ආහාර මිල ඉහල යාම නිසා උද්ගතවන ගැටළු හා ඒ ඒ කෘෂිකාර්මික සමාජ විසින් ගනු ලබන විකල්ප උපාය මාර්ග.
අත්‍යවශ්‍ය අහාර මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන්ගේ මිලට ගැනීමේ ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය පහළ යයි. එබැවින් ගෘහස්ථ මට්ටමේ ද කෘෂිකාර්මික ජන සමාජයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එයට ප්‍රතිචාර වශයෙන් ඒ ඒ කෘෂි සමාජවල ගෘහ ඒකක විසින් විකල්ම උපාය මාර්ගික යාන්ත්රනයක් (Coping machanism) අනුගමනය කරනු ලැබේ. එම උප ප්‍රධාන මාර්ග වශයෙන් ස්වරූප දෙකකි.
01. සෘජු උපාය මාර්ග.
02. වක්‍ර උපාය මාර්ග.
සෘජු උපාය මාර්ගවලදී ආහාර පරිභෝජනයේ ප්‍රමාණය සහ ප්‍රමිතිය පහළ යන අතර වක්‍ර උපාය මාර්ගවලදී ආහාර පරිභෝජනය වෙනුවෙන් පවතින වෙනත් වත්කම් පහළ යාමෙන් ඔවුන්ගේ සමස්ථ ජීවන මට්ටම පහළ වැටේ.
මෙහිදි කෘෂිකාර්මික සමාජ මුහුණපාන ලද ප්‍රධාන අපහසුතා ලෙස,
ආහාර මිල ඉහල යාම.
අපහසුතාවය හා සෞඛ්‍ය පහසුකම් නොමැතිකම, අසනීප තත්වයන්.
වැටුප් අඩුවීම/රැකියාව යෙදෙන දින ගණන අඩුවීම.
ණය පියවීම.
ආරක්ෂාව/සොරබිය.
අයහපත් කාළ ගුණය.
විදුලිය නොමැතිවීම.
දැක්විය හැකි වේ. මේවා සඳහා කෘෂිකාර්මික සමාජයන් ගෙන ඇති විකල්ප ක්‍රියාමාර්ග පහත ලෙස දැක්විය හැකි වේ.
මෙහි ප්‍රධාන සාධකයක් වන ආහාර මිල ඉහල යාම නිසා ඇතිවන අපහසුතාවය හමුවේ එයට හඩගැස්ම සඳහා ඒ ඒ කෘෂි සමජවල ගෘහ ඒකක විසින් අනුගමනය කෙරේ. මෙහිදී මිලෙන් අඩු ආහාර ප්‍රමාණයන් හා ආහාර වර්ග තෝරා ගැනීමට පෙළඹේ. එමෙන්ම මිලට ගන්නා ආහාර ප්‍රමාණයන් අඩු කිරීම ද සිදුවේ. ඒවාට අමතරව ණය පදනම මත ආහාර මිලට ගැනීමට ද කටයුතු කරයි. තවද ඇතැම් කෘෂි ගෘහයන් මිතුරන් හෝ නෑදෑයන් මත යැපේ.
මේ ආකාරයට පොදුවේ ගත් කළ ගෘහ ඒකකයන් වල ආහාර මිල ඉහල යාම නිසා පහත සඳහන් උපායමාර්ග ලබාදී ඇත.
01. ආහාරවල දිනපතා ගන්නා ආහාර අඩුවීම.
02. කුඩා ළමුන් වෙනුවෙන් වැඩිහිටියන් ආහාර පරිභෝජනය සීමා කිරීම.
03. සෞඛ්‍ය වියදම් අඩු කිරීම.
04. ඊළග කන්නයට තබාගත් බීජ පරිභෝජනය
05. පොහොර, කෘෂිකාර්මික, සත්ව භාෂක වියදම් අඩු කිරීම.
06. වැඩි වශයෙන් බෝග වගා කිරීම (තම පරිභෝජනය සඳහා බටු, මිරිස්, ගෝවා යන අදීය වගා කිරිම.
මේ ලෙස ආහාර මිල ඉහල යාම කෘෂිකාර්මික ජන සමාජවල ආහාර සුරක්ෂාව තහවුරු කිරීමට අපහසු වන බවක් දක්නට ඇත. මෙහිදී දියුණු වෙමින් පවතින වෙනත් රටවල් දෙස අවධානය යොමු කිරීමේදී (උදා: කාම්භෝජය, බංගලාදේශය) වැනි රට තුල ආහාර මිල ඉහල යාම නිසා පාසල් ළමුන් අධ්‍යාපනයෙන් ඉවත් කර වෙනත් ආදායම් මාර්ගවලට යොමු කර ඇත.
ශ්‍රී ලංකාව තුළ ද රජය මගින් ලබා දෙන පහසුකම් ලබා දීම හේතුවෙන් ද ව්‍යවස්ථාපිත නීති රීති හේතුවෙන් එවැනි දේවල් සිදු කිරීම අවම වී ඇති අතර දිළිදු ගෘහ ඒකක වල ළමුන් තවමත් දෛනික ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.
සඳු පූර්ණිමා...



good post
ReplyDelete