වර්ථමානය තුළ කර්තෘ වාක්‍ය තරමටම වැදගත් අංගයක් බවට පත් වී තිබෙන කාටූන් අකුරු කියවිය හැකි කියවිය නොහැකි සෑම දෙනාගේම දැනුම පුලුල් කරන මාධ්‍යයක් බවට පත්ව ඇත. කාටූන් ,චිත්‍ර කලාවෙන් පෝෂණය වී බිහි වූවක් වුවද අද එය ජීවත් වන්නේ පුවත්පත් කලාවේය.ශිෂ්ටාචාර වල ආරම්භයේ පටන්ම චිත්‍ර සන්නිවේදනය පැවතියද මුල්ම කාටූන් ලක්ෂණ දක්නට ලැබුණු ස්ථානය ලෙස ඇතැමෙකු සලකන්නේ පොම්පෙයි නුවර ඇද තිබූ සියුම් හාස්‍යයක් ජනිත කරවන සිතුවම් පෙළකි . එසේම යුරෝපයේ සමහර පල්ලි ආශ්‍රිතව ගාර්ගොයිල්ස් යනුවෙන් හැදින් වූ විකට ස්වරූපයක් ගන්නා මූර්ති පෙළක්ද 13 වැනි සියවසේදී දක්නට ලැබුණු අතර ඊ.එස්.මාස්ටර් නම් ජර්මන් ජාතික චිත්‍ර ශිල්පියෙකු 1466 වර්ෂයේදී හෝඩියේ අක්ෂරවලට හාස්‍යයජනක මුහුණුවරක් ලබා දී තිබුණි.මේ අයුරින් නව චිත්‍ර කලාවකට මාවතක් වැටී තිබුණද එය ඉදිරියට ගෙන එනු ලැබුවේ ස්පාඤ්ඤ ජාතික අනිබාල් සහ අගෝස්තිනෝ යන සහෝදරයන් දෙදනා විසිනි.ඔවුහු 16 වන සියවසේදී නූතන කැලිකා්චර චිත්‍ර නිර්මාණය ආරම්භ කළහ.
කාටූන් චිත්‍ර කලාව ලොව පුරා ව්‍යාප්ත වන්නට වූයේ බටහිර ජාතීන් මගිනි. වර්ෂ 1940 දී බි්රතාන්යය ජාතිකයින් විසින් චීනයට කාටූන් කලාව හදුන්වා දුන් අතර ජපානය 1867 වසරේදී එය හදුනා ගන්නා ලදී. ඊට පෙර ද ජපානයේ පැරණි කාටූන් කලාවක් පැවත ඇත. 19 වැනි සියවසේදි ඇලෙක් සැන්ඩර් ඔර්ලෝවස්කිමගින් රුසියාවේ කාටූන් කලාව ඇරඹී අතර බෙන්ජමින් ෆ්රෑන්ක් ලීන් ඇමරිකාවට එය හදුන්වා දුන්නේය.ඇමරිකානු පුවත් පතක පළ වූ ප්‍රථම කාටූනය වන්නේ වදසබ දර ාසැ නැමති 1754 මැයි 9 වන දින පෙනිසිල්විනියන් නම් ගැසට් පත්‍රයට අදිනු ලැබූ කාටූනයයි. එම කාටූනයෙහි කැබලි අටකට වෙන්වූ සර්පයෙකු දැක ගත හැකි වන අතර එමගින් ඇමරිකාවේ ප්‍රාන්ත 8 ක් පිළිබදව තොරතුරු හමුවේ.එනම් නිව්යෝර්ක් ,නිව් ඉන්ග්ලන්ඞ්, නිව්යොර්ක්, නිව්ජර්සි, පිලඩෙල්ෆියා, මිනසෝටා, වර්ජිනියා, නෝර්ත් කැලරිනා සහ සවුත් කැලරිනා යන ප්‍රාන්ත සංකේතවත් කරමිනි.බි්රතාන්යය යටත් විජිතයන් වලට කාටූන් හදුන්වා දෙනු ලැබුවේ මිෂනාරින් විසිනි.කැරිකේචර් චිත්‍ර අතීතයේ සිට බි්රතාන්යයේ තිබුනද කාටූනය බි්රතාන්යයට හදුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ තෝමස් බ්‍රවුන් නම් ශිල්පියාටය. බි්රතාන්යයේදීද කාටූන් කලාවට සුවිශේෂි ස්ථානයක් හිමිවුණි. එය විරෝධය පෑමේත්, සමාජ ප්රජාතන්ත්රවාදයේ ජනප්‍රිය අංගයක් විය. ඉතිහාසයේ කෘරතම පාලකයෙක් වශයෙන් සැලකෙන රුසියාවේ ජෝෂප් ස්ටාර්ලින් සිය විරුද්ධවාදීන් දහස් ගණනින් ඝාතනය කළ අයෙකි. ඇමරිකාවේ හර්බට් ලොරන්ස් බ්ලොක් නැමති කාටූන් ශිල්පියා වොෂින්ටන් පෝස්ට් පුවත් පතට අදිනු ලැබූ ස්ටාර්ලින් මාරයා රැගෙන යාමේ කාටූනය 50 දශකයේ කැපී පෙනුන කාටූනයකි.
ලේ තැවරුනු දෑකැත්තක් අතින් ගෙන පිටුපස හරවාගෙන ඇවිදින ස්ටාර්ලින්ට සමීපව විශාල ආයුධයක් අතින් ගත් මාරයාද ඇවිද යන බව එම කාටූනයයි. වර්ෂ 1838 දී ප්‍රංශයේ චරිවරි පුවත්පත දේශපාලන කාටූන් භාවිතා කළ අතර එයින් ආභාෂයක් ලැබු ලන්ඩනයේ රිචට් ඩෝලි පන්ච් පුවත් පතට කාටූන් ඇන්දේය. ප්‍රධාන දේශපාලන කාටුන් කලාව පුවත් පතට එකතු වූ මුල් අවස්ථාව වන්නේ 1884 දී ඇමරිකාවේ පැවති ජනාධිපතිවරනය අරභයා වෝල්ට් මැක් ඩෝගල් විසින් නිව්යෝර්ක් වර්ල්ඞ් පුවත් පතට සැපයූ බෙල්පාසර්හි රාජකීය මංගල්‍යය නම් තේමාව යටතේ ඇදි කාටූන් පෙළ ලෙස සැළකේ.
දේශපාලන කාටූන් චිත්‍ර නිර්මාණකරණයේ ආරම්භක අවධියේ සිටි ශිල්පියෙකු වශයෙන් ඇමරිකාවේ තෝමස් නැට්ස් ප්රමුකස්ථානයේ විය. ශ්‍රී ලංකාවේ කාටූන් කලාව පිළිබදව දැක්වීමේදී සෑම රටකම පාහේ ලංකාවේද කාටූන් ආරම්භ වී ඇත්තේ චිත්‍ර කලාව පදනම් කරගෙනය. ලංකාවේ පැරණි මූර්ති කලාවේ රූප කාටූන් කලාවට සමීපත්වයක් දක්වයි.ඉසුරුමුණියේ ගලින් නෙළු පිළිම තුළ හාස්‍යය උපහාසය තිබෙන බවට සාදක ඇත. අපේ පැරණි වෙස් මුහුණු කලාවෙත් අතිශයෝක්තියට නැගුණු මූලික ලක්ෂණ පිළිබිඹු වෙයි.කාටූන් චිත්‍ර වලට සමානකම් පාන චිත්‍ර විශේෂයක් කැලෑ චිත්‍ර ලෙස පැමිණ ඇත.මෙහිදී සිදුවන්නේ තවකෙකුගේ නොහොබිනාකම් උපහාසයට ලක් කිරිමයි. කෙසේ වෙතත් වර්ථමාන කාටූන් චිත්‍ර කැළෑ චිත්‍ර හා විකෘති චිත්‍ර හේතු විය. ලංකාවේ පුවත්පතක් මුද්‍රණය වන්නේ ලංකාවේ පුවත් පතක් මුද්‍රණය වී සියවස් දෙකක් පමණ ගත වූ පසුවය.
ලංකාවට කාටූන් කලාව ලැබුනේ බටහිරිනි. නිදහස ලැබීමට පෙර මෙරට පුවත් පත් තුළ දේශිය කාටූන් චිත්‍ර දක්නට ලැබුනේ නැත. එහෙත් විදෙස් පුවත් පත් වල පළ වූ කාටූන් මෙරට පුවත් පත් වලද දක්නට ඇත. ශ්‍රී ලංකාවේ පළවූ මුල්ම කාටූනය ලෙස සිංහල විශ්ව කෝෂයේ සළකන්නේ දිණමිණ පුවත්පතේ පළ වූ ”මුදලාලි” කාටූනයයි. බොහෝ පුවත් පත් සගරා සන්නිදර්ශන චිත්‍ර නිර්මාණයේදී සුදු කළු වර්ණය භාවිතා කළ ඇත. ඔෆ්සෙට් මුද්‍රණ ක්‍රමය ව්‍යාප්ත වීමෙන් පසුව මේවා වර්ණයෙන්ද මුද්‍රණය වී ඇත. මේ අයුරින් විකාශනය වී ශ්‍රී ලංකාව තුළද කාටූන් නලාව ජනප්‍රිය පත්ව ඇත.
කාටූන් වර්ග කිහිපයක් යටතේ කාටූන් ශිල්පියෝ තම නිර්මාණය කරනු ලබයි. එනම්,
- දේශපාලන කාටූන්
- පොකට් කාටූන්
- කාටූන් චිත්‍ර කතා
වශයෙනි. කාටූන් පිළිබදව දැක්වීමේදී විශේෂ ලක්ෂණ රාශියක්ද පවතී. එහිදී
■ කාලීන ගැටළු නිරූපනය කරයි.
■ උපහාසාත්මක බව.
■ කාලත්‍රයේම කියවිය හැකිය.
■ නෛතික රාමු නැත .
■ විශාල පරාසයක් රූප සටහනකින් ඉදිරිපත් කරයි.
■ සමාජය පුළුල්ව විශ්ලේෂණය කරයි.
යනාදී ලක්ෂණ දැක ගත හැකිය. දේශපාලන කාටූන් ශිල්පීන් කාටූනයක් නිර්මාණය කිරීමේදී එක් එක් කාටූන් ශිල්පියා භාවිතා කරන විවිධ ක්‍රමවේද පවතී.දේශපාලන කාටූනයක් කොටස් හයක් යටතේ සාකච්ඡා කෙරේග
■ සංකේත
■ නම් සටහන් කිරීම
■ ශීර්ෂපාඨ
■ අතිශයෝතිය
■ පොදු ක්‍රමවේදය
■ දෙබස්
වශයෙනි. පවතින ගැටළුකාරී තත්වයන් මේ යටතේ කාටූන් ශිල්පීන් විසින් කාටූන් නිර්මාණය කරනු ලබයි.
ලංකාවේ ජනමාධ්‍ය බිහි වීමෙන් අනතුරුව මුලු සමාජ සංස්ථාවම වෙනස් මගකට යොමු වීම දක්නට ලැබුණි. මෙරට පළමුව බිහි වු ජනමාධ්‍ය බවට පත් වී තිබෙන්නේ පුවත්පයි. පුවත්පත් මාධ්‍ය ආරම්භ වීමෙන් අනතුරව අනෙකුත් ජනමාධ්‍යයන් බිහි වීම දක්වට ලැබුණි. පුවත්පත් කලාව ආරම්භ වු මුල් කාලයේ දී එය වඩාත් දියුණු මට්ටමකට නොපැවති අතර ක්‍රම ක්‍රමයෙන් එය වඩාත් දියුණු වීම දක්නට ලැබිනි. ඒ අයුරින් පුවත්පතේ දියුණුවත් සමඟ එයට එක් වු සුවිශේෂි අංගයක් ලෙස කාටුන් නිර්මාණ තීරය දැකබලා ගැනීමට පාඨකයන් නොඉවසිල්ලෙන් බලා සිටීම දක්නට ලැබිණි. කාටුන් මගින් සමාජයට යම් පණිවිඩයක් සන්නිවේදනය වනවා සේම හාස්‍ය මුසු උපහාසයක් ඒ තුළ ගැබ් වී තිබීමද ඊට හේතුවයි.
“පුවත්පතක සම්පුර්ණ තීරුවකට වඩා වේගයෙන් හා මැනවින් අදහසක් චිත්‍රයක් ආකාරයෙන් මනසෙහි මවාපාන හෙයින් පුවත්පත් කාටුන් චිත්‍රය ප්‍රධාන කර්තෘ වාක්ය්යටද වඩා වැදගත් තැනක් ගනී. ශ්‍රී ලංකාවේ පළමු මුල්ම කාටුනය ලෙස සිංහල විශ්ව කෝෂයේ දක්වන්නේ දිණමින පුවත්පතේ පළමු ‘මුදලාලි’ නැමැති කාටුනයයි. 1931 ස්වදේශ මිත්‍රයා පුවත්පතම ජී. එස්. ප්‍රනාන්දු විසින් ඩොනමෝර් කොමිසමේ යෝජනා විවේචනය කරමින් කාටුන් අදින ලදී. ශ්‍රී ලංකාවේ දේශපාලන කාටුන් විධිමත්ව අරඹන ලද්දේ 1940 දී ය. කාටුන් චිත්රයකින් යම් විවේචනයක් හෝ අදහසක් හෝ ඉදිරිපත් කළ හැකිය. දේශපාලන කාටුන් ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ ඉංශ්රීසීන් විසිනි. ලංකාවට නිදහස ලැබීමත් සමඟ ඔබ්රි කොලම් ජී. එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, විජේසෝම වැනි දේශපාලන කාටුන් ශිල්පින් බිහිවිය. මෙරට පළමු පළමු දේශපාලන කාටුනය වුයේ ස්වදේශ මිත්‍රයා පුවත්පතේ පළමු කාටුනයකි. එය ජී.එස් ප්‍රනාන්දු කාටුන් ශිල්පියා අතින් නිර්මාණය වු කාටුනයකි.
ශ්‍රී ලංකාවම නිදහස ලැබීමෙන් පසු ඔබ්රි කොලම්, ජී එස්. ප්‍රනාන්දු, අමිත අබේසේකර, විජේසෝම වැනි දේශපාලන කාටුන් ශිල්පින් බිහිවුහ. කාටුනය ඔස්සේ නිදහස්ව අදහස් ඉදිරිපත් කළ කාටුන් ශිල්පීන්ට විවිධ තර්ජනයන්ට මුහුණ දීමට සිදුවිය. මෙය දැඩි ලෙස උපහාසයට ලක් කිරිමට කොලම් කාටුනයක් නිර්මාණය කරන ලදී. එහි දක්නට ලැබුනේ කටත් දැතත් බැද දැමු කාටුන් ශිල්පියෙකු කකුලෙන් චිත්‍ර අදින ආකාරය නිරුපනය කළ කාටුනයකි. කොලම් ඔස්ටේ්රලියාවේ හොඳම කාටුන් ශිල්පියා ලෙස සම්මාන දිනා ගැනීම ද සිදුකරන ලදී. ලංකාවේ කාටුන් ශිල්පීන් මෙම කාටුන් මාධ්‍ය හරහා සමාජ විරෝධී ක්‍රියාවන්ට බරපතල ලෙස පහර දෙන්නට යොදා ගන්නා ලදී. සර් .ජෝන් කොතලාවල අගමැතිවරයාව සිටි සමයේ සත්ත්ව ගොවිපොළක් නරඹන අවස්ථාවේ කළ ප්‍රකාශයක් ඇසුරු කොටගෙන එවකට සිටි දක්ෂ කාටුන් ශිල්පියෙකු වු ජී. එස් . ප්‍රනාන්දු විසින් කාටුනයක් නිර්මාණය කොට තිබේ. අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ටත් එම ගොවිපොලෙහි ගොනෙකු වීමට තිබුණා නම් යනුවෙන් කළ ප්‍රකාශයකි.එම කාටුනය තුළ අගමැතිවරයා ගොනෙකු ලෙස ඇඳගෙන එළදෙනක් පිරිවරාගෙන සිටින දක්නට ලැබුණි. අගමැතිවරයෙකු වු ටී.බී. ඉලංගරත්න මහතා තමන් හාස්‍යට ලක් කර අඳින ලද කාටුන් පිළිබඳව ජී. එස්. ප්‍රනාන්දු කාටුන් ශීල්පියා හට කවියක් ලියා යවන ලදී.
“මං ගහන ගැයුමෙන්
ඔබට සැපතක් වේ නම්
තව තව තවත් ගහමින්
සැපත ලංකර ගන්න යහමින්”
යනුවෙනි. ඉලංගරත්න මහතා ඇමති අසුන දිනාගත් පසු ඊට සුභ පතමින් තමන් වෙත එවා තිබු කවියට පිළිතුරු කවියක් ජී.එස්. ප්‍රනාන්දු විසින් යවන ලදී.
“ඔබ දිනුම ලද තැන
පවතී මිනිස් යහගුණ
ආදරය පිළිගෙන
බැනුම් අසමින් සිනාසෙනු මැන”
ලාංකීය කාටුන් කලාවේ ඉතිහාසය පිළිබදව විමසීමේ දී එයට මුලිකත්වය දක්වන ලැබු කාටුන් ශිල්පීන් පිළිබදවද සඳහන් කළ යුතුයි. මහජන මතයට ගරු කරමින් පාලක පක්ෂය විවේචනය කිරීම ජී. එස්. ගේ කාටුන්හි අරමුණ විය. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු කාටුන් චරිතයක් පාඨක ප්‍රසාදය ඉහළින් ලබා ගැනීමට සමත් විය . ජී. එස්. ගේ කාටුන් තුළින් වඩාත් පහර කෑමට ලක් වුයේ සර් ජෝන් කොතලාවල, කොල්වින් ආර් ද සිල්වා, ටී. බී. ඉලංගරත්න... ආදී දේශපාලඥයින්ය.
1950 පමණ වනවිට වීජේසෝමයන්ද මෙරට පුවත්පත් කලාවට එක් වු දක්ෂ කාටුන් ශිල්පියෙකු විය. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘පුංචි සිංඤ්ංඤ් ‘ නම් චරිතය ජිවමානය . මෙම චරිතය තවමත් ජිවමානය මෙම චරිතය හරහා ඔහු පොදු ජනතාව නියෝජනය කළේය. මුලදී සම්පුර්ණ ජාතික ඇඳුමින් සැරසී සිටි පුංචි සිංඤ්ංඤ් සමාජ ක්රමයේ වෙනස් විම හා දේශපාලන ක්රමයේ පැවති පීඩිත බව නිසා උපන් ආර්ථිකයෙන් බැට කෑ පුද්ගලයකු බවට පත්විය. පසුකාලීනව ඔහු ඉරුණු ඇදුමෙන් සැරසුණු ශරීරයෙන් වැහැරී ගිය පුද්ගලයෙකු බවට පත් විය. දේශපාලන කාටුන් ශිල්පියාගේ පරම යුතුකම තම රටේ දියුණුව ඉලක්ක කර සිය කාටුන් නිර්මාණය කිරීමයි. එසේ නොකාරීම රටට කරන අපරාධයකි. යනුවෙන් කාටුන් ශිල්ප විජේසෝමයන් ප්‍රකාශ කරයි.
මිනිසුන් සිනහා ගැන්වීම ඉතා අපහසු කටයුත්තකි. කාටුන් ශිල්පින් විසින් සිදු කරන ලබන්නේ එවැනි අපහසු බැරූරුම් කාර්යකි. කැම්ලස් පෙරේරා තමාගේ නිර්මාණ තුළින් පෙන්නුම් කොට ඇත්තේ එම හැකියාවයි. ලංකාවේ කාටුන් ශිල්පීන් අතර මධ්‍යස්ථ කාටුන් ශිල්පියෙකු ලෙස උපහාසයට ලක්කල යුතු තැන සැබෑ ලෙස උපහාසයට ලක් කොට ඇත. ප්‍රසංශා කළයුතු තැන ප්‍රසංශා කොට ඇත. කැම්ලස් පෙරේරා නම් කාටුන් ශිල්පියා විසින් ජිවය දෙන විශාල කාටුන් චරිත නිර්මාණය කර තිබේ. කාටුන් ශිල්පියා එක් එක් යුගයන්හි දේශපාලන වෙනස්වීම් පිළිබඳව තම කාටුන් මාධ්‍ය ඔස්සේ නිරූපණය කර ඇත.
“දේශපාලන කාටුන් චිත්‍ර ශිල්පින් කළ යුත්තේ දේශපාලනඥයින් සතුටු කිරීම නොවේ. දේශපාලඥයින්ගේ තිබු අඩු ලුහුඩුකම් පෙන්වමින් ජනතාවට සේවය කිරීමයි. කාටුන් ශිල්පියා මහජනයාගේ පැත්තේන් බැලිය යුතුය.”යනුවෙන් ඇස්. සී. ඕපාත කාටුන් ශිල්පියා පවසයි.
සමාජයේ පංති භේදයකින් වයස් භේදයකින් තොරව රසවිදිය හැකි මාධ්‍යයක් ලෙස කාටුන් මාධ්‍ය පෙන්වාදිය හැකිය. වචන වලින් ප්‍රකාශ කළ නොහැකි බොහෝ දේ කාටුන් මගින් ප්‍රකාශකළ හැකි වේ. කාටුන් මගින් ඉදිරිපත් කරන්නේ හුදු හාස්්ය ලබාදිම නොව කාටුනයක් සමාජීය ආර්ථික සංස්කෘතික සාධක ඔස්සේ සමාජයේ පෙනෙන නොපෙනෙන විවිධ වු දිශානතීන් කෙරෙහි පුද්ගල පරිකල්පන ශක්තිය මෙහෙයවන ලබයි . කාටුනය සමාජයේ කැඩපතක් සේ සමාජයේ විවිධාකාර වු සමාජ අවස්ථා නිරූපනයට යොදාගනී. ශ්‍රී ලංකාවේ පැවති තිස් අවුරුදු යුද්ධයේ කුරිරු බව කාටුන් මාධ්‍ය ඔස්සේ මනාව සන්නිවේදනය කළ ආකාරය දැකගත හැකි විය.
පුවත්පතක කාටුන් චිත්‍ර කිහිප ආකාරයකින් දැකිය හැකි වුවද මෙරට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ දේශපාලන කාටුනයි. වර්තමානය වනවිට මෙරට කාටුන් මාධ්‍ය දේශපාලනය හා සමීප සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බවක් දක්නට ලැබේ. වෙනත් විශේෂාංගයන් තුළින් නොකියවෙන අදහස් වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු කර ගැනීමේ හැකියාව කාටුන් මාධ්‍යට පවතී. දේශපාලන ක්‍රියාවලින් සහ සමකාලීන සමාජයෙන් අත් විඳින්නට සිදු වු ක්‍රියාකාරකම් සහ දේශපාලන නායකයින්ගේ සුවිශේෂතා හදුනාගත් කාටුන් ශිල්පීන් ඔවුන් හාස්‍යට ලක් කරන ලදීග
1962 දී මායාදුන්නේ නම් කාටුන් ශිල්පියා ඇඳි අප්පුහාමි නම් දෙබස් නොමැති නිහඬ දිගු කාටුනයන්,1964 දී බන්දුල හරි- ස්චන්ද්‍රයන් ඇඳි නිහඬ දිගු කාටුනයත් සාමාන්‍ය පොදු ජනතාවගේ සමාජ පසුබිම සහ ගති පැවතුම් පෙන්වා දෙන කාටුන් විය. 1964 දී ගිබ්සන් නම් කාටුන් ශිල්පියෙකු දිනමිණ පුවත්පතට තනි තීරුවේ පොකට් කාටුන් ඇඳ තිබේ.1960 මුල් කාලයේදී “මොකො ්”නමින් දෙබස් කාටුනයක් පලවිය.
දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් හෝ රටේ කවුරුන් හෝ කරන වරදක් අසාධාරණයක් හෝ අයුක්තියක් ජනතාවට හෙලිදරව් කරනුයේ කාටුන් චරිත මගිනි. ලාංකිය කාටුන් ඉතිහාසයේ කාටුන් චරිත බවට පත් වු “අප්පුහාමි ” “රාළහාමි ” වැනි චරිත පුවත්පත් වල නිරූපනය වුයේ මීට දශක කිහිපයකට පෙර වුවද අදටද එහි අන්තර්ගත වු සමාජ යතාර්ථයන් රැකී ඇත. වර්තමානයේ දී ද “පුංචි සිංඤ්ඤෝ අප්පුහාමි ” සමාජයේ ජිවත් වන්නේ එදා කාටුන් ශිල්පීන් තම කාටුන් චරිත හරහා පෙන්වා දුන් සමාජ ප්‍රශ්න වර්තමානයට ද අදාල වන බව සනාථ කරමිනි.
1950 පමණ වනවිට කාටුන් චිත්‍ර කලාව ප්‍රබල ලෙස ශ්‍රි ලංකාවේ පුවත්පත් කලාව තුළට එකතු විය. වර්තමානය වනවිට ඇතැම් කාටුන් ශිල්පීන් තමන්ගේ පුද්ගලික දේශපාලන මතයට පුවත්පත් ආයතනයේ මතය නායෝජනය කරන බව දැකගත හැකි වේ. දක්ෂ කාටුන් ශිල්පියා සමාජ විවේචනයක් සමඟ ගැඹුරු අදහසක් පාඨකයා වෙත සමීප කරනු ලබයි.


.jpg)



Good
ReplyDeleteGood
ReplyDelete