Wednesday, December 14, 2022

සත්ත්වයින්ගේ සන්නිවේදන අවශ්‍යතා

 

සත්ත්වයින්ගේ අවශ්‍යතා හා බැඳීම් අනුව පවත්නා සන්නිවේදන කිහිපයක් හඳුනාගත හැකිය.


  • ස්ථායිතාව (තිරසර බව)Stability
  • නොනැසී ජීවත් වීම (බිය ගර්වය )   - Survival
  • ප්‍රමුඛතාව (නායකත්වය) - Dominance
  • ලිංගික ආකර්ෂණය හා ජෛවීය අවශ්‍යතා - Sex attraction & Biological needs


ස්ථායිතාව (තිරසර බව) - Stability

සත්ත්වයින්ගේ ස්ථායිබව යනු ජීවත් වීමේ අවශ්‍යතාව මත පදනම් වූ තිරසර බවයි.  එනම් පාරසරික බාධක හමුවේ සත්ත්ව ව්‍යුහයන් පවත්වාගෙන යාමේදී සත්ත්වයෙකු තුල ජිවත් වීම ඇතුවා සේම ඉන් අපේක්ෂා කරන්නේ තනිව ජීවත්වීම හා සාමුහිකව ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමයි.  මේ සඳහා සත්ත්වයින් රංචු වශයෙන් ජිවත් වීම හඬ නැගීම සිදු කරනු ලබයි.


නිදසුන් :

වඳුරා, රිලවා ප්‍රදේශ වාසයේදී එකට රංචු වශයෙන් ජිවත් වේ.  

දියකාවා සමුහුකව තැනින් තැනට පියාසර කරයි. 

කෘමීන් කේටය භාවිතයෙන් ප්‍රදේශ වෙන් කරගනියි.  

බල්ලා කොටියා මුත්‍රා කිරීමෙන් සීමා වෙන් කර ගනියි.  

ස්ථායිතාව අඩු ජීවින් තනිව රැකෙන පරම්පරා ලෙස ජීවත් වේ.  ඔවුන්ගේ ප්‍රජනනය ඉතා අල්ප වේ.  

නිදසුන් :

කොටියා

දිවියා

සිංහයා  


 

නොනැසී ජීවත් වීම (බිය ගර්වය )   -Survival

සතුන් නොනැසී ජීවත් වීමට විවිධ ආකර්ෂණ ක්‍රම ජෛවීය ලෙස භාවිතා කරනු ලබයි.  ඇතැම් සත්ත්වයින් තම කායික ශක්තිය මත පදනම්ව සිය ආරක්ෂාව තහවුරු කර ගනියි.  එමෙන්ම ඇතැම් සත්ත්වයින් ශරීරයේ ප්‍රමාණය පදනම් කර ගන්නා අතර තවත් සතුන් කණ්ඩායම් අනුවර්තනයට භාවිතා කරයි.   හරිතඅෆොල් කටුස්සා යම් සතෙකුගේ ප්‍රහාරයක් එල්ල වූ විට සිය වලිගය කඩා පලා යයි.

නිදසුන් :

හූනා සිය වලිගේ කඩා පළා යයි.

කටුස්සා පාට මාරු කරයි.

රැහැයියා,ඇහැටුල්ලා 

පලා පොළඟා

ප්‍රමුඛතාව (නායකත්වය ) -Dominance

ප්‍රමුඛතාව යනු සත්වයන් තුළ පවත්නා ප්‍රධානත්වය හෙවත් නායකත්වය පිළිබඳව ප්‍රශ්නයයි.   කිසියම් කණ්ඩායමක සමතුලිත බව ආරක්ෂා කර ගැනීම සඳහා එම කණ්ඩායම තුළ නායකත්වයක් තිබිය යුතුය.  එම නායකත්වයේ අනුපිළිවෙළක් ද තිබිය හැක.  පළමුපෙළ  දෙවනපෙළ ආදී වශයෙන් හා උසස් පහත් වශයෙන් ප්‍රභේද විය හැක.  මෙහිදී සතුන්ගේ ක්‍රියාකාරකම් ඇසුරින් ප්‍රමුඛතා  පිළිවෙල සිදු වන අතර ඇතැම් සතුන් රසායනික ක්‍රම මඟින් ද ප්‍රමුඛතා ලක්ෂණ පෙන්නුම් කරයි.  


නිදසුන් :

හරකා, කුළුමීමා    -   ශක්තිය

අලියා, ඇතා   -     වයස 

මී මැස්සා, බඹරා, දෙබරා  -    විශේෂ කායික ලක්ෂණ 

 

ලිංගික ආකර්ෂණය හා ජෛවීය අවශ්‍යතා - Sex attraction & Biological needs

සෑම සත්වයෙකුගේ ප්‍රජනන ක්‍රියාවලිය සිදුවන්නේ ලිංගික ආකර්ෂණය පදනම කර කරගෙනය.  මෙය පොදු ජීව විද්‍යාත්මක ස්වභාවයකි.  මේ සඳහා සතුන් විවිධ සන්නිවේදන ක්‍රම භාවිතා කරයි. නැටීම ගැයීම විවිධ හැසිරීම් විලාශයන් මේ සඳහා උපයෝගී කරගනී.

නිදසුන්:

කොහා ගී ගැයීම

උතුරු යුරෝපයේ පෙත්තෝ ග්‍රීස්මය මුළුල්ලෙන්ම සහකාරියක් සොයා හඬා අවසානයේ මැරී යයි.

උතුරු ජර්මනියේ රුක් මැඩියා ගැහැණු සතුන් කැඳවීම්ට මීටර් භාගයක් පමණ ඈතින් සිට විශාල හඬක් නිකුත් කරයි.

"යාල විල්පත්තු වස්ගමුව ජාතික උද්‍යානය වල කුළු මී හරකුන්ගේ සන්නිවේදනයක් ළඟින්ම නිරීක් නිරීක්ෂණය කළේය.  වනාන්තරයේ වෙසෙන වඩාත් අවදානම් සතුන් ලෙස කුළු මීහරකුන් හැඳින්විය හැක.  ඒ අසලින් යන මී වැස්සියන් රංචුවල රතියෙ පසු වන ලමිස්සියන් ඉවෙන් සොයාගෙන ඇය බලෙන් ගෙන ගොස් ජලාශයේ රඳවා ගනියි.  එතැන් සිට ඇයට ගැලවිල්ලක් නැති අතර දින තුන හතරක් ගතවන තුරු  මදයාගේ රති මන දොළ සපිරීමට ඇයට සිදු වේ.” (උපුටා ගැනීමකි) 


ලෝකයේ   ජීවි ප්‍රජාව සත්ත්ව හා ශාක ලෙස බෙදා වෙන් කළ හැක.  සත්ත්වප්‍රජාව අතර විවිධාකාර  සන්නිවේදන මාධ්‍යයන් පවති.  ජීවිලෝකයේ උසස්ම   සත්වයා වන මිනිසා අතර සන්නිවේදන මාධ්‍යයන් රාශියක් ඇති බව අප සැම දන්නා කරුණකි. නමුත් සතුන් අතර පවතින සන්නිවේදන ජාලා විවිධාකාර වේ.  මෙමඟින් නිගමනය කල හැකි වන්නේ මිනිසා මෙන්ම අනෙකුත් ජීවින් අතරද විවිධ සන්නිවේදන මාධ්‍යයන් පවතින අතර එම සන්නිවේදන මාධ්‍යයන් සත්ත්වයාගෙන් සත්ත්වයාට වෙනස් වන බවයි. විශේෂයෙන් තම සන්නිවේදන ක්‍රියාවලියේ යෙදෙනුයේ තම අවශ්‍යතවයන් සපුරා ගැනීම ප්‍රධාන අරමුණ කර ගනිමින් බවයි.


සඳු පූර්ණිමා...

(ඡායා රූප හා තොරතුරු මූලාශ්‍රය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

10 comments:

Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...