Monday, September 26, 2022

කෘෂිකාර්මාන්තය හා බැදුණු ඇදහිලි විශ්වාස



අතීතයේ ජීවත්වූ මෙරට ගැමියාගේ ප්‍රධාන  ජීවනෝපාය මාර්ගය බවට පත් වූයේ කෘෂිකර්මාන්තයයි. කෘෂිකාර්මික කටයුතු කිරීම සඳහා අවශ්‍ය වූ දැනුම මෙරට ජනතාවට අවබෝධ වනු ලැබුවේ ආර්යන් මෙරට පැමිනීමත් සමඟය.  මෙරට ජනාවාසකරණයේ ඉතිහාසය විමසා බලද්දි අපට තහවුරු වන්නේ මෙරට සිටි ජනතාව හා ඉන්දියාවෙන් පැමිණි ආර්යන්ගේ සංකලනයෙන් මෙරට ජනාවාසකරණය හා ජනයා නිර්මාණය වීමත් සමඟ ඒ හා බැදුණු ප්‍රධාන  ආර්ථික සාධකය බවට බවට කෘෂිකාර්මාන්තය පත්වූ බවද ඒ හා බැදුණු ඇදහිලි විශ්වාස මොනවාද යන්න සාකාච්ඡා කිරීම මෙහිදී අපේක්ෂා කරනු ලැබේ.

ප්‍රථමයෙන්ම අපට විද්‍යාමාන වනු ලබන සාක්ෂි මගින් අපට තහවුරු වනු ලබන්නේ හෙළ සංස්කෘතිය නිර්මාණය වනු ලබන්නේද දේශිය කෘෂිකර්මාන්තය මගිනි. අතීතයේ මෙරට ජීවත්වූ ගොවියන් විසින් අතීත කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමේ අරමුණින් ඇසට නොපෙනෙනු ලබන බලවේගයන් හා පාරම්පරිකව උරුම වූ විශ්වාසයන්  මත පදනම් වෙමින් තම සිත් සතන් තුළ පැවති භක්තිය මත පදනම් වෙමින් කෙම් පහන් නොහොත් ඇදහිලි විශ්වාසයන් භාවිතා  කරනු ලැබීය. සරලව ප්‍රකාශ කරන කල්හි ඇදහිලි විශ්වාස ලෙස හදුන්වා දිය හැක්කේ යම් පුද්ගලයෙක් ස්වකීය ආගම සංස්කෘතිය හා දෙවියන් පිළිබඳව මනසෙහි සිතුවම් කරනු ලබන රූපයක් බඳුය.

එය විග්‍රහ කරන කල්හි ඇදහිලි විශ්වාසයන් ලෙස හදුන්වනු ලබන්නේ එම පුද්ගලයන් විසින් අදහනු ලබන ආගම තුළ අන්තර්ගතය හා පුද්ගලයාගේ උප්පත්තියෙන් ජීවත් වනු ලබන සංස්කෘතිය තුළ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ දේවත්වය පිළිබඳ ඇති වූ විශ්වාසයන්ගේ සංකලනයෙන් අපට ඇදහිලි විශ්වාස  කෘෂිකාර්මය හා බැදුණු ඇදහිලි විශ්වාස බොහෝමයක් අපට දිස්වන්නේ උතුරු මැද පළාත පදනම් කරනු ලැබු වැව් බැදී  රාජ්‍ය වනු ලබන් රජරට රාජධානිය  හා මුසුවූ කෘෂිකාර්මාන්තය තුළ බැදුණු ඇදහිලි ව්ශ්වාස අපට දක්නට ලැබේ. මිනිසාට කෘෂිකාර්මාන්තය හා බැදුණු ඇදහිලි විශ්වාස පිළිබඳව අවබෝධය ලැබෙන්නේ පාරම්පරිකව කුඩා කාළයේ සිට කෘෂිකාර්මාන්තය හා බැදුණු කියාකාරකම් තුළින් දරුවන් මේ හා බැදුණු ඇදහිලි විශ්වාස පිළිබඳව අවබෝධ කර ගනි.

කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට සිදු කරනු ලබන වතාවත් තුළින්ම ඇදහිලි විශ්වාසය හුවා දක්වනු ලැබේ. එනම් අතීතයේ ජීවත් ගැමියන් ප්‍රථමයෙන්ම නිශ්චිත කාලවකවානු වලදී ස්වාභාවික පරිසරය නිරීක්ෂණය කරමින් කාලගුණය හා බද්ධ වෙමින් වගා කිරීමට ප්‍රථම අදාළ කාල සීමාව තුළ කිසිදු ස්වාභාවික විපත් හා වෙනත් ආපදා වළින් තොරව කෘෂිකාර්මික කටයුතු කිරීමට අවශ්‍ය දේව ආශිර්වාදය ලබා ගනු ලබන්නේ අදාළ ප්‍රදේශය තුළ වන්දනාමාන කරනු ලබන දෙවි දේවතාවුන්ට යහන් පැළක් නිර්මාණය කරමින් අදාළ ක්‍රියාවළිය සාර්ථක කර ගැනීමට සඳහා එම ප්‍රදේශය භාර දෙවියන්ට භාර හාර වෙමින් කෘෂිකාර්මික කටයුතු කිරීමට අතීත ගැමියා පිවිසේ. එය ඔවුන්ට මානසික සුවයකි. මන්දයත් ඔවුන් සිතන්නේ භාර හාර සංකල්පය මත ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කරනු ලැබීය. තවද වගා කිරීමට ප්‍රථම අදාළ බිම සකස් කරන්නේද දේව ආශිර්වාදය ලබමින් කිළි නොහොත් මාංශ  ආහාරයෙන් වැලකී සේම අදාළ කාර්යන් සිදු කරනු ලබයි. බිම් එළිපෙහෙළි කිරීමේදී පුර පොහොය දිනවල් හා පොහෝ දින හතරේදී භූමිය සුද්ධ නොකරනු ලබන්නේ බෞද්ධ සංකල්පයන් ඇදහිලි විශ්වාස කෘෂිකාර්මාන්තය තුළ භාවිතා වූ හෙයිනි. එනම් භූමිය එළිපෙහෙළි කිරීමේදී ජීවින් විනාශ වේ යැයි පවු සිදුවේවැයි සිතුවිල්ලෙන් බැහැර වීමට අතීත ගැමියන් එසේ කටයුතු කරනු ලැබීය. එහිදී පොහොය දිනයන්ට පෙර දිනවළදී අදාළ බිම සුද්ධ පවිත්‍ර කරමින් ගිනිබත් කරන්නට අතීත ගැමියා පෙළඹුනේ එනිසාවෙනි. 

කෘෂිකාර්මික කටයුතු කිරීමට අවශ්‍ය භූමිය නිසියාකාරව නිර්මාණය කිරීමෙන් අනතුරුව එකළ ගැමියා අදාළ භූමිය තුළ බීජ රෝපණය කිරීමට සැරසෙනු ලබන්නේ ආහාර අනුභවයකින් තොරවය. එනම් කෘශි බෝග කෘමි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙනි. එහිදී කෑම අනුභව කිරීමෙන් පසු බීජ රෝපණය කළ පසු එම බීජ පැළවීමෙන් අනතුරුව ශාක කොඩවීම හා විවිධ රෝග වැළදෙන්නේ එසේ කිරීමෙන් බව  ඔවුන්ගේ විශ්වාසය විය. තවද මොවුන් විසින්  තමන්ගේ කෘශී භෝග කෘමි උවදුරට ලක් වූ පසු අතීතයේ සිටි ගොවි මහතුන් විසින් කොහොඹ කොළ වළ යුශ භාවිතා කරමි අදාළ රෝගය පවතිනු ලබන ශාක වළට ඉසිනු ලැබීම දක්නට ලැබුණී. එමගින් ඔවුන් විශ්වාස කරනු ලබන්නේ එම කෘමි උවදුරෙන් කෘශී භෝග ආරක්ෂා කර ගැනීමටය.

තවද එකළ සමාජය තුළ කුඹුරු කටයුතු සිදු කරන්නේද සිදු නොකරන්නේද විවිධ දින වලදීය. එහිදී අඟහරුවාදා, සිකුරාදා ,වැනිවු දින වල කුඹුරු කටයුතු වළිනෙකළ ගොවියන් ඉවත් වීම අපට අතීතයේදී දක්නට ලැබුණු කරුණක් විය. 

අතීත සමාජය තුළ අපගේ සංස්කෘතිය ගොඩනැගෙනු ලබන්නේ පුරුශාධ්පත්‍යට සමාජ රටාවක් දක්නට ලැබීය. අතීත කෘෂිකාර්මික සමාජ ක්‍රමයට එය කිදා බහිනු ලැබීය. එනම් කෘෂිකාර්මික කටයුතු වළට දායක වීමට දේශිය කාන්තාවට තහංචි සීම පැනවිණි. එනම් කෘෂිකාර්මාන්තය හා බැදුණු ඇදහිලි විශ්වාස පදනම් කරගෙනය.  එනම් හොදින් ඵල දරන එළවළු කොටුවකට, හා පළතුරු කොටුවකට හා පීදීගෙන එන ගොයමකට මුල්ම අස්වැන්න ලබන වගාවකට මාසික ශෘද්ධ්ය පවතුනු ලබන කාලයන් තුළදී ඉහත සඳහන් කරනු ලබන ස්ථාන වළට ගමන් කිරීම තහනම් විය. එයට මූලික හේතුව වූයේ කිළි නැමැති සංකල්පය විශ්වාසය ගොවිතැන හා බද්ධ වීම මගිනි. ඔවුන් මෙම සීමාව පැනවීම  මගිනි. ඔවුන් මෙමගින් අපේක්ෂා කරනු ලැබුවේ කෘශී භෝග වල ඵල ආරක්ෂා කර ගැනීමටය.

තවද අතීතයේ වී ගොවිතැන හා බද්ධ වීමේදී පැවති ඇදහිලි විශ්වාස අතර අතීතයේ ගොයම් කපනු ලැබුවේ යන්ත්‍රනුසාරයෙන් නොව මිනිසුන්ගේ ශ්‍රමයෙනි.  එහිදී අදාළ කුඹුරේ ලියැදි තුළ ගොයම් කැපීමට පෙර දෑකැත්ත අතට ගෙන එය එයට වන්දනාමාන  කරමින් ගොයම් කැපීමට සැරසෙන්නේද අදාළ කටයුත්ත සාර්ථකව කර ගැනීමේ අරමුණෙනි.  තවද අතීතයේ ගොවියන හා වැසියන් කුඹුරෙහි කාර්යන් තුළ නිරත වනු ලබන අවස්ථා වළදී කුඹුර අසළ පාරේ ගමන් කරනු ලැබු පිරිස් කුඩ ඉහළීමකින් තොරව ගමන් කරනු ලැබුවේ බතට ගරු කිරීමක් ලෙසය.එයද සිදු වන්නට මූලික හේතුව බවට පත් වූයේද කෘෂිකාර්මාන්තය පදනම් කර ගනු ලැබු පාරම්පරිකව උරුම වූ ඥානයෙන් මිනිසාට ස්වයං පෝශිත වීමයි.  එහිදී වර්තමානය දක්වා මානව ප්‍රාථමික සන්නිවේදනය මගින් නූතන සමාජය දක්වා ප්‍රවාහනය වූ සංස්කෘතික මෙවලමක් බ්වට මෙය පත් විය.

තවද අතීත ගැමියා විසින් වී ඉසීමට පෙර අවස්ථාව තුළ කුඹුර මනාව මට්ටම් කිරීම අතීතයේ හදුන්වනු ලද්දේ  මඩ විවර කිරීම ලෙසය. එයින් පසුව වී ඉසීමට සිඳු වනු ලබයි.  ඉන් අනතුරුව ගැමි ජන විශ්වාස මත පිහිටමින් “පැළ සිටුවීම “  සිඳූ කරනු ලබයි. එය සිදු කරන්නේ පුවක් මලක්, හෝ තල් මලක්, කිරි ගසක අත්තක්,හබරල ගසක අත්තක්, ගෙන කුඹුරේ එය සිටුවමින් එයට වී අහුරක් ඉසිනු ලබයි. එම අහුර නැවත එම අතු වල වැදී ලියැද්දට වැටෙන අතර එසේද සිදු කිරීමෙන්ද අස්වැන්න වැඩි වන බව අතීත ජන විශ්වාසය විය.

තවද අතීතයේ භව භෝග ස්වාභාවික උපදාව හා සොර සතුරන්ගෙන් ආරක්ශා වීමටත්, නිසි කළට වැසි ලැබී ලැබී අස්වැන්න  සාර්ථක කර ගැනීමේ අදහසින් සත් ශාන්ති කර්ම එකළ ක්‍රියාත්මක විය. උදාහරණ -: මුට්ටි මංගල්ල්‍ය හා කොහොඹ කංකාරීය ඒ අතර දක්නට ලැබේ.

අතීතයේ වී මනිනු ලබන භාජන බවට පත් වූයේ ලාහ/,බුසල, /බෙර ආදී උපකරණ වී මැනීමට භාවිතා  කිරීමට් ප්‍රථම ඒවාට වන්දනාමාන කිරීම අතීත සමාජය තුළ දක්නට ලැබීය. එයද කෘෂිකාර්මාන්තය හා බැදුණු ඇදහිලි විශ්වාසය අතරද දක්නට ලැබීය. පැරණි සමාජයේ ජීවත් වූ වැසියන් කමත දේවත්වයෙන් සළකනු ලබයි. එක් අවස්ථාවකදී පිරිමින් විසින් කමතෙහි වැඩ කටයුතු කරන ලබන අවස්ථාවන්හිදී කාන්තාවන්ට කමතේ සිටීම තහනම් විය.

මෙහිදී වී වැපිරීමට පෙර භාවිත කරනු ලැබු කෙම් ක්‍රම අතර බිත්තර වී වැඩීම, යහන කැඩීම, සඳහන් කළ හැකියි. තවද සුභ මූර්තීන් කෙරෙහි අවබෝධ කර ගනිමින් වී වැපිරීම හා පැළ සිටුවීම හා තිත්ත කොළ සාත්තුව ආදී කියාකාරකම් සිදු කිරීම අතීත කෘෂිකාර්මාන්තය තුළ දක්නට ලැබේ.

තවද හෙළ කෘශි සංස්කෘතිය  තුළ අයියනායක දේව වන්දනයද දක්නට ලැබීය. එහිදී ගම තුළ පැවති ඒ වෙනුවෙන් පැවති දේවාලය හා නාත දෙවියන් වැඩ වාසය කරන ලදැයි සිතනු ලබන ස්වාභාවික පරිසරය තුළ පැවති ස්ථාන මතද අයියනායක දෙවියන් වඳිමින් ඔවුන් අපේක්ෂා කරනු ලබන්නේ කෘෂිකාර්මික කටයුතු වළ සාර්ථකත්වය අපේක්ෂා කරන ලදී. 

ඊට අමතරව කමතේදී අංගම් වැඩීමද එකළ දක්නට ලැබීය. එහිදී ස්වාභාවික පරිසරය සමඟ ගැටෙමි කෘෂිකාර්මික  කටයුතු කිරීමෙන් වැයවෙනු ලබන  කායික හා මානසික ශක්තීන් නැවතත් දියුණු කර ගනිමින් අතීතයේ  මෙරට පැවති සටන් ක්‍රමයක් ලෙස අංගම් වැඩීම මගින් මානසික ඒක්‍රග්‍රතාවය ඇති කරනු ලබන්නේද කෘෂිකාර්මාන්තය පදනම් කර ගෙනය.

තවද එකළ භව භෝග සතුන්ගෙන් කෘමියන්ගෙන් , කුරුල්ලන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සඳහා ගල් මැතිරවීම සිඳු කරන්නේ සත්වයන්ගේ ජීවිත විනාශ කිරීමේ අපේක්ෂාවෙන් නොවේ. පාරම්පරිකව පැවති ඇදහිලි විශ්වාසයන්ට මූලිකත්වය දීමෙනි.

අස්වනු රැක ගැනීම සඳහා ගම්භාර  දෙවියන්ට භාර හාර වීමද එකළ    ජනයා තුළ පැවති ජන විශ්වාස මත පදනම් වීමෙනි. කුඹුරට මිනිසුන් බසින්නේද දේව ආශිර්වාදය ලබා ගෙනය.  ස්වාභාවික පරිසරයේ සිදු වනු ලබන විපර්යාස හා ජීවත් වනු ලබන සමාජයේ වෙනස් වීම පිළිබඳව අවබෝධ  කර ගැනීමට එකළ ගැමියාට අවබෝධයක් නොමැති අතර දේව විශ්වාසයන් තුළින් ගොවියාගේ මානසික ශක්තිය ඉහළ මට්ටමක් දක්වා එසවුණී. තවද අක්වැහි පුරද්දී අහස පොළොව දේවත්වයෙහිලා සළකමින් ගොවියෝ කුඹුරට බසිනු ලැබීය. 

අතීත ගොවි මහතුන් තමන්ගේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීමේදී පළමුවෙන්ම  බුදුන්ව හා දෙවියන්ට භාර හාර වී සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමෙන් අනතුරුව එහි අග්‍රශශ්‍ය කොටස බුදුන්ට හා දෙවියන්ට පුද පූජා පවත්වනු ලබයි. එය අළුත් සහල් මංගල්‍යය ලෙස හැදින්විය හැකිය. එය කළගුණ සැලකීමක් හා සමාන වේ.එනම් අදාළ  කාල සීමාව තුළ අපේක්ෂා කරනු ලැබු කෘෂිකාර්මික කටයුතු සාර්ථකත්වයෙන් සිඳු කර දීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වූ සෙයිනි.

එහිදී ගමේ පැවති පන්සල හා දේවාලය පදනම් කර ගනිමින් මෙය කියාත්මක වනු ලබන අතර සුප්‍රසිද්ධ ස්ථාන රාශියක් තුළට මෙම අළුත් සහල් මංගල්‍යය  පවත් වනු ලැබේ. බෞද්ධ ආගමිකයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා මාළිගාව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළද, රුවන්වැලි සෑය, කතරගම කිරි වෙහෙර, ආදී වූ ස්ථාන තුළද අළුත් සහල් මංගල්‍යය සිදු කරනු ලබයි.

මෙම අළුත් සහල් මංගල්‍යය දළදා මාළිගාව තුළ සිදු කරනු ලබන්නේද මහනුවර දළදා මාළිගාවෙහි හා සිවු දේවාල වලද වෙනත් ප්‍රධාන දේවාලයන් තුළද වාර්ශිකව පවත්වනු ලබයි. අස්වනු නෙලා ගැනීමෙන් පසු සිදු කෙරෙන මෙම පූජාව  තුළ  අලුත් සහල් දළදා වහන්සේ වෙත පූජා කරන්නේ ඉමහත් භක්තියෙනි.

ඒ අනුව අපට ඉහත සඳහන් සියලුම සාධකයන් තුළින් දේශීය කෘෂිකාර්මාන්තය තුළ පැවති ඇදහිලි විශ්වාස පිළිබඳව අවබෝධවේ.

සඳු පූර්ණිමා...

(ඡායා රූප හා තොරතුරු මූලාශ්‍රය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)


1 comment:

Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...