ලෝක ආහාර වැඩ සටහන මගින් 2007 අප්‍රේල් 15 - 30 දක්වා කාලය තුළ ද්විත්‍රීය දත්ත භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිත භාවය පිළිබඳ තක්සේරු කිරීමක් සිදු කර තිබේ. මෙම අධ්‍යයනය සඳහා සහභාගී වූ පර්යේෂණ කණ්ඩායම ආහාර හා කෘෂිකර්ම සංවිධානය එක්සත් ජාතීනගේ සංවර්ධන වැඩසටහන, ලෝක ආහාර වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය සමීපව කටයුතු කර ඇත. මෙහිදී ආහාර සුලභතාව්‍ය ආහාර උපයෝජ්‍යතාවය සහ ආහාර පරිහරණය පිළිබඳව අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආහාර සුලභතාව ප්‍රධාන වශයෙන් වී නිශ්පාදන සහ අලවිය මත තීරණය වී ඇති අතර 2005 - 2006 කාල සීමාව තුළ දී එහි සැළකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබේ. එසේ වුව ද දිවයිනෙහි ශුද්ධ සහල් සැපයුම ගෘහ ඒකක ඉල්ලුම සපුරා ලීමට එය ප්‍රමාණවත් නොවේ. දෙවනුව පරිභෝග කරණ අල වර්ග වැනි ද්විතීක ආහාර වර්ග නිශ්පාදනය පහළ ගොස් ඇති අතර අතිරේක ආහාර සපයා ගනු ලබන්නේ තිරිඟු පිටි ආනයන මගින්ය.
සහලින් ස්වං පෝෂිතතාවය පිළිබඳ දිස්ත්‍රීක්ක අතර අසමානතාවයක් පවතී. අතිරික්ත වී නිශ්පාදනය ඇති ප්‍රධාන දිස්ත්‍රීක්ක කිහිපයක් පමණක් ඇත. එයින් උතුරු මැද පළාතේ ප්‍රදේශ කිහිපයක අර්බුද කාරී තත්ව එහි නිශ්පාදිතය හා බලපා තිබේ. එහි ප්‍රථිඵලයක් වශයෙන් අතිරික්ත නිශ්පාදන හුවමාරු වීම සීමා වී තිබේ. ලිබරල් වාදී වෙළදපල ක්‍රමයක් තුළ වී සහ සහල් අලවිය වඩාත් තරග කාරීවිය යුතු නමුත් වෙළදපල සඳහා ප්‍රවේශවීමට ඉඩ ප්‍රස්ථා සීමා වී ඇත. එහෙයින් අතිරේක ඉල්ලුම සඳහා ප්‍රමාණවත් ප්‍රතිචාර නොලැබේ. මාතර, හම්බන්තොට, පුත්තලම, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රීක්කවල ග්‍රාමීය ප්‍රදේශවල ඇති දුරස්ථ භව වෙළදපල සඳහා ප්‍රවේශ වීමට ඇති දුර්වල ඉඩ ප්‍රස්ථා නිශ්පාදන හිඟය ආහාර සුලභතාව සහ සැපයුම සම්බන්ධ සාකච්ඡා වන මාතෘකාවක් වී තිබේ. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දුර්වල මාර්ග පද්ධතිය ආහාර සැපයුම සම්බන්ධයෙන් ප්‍රධාන සීමාවක් වී තිබේ.
ආහාර මිල ඉහල යාම සියලුම දිස්ත්‍රීක්කවල සිටින දිළිඳු ජනයාට ආහාර ලබා ගැනීම සඳහා ප්‍රවේශවීමේ ඇති අවස්ථා සීමා කරයි. ඉහල මිල ගණන් වාර්තාවන ප්‍රධාන දිස්ත්‍රීක්කවනුයේ යාපනය, මඩකළපුව, බදුල්ල, මොණරාගල, කළුතර, අම්පාර සහ මහනුවර වේ. දරිද්‍රතා සීමාවෙන් පහළ සහ එම සීමාවේ ජීවත්වන ජනතාව සඳහා ආහාර මිල ඉහල යාම තදින්ම බලපානු ලබයි. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධව බලපානු ලබන ඊළග වැදගත් දෙය වන්නේ ශ්‍රමිකයන්ගේ මූලික වැටුප් ඉතා ඉහළ ප්‍රතිශතයක් පහළ ගොස් ඇති අතර එය 1978 පැවැති මට්ටමට වඩා 40% කින් අඩු වී ඇත. මෙහි බලපෑම උතුර - නැගෙනහිර පළාත්වලදී ඉහළ අගයක් ගනී. තවද වතු ආශ්‍රිත ශ්‍රමිකයන් දිළිදුබව ඉහළ මට්ටමට පවතී. බදුල්ල හම්බන්තොට තිව්‍රතාවය 7% හෝ ඊට වඩා වැඩි මට්ටමට පවති. උතුරු නැගෙනහිර ගැටළු පවතින ප්‍රදේශවල දිළිදුබවේ තීව්‍රතාවය ඉහත සඳහන් දිස්ත්‍රීක්කවල මට්ටමට වඩා ඉහලය. දුර්වල මාර්ග පද්ධති නිසා යටිතල පහසුකම් නොමැතිවීම නිසා වෙළදපලට ළගා වීම සඳහා ඇති භෞතික අපහසුකම් ජනජීවිතයේ ක්‍රියාකාරකම් පහසුවෙන් පවත්වාගෙන යාම සඳහා සීමා පනවා තිබේ.





great
ReplyDelete