළ රජවරු මහත් ප්‍රයත්නයක්‌ ගෙන ඇත. මේ යුගයේ මෙරට කෘෂිකර්මය ආරම්භ වී ස්‌වයංපෝෂිත මට්‌ටමක්‌ දක්‌වා ගමන් කර ඇත.
එදා ඈත අතීතයේ සිට දිගටම සිදුකරගෙන ආ "දේශීය ගොවිතැන" පළමු යුරෝපීය ආක්‍රමණිකයන් වන පෘතුගීසීන් හා ලන්දේසීන්ගේ කාලයේ දී පවා නොකැඩී නොබිඳී පැවතිණි. දේශීය ගොවිතැන් ක්‍රමයට කණකොකා හඬ උදා වූයේ 1815 ඉංග්‍රීසීන්ට කන්ද උඩරට යටත් වීමත් සමගය .ඉංග්‍රීසීන් විසින් ලංකාව යටත් කර ගැනීමෙන් පසු මොවුන් මෙරටට කෝපි, කුරුඳු, සිංකෝනා, තේ, පොල් සහ රබර් යන වැවිලි බෝග හඳුන්වාදීමත් සමගම මෙරට වැවිලි ආර්ථිකය හා දේශීය කෘෂි ආර්ථිකය වශයෙන් ද්විත්ව ආර්ථික රටාවක්‌ බිහිවිය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මොවුන් හිතාමතා දේශීය කෘෂිකර්මය පිළිබඳ නොසලකා හරින ලද අතර වතු වැවිලි කෘෂිකර්මය නඟාසිටුවීමට විවිධ පියවර ගෙන ඇත. මෙම යටත් විජිත යුගයේ දේශීය කෘෂිකර්මය පහත කරුණු අනුව පිරිහී ඇත. එනම්,
01. ගම්සභා ක්‍රමය අහෝසි කිරීම.

02.රාජකාරි ක්‍රමය වෙනස්‌ කිරීම

03.මුඩු ඉඩම් පනත

1840 අංක 12 මුඩුබිම් ආඥ පනත මගින් ගොවියන්ට තම තමන්ට අයිති ඉඩම්වල අයිතිය ඔප්පු කිරීම නියම කරන ලදී. ඔප්පු කිරීමට නොහැකි වූ ඉඩම් රජයට පවරා ගන්නා අතර මේ සඳහා බහුලව හේන් වගාව ආශ්‍රිත ඉඩම් අයිති වේ.

04. පිටරටින් සහල් ආනයනය කිරීම
වැවිලි අංශයේ කම්කරුවන්ට හා නාගරික ජනතාවට අවශ්‍ය සහල් පිටරටින් ආනයනය කිරීම නිසා මෙරට සහල් නිෂ්පාදන අංශය අකාර්යක්‌ෂම විය.

05. ග්‍රාමීය අංශයට ප්‍රවාහන පහසුකම් නොසැපයීම
මාර්ග පහසුකම් වතුකරයට පමණක්‌ සැලසූ අතර ආහාර නිෂ්පාදනය කරන ප්‍රදේශවල මාර්ග පහසුකම් දක්‌නට නොලැබිණි.

06. අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති
මෙකල යටත්විජිත ප්‍රතිපත්තිය වූයේ "සාගින්නෙන් යටපත් කිරීම" යන්න වේ. මොවුන්ගේ ප්‍රධාන අරමුණ ලාභ ඉපයීම වන හෙයින් දේශීය කෘෂිකර්මය නඟාසිටුවීම මගින් ආර්ථික සංවර්ධනය සිදුවන නිසා ඒ සඳහා කිසිදු පියවරක්‌ දියත් කර නැත.

07. අසාධාරණ බදු අය කිරීම
ගොවීන්ට අහිතකර අයුරින් බදු පැනවීම නිසා දේශීය කෘෂිකර්මය පිරිහීම සිදු විය. උදාහරණ ලෙස කුඹුරු බද්ද මගින් වගා කරත් නැතත් බදු ගෙවීමට සිදු විය. ඊට අමතරව ඉස්‌තෝප්පු බද්ද, තුවක්‌කු බද්ද, බලු බද්ද හා ඇඟ බද්ද යනාදිය ද ගොවීන්ට අහිතකර ලෙස පනවා ඇත.

08. වාණිජ බෝගයන්ගේ ලාභදායීතාව වැඩිකම
වී වගාවට වඩා වැඩි ලාභයක්‌ වාණිජ බෝගවලින් ලැබීමට හැකි විය.

මේ අනුව යටත්විජිත සමයේ මෙරට ආර්ථිකය තුළ වැවිලි කෘෂිකර්මාන්තය හා නොදියුණු දේශීය කෘෂිකර්මාන්තය ලෙස ද්විත්ව ආර්ථිකයක්‌ තිබිණි. මෙකල වැඩි වශයෙන් වතු වගාව සඳහා රාජ්‍ය අවධානය යොමු වීම හේතු අතර ආහාර නිෂ්පාදන අංශය කඩා වැටී සහල් ආයාත කිරීමට පවා සිදු විය.

19 වැනි සියවස අග භාගයේදී ලෝක ආහාර මිල ගණන් ඉහළයැමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් එවකට මෙරට පාලකයන් දේශීය කෘෂිකර්මය කෙරෙහි අවධානය යොමු කරන ලදී. මොවුන් 1850 දී වැව් ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා රන් පවුම් 681,900 ක්‌ වැය කර ඇත.

1948 න් පසු මෙරට කෘෂිකාර්මික කටයුතු දියත් කිරීමට මහඟු ප්‍රයත්නයක්‌ දරා ඇත. ඒ අනුව යමින් 1948 දී ප්‍රකාශයට පත් කළ සය අවුරුදු සැලැස්‌ම යටතේ කෘෂිකර්මය සඳහා නවීන උපකරණ භාවිත කිරීමෙන් ඵලදාව වැඩි කිරීමට කටයුතු කළ අතර වගා කරන භූමි ප්‍රමාණය අවුරුදු 6 ක්‌ ඇතුළත අක්‌කර 131,000 දක්‌වා වර්ධනය කිරීමට බලාපොරොත්තු විය.

1948 සිට 1956 කාලයේ සය අවුරුදු සැලැස්‌ම ක්‍රියාත්මක වීම කෘෂිකාර්මික සංවර්ධනය කඩිනම් විය.
1956 පමණ වන විට මහා ගොවි ජනපද ව්‍යාපාර 33 ක්‌ පමණ බිහි වූ අතර රාජ්‍ය විසින් වී සඳහා සහතික මිලක්‌ 1948 දී නියම කිරීම හා 1951 දී කාබනික පොහොර භාවිත කළ ගොවීන්ට රසායනික පොහොර සහනාධාර ලබාදීම වැනි දේ සිදු කර ඇත.

ඊට අමතරව මෙකල දේශීය කෘෂි අංශය විකාශනයට ඉවහල් වන පරිසරය සකස්‌ කිරීම සඳහා රජයන් විසින් විවිධ ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්ති ගෙන ඇත. ඒ අනුව 1958 කුඹුරු පනත, 1972 ඉඩම් ප්‍රතිසංස්‌කරණ පනත හා වී අලෙවි මණ්‌ඩල පනත වැනි ඒවා ක්‍රියාත්මක කිරීම තුළින් දේශීය කෘෂි අංශය නගා සිටුවීමට මෙය පිටිවහල් විය. මෙකල වූ තවත් ලක්‌ෂණයක්‌ ලෙස 1957 ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇති කිරීම දැක්‌විය හැක.

මේ අනුව 1960 ට පෙර බහුල වශයෙන් ශ්‍රමය උපයෝගි කරගත් කෘෂිකර්මය පැවැති අතර ඒ තුළ 1960 න් පසු නවීන යන්ත්‍ර උපකරණ භාවිතක්‌ දක්‌නට ලැබිණි. එනම් බොහෝ විට බිම් සැකසීම, අස්‌වනු නෙළීම, කොළ මැඩීම හා අස්‌වැන්න, ප්‍රවාහනය සිදු කිරීම වැනි ක්‍රියා සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිත කරන ලදී. මේ සඳහා රෝද හතරේ ට්‍රැක්‌ටර්, රෝද දෙකේ ට්‍රැක්‌ටර්, සංයුක්‌ත කොළ මඩින යන්ත්‍ර, තෙල් ඉසින යන්ත්‍ර හා අසුවනු නෙළන යන්ත්‍ර යනාදිය දැක්‌විය හැක.
මෙහි ඇති තවත් ලක්‌ෂණයක්‌ ලෙස 1960 ට පෙර සාම්ප්‍රදායික බීජ වර්ග භාවිත කර ඇත. එනම් ගොඩහීනැටි වී, සුදු හීනැටි වී, සුවඳැල්, කළුදුරු හා රත් කරල් යනාදිය දැක්‌විය හැක. මෙහි අස්‌වනු නෙළීම මාස 3 -4 ක්‌ හා 6 -7 ක්‌ ගත වේ. නමුත් 1960 න් පසුව මෙරට අභිජනනය කළ නවීන බීජ වර්ග හඳුන්වාදෙන ලදී.

1948 වි නිෂ්පාදනය සඳහා BG වී වර්ග හඳුන්වාදෙන ලදී. (Department of Agriculture, 1987, P:6) 1978 දී BG 397 - 2" BG - 400 - 1, BG 276 - 5 BW 78 යනාදී වී වර්ග හඳුන්වා දෙන ලදී. ඊට අමතරව 1988 වර්ෂයේ දී ද BW 302 සහ BW 400 යන වී වර්ග දෙකක්‌ හඳුන්වාදීම සිදු විය.

1960 න් පසුව කෘමිනාශක හා වල්නාශක භාවිතයට ගන්නා ලදී. මෙම පළිබෝධනාශක හා වල්නාශක ප්‍රමාණය 2008 යල කන්නය වන විට බිම් ප්‍රමාණය හෙක්‌ටයාර් 348761 ක්‌ පමණ ප්‍රමාණයක යොදාගෙන ඇති අතර එය ප්‍රතිශතයක්‌ ලෙස 74.9% කි. වර්තමානය වන විට කෘමිනාශක යොදා නොගත් බිම් ප්‍රමාණය ද 25.0% ක්‌ පමණ පවතී. (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2008)
මේ ආකාරයට 1960 දී නවීන තාක්‌ෂණය දේශීය කෘෂිකර්මය හඳුන්වාදීම නිසාත් මෙරට දේශීය කෘෂිකර්මයේ වර්ධනයක්‌ සිදු විය.

1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට සාම්ප්‍රදායිකව පැවැති කෘෂිකර්මයට අදාළ ආහාර බෝග ආනයනය හා අපනයනය කිරීම ආරම්භ විය. දේශීය කෘෂිකර්මය ආශ්‍රිතව ඇති වූ තවත් වැදගත් ලක්‌ෂණයක්‌ වනුයේ 1978 කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීම වේ. මේ නිසා වාරි ඉඩම් හෙක්‌ටයාර් 600,000 ක්‌ පමණ වගා කිරීම අපේක්‌ෂිත වූ අතර 1970 - 1996 කාලය වන විට ගොවිජනපද 09 ක්‌ පමණ බිහි විය.

1990 දී ඉවත් කළ පොහොර සහනාධාරය නැවත 1994 දී ලබාදුන් අතර එය තවදුරටත් 2008 වන විට වර්ධනය කරන ලදී.
ඊට අමතරව වී සඳහා සහතික මිලක්‌ නියම කිරීම හා දේශීය කෘෂි අංශයට ණය සැපයීම වැනි හේතු නිසා දේශීය කෘෂි අංශය වර්ධනය වීමක්‌ සිදු වේ. 1986 දී නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හඳුන්වාදීමෙන් නවීන වගා ක්‍රම උපයෝගි කරගෙන දේශීය වගා ක්‍රම සිදු කරන ලදී. මේ නිසා දේශීය කෘෂිකර්මය වර්ධනය විය.

2008 වර්ෂය වන විට "මහින්ද චින්තන ප්‍රතිපත්ති" යටතේ ආරම්භ කරන ලද "අපි වවමු - රට නගමු" වැඩසටහන යටතේ මෙරට දේශීය කෘෂිකර්මය ආශ්‍රිත විශාල වර්ධනයක්‌ සිදු විය. ඒ අනුව දේශීය කෘෂිකර්මය දියුණු කිරීම සඳහා 2008 වසර සඳහා රුපියල් මිලියන 32.5 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. එනම් 2007 යල කන්නයේදී වී නිෂ්පාදනය මෙ. ටො. දහස්‌ 1158 ක්‌ වූ අතර එය 2008 යල කන්නය වන විට මෙ. ටො. 1750 දක්‌වා වර්ධනය වී ඇත.

(ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2008 )

මෙලෙස වසර 10.000 ක්‌ පමණ පැරැණි ඉතිහාසයක්‌ පවතින දේශීය කෘෂිකර්මය අද වර්තමානය වන විට ක්‍රමිකව දියුණු වී ඇත. එනම් සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම බොහෝ දුරට ඉවත් වී නවීන තාක්‌ෂණය දේශීය කෘෂිකර්මාන්තයට මුසු වී නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීමක්‌ දක්‌නට ලැබේ.



සඳු පූර්ණිමා...


(ඡායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)







Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...