Saturday, December 3, 2022

පායනා කාලෙදී ලංකාවම කාපු "කූඹියෝ"


ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් කූඹියෝ ටෙලි නාට්‍ය පසුගිය මාර්තු 17 දා අවසන් විය. රූපවාහිනී ටෙලි නාට්‍ය වංශ කතාවේ එදා මෙදාතුර විකාශනය කෙරුණු සියලුම ටෙලිනාට්‍යවලට වඩා කූඹියෝ ටෙලි නාට්‍ය යම් ආකාරයකින් වෙනස් බව කිව යුතුම ය. මෙහි නමේ සිට කතා තේමාව දක්වා ඉතාමත් වෙනස්ම අත්දැකීමක් ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයාට ලබා දීමට කූඹියෝ ටෙලි නාට්‍යයට හැකියාව ලැබුණි.


ලංකාවේ ටෙලිනාට්‍ය නැරඹීම සඳහා බොහෝවිට යොමුවූ ජන කණ්ඩායම ලෙස නව යොවුන් සහ වැඩිහිටි පරපුර දැක්විය හැක. කෙසේ නමුත් යොවුන් පරපුර ටෙලි නාට්‍ය වලින් ඈත් වෙන යුගයක් උදා වෙමින් තිබුණු අතර කූඹියෝ ටෙලි නාට්‍ය බාල මහලු වැඩිහිටි සියලුම දෙනාගේම අවධානය දිනා ගැනීමට සමත්විය. මෙයට හේතුව ලෙස ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න පවසන්නේ මෙයට නාට්‍යය තුළ ඇති තාසජනක බව පමණක් නොවේ, එහි ඇති දේශපාලනික, සංවිධානාත්මක, නිර්මාණශීලී, මිනිසුන්ට සිදුවන සරල සංසිද්ධීන් වලට ප්‍රේක්ෂකයා නිතැතින්ම හසු වූ බවයි. තවත් විශේෂ කරුණක් වන්නේ කූඹියෝ ටෙලි නාට්‍ය විකාශනය වුන මේ යුගය දේශපාලනික වශයෙන් අප රටේ යම් සංක්‍රාන්ති සමයක් ගත වෙමින් පවතින යුගයක්. එමෙන්ම රටේ ප්‍රධාන පෙළේ රජයේ මාධ්‍ය නාලිකාවක් විසින් එය විකාශනය භාර ගැනීමම ඉතා පැසසුමට ලක් කළ යුතු කාරණයක් බව බොහෝ කලා විචාරකයන්ගේ මතයයි.කෙසේ නමුත් ලංකාවේ ටෙලි නාට්‍ය සම්ප්‍රදාය වෙනස් මාවතකට හරවන්නට කූඹියෝ ඉවහල් වූ බව ලැබෙන උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් මනාව ගම්‍යවේ. ටෙලි නාට්‍ය විකාශනය වන කාලයේදීම facebook වැනි සමාජ ජාල ඔස්සේ කූඹි ගුල එසේත් නැත්නම් koombiyo fan base නමින් ‍ප්‍රේක්ෂක ප්‍රතිචාර සටහන් කිරීම සඳහා වෙනම facebook පිටුවක් අරඹමින් සති අන්තයේ විකාශනය වන සෑම ටෙලිනාට්‍ය කොටසක්ම විචාරයට භාජනය කිරීමට තරම් විචාරශීලී, බුද්ධිමත් සහ සංවේදී ප්‍රේක්ෂක ප්‍රජාවක් බිහි කරන්නට කූඹියෝ සමත්විය. කූඹියෝ ටෙලිනාට්‍යයේ නළු නිළියන්ගේ චිත්‍ර, ඔවුන් වෙනුවෙන් සෑදූ විවිධ විවිධ අයිතමයන්, ඇඳුම් පැළඳුම් ප්‍රේක්ෂකයන් විසින් නිර්මාණය කරන ලදි. සරලව කිවහොත් කූඹියෝ අවසානයේ නව සංස්කෘතියක් බිහි කරන්නට සමත් වූවා යැයි කිව හැක. ඒ බව වරක් අධ්‍යක්ෂකතුමාද මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඔවුන් නොසිතූ ලෙස නාට්‍ය හරහා සංස්කෘතියක් ගොඩනැගුනු බවයි.


(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි)

7 comments:

Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...