මිනිසාට මෙන්ම සතුන්ට ද අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය වේ. මිනිසාගේ මෙන්ම සතුන්ගේ පැවැත්ම සඳහා හේතු වන්නා වූ සත්ත්ව ප්‍රජාව අතර සිදුවන සන්නිවේදනය සත්ව සන්නිවේදනය (Animal Communication) ලෙස හැඳින්විය හැකිය. වසර කෝටි 30කට පමණ පෙර ජීවත් වූ ඩයිනෝසරයන් වැනි උරගයන් ක්ෂීරපායි නතර සංවර්ධිත තත්ත්වයක් පෙන්නුම් කර ඇත. රුධිර සංයුතිය විධිමත් වීම්ත් ස්ථාවර වීම මොළයේ වර්ධනයට බලපා තිබේ. මෙලෙස මානව පරිණාමයට පෙර මුල්ම සන්නිවේදන ස්වරූපය සත්ත්වයින් අතර ක්‍රියාත්මක වී ඇත. මිනිසාට මෙන්ම සත්වයාට ද ඔවුන්ගේ පැවැත්මේ මූලික සාධකයක් බවට සන්නිවේදනය පත්වේ. ඒක සෛලික ජීවින්ගේ සිට බහු සෛලික ජීවීන් දක්වා සෑම සත්ත්ව වර්ගයකටම අනන්‍ය වූ සන්නිවේදනයක් පවතී. සත්ව සන්නිවේදනය පිළිබඳ පර්යේෂණ කළ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නෝමන්, ගෙෂ්වින්ඩ් රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ පීටර් මාලර්, චිකාගෝ විශ්ව විද්‍යාලයේ ස්ටුවට් ඒ අල්ටිමාන්, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පොල් වැට්ශ්ලාවික් යන ආදීහු වැදගත් වේ. භෞතික හා භෞතික නොවන හෝ කිසියම් අරමුණක් කෙරෙහි යම් සත්වයෙකු උත්තේජනය වීම අනුවර්ථන ආකාරයෙන් සිදුවන්නකි. මෙම අනුවර්තන කාර්ය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ සත්වය තුළ හට ගන්නා අවශ්‍යතාවයයි. සත්ත්වය වෙසෙනුයේ නොයෙක් අවශ්‍යතාවයන් හා බැඳීම් වලින් යුක්තවය. මෙම බැඳීම්වලින් සත්ත්වය හා පාරිසරික සාධක අතර පවතින සමතුලිත බව පිළිබිඹු කරනු ලැබේ. සෑම සජීවි හා අජීවි වස්තුවකටම යම් කිසි අදහසක් හෝ හැඟිමක් තවත් සතෙකු තුළ ඇති කිරීමට හැකිය. මෙයට නිදසුනක් ලෙස අධික ලෙස වැසි ඇඳහැලෙන විට ආවරණය වීමට ස්ථානයක් කරා පිටව යෑමත්, යම් සතෙක් භායානක ලෙස කෑගසන විට අපට තිගැස්මක් ඇතිවිමත් දැක්විය හැක. මෙහි සිදු වී ඇත්තේ සතෙකුගේ හැඟිම් හෝ අදහස් තවත් සතෙකුට ලැබිම තුළින් , එම සත්ත්වයාගේ චර්යාවේ වෙනස් වීමක්, එනම් සතුන් දෙදෙනා අතර සන්නිවේදනයක් සිදු වීඇත. සන්නිවේදනයකදී තොරතුරු ලබාදෙන අය (Sender) හා තොරතුරු ලබා ගන්නා අය (Receiver)ලෙස හඳුන්වන අතර හුවමාරු වනුයේ පණිවිඩයක් හෙවත් තොරතුරක් (Message) ය. එම පණිවිඩය ගමන් කරන්නේ යම් මාධ්‍යයක් හරහාය.
- ක්ෂීරපායි (කිරි බී වැඩෙන)
- උරග (බඩගායන)
- පක්‍ෂි (පියාඹන)
- මත්ස්‍ය
- කෘමින්
- ක්ෂුද්‍ර ජීවීන්
වශයෙනි.
අප ජීවත් වන මේ ලෝකයේ මිනිසා පමණක් නොව සත්ත්වයන්ද තම එදිනෙදා හැසිරිම් වලදී විවිධ සන්නිවේදනය සිදු කරයි . ඒවගේම තම තමන්ව හදුන්වාදිමට විවිධ සන්නිවේදන ක්‍රමයන් භාවිතා කරයි.
මිනිසාට සේම සතුන්ටද සුවිශේෂී සන්නිවේදන හැකියාවක් සහජයෙන්ම උරුමව තිබේ. සතුන්ට තිබෙන හැකියාවන් මිනිසාට නොවේ. නමුත් සත්ත්ව සන්නිවේදනය මානව සන්නිවේදනය ඉක්මවා නොයයි මානවයාගේ ප්‍රධාන සන්නිවේදන මාර්ගය භාෂාවයි. එය සහජයෙන්ම උරුම වුවක් නොවේ. නමුත් සත්ත්ව සන්නිවේදන ක්‍රම සහජයෙන් උරුම වුවායග සත්ත්වයෝ විවිධාකාරයෙන් සන්නිවේදනයේ යෙදෙති. ඒ අතුරෙන් සත්ත්ව සන්නිවේදනක්‍රම කිහිපයක් පහත දැක්වේ.
ස්පර්ශ සන්නිවේදනය ශබ්ධ සන්නිවේදනය දෘෂ්ටි සන්නිවේදනය රසායනික සන්නිවේදනය (ෆෙරමෝන්) චර්යා සන්නිවේදනය විද්‍යුත් සන්නිවේදනය තාප සන්නිවේදනය
ස්පර්ශ සන්නිවේදනය
සත්ත්වයින් අතර පවත්නා මූලිකම සන්නිවේදන ක්‍රමයක් ලෙස ස්පර්ශ සන්නිවේදනය හැදින්විය හැකිය. බොහෝ සතුන් මෙම සන්නිවේදන ක්‍රමයට ප්‍රතිචාර දක්වන අතර මෙම සන්නිවේදන ක්‍රමය බහුලව දැකිය හැක්කේ අපෘෂ්ඨ වංශිකයින් අතරය. අපෘෂ්ඨ වංශිකයින් ලෙස හැදින්වෙන්නේ කශේරුකාවක් නොමැති සත්ත්වයින්ය. මොවුන් සත්ත්ව ඛාණ්ඩ කිහිපයක් යටතේ වර්ග කෙරේ. එනම්, නිඩාරියා/සිලින්ටරේටා, ඇනෙලිඩා, මොලුස්කා, ආත්‍රෝපෝඩා, එකයිනොඩර්මේටා වේ.
ශබ්ධ සන්නිවේදනය
නිදසුන්:
ලන්දේසි ජාතික පක්ෂි ජීව විද්‍යාඥයෙක් වන නිකොලස් ටින්බර්ගන් (Nikolaas Tinbergen) ඔහු කළ පර්යේෂණයක සීබ්‍රා ෆින්ච් (Zebra Finch) යන පක්ෂියාගේ හැසිරීම නිරීක්ෂණය කර තිබූ අතර එහිදී තරුණ සීබ්‍රා ෆින්ච් පළමුව ඔවුන්ගේ විශේෂයේ අසල්වැසි පිරිමි පක්ෂියන්ගේ ගීතවලට සවන්දෙනු ලබන අතර අනතුරුව ඔහු එම ගයන ශබ්ධ පුහුණු වීමට පටන් ගනී. ඉන් පසුව තරුණ සීබ්‍රා ෆින්ච් තම සහකාරිය ආකර්ෂණය කරගැනීම සඳහා තම ගයන ශබ්ධය උපයෝගිකර ගනී. එබචින් එම ආකර්ශනය මත ඔවුන්ගේ ප්‍රජනනය කිරීමේ අවශ්‍යතාවය වැඩි කරයි.
සීබ්‍රා ෆින්ච් නම් පක්ෂියා
එසේම උභය ජීවින් සැලකූ විට සිය ලිංගික සකාරිය තමන් වෙත ගෙන්වා ගැනීමට පිරිමි සත්ත්වයයා විවිධ ශබ්ධ උපයෝගී කර ගනියි. සමහර උරග විශේෂද සිය ගොදුර ගෙන්වා ගැනීමට ද විවිධ ශබ්ද රටා උපයෝගී කරගනී.
"රැට්ල්" (Rattle)නම් සර්පයා සිය දේහයේ වලිගය කෙළවර වූ රැට්ල් නම් කොටස චලනය කරන අතර එහිදී නිකුත් කරන ශබ්දය ඇසීමෙන් එය වෙත පැමිණෙන කුඩා සත්වයින් ගොදුරු කරගනී.
ඊට අමතරව පිරිමි කිඹුලන්ද ශබ්දය නිකුත් කරමින් තම සංසර්ග කටයුතු සඳහා ස්ත්‍රී සතුන් ගෙන්වා ගනී.
එසේම උතුරු ජර්මනියේ රුක් ගැහැණු සතුන් කැඳවීමට මීටර් භාගයක් පමණ ඈතින් සිට විශාල හඬක් නිමුත් කරමින් තම සන්නිවේදනය සිදු කරයි. කෘමීන් සැලකු කළ ඔවුන් තමන්ට අවශ්‍ය තොරතුරු තම වංශයේ අනෙක් සතුන්ට නිකුත් කිරීමට විවිධ ක්‍රම වලින් නිපදවන ශබ්ද උපකාරි කර ගනි.
"රැට්ල්” නම්සර්පයා
තණකොළ පෙත්තන් තමන්ගේ පසු ගාත්‍රා පියාපත් වල ඇතිල්ලීමෙන් ශබ්ධය නිකුත් කරන අතර තමන්ට අවශ්‍ය විවිධ තොරතුරු නිකුත් කිරීම සඳහා මොවුන් එකිනෙකට වෙනස් ශබ්ධ නිකුත් කරයි. තමන් හා සංසර්ගයට අන් සතුන් කැඳවීමට මෙන්ම තමන් සංසර්ගයේ සිටින බව අන්‍යයන්හට දැන්වීම සඳහාත් මොවුන් ශබ්ද නිකුත් කරයි.
විලෝපිකයෙක් ළඟ සිටින විට වඳුරන් අනතුරු ඇඟවීමක් කරයි. අනතුරු ඇඟවීමේ ඇමතුම මගින් හමුදාවේ සෙසු සාමාජිකයින්ට පැන යාමට අවස්ථාවක් ලබා දේ. විලෝපිකයා මත පදනම්ව "වර්වෙට්” (Vervet) නම් වඳුරන්ට විවිධ ඇමතුම් ඇත.
1965 ටී.ජී ලැම් සහ එච්.ඒ.පී. ස්මිත් යන අය "ඩොල්ෆින් ගෝල්ඩ් ෆිෂ් ඇතුළු මත්ස්‍යයින්ගේ චර්යාව” පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර මුහුදේ ජිවත්වන ඩොල්ෆින්ගේ ශබ්ධ තරංග වේග සංඛ්‍යාතය චක්‍ර 3000 - 20000 ක පමණ තරංග සංඛ්‍යාතයක් යොදා ගනිමින් සන්නිවේදනයේ නිරත වේ. එනම් තම වයස, ලිංගික තත්වය යන ආදිය මෙසේ සන්නිවේදනය කරයි.
එසේම තල්මසුන් සිය ප්‍රජනන සහකාරිය තමන් වෙත කැඳවා ගැනීමට අති ධ්වනි තරංග නිකුත් කරයි. මෙසේ ශබ්ධය උපයෝගී කරගනිමින් තම සන්නිවේදන කාර්යයන් ඉටු කර ගන්නා විවිධ සත්ත්වයින් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගනියි.
තිලාපියා නම් මත්ස්‍යය විශේෂය වර්ණ භාවිතයෙන් සන්නිවේදනයේ යෙදේ.
ඕස්ටේ්‍රලියාවේ එමූ සහ කැසවරි නම් වඳුරන් වර්ණ භාවිතයෙන් සන්නිවේදනයේ යෙදේ.
කටුස්සා වර්ණය වෙනස් කරමින් විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීමට සන්නිවේදනයේ යෙදෙයි.
එමඟින් තමන්ගේ ඇති විස සහිත භාවය අනෙකුත් සතුන්ට දැන්විම සිදු කරයි. එහිදි ගොදුර හා විලෝපිත සතුන් අතර සිදුවන්නේ දෘෂ්ටිය මුල් කරගත් සන්නිවේදනයයි. එසේම විෂ රහිත අහිංසක ආකාර ද විෂ සහිත සතුන්ගේ වර්ණ රටා ගෙන තමන් ගොදුරු කර ගැනීමට පැමිණෙන විලෝපිතයන්ගෙන් ගැලවීමට දෘෂ්ටි සංඥා ක්‍රමය යොදා ගනී. මෙමඟින් ශක්තිය වැය නොකර සිය හැඟිම් හුවමාරු කර ගනියි. මෙයට උදාහරණ ලෙස සතෙක් රෞද්‍ර වීම අනුව ඔහුගේ මුහුණෙන් පිළිඹිඹු වන විලාසය දැකිමෙන් අන් සතුන් බියට පත්වේ. එලෙසම සතෙක් ප්‍රිය මනාපව සිටින විට ද මුහුණෙන් අත් පා චලනය කරන ආකාරය ද අන්‍යයන්ට හැඟේ.
චිම්පන්සීන් තම දෑත් ඔසවා, බිම හෙළීමෙන් හෝ වෙනත් චිම්පන්සියක් දෙස කෙලින්ම බැලීමෙන් තර්ජනයක් සන්නිවේදනය කරයි. පහත රූපයේ දැක්වෙන තරුණ චිම්පන්සිගේ මුහුණේ ඇති“සිනහව” සැබවින්ම බිය හා යටත්කම සන්නිවේදනය කරයි.
කනා මැදිරියා, රෑ බදුල්ලා
රසායනික සන්නිවේදනය (ෆෙරමෝන්)
මකුළුවෙකුගේ සිට තණකොළ කපන යන්ත්‍රයක් දක්වා වූ ඕනෑම අනතුරක් කුහුඹුවන්ගේ ජනපදයකට තර්ජනය කරන විට, තර්ජනය හඳුනාගත් පළමු කුහුඹුවා අනතුරු ඇඟවීමේ ෆෙරමෝන් ස්‍රාවය කරයි. විවිධ ෆෙරමෝන් කිහිපයක් ස්‍රාවය කරනු ලබන්නේ ජනපදයේ රැජින විසිනි. මෙයින් එකක් තරුණ ගැහැණු කුහුඹුවන් සාරවත් වීම වළක්වයි. රැජින මිය ගොස් මෙම ෆෙරමෝන් නිපදවීම නැවැත්වූ විට තරුණ ගැහැණු සතුන් සාරවත් විය හැකිය, වෙනත් කුහුඹුවන්ගේ ෆෙරමෝන් මාර්ග සලකුණු කිරීමට භාවිතා කරයි. කුහුඹුවෙකු ආහාර ප්‍රභවයක් සොයාගත් විට, එය නැවත කැදැල්ලට යන ගමනේදී සලකුණු කරන්නේ බිමෙහි ෆෙරමෝන් ස්‍රාවය කිරීමෙනි. අනෙක් කුහුඹුවන් ආහාර ප්‍රභවයට ෆෙරමෝන් මාර්ගය අනුගමනය කරයි.
එසේම ජපන් කුරුමිණියා කෘමී පලිබෝධකයන් කොටු කර ගැනීමට කෘමී ෆෙරමෝන භාවිතා කරයි.
ජපන් කුරුමිණියන් සහකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ස්‍රාවය කරන ෆෙරමෝන් උගුල් මත තබා ඇත. ජපන් කුරුමිණියන් ෆෙරමෝන් මගින් ආකර්ෂණය වී උගුල් වෙත පියාසර කරයි. උගුල් ඉදිකර ඇති ආකාරය නිසා ඔවුන්ට නැවත පිටතට යාමට නොහැක.
ෆෙරමෝන මඟින් සන්නිවේදනය කිරීමේදී මී මැස්සන්ද විශේෂිත වේ. කුහුඹුවන් මෙන් මී මැස්සන් විවිධ අරමුණු සඳහා ෆෙරමෝන භාවිතා කරයි.
මී පැණි ආහාර ප්‍රභවයන් සහ මී වදයන් සලකුණු කිරීම් සඳහා ෆෙරමෝන නිකුත් කරයි. එසේම මෙම ෆෙරමොන මගින් මී මැස්සන් වඩාත් කාර්යබහුල අවධියක සමූහයක් බවට පත් කරයි. මී මැසි රැජින තම යටත්විජිතයේ අනෙකුත් කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියට බාධා කරන ෆෙරමෝන නිපදවයි. මී මැසි ජනපදයේ සිටින එකම සාරවත් කාන්තාව ගැහැණු රැජින බව මින් සහ සහතික කරයි.
රසායනික සන්නිවේදනය කෘමි ආකාර වල මෙන්ම සහ ක්ෂීරපායී ආකාර වල ප්‍රචලිතව දක්නට ලැබේ. එසේම රසායනික සන්නිවේදනයේ යෙදුන වන අලියන් පිළිබඳව මෙසේ සටහනක් තැබීමට හැකිය. වන අලින්ගේ සන්නිවේදනය විස්තර කරන වෛද්‍ය නන්දන අතපත්තු (හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වන ජීවී දෙපාර්තමේන්තුව) "අලි ඇතුන්ගේ සැඟවුණු ලෝකය” කෘතියේ මෙසේ සඳහන් කරයි. බොහොවිත්ළ හොඬවැල ඉහළට ඔසවා ඒ මේ ඇත යොමු කරමින් වාතය පරික්ෂා කරන්නේ දුර බැහැර සිට ගෙන එන රසායනික පණිවුඩ ග්‍රහණය කර ගැනීමටය. අතින්නියකගේ මුත්‍රා හෝ බාහිර ලිංගෙන්ද්‍රයන් ඉව කර බැලීමෙන් ඇය සරුමද තත්ත්වයකට පත්ව සිටිනවද නැත්ද යන රසායනික පණිවුඩය ලබා ගැනීමට පිරිමි අලින්ට හැකියාව ඇත.”
බළල් පවුලේ සතුන් ම්‍රත්‍රා උපයෝගී කරගෙන රසායනික සන්නිවේදනය කරයි.
රසායනික සන්නිවේදන ක්‍රමයේ යම් යම් අවාසි තත්වයන් ඇත. මුල්ම අවාසිය නම් එමඟින් නිකුත්වන තොරතුරු ක්ෂණිකව වෙනස් කළ නොහැකි වීමයි. දෙවැන්න එම රසායනික ද්‍රව්‍ය අවට පරිසරයේ නොනැසි පැවතිය යුතුවීමයි. එලෙස නොනැසි පැවතීමට නම් එහි අණුක භාරය වැඩි විය යුතුය. අණුක භාරය වැඩි දුව්‍යක් ස්‍රාවය කිරිමට නම් එම සත්වයා අධික ශක්තියක් වැය කළ යුතුයි. එය ද අවාසියක් වේ. රසායනික ද්‍රව්‍ය වේගයෙන් වාතයේ වාෂ්පශීලීව ගමන් කළ යුතුයි. එය බොහෝ කාලයක් එලෙසම පැවතුනහොත් එම ගන්ධය ඔස්සේ සතුරන් පවා පැමිණිය හැකිය.
කුහුඹුවන් විශේෂයක් සිය නිවහන සලකුණු කර ගැනීම පිණිස නිකුත් කරන රසායනික ද්‍රව්‍ය ඔස්සේ ඔවුන්ගේ විලෝපිකයෙක් වන සර්පයින් පැමිණිම
මී මැස්සන් තම ප්‍රධාන ආහාරය වූ මී පැණි සොයා ගැනීම සඳහා නැටුම් නටමින් තම යටත් විජිතයේ අනෙක් සාමාජිකයින් සමග සන්නිවේදන කාර්යයේ යෙදෙති.
විදුලි ආඳන් විදුලි මත්ස්‍යයින් හා විදුලි මඩුවන්


















