Saturday, December 17, 2022

Desert Flower..

 

ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරිසක් ලොවක් දිනු ඇය ගැන නොදන්නා වන්නට නොහැක.

ඒත් මේ ඇය ගැන ලියවුනු පොත කියවා නැති අයට එය කියවීමට පෙළබවීමක් ඇති කිරීමටයි මේ ලිපිය ලියන්න අදහස් කලේ.

ඇය ඉපදුනේ සෝමලියාවේ ගල්කායෝ නම් කන්තාර ප්‍රදේශයේ එඩේර පවුලක දියණියක් ලෙසය .අන්ධ ආගමික විශ්වාස එක්ක පැවති සමාජයක ගෙවුණු ඇගේ  ළමා කාලය ඉතා දුෂ්කර එකක් විය. එයට මූලික හේතුව අප්‍රිකානු ඉස්ලාම් මතයක් වන පවිත්‍රතාවය වෙනුවෙන් කියා සිදු කරන ලද ඉතා වේදනාකාරී මිලේච්ජ්ජ

 සුන්නත්කරණයට ඇය අවු . 5 දී මුහුණ දීමයි.

එතනින් පසු ඇය ගෙදරින් පැන ගොස් දෛවයේ ඉරණමට විවිධ හැලහැප්පීම් මැද ලන්ඩනයට පැමිණීමයි. ඉන්පසු ඇගේ ගමන්ඩ අඩිතාලම වැටෙන්නේ ටෙරන්ස් නම් ඡයාරූප ශිල්පියාගේ මැදිහත් විමෙන් නිරූපන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමෙනි.


මේ අරඹන ගමන ඇය ලොවක් දිනූ එඩිතර අභිමානවත් කාන්තාවක් ලෙස නැගී සිටින්නේ ඇගේ ආත්ම විශ්වාසය නිසාවෙනි. මේ අන්දමට ඇගේ කතාව නැමති කාන්තාරයේ කුසුම ඔබත් කියවන්න. එමගින් ඔබේ ජීවිතයට යමක් එකතු කර ගැනීමට ලැබීම නොවනුමානය.





(අන්තර්ජාලයෙනි)

9 comments:

Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...