Sunday, October 9, 2022

නව මාධ්‍ය භාවිතයේ පවතින යහපත් ප්‍රතිඵල


නවීන ජීවිතයට පහසු වී ඇති අතර සන්නිවේදනය හා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා නව මාධ්‍ය  තාක්ෂණයෙහි අතිවිශාල දායකත්වයක් සපයනු ලබයි.  නව මාධ්‍ය  මගින් අපගේ ජීවිතය වඩාත් පහසුවෙන් සහ වඩාත් පහසු කර ඇති බවට කිසිදු සැකයක් නැත. වර්තමානය වනවිට නව මාධ්‍ය භාවිතය මගින් අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, බැංකු, ව්‍යාපාරික, මූල්‍යමය, වැනි බොහෝ ක්‍ෂේත්‍රයන්හි විශාල විපර්යාසයක් සිදුක ඇත.  නව මාධ්‍යට අයත් අන්තර්ජාලය මගින් ඊමේල් හරහා සන්නිවේදනයට පමණක් සීමා නොවී, වෙනත් දේ අතර තොරතුරු, රූප සහ නිෂ්පාදන පහසුවෙන් ලබා ගත හැකිය. සෑම දවසකම අන්තර්ජාලය අළුත් පහසුකමක් ලබා දෙයි, නව වෙබ් අඩවියක් වන ජීවීන්ට වඩාත් පහසුවෙන් පහසු වන නව දෙයක් බවට පත් වේ. කෙසේ වෙතත්, නව මාධ්‍ය තුලින් සමාජයට ඇතිකරනු ලබන යහපත් මෙන්ම අයහපත් ප්‍රථිපල විමසා බැලීම ඉතා වැදගත්ය.  පළමුව නවමාධ්‍යයේ යහපත් ප්‍රථිපල සලකා බැලීමේදී, සන්නිවේදන ක්ෂේත්‍රය තුල ඇති වී තිබෙන නව ප්‍රවණතා හැදින්විය හැකිය.  නව මධ්‍යයේද නව ප්‍රවනතාවයක් වන්නේ සමාජ මාධ්‍ය භාවිතයයි.   අන්තර්පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා ඉවහල් වන පහසුකම් රාශියක් මෙම වෙබ්අඩවි තුළ අන්තර්ගත වීම මඟින් මෙම මාධ්‍ය විශේෂය අන්තර්ජාල පරිශීලකයින්ගේ ප්‍රබල ආකර්ෂණයට ලක්වූ භාවිතයක් වශයෙන් පෙන්වා දිය හැකිය. Kalplan සහ Heanlein  මාධ්‍ය තුළ පවත්නා විවිධත්වය කොටස් 6 ක් යටතේ ප්‍රවර්ග ගත කරනු ලබයි.


1. හවුල් ව්‍යාපෘති සහිත සමාජයීය මාධ්‍ය
මෙහි දී  ඕනෑම අයෙකුට ක්ෂේත්‍රයට දත්ත ඇතුළත් කිරීම සහ සංශෝධනය කිරීම සිදුකළ හැකිය.

නිද Wikipedia 

2. Blog  සහ Micro Blogs මාධ්‍යය

මෙහි දී  ඕනෑම අයෙකුට නිර්මාණය වී ඇති අයදුම්පතක් තමන්ට රිසි ලෙස නිර්මාණය කරමින් එය සමාජයීය ජාලයක් ලෙස භාවිත කළ හැකිය. නිද: Twitter








3. අන්තර්ගත කරුණු මත බිහි වූ සමාජයීය මාධ්‍ය (Content& Communities)


මෙහි දී  ඕනෑම අයෙකුට කරුණු සහ දත්ත ඇතුළත් කිරීමට, ඒවා නැරඹීමට හා අදහස් ඉදිරිපත් කිරීමට හැකි අතර එම කරුණු මඟින් මෙවැනි සමාජයීය මාධ්‍යයන් ගොඩනැඟී තිබේ.

නිද: YouTube, Daily  Motion











4. සමාජයීය ජාල

මෙහි දී විවිධ සමාජ ඒකාබද්ධ කරනු ලබන පණිවිඩ හුවමාරු කරන මාධ්‍යයන් ලෙස මෙම ජාල පෙන්වා දිය හැකිය.

නිද: Facebook, LinkedIn, WhatsApp, Viber 





5. පරිගණක ක්‍රීඩා සහිත සමාජයීය මාධ්‍ය (Virtual Game World)
ජාලවල විනෝද ක්‍රීඩා සඳහා ඒකරාශි වන පුද්ගලයන්ගෙන් බිහි වී මෙම සමාජයීය මාධ්‍ය නිර්මාණය වී තිබේ.
නිද: World War Craft








6. ලෝක පරිගණක සමාජය (Virtual Social World) 

විවිධ සමාජයීය මාධ්‍ය ප්‍රවර්ග සංකලනය වී මෙම සමාජය ගොඩනැංවී තිබේ.

ඒ අනුව සැලකීමේ දී විවිධ ව්‍යාපාරික අරමුණු, විනෝදාස්වාදය, අධ්‍යාපනික අරමුණු හා මානුෂීය හැඟීම් වැනි සාධක මත පදනම්ව සමාජ මාධ්‍ය වෙබ්අඩවි ක්‍රියාත්මක වෙමින් පවත්නා බව ප්‍රකට වේ.  සමාජ මාධ්‍ය වෙබ්අඩවි බිහිවීම අන්තර්ජාලය ලෝකය පුරා ජනප්‍රිය වීමත් සමගම සිදු වූ බව ප්‍රකාශ කළ හැකිවේ.  ඒ අනුව ලොව බිහි වූ මුල්ම සමාජ මාධ්‍ය සේවය SixDegrees.com වෙබ් අඩවිය පෙන්වා දිය හැකිය.  එය වර්ෂයේදී ආරම්භ වූ අතර එහි නිර්මාතෘවරයා වන්නේAndrew Weinreich ය.  එසේම මුල් කාලයේ ප්‍රකට වූ  සමාජ මාධ්‍ය සේවා කිහිපයක් ලෙස Geocities, Classmates සේවා පෙන්වාදිය හැකිය.  වර්තමානයේ දී වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය සේවා  ලෙස Facebook, Twitter,  YouTube, LinkdIn වැනි සේවා පෙන්වාදිය හැකිය. ඊට අමතරව බ්ලොග් අඩවිය ද අන්තර්ජාලය තුළ අධ්‍යතනයේ වඩාත් ප්‍රමුඛතම සන්නිවේදන භාවිතයක් ලෙස කැපී පෙනෙයි.  ලොව ප්‍රමුඛතම සමාජ ජාල මාධ්‍ය සේවය ලෙස Facebook  පෙන්වා දිය හැකිය.  මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ 2004 වර්ෂයේදී ය.  මෙහි නිර්මාතෘවරයා වන්නේ මාක් සකර්බර්ග් ය.  Facebook  සේවය මගින් මිතුරු මිතුරියන් සමඟ සංවාද පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් ගණනාවක් ලබා දී තිබේ. ඒ අනුව සාමාන්‍ය වාචික සංවාද ක්‍රමවේදයට අමතරව වීඩියෝ සංවාද පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් මෙම  ආයතනය මගින් ලබා දී ඇත. වර්තමානය වන විට Facebook   පරිශීලකයන් මිලියන 1600 ක්  පමණ ඉක්මවා තිබේ.  මෙම වෙබ්අඩවිය සිය ආදායම් උපයන ප්‍රධානම ක්‍රමවේදය වන්නේ දැන්වීමේ අන්තර්ගතය අනුව තෝරාගත් පරිශීලකයින් ඉලක්ක කර වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කිරීම වන බැවිනි. එය Tagged Advertising ලෙස හදුන්වනු ලබයි. 

2006 වර්ෂයේ දී ආරම්භ වන Twitter සේවාව අන්තර්ජාල කෙටි පණිවිඩ සේවය ලෙස හඳුන්වනු ලැබේ.  මෙම සේවය මඟින් එක් පරිශීලකයෙකු ප්‍රකාශයට පත් කරනු ලබන කෙටි පණිවිඩ වෙනත් පරිශීලකයින්ට කියවීමට අවස්ථාව ලැබේ. මෙහි දී දක්නට ලැබෙන සුවිශේෂත්වය වන්නේ එසේ ප්‍රකාශයට පත්කළ හැකි එක් පණිවිඩයක අන්තර්ගත විය හැකි උපරිම අක්ෂර ප්‍රමාණය  140 කට සීමා වීමයි.   YouTube වීඩියෝ හුවමාරු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි. 2005 දී ආරම්භ වූ මෙම සේවය මඟින් ඉතා පහසුවෙන් වීඩියෝ උඩුගත (Upload)  කිරීම සහ ඒවා මාර්ගගතව හුවමාරු කර ගැනීමට පහසුකම් සලසා දෙයි. එසේම අන්තර්ජාලය තුළ සජීවී විකාශ පැවැත්වීම සඳහා ද මෙමඟින් අවස්ථාව ලබා දී තිබේ. වර්තමානය වන විට සෑම රූපවාහීනී නාලිකාවක්ම පාහේ සිය විකාශනය YouTube තුළ පවත්වාගෙන යෑම සිදුවේ.  විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතයට පැමිණීමට පෙර විද්‍යුත් තැපෑල අන්තර්ජාලය තුළ සන්නිවේදන කටයුතු සඳහා භාවිත වූ ප්‍රමුඛ සන්නිවේදන විධික්‍රමයයි. විද්‍යුත් තැපැල් a (E-Mail) සේවා යනු අන්තර්ජාලය ඔස්සේ පුද්ගල සබඳතා පැවැත්විය හැකි ප්‍රධානම ක්‍රමවේදයයි. එනම් පුද්ගලයින් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අන්තර්ජාලය තුළ මෙම තාක්ෂණික ක්‍රමවේදය භාවිතයට ගනියි.  

මෙම සියලුම සමාජ මාධ්‍යයන් මගින් සිදු එසේම නව මාධ්‍ය භාවිතයේ තවත් යහපත් ප්‍රථිපලයක් වන්නේ අධ්‍යපනයි.  එනම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් මෙම නව මාධ්‍ය භාවිතය මගින් සිදු වී ඇත.  පාසල් දරුවාගේ සිටම වැඩිහිටියා දක්වාම ඉගෙනුමට අවශ්‍ය සියලු දේ නව මාධ්‍ය ඔස්සේ සිදු කිරීමට වර්තමානයේ බොහෝදෙනෙකු පෙළඹ වී සිටියි.  එයට ප්‍රධානතම හේතුව වන්නේ නව මාධ්‍යයේ ඇති වේගවත් බවයි.  තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් තමන්ට ඕනෑම වේලාවක ඉතාමත් කෙටිකාලයක් තුළදී ලබා ගැනීමට ඉගනීමට මෙමගින් හැකියාව ලැබේ.  තොරතුරු නව මධ්‍යයේ  ඇති විශාලතම වාසියයි. අන්තර්ජාලය යනු තොරතුරු වල අද්විතීය වස්තුවකි. අධ්‍යාපනයට අවශ්‍ය ඕනෑම තොරතුරක්  අන්තර්ජාලය හරහා ලබා ගත හැකිය. Google,Yaho, Ask, Bing වැනි සෙවුම් යන්ත්‍ර ඒ සදහා සේවය ලබා දෙයි.

අධ්‍යාපනය සදහා වූ  එක් එක් විෂයයන් සඳහා අන්තර්ජාලය තුල දත්ත විශාල සංචිතයක් ඇත. මෙම තොරතුරු ගබඩාව සමඟ ශිෂ්‍යන්ගේ දැනුම වැඩි දියුණු කළ හැකි නමුත් පුස්තකාල වෙත ගොස් සම්ප්‍රධායික ක්‍රම  හරහා කාලය ගත කිරීමකින් තොරව සිදු කළ හැකි පර්යේෂණ සිදු කර ගත හැකිය. අන්තර්ජාලය සමඟ, සිසුන්ට ඔවුන්ගේ තොරතුරු කාලය සොයා ගැනීමට සහ වෙනත් කාර්යයන් කිරීමට ඔවුන්ගේ කාලය භාවිතා කිරීමට හැකි වේ.  එසේම ඔවුන්ගේ පාසල්/විශ්ව විද්‍යාල ව්යාපෘති සඳහා මෙම  තොරතුරු භාවිතා කළ හැකිය.  ඔවුන් උනන්දු වන විෂයයන් පිළිබඳව නව දේවල් ඉගෙන ගැනීමට නව මාධ්‍ය මන පිටුවහලක් වී ඇත.  සැබවින්ම මෙම නව මාධ්‍යට අයත්  අන්තර්ජාලය දැන් බොහෝ ව්‍යාපෘති කිරීමට අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් වී ඇත. විශේෂයෙන්ම මෙහිදී වැදගත් වන්නේ නව මාධ්‍ය ඔස්සේ අධ්‍යාපනයට විශේෂ අවස්ථා සලසා දීමයි. එහිදී ඊ-ඉගෙනුම් සේවය (E-Learning)  පාසල් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් අතර ප්‍රචලිත වූත් ප්‍රමුඛ වූත් සේවයකි. ඊ-ඉගෙනුම යනු, සාම්ප්‍රදායික පන්ති කාමරයකින් පිටත අධ්‍යාපන විෂය මාලාවට ප්‍රවේශ වීම සඳහා විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉගෙනීමයි.  බොහෝ අවස්ථාවන්හීදී, එය සම්පූර්ණයෙන්ම මාර්ගගතව ලබා දෙන පාඨමාලාවක්, වැඩසටහනක් හෝ උපාධියක් ලෙස සැලකිය හැකිය.  දුරස්ථ අධ්‍යාපනය, පරිගණක ගත ඉලෙක්ට්‍රොනික ඉගෙනීම, මාර්ගගත ඉගෙනීම, අන්තර්ජාල ඉගෙනීම සහ අන්තර්ජාලය හරහා ලබා දෙන ඉගෙනීම යන යෙදුම් මේ සදහා යොදා ගැනේ.  ගුරුවරයෙකු හෝ මහාචාර්යවරයෙක් සිසුන් සමඟ අන්තර් ක්‍රියා කිරීම / සන්නිවේදනය කිරීම සහ සිසුන්ගේ  සහභාගීත්වය ශ්‍රේණිගත කිරීම, සිසුන්ගේ පැවරුම් සහ පරීක්ෂණ නිසි පරිදි පවත්වාගෙන (E-Learning)  ක්‍රමයේ  සාර්ථක ක්‍රමයක් බවට  ඔප්පු වී ඇත. මීට අමතරව, සමහර අවස්ථාවන්වලදී කුමක් හෝ යම් හේතුවක් නිසාවෙන් දුරස්ථ අධ්‍යාපනක් සිදුකිරීමට සිදු වුවහොත් නව මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. නිදසුනක් ලෙස වර්තමානයේ ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති COVID-19  වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රටතුල අධ්‍යාපන ක්ෂේත්‍රය බිද වැටීමකට ලක්ව ඇත.  මෙම හේතුව නිසාවෙන් පාසල් මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය දුරස්ථව සිදු කිරීමට ඊ - ඉගෙනුම් සේවය භාවිතා කරයි.  මෙහිදී Zoom App එක හරහා ඉගෙනුම් ක්‍රියාවලියට සම්භන්ධ වීම වඩාත් පහසු වී ඇත. නව මාධ්‍ය භාවිතයේ තවත් යහපත් ලක්ෂණයක් වන්නේ නව මාධ්‍ය ව්‍යාපාර මෙවලමක් ලෙස යොදා ගැනීමයි.  බොහෝ දෙනෙකු අන්තර්ජාලය පරිශීලනය කලද එහි සැරිසරමින් එහි ඇති වාසි තම ප්‍රතිරූපය ගොඩනැගීමට මෙන්ම, තම ව්‍යාපාරය ගොඩනැගීමට භාවිතා කළ යුතු ආකාරය ගැන හරි අවබෝධයක් නොමැත.  ලෝකයේ 97% පමණ අලෙවිකරුවන් දැනට අලෙවි කටයුතු සදහා  නව මාධ්‍ය තුල පවත්නා සාමාජ ජාල භාවිතා කරන අතර දැනට ලෝකයේ 50% පමණ කුඩා ව්‍යාපාර සමාජ ජාල වෙබ් අඩවි භාවිතා නොකරයි. එමනිසා ඔවුනට ලැබෙන්නට ඇති අදායම අඩුකරගෙන ඇති බව අන්තර්ජාල විශේෂඥයන්ගේ මතයයි.  මහා පරිමාණ ව්‍යාපාරයක සිට ස්වයං ව්‍යාපාරය දක්වා වූ සෑම ව්‍යාපාර හිමිකරුවෙකුටම නව මාධ්‍ය නැතුවම බැරි මෙවලමක් බවට පත් වී ඇත.  විශේෂයෙන්ම නව මාධ්‍ය භාවිතයෙන් තම ව්‍යාපාර ගොඩනාග ගැනීමෙන් පහත වාසි අත් කර ගත හැකිය.

නිපැයුම් වර්ගයේ ප්‍රජා දැනුවත් කිරීම ඉහළ දැමිය හැකිය. Increasing brand awareness

සමාජ ජාල තුලින් ඉතා වේගයෙන් අඩු කාලයකින්, අඩු මුදලකින් නිපැයුම්වල ප්‍රජා දැනුවත් භාවය මෙන්ම ප්‍රතිරූපය ගොඩනැගිය හැකිය. එමගින් නිපැයුම්වලට වටිනාකමක් සහ ගැණුම්කරුවන් සොයාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් වනු ඇත.

වෙබ් අඩවියේ පරිශීලකයන් වැඩිකරගත හැකිය. Increasing traffic

සමාජ ජාල තුල වෙබ් අඩවිය ගැන සදහන් කිරීම මගින් වෙබ් අඩවිය ගැන අන්තර්ජාල පරිශීලකයන් දැනුවත් කළ හැකිය. එමගින් වෙබ් අඩවිය වෙත ඔවුන් කැදවීම හා  ව්‍යාපාරයට ලැබෙන ආදායම වැඩිකරගැනීමට මෙම අලෙවිකරණ තුලින් මහත් රුකුලක් ලැබෙනු ඇති.

වඩා පහසුවෙන් සැපයුම හෝ නිපැයුම් අන්තර්ජාලය තුල අලෙවිකරණය කරගැනීමේ හැකියාව Promoting products and services

මේ වන විටත් විශාල මුදලක් රූපවාහීනි, ගුවන්විදුලි හෝ පුවත්පත් දැන්වීම් වලට යොදවන්නේ නම් එයින් අඩකටත් වඩා අඩු මුදලක් වැයකොට සමාජ ජාල අලෙවිකරණය තුලින් පෙරට වඩා විශාල අලෙවිකරණ පරාසයක් අත්කරගත හැකිවේ. 

ගිණුම් දෙක එකවරම එකම ආයතනයක පවත්වා ගෙන යන්නේ නම්, ක්ෂණිකව පාහේ ගිණුම් අතර අරමුදල් මාරු කළ හැකිය.  පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුම් නිරන්තරයෙන් සමීපව නිරීක්ෂණය කළ හැකි අතර, ඔවුන්ගේ ගිණුම් ආරක්ෂිතව තබා ගැනීමට ඉඩ සලසයි. බැංකු තොරතුරු වෙත පැය 24 පුරාම ප්‍රවේශ වීම මඟින් වංචනික ක්‍රියාකාරකම් කල්තියා හඳුනාගත හැකි අතර එමඟින් මූල්‍ය හානි හෝ අලාභයන්ට එරෙහිව ආරක්ෂක වැටක් ලෙස ක්‍රියා කරයි.  

නව මාධ්‍ය භාවිතයේ තවත් වාසියක් වන්නේ මාර්ගගත සාප්පු සවරියයි. (Online Shopping) එනම් වෙබ් බ්‍රව්සරයක් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා සෙවීම හා මිලදී ගැනීමයි.  මෙහි ඇති ප්‍රධානතම ආකර්ෂණය වන්නේ නිවසින් පිටතට නොගොස් අවශ්‍ය භාණ්ඩ හා මිල දී ගැනීම් පහසුවෙන් සිදු කර ගැනීමට හැකි වීමයි. මෙවැනි සේවා ලබා දෙන ව්‍යාපාරයන් කිහිපයක් නම් WalMart, Best Buy, Sears වේ.  එසේම සමහර සමාගම් තම ව්‍යාපාර කටයුතු වෙබ් අඩවි මගින්ම සිදු කරනු ලබයි. උදා: ඇමසන් , ටයිගර් ඩිරෙක්ට් සහ නිව්ඊග් ඔවුන්ගේ ව්‍යාපාරය තනිකරම මාර්ගගතව පවත්වයි.  මීට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලE- Channelling  සේවාවද,  ප්‍රවාහන ක්ෂේත්‍රය තුල E-Ticketing සේවාවද නව මාධ්‍ය තුලින් ලැබෙන විශාල ප්‍රතිලභන්ය.

සඳු පූර්ණිමා...

(ඡායා රූප හා මුලාශ්‍රයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

2 comments:

Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...