Saturday, October 1, 2022

COVID - 19 හමුවේ මාධ්‍ය භූමිකාව

 


කොරෝනා වෛරස්  රෝගය යනු 2019 දෙසැම්බරයේ සිට හුබෙයි පළාතේ වුහාන් හි පැතිරෙන වෛරස් නියුමෝනියා රෝග පොකුරකි.  මෙන්ලන්ඩ් සෞඛ්‍ය බලධාරියාගේ පරීක්ෂණයට අනුව, නව කොරෝනා වෛරසය එහි රෝග කාරකය  බව සොයාගෙන ඇත.

COVID - 19  හි වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ උණ, විඩාව, වියලි කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවයයි.  නාසය සිරවීම, හිසරදය, කොජන්ටිවිටිස (ඇස් රතු වීම), උගුරේ අමාරුව, පාචනය, රසය හෝ සුවඳ නොදැනීම, සමේ දද  හෝ ඇඟිලි හෝ පාගිලි දුර්වර්ණ වීම වැනි රෝග ලක්ෂණ වේ.  සමහර අයට රෝගය ආසාදනය වී ඇති නමුත්  ඇත්තේ ඉතා මෘදු හෝ විශේෂිත නොවන රෝග ලක්ෂණ පමණි.   ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, රෝගීන්ගෙන් 20 පමණ හුස්ම ගැනීමේ අපහසුතාවය සමඟ බරපතල රෝගාබාධ ඇතිවිය හැකිය.  වැඩිහිටි වයස්වල  හෝ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට (උදාහරණ: අධි රුධිර පීඩනය හෘද  හා පෙනහලු ආබාධ, දියවැඩියාව හෝ පිළිකා) රෝගය බරපතළ වීමට වැඩි අවදානමක් ඇත.

වෛරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ ශ්වසන ජල බිඳිති හරහා වන අතර එය ස්පර්ශය හරහාද සම්ප්‍රේෂණය කළ හැකිය.  බොහෝ ඇස්තමේන්තුවලට අනුව පූර්ව රෝග ලක්ෂණ මතු වීමට ගතවන කාලය දින 1 සිට 14 දක්වා වන අතර සාමාන්‍යයෙන් දින 5ක්  පමණ වේ.  මේ වනවිට බිහිසුණු වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් වසංගතයට මුල් වූ නව කොරෝනා වෛරසයෙහි ආරම්භය සිදු වූයේ කෙසේද? මෙය මේ වනවිට විශාල වශයෙන් වාද විවාදවලට මාතෘකා වී ඇති කාරණයකි.  චීනයේ වූහාන් නුවරින් මුලින්ම පැතිරෙන්නට පටන් ගත් මෙම වෛරසය වවුලන්ගෙන් මිනිසුන් අතරට ආ වෛරසයක් බව වෛරසවේදීන් බහුතරයකගේ අදහසයි.  ඇතැම් විට එය සෘජුවම වවුලන්ගෙන් මිනිසුන්ට බෝ නොවී වෙනත් අතරමැදි සත්ත්ව විශේෂයක් හරහා මිනිසුන් අතරට පැමිණියා වන්නට පිළිවන් බවත් ඇතැම් විශේෂඥයෝ පවසති. මේ අතර තවත් ඇතැමුන් පවසන්නේ මෙය චීනයේ වූහාන්හි වෛරස පිළිබඳ පරීක්‍ෂණාගාරයකින් පිටතට කාන්දු වූ වෛරසයක් විය හැකි බවයි. මුල් ආසාදිතයින් හමු වූයේ වූහාන් හි මාළු වෙළෙඳසලකින් බව ප්‍රකාශ වුවද රෝහල්ගත කරන ලද පළමු ආසාදිතයින්ගෙන් ඇතැමුන්ට මාළු වෙළෙඳසල සමග කිසිදු සම්බන්ධයක් තිබී නැති බවක් ඇතැම් අධ්‍යයන වාර්තාවල පලවී තිබිණි. කොරෝනා වෛරසය සතුන්ගෙන් බෝ වූ වෛරසයක් නොවිය හැකි බවට අදහස් ඉදිරිපත් වන්නේ මෙම පසුබිම තුළයි.

COVID - 19  වසංගතය ජනමාධ්‍ය කලාවේ නැවත ඉපදීමකට මඟ පාදා තිබේ. මිනිසුන්ට, සමාජයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට විශ්වාසදායක තොරතුරු තීරණාත්මක වන්නේ මන්දැයි ජනමාධ්‍ය කලාව මේ මොහොතේ පෙන්විය යුතුය. සත්‍යයේ හොඳම පුනරූපණය අත්විඳීම පිණිස සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයක් මේ යුගයේ අවශ්‍යතාව බවට පත්ව තිබේ. ඒ අවශ්‍යතාව වටහා නොගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ සෞඛ්‍ය ගැටලු, කලබල සහ කැළඹීම් සමාජ ගතකරමින් මහජන උද්වේගය ඇති කරන ඩිජිටල් වෛරසයක් බවට ජනමාධ්‍ය පත්වීම පමණකි.  මෙම වසංගතයත් සමග සමාජයේ ඇතිවන ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ජන මාධ්‍ය ආයතනවලින් ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලා සිට ඇත්තේ ජනමාධ්‍යන්ගේ හැසිරීම වඩාත් යහපත්දායක අයුරින් පැවතිය යුතු බවයි.  ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරිය සිය අත්සනින් යුක්තව මාධ්‍ය ආයතන ඇමතු ලිපිය පිලිබදව පැවසුවේ කරුණු සහිත විමර්ශනයකින් අනතුරුව එවැනි ඉල්ලා  සිටීමක් සිදුකිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත තීරණය කල බව සහ සහේතුක බවයි.  ඇය පවසන පරිදි මෙම ලිපිය මාධ්‍ය ආයතනය අමතා නිකුත් කල විගස මහජනයාගෙන් පැසසුම් සහගත ප්‍රතිචාර ලැබුණි.  ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරිය ශානිකා ශ්‍රියානන්ද ඇමතු එක පුරවැසියෙක් තමන්ගේ පුද්ගලික අත්දැකීම ලෙස සදහන් කර තිබුනේ රෝගීන් පමණක් නොව රෝගය වලදී ඇතිදැයි නිර්ණය කර ගැනීම පිණිස පරීක්ෂාවට භාජනය වන තැනැත්තන් පවා රුපවාහිනී නොමනා ග්‍රහණයට හසුවූ බවයි.  මෙය කිසිසේත්  සිදු නොවිය යුතු දෙයකි.  මෙම හේතුව නිසා 2020 මාර්තු 23 වෙනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘතීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘතීය  සමිති සම්මේලනය, දමිල මධ්‍ය එකතුව ද ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සියලු මාධ්‍ය ආයතන හිමිකරුවන් ප්‍රධානීන් වෙත

, COVID - 19  ගෝලීය වසංගතයට  එරෙහිව ජන මාධ්‍ය වගකීම පිළිබද විද්‍යුත්  හා මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන් හා ප්‍රධානින් වෙත “ යන මැයෙන් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ ද කොරෝනා  පුවත් වාර්තා කරණයේදී භාවිතා කළ යුතු මුලික නිර්දේශ ඇතම් මාධ්‍ය ආයතන විසින් නොසලකා හරිමින් කටයුතු කිරීම එහි ආරම්භක සමයේ සිට ම කල එළි බසින්නට වීමත් සමගය.  එහිදී මෙම ව්‍යසනකාරී අවස්ථාවේ දැඩි ලෙස සැලකිලිමත් විය යුතු සහ ක්‍රියාත්මක කලයුතු කරුණු කිහිපයක් මාධ්‍ය ආයතන හිමිකරුවන් හා ප්‍රධානින් ගේ අවධානයට යොමු කිරීම එම සංවිධානවල අපේක්ෂාව විය.  මාධ්‍ය ආයතනවල  වෙබ් අඩවි සහ සෙසු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත විසිරණය වන පුවත් කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වගවීම කෙරෙහි සැලකිලිමත් වීමද සිදුවීම් වාර්තාකරණයේදී ය සමාජ වගකීමෙන් බැහැර නොවීම කෙරෙහි මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැදගත්කම ද මෙම ලිපියෙන් අවධාරණය කර තිබිණි. කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ තැනැත්තන් පිළිබද වාර්තා කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු නොකිරීම නිසා සෞඛ්‍ය අංශවලින් සිදුකරන පරීක්ෂණවලට ඉදිරිපත් වීමේදී මහජනතාව පසුබෑමට පත්විය හැකියි යන අදහස නිසා  කොරෝනා වෛරස් ව්‍යාප්තිය  සම්බන්ධ පුවත් වාර්තාකරණයෙදී ජනතාව තුළ වෛරය ඇතිවන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය සේවා අංශ මාධ්‍ය ආයතනයන්ට දැනුම් දී ඇත.  එහෙත් කොරෝනා පුවත් වාර්තාකරණදී  සැලකිලිමත් විය යුතු මූලික නිර්දේශයන් ඇතැම් මාධ්‍ය ආයතන විසින් නොසලකා හැරීම හේතුවෙන් රෝගය ආසාදිත රෝගීන් සමාජයෙන් කොන් වීමට ඇති බියෙන්වෛද්‍ය ප්‍රතිකාර නොගෙන සැඟවී සිටීමට උත්සාහ කරති.  මෙය එම රෝගීන්ගේ මෙන්ම සමාජ වෙසෙන්නන්ගේද ජීවිතයවලට තර්ජනයකි. COVID - 19  වසංගත තත්ත්වයේදී එයට මුහුණදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට අනුව මාධ්‍ය ආයතන මගින් COVID - 19  සම්බන්ධ වාර්තාකරණයේදී පහත සඳහන් නිර්දේශ භාවිතා කරන මෙන් සියලුම මාධ්‍ය ආයතනයන් වෙත දැනුම් දී ඇත.

  • සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් නිකුත්කළ COVID - 19  සම්බන්ධ වාර්තාකරණයේදී ජනමාධ්‍ය විසින් භාවිතා කළ යුතු නිර්ණායකයන්. 

  • සැමවිටම කොවිඩ් 19 සම්බන්දව වාර්තා කිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මූලාශ්‍රය පමණක් භාවිතා කිරීම. 

  • නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්/රෝගීන් සහ මරණ වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය හා ආගම් සඳහන් නොකිරීම. 

  • වෛරසය ආසාදිත පුද්ගලයන් රෝගීන් මිස අනික් අයට රෝගය පතුරවන පුද්ගලයන් ලෙස හැඳින්වීමෙන් වැළකීම. 

  • අවදානමේ ප්‍රමාණය තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කර වාර්තා කිරීම. 

  • විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමෙන් වැළකීම.  නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් හා රෝගීන් ගේ ඡායාරූප/වීඩියෝ පට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වැළකීම. 

  • මියගිය අයගේ අවසන් කටයුතු පිළිබද සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කර පෙන්වීම. 

  • ජනතාව තුල වෛරය ඇතිවන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වැළකීම. 

  • මෙම කොවිඩ් 19 තත්ත්වය ජන මනසට ආතතිය හා ඉච්ඡා භංගත්වය ඇතිවන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙක අතර සහයෝගය ඇතිවන ලෙස පුවත් සහ දැනුවත් කිරීම් ලබාදීම.

අසත්‍ය තොරතුරු සමාජගත වීම හේතුවෙන් සෞඛ්‍ය ගැටළු කලබල සහ කැළබිම්  ඇතිවීමට තිබෙන ඉඩකඩ මෙන්ම මතු විය හැකියි.  මහජන උද්වේගය පිළිබඳ වැදගත් අවධානයට ගෙන  මෙම වසංගත සමයේ ජනමාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය පවා අදහස් පළකර ඇත. රාවය  විකල්ප පුවත් පතෙහි කතුවරයාව සිටි ජනමාධ්‍යයේ ප්‍රවීණයකු හා ජ්‍යෙෂ්ඨකුද වන වික්ටර් අයිවන් වරක් ප්‍රකාශ කළේ,  ශ්‍රී ලංකාවේ වඩාත් ජරාජීර්ණ තත්ත්වයකට පත්ව ඇති ක්ෂේත්‍රය ජනමාධ්‍ය බවයි “ ජනමාධ්‍ය නිදහසට මුවාවී ස්වකීය සමාජ වගකීමෙන්  බැහැර වීමට නොහැකි බව සියලු මාධ්‍ය ආයතන වටහා ගත යුතු බව ඔහුගේ අවධාරණය යි.  යම් රෝගයකින් පෙළෙන තැනැත්තෙකුට ස්වකීය පෞද්ගලික හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය මෙන්ම මාධ්‍ය ඒ සම්බන්ධ වාර්තාකරණයේ දී සදාචාරාත්මකව කටයුතු කළ යුතුය යන්න දීර්ඝ කාලයක් තිස්සේ එච්.අයි.වී ඒඩ්ස් වැනි රෝග සම්බන්ධ වාර්තාකරණයන්ට අදාලව පවා මෙරට මාධ්‍ය දත යුත්තක් බව ජනමාධ්‍ය සමාජය දැනුවත් කර තිබේ.  කොරෝනා පුවත් වාර්තාකරණයේ දී භාවිතා කළ යුතු මුලිකම නිර්දේශ පවා නොසලකා හරිමින් කටයුතු කිරීමේ මහන්තත්ත්වයක් ආරෝපණය කර ගන්නට ශ්‍රී ලංකාවේ බොහෝ ජනමාධ්‍ය එඩිතර වී ඇත්තේ තමතමන්ගේ මාධ්‍ය අරමුණු විවිධ දේශපාලන න්‍යායන් සමග ඇති වී ඇති ගිවිසුම් නිසා වන්නට පුළුවන් හැකි බව කිව හැකිය.  කොරෝනා වෛරසය ආසාදිතයන් සමග සමීපව රාජකාරියේ නිරත වන්නට සිදුවීම නිසා එහි ගොදුරු බවට පත් වූ නාවික හමුදා සෙබළුන් හා බැඳුණු පුවත් ත්‍රාසජනක කතා හැටියට පෙන්වීමේ ජන මාධ්‍ය ක්‍රියාන්විතවල ප්‍රතිපලය වූයේ වරෙක මේ මාධ්‍ය මගින්ම රණවිරුවන් ලෙස උත්කර්ෂයට නැංවූ පිරිසක් එක රැයකින් වගකීම් විරහිත රෝගීන් පිරිසකගේ තත්ත්වයට පත්කරනු ලැබීමයි.  තවත් අවස්ථා රැසකදී රෝගයට ගොදුරු වූ බව නිශ්චිතව තහවුරු නොවූ පිරිස් පවා ආගිය ඇසුරු කළ තැන් අනවසරෙන් හා අවශ්‍යතාවයෙන් තොරව අනාවරණය කළ මාධ්‍ය “ මාව වීඩියෝ කරන්නට එපා“ යැයි  කරන ඉල්ලීම් පවා නොසලකා හරිමින් වාර්තා කල අවස්ථා විවිධ මාධ්‍යන් ඔස්සේ දැක බල ගැනීමට හැකියාව තිබුණි. මේ බොහෝමයක් සිදුවීම්වලට අදාළව මාධ්‍ය කැඳවා ගත්තේ රාජ්‍ය නිලධාරීන්ම  බැව් සඳහන් මතයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ජන ගතවෙමින් තිබුණි.  එය එසේ වුවත් අගති විරහිත මාධ්‍යකරණයෙන් බැහැර සාධාරණ හැසිරීමක්  සතු වගකීම භාරගත යුත්තේද  ජනමාධ්‍යම වේ.  මෙම වසංගතය හමුවේ  ජනමාධ්‍යයන්ගේ නොමනා හැසිරීම පිළිඹිඹු කරන තවත් අවස්ථාවක් වූයේ ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා මරණය වාර්තාවිඉමත් සමගය.  එනම් එම රෝගියා  යාපනයේ මංගල උත්සවයකට සහභාගී වූ තැන් ඇතුළු සියල්ල මාධ්‍යන් ඔස්සේ පෙන්වන අතර රෝගය බෝකරන්නේ ක් ලෙස ඔහුට වක්‍රව චෝදනා කිරීමට මාධ්‍ය ක්‍රියා කළේය.  එනම්  සෞඛ්‍ය අංශය නිශ්චිත අදහසක් ප්‍රකාශ කර නොතිබියදීය.  එසේම පෞද්ගලිකත්වය  ආක්‍රමණය කරමින් රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් පවා අපහසුතාවයට පත් කිරීම තුලින් ඇතිවූ බියකරු ප්‍රතිඵලය වූයේ ඔවුන් සමාජය තුළ ප්‍රතික්ෂේපයට ලක්වීමයි.  මෙලෙස රෝගීන්   මාධ්‍ය ගොදුරක් බවට පත්වීම නිසා ජනතාව සෞඛ්‍ය පරීක්ෂණවලට සහය නොදී වසන්ව සිටීමට උත්සාහ ගැනීම සමාජයටම තර්ජනයක් යයි කිවයුතුය.  ඇතැම් අවස්ථාවල මාධ්‍යන් කොරෝනා රෝගීන් පිළිබඳව වාර්තා කිරීමේ දී අහේතුකවම  ඔවුන්ගේ ජාතිකත්වය සඳහන් කිරීම මගින් ජාතීන් අතර අනවබෝධය වර්ධනය වීමේ අවදානමක් ද පැවතුණි.  ඇතැම් ජාතිකක්  හිතාමතා වාහකයෙකු බවට පත් වූ ආකාරය මාධ්‍ය වාර්තා වලින් ජනගත කිරීමට ද නොමනා මාධ්‍යවේදීන් උත්සාහ දැරුවේය.  මෙය මාධ්‍ය සදාචාරය සේම සමාජ සදාචාරයට පටහැනි බව කිව හැකිය.  එසේම ඇතැම් මාධ්‍යවේදීන් සහ වෙනත් පිරිස් රජයේ සංඛ්‍යා අංශවල නිල වශයෙන් තහවුරු නොකළ ආරංචි පවා පළ කිරීමට ක්‍රියා කිරීම නිසා ජනතාව අතිශයෝක්තිය  විශ්වාස කිරීමට පෙළඹේ.  මෙවැනි පසුබිමක ජනතාව සත්‍යයෙන් බැහැර වීමට ඇති ඉඩකඩ ඉහළ යන බව පෙනී යයි.  කොරෝනා වසංගත පුවත් වාර්තා කිරීමේදී රෝගය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් ගේ මෙන්ම නිරෝධායනය වන ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල්වල රූපරාමු බලහත්කාරයෙන් රූගත කළ කැමරා කණ්ඩායම් පිළිබදවද පසුගිය සමයේ සමාජයේ දැඩි විරෝධයක් පැවැතිණි.  ජනමාධ්‍ය හා අධ්‍යාපන සඳහා වූ මධ්‍යස්ථානය මාධ්‍ය ආයතනවලින් හා ජනමාධ්‍යවේදීන් ගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා වසංගතය වාර්තා කිරීම සඳහා ලබා දී ඇති උපදෙස් වලට ගරු කරන ලෙසයි.  මෙලෙස ව්‍යාකූලත්වයක් ඇති කිරමින්, විවිධ වාර්ගික ජන කණ්ඩායම්වලට අපකීර්තියක් ඇති කරමින් හා රෝගීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයද අවදානමට ලක් කරමින් බලධාරීන් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුගමනය නොකර සමහර මාධ්‍යවේදීන් කටයුතු කරන අතර වසංගතයක් තුළ වාර්තා කිරීම අපහසු කාර්යයක් වුවත් බොහෝ හොඳ මාධ්‍යවේදීහු මහජනතාවට පැහැදිලි සංක්ෂිප්ත හා යාවත්කාලීන තොරතුරු ලබාදීමට අවදානම නොසලකා කටයුතු කරන බවද කිව හැකිය.

මිනිසුන්ට, ප්‍රේක්ෂකයන්ට, ශ්‍රාවකයින්ට, සමාජයට හා ප්‍රජාතන්ත්‍රවාදයට විශ්වාසදායක තොරතුරු තීරණාත්මක වන්නේ මන්දැයි ජනමාධ්‍ය කලාව මේ මොහොතේ පෙන්විය  යුතුය.  මෙකී යලි ඉපදීම  සුබදායක වන්නේ මූලික ජන මාධ්‍ය ආචාර ධර්මවලට නැතහොත් මාධ්‍ය ප්‍රතිපත්තිවලට ගරු කරන තත්ත්වයක් තුල ජනමාධ්‍ය හැසිරීම සිදුවන්නේනම් පමණි.  කිසියම් ජන මාධ්‍යක් සමාජය හමුවේ ක්‍රියාත්මක විය යුතු ආකාරය මාධ්‍ය ප්‍රතිපත්ති මගින් අවධාරණය වන අතර ජනමාධ්‍ය හා සමාජ බලපෑම, සමාජ අවශ්‍යතාව මෙන්ම සමාජයක් දිශාගත විය යුතු ආකාරය මාධ්‍ය ප්‍රතිපත්ති මගින් සාකච්ඡාවට ගැනේ.  සත්‍ය වාර්තා කිරීම පිළිබඳ ප්‍රතිපත්ති, නිරවද්‍යතාවය, අවංක කම, යුක්තිගරුකභාවය මහජන රසඥතාව, අධ්‍යාපනය හා සුභ සාධනය, පිළිබඳ ප්‍රතිපත්තිය,සදාචාර භාවිතය ආචාරධාර්මික බව, නිදහස හා නීතිමය ව්‍යවහාර පාරිභෝගික රුචිකත්වය ග්‍රාහකයාගේ වරණීය සංජානනය හැසිරවීමට අදාල ප්‍රතිපත්ති විශාල ප්‍රමාණයක් පවතී.  මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන් බොහෝවිට හිතාමතාම හෝ නොදැනුවත්ව හෝ වෙනත් බලාධිකාරිත්වයන්ගේ බලපෑම මත මාධ්‍ය ප්‍රතිපත්ති මතක හැරීම ගැටලු සහගත වී තිබේ.  ජන මාධ්‍යට නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති බවට චෝදනා එල්ල වන්නේ එම නිසාය.  මාධ්‍ය වැඩසටහන්කරණය හා ඉදිරිපත් කිරීම් ආදියේ දී සිදුවන ප්‍රතිපත්තීන් නොතකා හැරීම ද ගැටලුවකි.  අනවශ්‍ය තරගකාරීත්වය හා වාණිජවාදී භාවිතය නිසා මාධ්‍ය වල මානුෂීය හෝ සංස්කෘතික හා සදාචාරය ප්‍රතිපත්ති ගැන සැලකිලිමත් වීමට සීමා පැනවී ඇත.  කෙසේ වෙතත් යම් රටක ජනමාධ්‍යය ප්‍රතිපත්තිමය වශයෙන් පෝෂණය වීම මගින්, වඩාත් ප්‍රමිතියක් සහිත උසස් මෙන්ම ජනතා හිතවාදී මාධ්‍යයක් පවත්වාගෙන යාමට හැකි වන බව පැහැදිලි වේ.  විශේෂයෙන් ජන මාධ්‍ය ප්‍රතිපත්තිවලට ගරු කරමින් කටයුතු කිරීම වත්මන් ශ්‍රී ලාංකේය මාධ්‍ය භූමිකාවට බෙහෙවින් අදාල වන කරුණකි.  සත්‍යයේ නිශ්චිත පැතිකඩ අත්විඳීම පිණිස සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වයක් මේ යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ.  ඒ අවශ්‍යතාව වටහා නොගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ අදහස්, හැඟීම්, විකෘති කරුණු, පටු මාන හා කටකතා සමඟ මුසුවී වැරදි තොරතුරු සමාජගත කරන, සෞඛ්‍ය ගැටළු, කලබල, කැළඹීම් හා මහජන උද්‍යෝගය ඇති කරන ඩිජිටල් වෛරසයක් වීම පමණි.


සඳු පූර්ණිමා...

(ඡායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

සමාජ මානව විද්‍යාවේ ආරම්භය


යුරෝපා සමාජය තුළ ප්‍රථමවරට එනම්ද හසයවන, දාහත්සවන සියවස්වලදී  සමාජ මානව විද්‍යාව විෂයක් ලෙස වර්ධනය වීම දැක ගත හැකි විය. එය විෂයක් ලෙස ආරම්භ වීමට බල පෑ සමාජ සංස්කෘතික හා දේශපාලනික පරිසරය එකල යුරෝපා සමාජයේ ගොඩ නැගෙමින් තිබූ බවට සාධක ඇත. එහෙත් වඩාත් සංවිධානාත්මක ලෙස එම වර්ධනය දැක ගත හැකි වුයේ දහඅටවන සියවසේදී පමණය. එනම් විශේෂයෙන්ම සමාජ මානව විද්‍යාවේ ඉතිහාසය පැහැදිලිවම ආරම්භ වී තිබුනේ දහඅටවන සියවසේදීය. මිනිසා හා සමාජය පිළිබඳව මානව විද්‍යාත්මක දෘෂ්ටියකින් කරුණු හැදෑරීමට මේ කාලයේ සිටි දාර්ශනිකයන් හා ඉතිහාසඥයන් උත්සුක වීය.  එහිදී මිනිසා හා සමාජය පිළිබඳබඳ තොරතුරු ලබා ගන්නා ලද්දේ දේශ සංචාරකයන්ගේ හා මිෂනාරිවරුන්ගේ වාර්තා ආශ්‍රය කරගෙනය.  මෙම තොරතුරු මානව විද්යාත්මක ලේඛන නොවුනත් මිනිසා හා සමාජය පිළිබඳ මානව විද්‍යාත්මක දෘෂ්ටියෙන් කරුණු හැදෑරීමට කදිම පසුතලයක් සපයා දෙන ලදී. 

එහිදී දැක්විය හැකි ප්‍රබල සිදුවීමක් ලෙස කාර්මික විප්ලවය හැඳින්විය හැකියග කාර්මික විප්ලවයේ නව සොයා සොයාගැනීම් හා තාක්ෂණික දියුණුව නිසා මුළු ලොව පුරාම සංචාරය කොට විවිධ සමාජ ක්‍රම දැන කියා ගැනීම්ට යුරෝපීන්ට හැකියාව ලැබුණු අතර මෙමගින් මුළු යුරෝපා සමාජයම ප්‍රබල වෙනසකට ලක්විය. එහිදී යුරෝපිය පාලකයන් තමන් යටතේ තිබූ යටත් විජිතවල සමාජ සංස්කෘතික හා ආර්ථික තත්වය තේරුම් ගැනීමට විවිධ ජන කොටස්, ගෝත්‍රික සමාජ, විධ දේශගුණික තත්ත්වයන් ගැන ගවේෂණය කිරීමට උනන්දු විය. එම නිසා යටත් විජිත පාලන ප්‍රත්පත්ති වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට ඔවුනට හැකි වුනි. මෙම තත්වය සමාජ මානව විද්‍යාවේ ආරම්භය ලෙස දැක්විය හැක. මෙවැනි පසුබිමක් මානව විද්‍යාවට තිබූ හෙයින් බටහිර අධිරාජ්‍යවාදයේ දියණිය ලෙස ඇතැම් විචාරකයන් අර්ථ දක්වා ඇත. 

එසේම යුරෝපිය පුනරුද ව්‍යාපාරය ද සමාජ මානව විද්‍යාව විෂයක් ලෙස වර්ධනයට බලපෑ තවත් කරුණකි. එනම් අලුත් ජනාවාස සොයා ගැනීම්, අලුත් මතවාද කරා ජනතාව ඒකරාශී වීම, පල්ලියේ ආධිපත්‍යට අභියෝග එල්ල වීම වැනි සිදුවීම්වලින් ආවරණය වූ පුනරුදය නව චින්තනයකට අවශ්‍ය මග සාදා දුනි. එසේම පරිණාමවාදී අදහස්ද සමාජ මානව විද්‍යාව විෂයක් ලෙස වැඩි දියුණු වීමට බලපෑ තවත් කරුණකි. ස්වභාවික විද්‍යාවන්ගේ ඇති වූ දියුණුවද සමාජ මානව විද්‍යාවේ වර්ධනයට තුඩදුන් කරුණකි. විශේෂයෙන්ම ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, කායික විද්‍යාව, භූගර්භ විද්‍යාව වැනි විෂයන් මානව විද්‍යාත්මක සංකල්පවල පෝෂණයට බල පෑ විද්‍යාවන් කිහිපයකි.

සමාජ මානව විද්‍යාව මානවවංශ විද්‍යාව යන නමින් ප්‍රථමවරට 1894 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආරම්භ වූ අතර ආරම්භක මහාචාර්යවරයා වුයේ ඊ.බී. ටයිලර්ය. පසුව 1900 දී පමණ කේම්බි්‍රජ් සරසවියේත්, 1908 දී ලන්ඩන් සරසවියේත් ආරම්භ විය. සමාජ මානව විද්‍යාවේ අභිවර්ධනය ගැන සැලකීමේදී එහිලා ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ බි්‍රතාන්‍ය හා ඇමරිකානු සමාජ විද්‍යාඥයින්ටය. ඊට පසුව ප්‍රංශයේ මොන්ටෙස්කයු, එමිල් ඩුවර්කයිම් වැනි සමාජ විද්‍යාඥයින්ද සමාජ මානව විද්‍යාවට අවශ්‍ය බුද්ධිමය දායකත්වය ලබා දුනි.  මෙලෙස සමාජ මානව විද්‍යාව විෂයක් ලෙස වැඩි දියුණු වෙමින් ශීඝ්‍ර ලෙස වර්ධනය විය.

වර්තමානයේ ලොව පුරා යුරෝපා රටවල මෙම විෂය  ර්‍ණසමාජ මානව විද්‍යාව” ලෙස හඳුන්වමින් අධ්‍යයන කිරීම් සිදු කරන අතර ආසියාතික රටවල මෙම විෂය  ර්‍ණමානව විද්‍යාව” ලෙස හඳුන්වමින් අධ්‍යයන කටයුතු සිදු කරයි. එහිදී යුරෝපයේ ඔක්ස්ෆර්ඩ්, කේම්බි්‍රජ්, ලන්ඩන්, ලිවර්පුල් වැනි විශ්ව විද්‍යාල තුළද ආසියාවේ ඉන්දීය කල්කටා විශ්ව විද්‍යාලය, බොම්බාය විශ්ව විද්‍යාලය ආදියෙහි මානව විද්‍යාව ඉගැන්වීම් ආරම්භ කළ අතර ආසියාතික රටක්වන ශ්‍රී ලංකාවේ මානව විද්‍යා විෂයේ ආරම්භක ගමන් මඟ විමසා බැලීමේදී 1960 වර්ෂයේ මුල් භාගයේ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ කලා පීඨයට නව අධ්‍යයනාංශයක් ලෙස මානව විද්‍යා අධ්‍යයනාංශය ආරම්භ කෙරුණි. ඒ අනුව 2021 අද වන විට ශ්‍රී ලංකාවේ මානව විද්‍යාව විධිමත් අධ්‍යයනයක් ලෙස ආරම්භ වී වසර 60ක් පමණ ගත වී ඇත.
මානව විද්‍යාව යනු කුමක්ද ?
දෙවියන් වහන්සේගේ මැවීමෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසාගේ ආරම්භය හා වෙනස්කම් සැලකීම පැරණි යුරෝපීය සමාජයේ දක්නට තිබූ විශ්වාසයකි. සංස්කෘතිය උසස්තම දේව නිර්මාණ වන අතර සෙසු සංස්කෘතීන් හා ජනතාව වනචාරී මිලේච්ඡ නොදියුණු ලෙසත් හුවා දක්වන ලදී. එහෙත් 18 වන සියවස් පමණ වන විට ස්වභාවික විද්‍යාවන්ගෙන් දියුණුවත් නව පර්යේෂණයන්ගේ අනාවරණයක් නිසා මේ තත්ත්වය වෙනස් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පරිසරය විද්‍යාත්මකව තේරුම් ගත යුතු බවත් මිනිසාගේ පහළ වීම සරල අවස්ථාවකින් පටන් ගෙන ක්‍රමානුකූලව විකාශනය වන බවත් ලෝකයාට පැහැදිලි විය. ඒත් සමගම සමාජ මානව විද්‍යාව විෂයක් ලෙස වර්ධනය වීය. සමාජයේ ආදි මිනිසා බිහිවූයේ කවදාද? මිනිසාගේ ගමන්මග හැඩ ගැසෙන්නේ  කෙසේද? මානවයාගේ අවසානය කොතැනද ආදී වශයෙන් මිනිසා පිළිබඳව සොයා බැලීම, ප්‍රශ්න කිරීම හා පැහැදිලි කිරීම එකම විෂයක්ෂේත්‍රයකට ඇතුළු කර පොදුවේ මිනිසා ගැන අධ්‍යනය කිරීම සමාජ මානව විද්‍යාව ලෙස හඳුනාගත හැකිය. එනම් සමාජ මානව විද්‍යාව මිනිස් ජීවියාගේ සමස්ත ජිවිතයම විද්‍යාත්මක ලෙස අධ්‍යනය කරන විෂයයි. ඉංග්‍රීසි භාෂාවෙන් මානව විද්‍යාව හඳුන්වනු ලබන්නේ Anthropology (ඇන්ත්‍රොපොලෝජි) යනුවෙනි. මෙහි Anthropos  යන වචනය ලතින් භාෂාවෙන් බිඳි ආ වචනයකි. මානවයා හෙවත් මිනිසා යන අර්ථය එහි ගැබ්වී ඇත. Logos යන වචනයද ලතින් භාෂාවෙන් බිඳි ආවක් වන තර එහි අර්ථය වන්නේ විද්‍යාත්මක ලෙස අධ්‍යනය කිරීමයි. ඒ අනුව ග්‍රීක භාෂාවේ "මිනිසා” යන්නට යොදන Anthropos  යන්නත්   "හැදෑරීම” සඳහා යෙදන Logos යන්නත් එකතුවෙන් Anthropology හෙවත් විද්‍යාව” යන වචනය සැකසී ඇත.
මිනිසා පිළිබඳව අධ්‍යනය කිරීමේදී මිනිසාගේ කායික සැකැස්ම හා සමාජ ව්‍යුහය යන දෙඅංශය පිළිබඳවම අවධානය කළ යුතුය. මානවයාගේ ජෛවීය අංශය හා සමාජය අංශය යන දෙඅංශයම අධ්‍යනය කිරීමේදී මානව විද්‍යාඥයින් සමාජ මානව විද්‍යාව  ප්‍රධාන විෂය ධාරා දෙකකට බෙදා ඇත. මානව විද්‍යාව යනු කුමක්දැයි හඳුනා ගැනීමේදී එම විෂය ධාරා දෙඅංශයම පිළිබඳව දැනුමක් තිබිය යුතුය. එනම්,
කායික හෙවත් ජීව විද්‍යාත්මක මානව විද්‍යාව 
සමාජ සංස්කෘතික මානව විද්‍යාව
කායික මානව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උද්භිත විද්‍යාව, සත්ව විද්‍යාව වැනි ස්වභාවික විද්‍යා විෂයන් ආශ්‍රය කරගෙන වැඩි දියුණු වී ඇත. සමාජ සංස්කෘතික මානව විද්‍යාව දර්ශනය, මනෝ විද්‍යාව, දේවධර්මය, ආගම්, භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි සමාජීය විද්‍යාවන් හෙවත් සමාජශාස්ත්‍රයන්ද , භාෂාවන්, ඉතිහාසය, නර්තනය, චිත්‍ර කර්මය, සංගීතය වැනි මානවශාස්ත්‍රද ආශ්‍රය කරගෙන වැඩි දියුණු වී ඇත. මේ අනුව මානව විද්‍යාව, මානවශාස්ත්‍ර, සමාජ ශාස්ත්‍ර හා ස්වභාවික විද්‍යා විෂය ක්ෂේත්‍රවල ඉතාමත් පෘථුල දැනුම් සම්භාරයක් රැස් කරගත් විෂය ධාරාවක් ලෙස අර්ථ දැක්විය හැකිය.


සඳු පූර්ණිමා..
(මූලාශ්‍රයන් සහ ඡායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

ආහාර මිල ඉහල යාම නිසා උද්ගතවන ගැටළු

ආහාර මිල ඉහල යාම නිසා උද්ගතවන ගැටළු හා ඒ ඒ කෘෂිකාර්මික සමාජ විසින් ගනු ලබන විකල්ප උපාය මාර්ග.

අත්‍යවශ්‍ය අහාර මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන්ගේ මිලට ගැනීමේ ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය පහළ යයි. එබැවින් ගෘහස්ථ මට්ටමේ ද කෘෂිකාර්මික ජන සමාජයේ ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීම සඳහා එයට ප්‍රතිචාර වශයෙන් ඒ ඒ කෘෂි සමාජවල ගෘහ ඒකක විසින් විකල්ම උපාය මාර්ගික යාන්ත්‍රනයක් (Coping machanism)  අනුගමනය කරනු ලැබේ. එම උප ප්‍රධාන මාර්ග වශයෙන් ස්වරූප දෙකකි.

01. සෘජු උපාය මාර්ග.

02. වක්‍ර උපාය මාර්ග.

සෘජු උපාය මාර්ගවලදී ආහාර පරිභෝජනයේ ප්‍රමාණය සහ ප්‍රමිතිය පහළ යන අතර වක්‍ර උපාය මාර්ගවලදී ආහාර පරිභෝජනය වෙනුවෙන් පවතින වෙනත් වත්කම් පහළ යාමෙන් ඔවුන්ගේ සමස්ථ ජීවන මට්ටම පහළ වැටේ.

මෙහිදි කෘෂිකාර්මික සමාජ මුහුණපාන ලද ප්‍රධාන අපහසුතා ලෙස,

ආහාර මිල ඉහල යාම.

අපහසුතාවය හා සෞඛ්‍ය පහසුකම් නොමැතිකම, අසනීප තත්වයන්.

වැටුප් අඩුවීම/රැකියාව යෙදෙන දින ගණන අඩුවීම.

ණය පියවීම.

ආරක්ෂාව/සොරබිය.

අයහපත් කාළ ගුණය.

විදුලිය නොමැතිවීම.

දැක්විය හැකි වේ. මේවා සඳහා කෘෂිකාර්මික සමාජයන් ගෙන ඇති විකල්ප ක්‍රියාමාර්ග පහත ලෙස දැක්විය හැකි වේ.

මෙහි ප්‍රධාන සාධකයක් වන ආහාර මිල ඉහල යාම නිසා ඇතිවන අපහසුතාවය හමුවේ එයට හඩගැස්ම සඳහා ඒ ඒ  කෘෂි සමජවල ගෘහ ඒකක විසින් අනුගමනය කෙරේ. මෙහිදී මිලෙන් අඩු ආහාර ප්‍රමාණයන් හා ආහාර වර්ග තෝරා ගැනීමට පෙළඹේ. එමෙන්ම මිලට ගන්නා ආහාර ප්‍රමාණයන් අඩු කිරීම ද සිදුවේ. ඒවාට අමතරව ණය පදනම මත ආහාර මිලට ගැනීමට ද කටයුතු කරයි. තවද ඇතැම් කෘෂි ගෘහයන් මිතුරන්  හෝ නෑදෑයන් මත යැපේ.

මේ ආකාරයට පොදුවේ ගත් කළ ගෘහ ඒකකයන් වල ආහාර මිල ඉහල යාම නිසා පහත සඳහන් උපායමාර්ග ලබාදී ඇත.

01. ආහාරවල දිනපතා ගන්නා ආහාර අඩුවීම.

02. කුඩා ළමුන් වෙනුවෙන් වැඩිහිටියන් ආහාර පරිභෝජනය   සීමා කිරීම.

03. සෞඛ්‍ය වියදම් අඩු කිරීම.

04. ඊළග කන්නයට තබාගත් බීජ පරිභෝජනය

05. පොහොර, කෘෂිකාර්මික,  සත්ව භාෂක වියදම් අඩු කිරීම.

06. වැඩි වශයෙන් බෝග වගා කිරීම (තම පරිභෝජනය සඳහා බටු, මිරිස්, ගෝවා යන අදීය වගා කිරිම.


මේ ලෙස ආහාර මිල ඉහල යාම කෘෂිකාර්මික ජන සමාජවල ආහාර සුරක්ෂාව තහවුරු කිරීමට අපහසු වන බවක් දක්නට ඇත. මෙහිදී දියුණු වෙමින් පවතින වෙනත් රටවල් දෙස අවධානය යොමු කිරීමේදී (උදා: කාම්භෝජය, බංගලාදේශය)  වැනි රට තුල ආහාර මිල ඉහල යාම නිසා පාසල් ළමුන් අධ්‍යාපනයෙන් ඉවත් කර වෙනත් ආදායම් මාර්ගවලට යොමු කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ද රජය මගින් ලබා දෙන පහසුකම් ලබා දීම හේතුවෙන් ද ව්‍යවස්ථාපිත නීති රීති හේතුවෙන් එවැනි දේවල් සිදු කිරීම අවම වී ඇති අතර දිළිදු ගෘහ ඒකක වල ළමුන් තවමත් දෛනික ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.


සඳු පූර්ණිමා...

(සියලුම ඡායාරූප අන්තර්ජාලෙන් උපුටා ගන්නා ලදී)

Wednesday, September 28, 2022

සත්ව සන්නිවේදනය

මිනිසාට මෙන්ම සතුන්ට ද අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය වේ.  මිනිසාගේ මෙන්ම සතුන්ගේ පැවැත්ම සඳහා හේතු වන්නා වූ සත්ත්ව ප්‍රජාව අතර සිදුවන  සන්නිවේදනය සත්ව සන්නිවේදනය (Animal Communication) ලෙස හැඳින්විය හැකිය.  වසර කෝටි 30කට පමණ පෙර ජීවත් වූ ඩයිනෝසරයන් වැනි උරගයන් ක්ෂීරපායි නතර සංවර්ධිත තත්ත්වයක් පෙන්නුම් කර ඇත.  රුධිර සංයුතිය විධිමත් වීම්ත් ස්ථාවර වීම මොළයේ වර්ධනයට බලපා තිබේ.  මෙලෙස  මානව  පරිණාමයට පෙර මුල්ම සන්නිවේදන ස්වරූපය සත්ත්වයින් අතර ක්‍රියාත්මක වී ඇත. මිනිසාට මෙන්ම සත්වයාට ද ඔවුන්ගේ පැවැත්මේ මූලික සාධකයක් බවට සන්නිවේදනය පත්වේ. ඒක සෛලික ජීවින්ගේ සිට බහු සෛලික ජීවීන් දක්වා සෑම සත්ත්ව වර්ගයකටම අනන්‍ය වූ සන්නිවේදනයක් පවතී.  සත්ව සන්නිවේදනය පිළිබඳ පර්යේෂණ කළ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ  මහාචාර්ය නෝමන්, ගෙෂ්වින්ඩ් රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ පීටර් මාලර්, චිකාගෝ විශ්ව විද්‍යාලයේ ස්ටුවට් ඒ අල්ටිමාන්, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පොල් වැට්ශ්ලාවික් යන ආදීහු වැදගත් වේ.  භෞතික හා භෞතික නොවන හෝ කිසියම් අරමුණක් කෙරෙහි යම් සත්වයෙකු උත්තේජනය වීම අනුවර්ථන ආකාරයෙන් සිදුවන්නකි.  මෙම අනුවර්තන කාර්ය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ සත්වය තුළ හට ගන්නා අවශ්‍යතාවයයි.  සත්ත්වය වෙසෙනුයේ නොයෙක් අවශ්‍යතාවයන් හා බැඳීම් වලින් යුක්තවය.  මෙම බැඳීම්වලින් සත්ත්වය හා පාරිසරික සාධක අතර පවතින සමතුලිත බව පිළිබිඹු කරනු ලැබේ.  සෑම සජීවි හා අජීවි වස්තුවකටම යම් කිසි අදහසක් හෝ හැඟිමක් තවත් සතෙකු තුළ ඇති කිරීමට හැකිය.  මෙයට නිදසුනක් ලෙස අධික ලෙස වැසි ඇඳහැලෙන විට ආවරණය වීමට ස්ථානයක් කරා පිටව යෑමත්, යම් සතෙක් භායානක ලෙස කෑගසන විට අපට තිගැස්මක් ඇතිවිමත් දැක්විය හැක.  මෙහි සිදු වී ඇත්තේ සතෙකුගේ හැඟිම් හෝ අදහස් තවත් සතෙකුට ලැබිම තුළින් , එම සත්ත්වයාගේ චර්යාවේ වෙනස් වීමක්, එනම් සතුන් දෙදෙනා අතර සන්නිවේදනයක් සිදු වීඇත. සන්නිවේදනයකදී තොරතුරු ලබාදෙන අය (Sender) හා තොරතුරු ලබා ගන්නා අය (Receiver)ලෙස හඳුන්වන අතර හුවමාරු වනුයේ පණිවිඩයක් හෙවත් තොරතුරක් (Message) ය.  එම පණිවිඩය ගමන් කරන්නේ යම් මාධ්‍යයක් හරහාය.

ලෝකයේ ජීවත්වන වන සත්ත්ව ගණ කිහිපයක් හඳුනාගත හැකිය.  

  • ක්ෂීරපායි  (කිරි බී වැඩෙන)
  • උරග (බඩගායන)
  • පක්‍ෂි (පියාඹන)
  • මත්ස්‍ය 
  • කෘමින්
  • ක්ෂුද්‍ර ජීවීන් 

වශයෙනි.



අප ජීවත් වන මේ ලෝකයේ මිනිසා පමණක් නොව සත්ත්වයන්ද තම එදිනෙදා හැසිරිම් වලදී විවිධ  සන්නිවේදනය  සිදු කරයි .  ඒවගේම තම තමන්ව හදුන්වාදිමට විවිධ සන්නිවේදන ක්‍රමයන් භාවිතා කරයි. 

මිනිසාට සේම සතුන්ටද සුවිශේෂී සන්නිවේදන හැකියාවක් සහජයෙන්ම උරුමව තිබේ.  සතුන්ට තිබෙන හැකියාවන් මිනිසාට නොවේ.  නමුත් සත්ත්ව සන්නිවේදනය  මානව සන්නිවේදනය ඉක්මවා නොයයි මානවයාගේ ප්‍රධාන සන්නිවේදන මාර්ගය භාෂාවයි.  එය සහජයෙන්ම උරුම වුවක් නොවේ.  නමුත් සත්ත්ව සන්නිවේදන ක්‍රම සහජයෙන් උරුම වුවායග  සත්ත්වයෝ විවිධාකාරයෙන් සන්නිවේදනයේ යෙදෙති. ඒ අතුරෙන් සත්ත්ව සන්නිවේදනක්‍රම කිහිපයක් පහත දැක්වේ.

ස්පර්ශ සන්නිවේදනය 
ශබ්ධ සන්නිවේදනය 
දෘෂ්ටි සන්නිවේදනය 
රසායනික සන්නිවේදනය (ෆෙරමෝන්)
චර්යා සන්නිවේදනය
විද්‍යුත් සන්නිවේදනය 
තාප සන්නිවේදනය


ස්පර්ශ සන්නිවේදනය

සත්ත්වයින් අතර පවත්නා මූලිකම සන්නිවේදන ක්‍රමයක් ලෙස ස්පර්ශ සන්නිවේදනය හැදින්විය හැකිය.  බොහෝ සතුන් මෙම සන්නිවේදන ක්‍රමයට ප්‍රතිචාර දක්වන අතර මෙම සන්නිවේදන ක්‍රමය බහුලව දැකිය හැක්කේ අපෘෂ්ඨ වංශිකයින් අතරය.   අපෘෂ්ඨ වංශිකයින් ලෙස හැදින්වෙන්නේ කශේරුකාවක් නොමැති සත්ත්වයින්ය.  මොවුන් සත්ත්ව ඛාණ්ඩ කිහිපයක්   යටතේ වර්ග කෙරේ.  එනම්, නිඩාරියා/සිලින්ටරේටා, ඇනෙලිඩා, මොලුස්කා, ආත්‍රෝපෝඩා, එකයිනොඩර්මේටා වේ.  

අපෘෂ්ඨ වංශීන් අතර ස්පර්ශ සන්නිවේදන ක්‍රමය හා  රසායනික සන්නිවේදන ක්‍රමයද  එකට බැඳි පවති. එම නිසා ඔවුන්ගේ ස්පර්ශ සංවේදි අවයව හා එකට එක්ව රසායනික ප්‍රතිග්‍රාහක ද පවත්වා ගනී. සමහර කෘමි ආකාර ස්පර්ශක සහ රසායනික ප්‍රතිග්‍රාහක දැරීම මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය.  ස්පර්ශක සන්නිවේදන ක්‍රමය සඳහා නිදසුන් ලෙස  පොළව යට සිටින අන්ධ වේයන් වේ ගුහාව තුළදී තම අදහස් හුවමාරු කර ගන්නේ ස්පර්ශක සන්නිවේදන ක්‍රමය භාවිතයෙනි.  එසේම තම සංසර්ග කටයුතු සඳහා පමණක් රාත්‍රී කාලයේදී ගුල් වලින් එලළියට පැමිණෙන බිම් පණුවන් එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගන්නේ ස්පර්ශය මඟිනි. ස්පර්ශ සන්නිවේදන ක්‍රමය භාවිතා කළ හැක්කේ ඉතා කෙටි දුරකදී වුවත් සමහර සතුන් සිය සිරුරේ ඇති උපාංග ආධාරයෙන් තරමක් ඇතට හෝ මෙම  සන්නිවේදනය පවත්වා ගැනීමට උත්සාහ දරයි.  වඳුරන් එකිනෙකාගේ  සිරුරු පවිත්‍ර කර ගැනීමත් ස්පර්ශක සන්නිවේදන ක්‍රමයට නිදසුන් ලෙස දැක්විය හැකිය. 

ශබ්ධ සන්නිවේදනය

සත්ත්ව ලෝකයේ දිවි පැවැත්ම සඳහා ශ්‍රවනය ඉතා වැදගත් වේ.  ශබ්ධයට බොහෝ දුරක් ගමන් කළ හැකි අතර එයට ස්වභාවික වස්තූන් පවා පරයා ගමන් කිරීමට හැකියාව පවතී. එනම් කඳුකර වනාන්තර ආදිය පසුකර යෑමට තරම් ශබ්ධයට හැකියාවක් ඇත.  මෙයට නිදසුනක් වන්නේ අනතුර ඇඟවීමට කුරුල්ලන් ශබ්ධය යොදා ගැනීම, ගොදුරක් වෙත පිය මනින දිවියාගේ ශබ්ධය මත ඉන් දිවි ගලවා ගැනීමට දිව යන මුවාගේ හැසිරීම ගත හැකිය.  ගසක් වැනි ඉහළ ස්ථානයකට නැඟී පක්ෂියෙකු තම වසම් ශබ්ධය නිකුත් කිරීම, එසේම බොහෝ සත්ත්වයින් තම සහකරු හෝ සහකාරී ආකර්ශනය කර ගැනීම සඳහා විවිධ ශබ්ධ නිකුත් කරයි.  විශේෂයෙන්ම මෙහිදී පක්ෂීන් වැදගත් වේ.  

නිදසුන්:

ලන්දේසි ජාතික පක්ෂි ජීව විද්‍යාඥයෙක් වන නිකොලස් ටින්බර්ගන් (Nikolaas Tinbergen) ඔහු කළ පර්යේෂණයක සීබ්‍රා ෆින්ච් (Zebra Finch) යන පක්ෂියාගේ හැසිරීම නිරීක්ෂණය කර තිබූ අතර එහිදී තරුණ සීබ්‍රා ෆින්ච් පළමුව ඔවුන්ගේ විශේෂයේ අසල්වැසි පිරිමි පක්ෂියන්ගේ ගීතවලට සවන්දෙනු ලබන අතර අනතුරුව ඔහු එම ගයන ශබ්ධ පුහුණු වීමට පටන් ගනී.  ඉන් පසුව තරුණ සීබ්‍රා ෆින්ච් තම සහකාරිය ආකර්ෂණය කරගැනීම සඳහා තම ගයන ශබ්ධය උපයෝගිකර ගනී.  එබචින් එම ආකර්ශනය මත ඔවුන්ගේ ප්‍රජනනය කිරීමේ අවශ්‍යතාවය වැඩි කරයි.  

සීබ්‍රා ෆින්ච් නම් පක්ෂියා

එසේම උභය ජීවින් සැලකූ විට සිය ලිංගික සකාරිය තමන් වෙත ගෙන්වා ගැනීමට පිරිමි සත්ත්වයයා විවිධ ශබ්ධ උපයෝගී කර ගනියි.  සමහර උරග විශේෂද සිය ගොදුර ගෙන්වා ගැනීමට ද විවිධ ශබ්ද රටා උපයෝගී කරගනී.

නිදසුන්:
"රැට්ල්" (Rattle)නම් සර්පයා සිය දේහයේ වලිගය කෙළවර වූ රැට්ල් නම් කොටස චලනය කරන අතර එහිදී නිකුත් කරන ශබ්දය ඇසීමෙන් එය වෙත පැමිණෙන කුඩා සත්වයින් ගොදුරු කරගනී.  

ඊට අමතරව පිරිමි කිඹුලන්ද ශබ්දය නිකුත් කරමින් තම සංසර්ග  කටයුතු සඳහා ස්ත්‍රී සතුන් ගෙන්වා ගනී.

එසේම උතුරු ජර්මනියේ රුක් ගැහැණු සතුන් කැඳවීමට මීටර් භාගයක් පමණ ඈතින් සිට විශාල හඬක් නිමුත් කරමින් තම සන්නිවේදනය සිදු කරයි. කෘමීන් සැලකු කළ ඔවුන් තමන්ට අවශ්‍ය තොරතුරු තම වංශයේ අනෙක් සතුන්ට නිකුත් කිරීමට විවිධ ක්‍රම වලින් නිපදවන ශබ්ද උපකාරි කර ගනි.

 

"රැට්ල්” නම්සර්පයා 
නිදසුන්:
තණකොළ පෙත්තන් තමන්ගේ පසු ගාත්‍රා පියාපත් වල ඇතිල්ලීමෙන් ශබ්ධය නිකුත් කරන අතර තමන්ට අවශ්‍ය විවිධ තොරතුරු නිකුත් කිරීම සඳහා මොවුන් එකිනෙකට වෙනස් ශබ්ධ නිකුත් කරයි.  තමන් හා සංසර්ගයට අන් සතුන් කැඳවීමට මෙන්ම තමන් සංසර්ගයේ සිටින බව අන්‍යයන්හට දැන්වීම සඳහාත් මොවුන් ශබ්ද නිකුත් කරයි.  

එසේම සමහර කෘදන්තයින් නැතහොත් මීයන් අධි ධ්වනි තරංග නිකුත් කරමින් තමන් තනිවී සිටින බවත් කුසගිනි ඇති විටෙක අන් අයට ඒ බව දන්වීමටත් තොරතුරු එකිනෙකා අතර සන්නිවේදනය සිදු කර ගනියි.  
මිට අමතරව වානරයින්, බැබුන්, වඳුරන් හා චිම්පන්සියන් යම් උවදුරක් ඇත්නම් ඒ බව තම සගයන්ට දැනුම් දීමට අනතුරු සංඥා දන්වයි. 

නිදසුන්:
විලෝපිකයෙක් ළඟ සිටින විට වඳුරන් අනතුරු ඇඟවීමක් කරයි. අනතුරු ඇඟවීමේ ඇමතුම මගින් හමුදාවේ සෙසු සාමාජිකයින්ට පැන යාමට අවස්ථාවක් ලබා දේ. විලෝපිකයා මත පදනම්ව  "වර්වෙට්”  (Vervet) නම් වඳුරන්ට විවිධ ඇමතුම් ඇත.

ශබ්ධ තරංග ඉතා වේගයෙන් ගමන් කරන මාධ්‍යක් ලෙස ජලය හැඳින්විය හැකිය.  එහිදී මුහුදු ක්ෂීරපායින්ද ජලීය මාධ්‍ය ඔස්සේ තම ශබ්ධ තරංග උපයෝගී කරගනිමින් එකිනෙකා අතර තොරතුරු සන්නිවේදනය ඉතා හොදින් හුවමාරු කර ගනී.
නිදසුන් :
1965 ටී.ජී ලැම් සහ එච්.ඒ.පී. ස්මිත් යන අය "ඩොල්ෆින් ගෝල්ඩ් ෆිෂ් ඇතුළු මත්ස්‍යයින්ගේ චර්යාව” පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර මුහුදේ ජිවත්වන ඩොල්ෆින්ගේ ශබ්ධ තරංග වේග සංඛ්‍යාතය චක්‍ර 3000 - 20000 ක පමණ තරංග සංඛ්‍යාතයක් යොදා ගනිමින් සන්නිවේදනයේ නිරත වේ. එනම් තම වයස, ලිංගික තත්වය යන ආදිය මෙසේ සන්නිවේදනය කරයි. 

එසේම තල්මසුන් සිය ප්‍රජනන සහකාරිය තමන් වෙත කැඳවා ගැනීමට අති ධ්වනි තරංග නිකුත් කරයි. මෙසේ ශබ්ධය උපයෝගී කරගනිමින් තම සන්නිවේදන කාර්යයන් ඉටු කර  ගන්නා විවිධ සත්ත්වයින් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගනියි.

සැබවින්ම මෙම සත්ත්වයින්ගේ සන්නිවේදන ශබ්ධයන් විවිධාකාර ස්වරූපයන් ගනී.  සත්වයින්ගේ සන්නිවේදන ක්‍රම පිළිබඳව සත්ත්ව විද්‍යාඥයින්  විවිධ පර්යේෂනයන් සිදු කර ඇති අතර ශබ්ධ තරංග මඟින් කර ඇති සන්නිවේදනයක් පිලිබඳ එම සත්ත්ව විද්‍යාඥයින්  නිරීක්ෂණය සිදු කර ඇත.  

වසර කිහිපයකට පෙර National Geographic  විද්‍යාත්මක සඟරාවේ පළවූ ලිපියක අලින්ගේ සන්නිවේදනයන් (Communication)  ගැන ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණයක තොරතුරු අනාවරණය කොට තිබුණි.  ඔවුන් දකුණු අප්‍රිකාවේ කෲගර් ජාතික උද්‍යානයේ :වපසරිය වර්ග කිලෝමීටර් 19485) ජාතික උද්‍යානයේ අලින්ගේ අතිධ්වනීය (Ultrasonic)  ස්වර තරංග පටිගත කරන ලදී.  තණ පිට්ටනියේ තැබූ පටිගත කරන උපකරණය (Recorder) දුරස්ථපාලකයක් මගින් ක්‍රියා කරවමින්,  සවස් වරුවේ තණ බිමට අවතීර්ණ වූ අලින්ගේ තරංග පටිගත කළහා.   විද්‍යාඥයින් පිරිස සිටියේ ඈතින් අඩි 50ක් උසැති යකඩ අට්ටාලයකය.  ඉක්බිතිව කෲගර් උද්‍යානයේ වෙනත් ප්‍රදේශයකට ගොස් එම ස්වර තරංග මුදා හරින ලදී.  මෙහි දී විද්‍යාඥ පිරිස නිරීක්ෂණය කළේ වන ලැහැබ තුළින් පිටතට පැමිණි අලි රංචුවක් හොඬවැල ඉහළ ඔසවමින් තම  සගයින් කොහෙ සිටින්නේද යන්න විපරම් කොට අසාර්ථක වූ බැවින් පිට්ටනියෙන් නික්ම ගිය බවයි”

දෘෂ්ටි සන්නිවේදනය 

දෘෂ්ටි සන්නිවේදනය ගත් කළ එය කෙටි දුරකට පමණක් සිමා වන ක්‍රමයකි.  දෘශ්‍ය සන්නිවේදනයට අභිනයන්, මුහුණේ ඉරියව් සහ ශරීර ඉරියව් ඇතුළත් විය හැකිය.   එයට හේතුව වන්නේ බොහෝ ස්වාභාවික බාධක පරයා ගමන් කළ නොහැකි නිසයි. පෘෂ්ඨවංශීකයන් (දැල්ලන්, බුවල්ලන්) අතර මෙම සන්නිවේදනය බෙහෙවින් සිදුවේ.  මේ සඳහා හොඳින් වර්ධනය වු ඇස් සන්නිවේදනය ලබා ගන්නා අයට තිබිය යුතුයි.
සමහර සතුන් විවිධ වර්ණ රටා වලින් සන්නිවේදනය කරයි.  මත්ස්‍යයන්, උරඟ හා උභය ජීවින් මේ අතර දැකිය හැක.  ඒවා තර්ජනාත්මක වර්ණ රටා ලෙසඳ හදුන්වයි.  
නිදසුන්:
තිලාපියා නම් මත්ස්‍යය විශේෂය වර්ණ භාවිතයෙන් සන්නිවේදනයේ යෙදේ.
ඕස්ටේ්‍රලියාවේ එමූ සහ කැසවරි නම් වඳුරන්  වර්ණ භාවිතයෙන් සන්නිවේදනයේ යෙදේ.
කටුස්සා වර්ණය වෙනස් කරමින් විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීමට සන්නිවේදනයේ යෙදෙයි.

 එමඟින් තමන්ගේ ඇති විස සහිත භාවය අනෙකුත් සතුන්ට දැන්විම සිදු කරයි. එහිදි ගොදුර හා විලෝපිත සතුන් අතර සිදුවන්නේ දෘෂ්ටිය මුල් කරගත් සන්නිවේදනයයි.  එසේම විෂ රහිත අහිංසක ආකාර ද විෂ සහිත සතුන්ගේ වර්ණ රටා ගෙන තමන් ගොදුරු කර ගැනීමට පැමිණෙන විලෝපිතයන්ගෙන් ගැලවීමට දෘෂ්ටි සංඥා ක්‍රමය යොදා ගනී. මෙමඟින් ශක්තිය වැය නොකර සිය හැඟිම් හුවමාරු කර ගනියි. මෙයට උදාහරණ ලෙස සතෙක් රෞද්‍ර වීම අනුව ඔහුගේ මුහුණෙන් පිළිඹිඹු වන විලාසය දැකිමෙන් අන් සතුන් බියට පත්වේ. එලෙසම සතෙක් ප්‍රිය මනාපව සිටින විට ද මුහුණෙන් අත් පා චලනය කරන ආකාරය ද අන්‍යයන්ට හැඟේ.


නිදසුන්: 
චිම්පන්සීන් තම දෑත් ඔසවා, බිම හෙළීමෙන් හෝ වෙනත් චිම්පන්සියක් දෙස කෙලින්ම බැලීමෙන් තර්ජනයක් සන්නිවේදනය කරයි. පහත රූපයේ දැක්වෙන තරුණ චිම්පන්සිගේ මුහුණේ ඇති 
“සිනහව”  සැබවින්ම බිය හා යටත්කම සන්නිවේදනය කරයි.
එසේම සමහර සත්ත්වයින් මෙන්ම මත්ස්යින්ද අඳුරු ස්ථානයන්හිදී ආලෝකය භාවිතා කරමින් සන්නිවේදනයේ යෙදෙති.  දෘෂ්ටි සංඥා මාර්ගයෙන් තොරතුරු සම්ප්‍රේශනයේ දී යම් යම් බාධක ඇතිවේ.  එනම් ඒවාට යම්කිසි බාධකයක් පරයා යාමට නොහැකි විමයි. උදාහරණ ලෙස, සත්වයකු බිත්තියකට හෝ මහා පර්වතයකට මුවා වී සිය හැඟිම් එම බාධකයකට ඉදිරියෙන් සිටින සතෙකුට දැන්වීම දෘෂ්ටිය ආධාරයෙන් කළ නොහැකි වීමයි. ආලෝකය නොවැටෙන අන්ධකාර ස්ථාන වලත් මෙම තත්වයම ඇති වේ.

නිදසුන්: 
කනා මැදිරියා, රෑ බදුල්ලා  

 රසායනික සන්නිවේදනය (ෆෙරමෝන්)

බොහෝ සතුන් සන්නිවේදනය කරන තවත් ක්‍රමයක් වන්නේ ෆෙරමෝන් මඟිනි. ෆෙරමෝන් යනු රසායනික ද්‍රව්‍යයන් වන අතර විශේෂ ග්‍රන්ථි මගින් ඒවා ස්‍රාවය කරනු ලබයි.  එමඟින්අ නෙකුත් ජීවීන්ගේ ප්‍රතිචාර අවුලුවන අතර සාමාන්‍යයෙන් එකම  විශේෂයේ සාමාජිකයන් අතර එම සන්නිවේදනය සිදු වේ.  එම ජීවීන් ෆෙරමෝන් සුවඳ හෝ වෙනත් ආකාරයකින් ඔවුනොවුන්ව හඳුනා ගනී.  නිදසුනක් ලෙස ජිප්සී නම් සළබයා ෆෙරමෝන නම් ද්‍රව්‍යයක් සිය සහකරුවා වෙත පිට කරයි. එම ගන්ධය දැනුනු වහාම වෙරමොන නිකුත් කළ ස්ත්‍රී සත්ත්වයා කරා පිරිමි සත්ත්වයා පැමිණේ. එසේම කුහුඹුවන් විසින් විවිධ ෆෙරමොන ස්‍රාවයන් නිකුත් කරන අතර අනෙකුත් කුහුඹුවන් විසින් එම නිකුත් කරන ස්‍රාවයන් හඳුනා ගනී.  විශේෂයෙන්ම ෆෙරමෝන මඟින් කුහුඹුවන්ට ඔවුන්ගේ සංකීරණ, සංවිධානාත්මක සමාජයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ පවත්වා ගැනීමට කෙසේද යන්න පැහැදිලි කරයි.  විවිධ කුහුඹුවන්ගේ ෆෙරමෝනවලට විවිධ අරමුණු ඇත.  සමහරු සහකරුවන් ආකර්ෂණය කර ගනිති, තවත් සමහරු කුහුඹු ජනපදයේ සියලුම කුහුඹුවන් එකට ඒකරාශී වීමට අවශ්‍ය සංඥා  එමඟින් භාවිතා කරයි, තවත් සමහරු අනතුරු ඇඟවීමට යොදා ගනියි.
නිදසුන:
මකුළුවෙකුගේ සිට තණකොළ කපන යන්ත්‍රයක් දක්වා වූ ඕනෑම අනතුරක් කුහුඹුවන්ගේ ජනපදයකට තර්ජනය කරන විට, තර්ජනය හඳුනාගත් පළමු කුහුඹුවා අනතුරු ඇඟවීමේ ෆෙරමෝන් ස්‍රාවය කරයි.  විවිධ ෆෙරමෝන් කිහිපයක් ස්‍රාවය කරනු ලබන්නේ ජනපදයේ රැජින විසිනි. මෙයින් එකක් තරුණ ගැහැණු කුහුඹුවන් සාරවත් වීම වළක්වයි. රැජින මිය ගොස් මෙම ෆෙරමෝන් නිපදවීම නැවැත්වූ විට තරුණ ගැහැණු සතුන් සාරවත් විය හැකිය, වෙනත් කුහුඹුවන්ගේ ෆෙරමෝන් මාර්ග සලකුණු කිරීමට භාවිතා කරයි. කුහුඹුවෙකු ආහාර ප්‍රභවයක් සොයාගත් විට, එය නැවත කැදැල්ලට යන ගමනේදී සලකුණු කරන්නේ බිමෙහි ෆෙරමෝන් ස්‍රාවය කිරීමෙනි. අනෙක් කුහුඹුවන් ආහාර ප්‍රභවයට ෆෙරමෝන් මාර්ගය අනුගමනය කරයි. 
එසේම ජපන් කුරුමිණියා කෘමී පලිබෝධකයන් කොටු කර ගැනීමට කෘමී ෆෙරමෝන භාවිතා කරයි.
නිදසුන් :  
ජපන් කුරුමිණියන් සහකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ස්‍රාවය කරන ෆෙරමෝන් උගුල් මත තබා ඇත. ජපන් කුරුමිණියන් ෆෙරමෝන් මගින් ආකර්ෂණය වී උගුල් වෙත පියාසර කරයි.  උගුල් ඉදිකර ඇති ආකාරය නිසා ඔවුන්ට නැවත පිටතට යාමට නොහැක.

ෆෙරමෝන මඟින් සන්නිවේදනය කිරීමේදී මී මැස්සන්ද විශේෂිත වේ.  කුහුඹුවන් මෙන් මී මැස්සන් විවිධ අරමුණු සඳහා ෆෙරමෝන භාවිතා කරයි.  

නිදසුන් : 
මී පැණි ආහාර ප්‍රභවයන් සහ මී වදයන් සලකුණු කිරීම් සඳහා ෆෙරමෝන නිකුත් කරයි.  එසේම මෙම  ෆෙරමොන  මගින් මී මැස්සන් වඩාත් කාර්යබහුල අවධියක සමූහයක් බවට පත් කරයි.  මී මැසි රැජින තම යටත්විජිතයේ අනෙකුත් කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියට බාධා කරන ෆෙරමෝන නිපදවයි. මී මැසි ජනපදයේ සිටින එකම සාරවත් කාන්තාව ගැහැණු රැජින  බව මින්  සහ සහතික කරයි.  

 

රසායනික සන්නිවේදනය කෘමි ආකාර වල මෙන්ම  සහ ක්ෂීරපායී ආකාර වල ප්‍රචලිතව දක්නට ලැබේ. එසේම රසායනික සන්නිවේදනයේ යෙදුන වන අලියන් පිළිබඳව මෙසේ සටහනක් තැබීමට හැකිය. වන අලින්ගේ සන්නිවේදනය විස්තර කරන වෛද්‍ය නන්දන අතපත්තු (හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වන ජීවී දෙපාර්තමේන්තුව) "අලි ඇතුන්ගේ සැඟවුණු ලෝකය” කෘතියේ මෙසේ සඳහන් කරයි.  බොහොවිත්ළ හොඬවැල ඉහළට ඔසවා ඒ මේ ඇත යොමු කරමින් වාතය පරික්ෂා කරන්නේ දුර බැහැර සිට ගෙන එන රසායනික පණිවුඩ ග්‍රහණය කර ගැනීමටය.  අතින්නියකගේ මුත්‍රා හෝ බාහිර ලිංගෙන්ද්‍රයන් ඉව කර බැලීමෙන් ඇය සරුමද තත්ත්වයකට පත්ව සිටිනවද නැත්ද යන රසායනික පණිවුඩය ලබා ගැනීමට පිරිමි අලින්ට හැකියාව ඇත.” 

මුත්‍රා හෝ සත්ව මළ පහ සතුන් විසින් බහිස්‍රාවී අපද්‍රව්‍යක් ලෙස පරිසරයට එකතු වේ. මෙම බහිස්‍රාවී අපද්‍රව්‍ය ආවේණික ගන්ධයකින් යුක්ත වේ. තම වසම් සිමා දැක්විමේදී සතුන් තම අපද්‍රව්‍ය එහි සීමා වලදි නිකුත් කෙරේ. එහි ගන්ධය ආඝ්‍රහනය කළ පසු තම විශේෂයෙන් වෙනත් සතෙකුගේ නිවහනක් ලෙස සලකා ඉන් ඉවත් වේ. 

නිදසුන් :
බළල් පවුලේ සතුන් ම්‍රත්‍රා උපයෝගී කරගෙන රසායනික සන්නිවේදනය කරයි.

රසායනික සන්නිවේදන ක්‍රමයේ යම් යම් අවාසි තත්වයන් ඇත. මුල්ම අවාසිය නම් එමඟින් නිකුත්වන තොරතුරු ක්ෂණිකව වෙනස් කළ නොහැකි වීමයි. දෙවැන්න එම රසායනික ද්‍රව්‍ය අවට පරිසරයේ නොනැසි පැවතිය යුතුවීමයි. එලෙස නොනැසි පැවතීමට නම් එහි අණුක භාරය වැඩි විය යුතුය. අණුක භාරය වැඩි දුව්‍යක් ස්‍රාවය කිරිමට නම් එම සත්වයා අධික ශක්තියක් වැය කළ යුතුයි. එය ද අවාසියක් වේ.  රසායනික ද්‍රව්‍ය වේගයෙන් වාතයේ වාෂ්පශීලීව ගමන් කළ යුතුයි. එය බොහෝ කාලයක් එලෙසම පැවතුනහොත් එම ගන්ධය ඔස්සේ සතුරන් පවා පැමිණිය හැකිය.

නිදසුන් : 
කුහුඹුවන් විශේෂයක් සිය නිවහන සලකුණු කර ගැනීම පිණිස නිකුත් කරන රසායනික ද්‍රව්‍ය ඔස්සේ ඔවුන්ගේ විලෝපිකයෙක් වන සර්පයින් පැමිණිම

චර්යා සන්නිවේදනය

සන්නිවේදනය නොමතිව සමාජයේ ජිවත් වීම කළ නොහැක්කකි.  සන්නිවේදනය සඳහා බොහෝ  විශේෂයන් භාවිතා කරන අතර එහිදී සමාජ චර්යාව නැතිනම් හැසිරීම වැදගත් වේ.  මෙයප්‍රදර්ශන හැසිරීම ලෙසද හැඳින් වේ.  එනම් නිශ්චිත තොරතුරු සන්නිවේදනයට භාවිතා කරනු ලබන චාරිත්රනුකුල හැසිරීමක් ලෙස ගත හැකිය.  සමාජ හැසිරීම මත සන්නිවේදනය කිරීම මානව සමාජයට මෙන්ම සත්ත්ව සමාජයටද එක ලෙස බලපානු ඇත.  එනම් එහිදී සත්ත්ව චර්යාව ඔවුන්ගේ ප්‍රධාන සන්නිවේදන ආකාරයකි.  මෙහිදී අවයව භාවිතයෙන් එම සත්ත්වයින් තම සන්නිවේදන අවශ්‍යතාවයන් ඉටු කර ගනියි.  

නිදසුන් :
මී මැස්සන් තම ප්‍රධාන ආහාරය වූ මී පැණි සොයා ගැනීම  සඳහා නැටුම් නටමින්  තම යටත් විජිතයේ අනෙක් සාමාජිකයින් සමග සන්නිවේදන කාර්යයේ යෙදෙති.  

එසේම පිරිමි මොනරා ඔහු සතු වූ විශාල පිල් කළඹ විහිදමින් නර්තනයේ යෙදෙති.  විශේෂයෙන් මෙම සංදර්ශනයේ ඔහු යෙදෙන්නේ ගැහැණු මොනරා තම සංසර්ග කටයුත්ත සඳහා ආකර්ෂණය කර ගැනීම සඳහාය.  විශේෂයෙන්ම බොහෝ කුරුල්ලන් තම සහකරුවන් ආකර්ෂණය සඳහා නැටුම් පාමින් තම චර්යා හැසිරීම් මඟින් සන්නිවේදනයේ යෙදෙති.  එසේම සංසර්ගයේ මෙන්ම ආක්‍රමණයේදී තම ආරක්ෂාව සඳහා තම විවිධ චර්යා මඟින් සන්නිවේදන අවශ්‍යතා ඉටු කර ගනියි. 
හිවලුන් හෙවත් නරි වෙසෙන්නේ රංචු වශයෙනි.  රංචුවක සංඛ්‍යාව 12 ඉක්මවා ඇත.  උන් ආක්‍රමණයත් සමග යටත් වීම සන්නිවේදනය කරනේ කන් වෙති දෙක පහළට නමින් දෙඇස් මඳක් විවර කිරීමෙනි.  සතුරා වෙත තම ආවේගය සන්නිවේදනය කරනු ලබන්නේ වලිගය ඉහළට ඔසවමින් දත් විලිස්සා ගෙරවීමෙනි. 

"බූන්දල ජාතික  උද්‍යානය  (වපසරිය 6216 හෙක්ටයාර්) විවිධ පක්ෂයෙන් නිරීක්ෂණය කිරීමට කදිම ජාතික උද්‍යානයකි. පක්ෂීන්ගේ සන්නිවේදන කිහිපයක් සඳහන් කිරීමේදී මෙම උද්‍යානයේ දී මුහුදු කපුටන් එකිනෙකා අරගල කරගන්නා ආකාරය නිරීක්ෂණය කළ අතර එක්  පක්ෂියෙක් තම පියාපත් යුගලය උත්සහ අනිකා අනිකා ඉදිරියට ගොස් ආවේගය විදහා දක්වයි.  එවිට අනිත් පක්ෂියා බිම වැටී තිබෙන තණ පැළෑටි හොටයෙන් අල්ලා උකගුලයි, ගලවයි. ඒ යටත් වීමක් සන්නිවේදනය කිරීමටය.  පක්ෂීන්ගේ අරගලයේ දී හදිසියේම එක් පක්ෂියෙකු තම බෙල්ල කරකවා හොටය පියාපත් අස්සේ ගසාගෙන නිදා ගන්නා ආකාරයක් පෙන්වයි.  එයද යටත්වීමට දක්වන සන්නිවේදනකි.
මීට අමතරව සත්ත්වයින් සඳහා ඔවුන්ටම ආවේණික වූ චර්යාත්මක  සන්නිවේදන ක්‍රමයන් පවතී.  සංවාසයට ආරාධනා කීරීමල තම වැයික්කිය ආරක්ෂා කර ගැනීමල ශෝකය වේදනාව ප්‍රකාශ කිරීමල බිය ප්‍රකාශ කිරීමල ආචාර කිරීමල යටත් වීමල සුහදත්වය ප්‍රකාශ කිරීම වැනි හේතූන් මත මොවුන් තම සන්නිවේදන ක්‍රමයන් භාවිතා කරයි.  

විද්‍යුත් සන්නිවේදනය 

විද්‍යුත් සන්නිවේදනය කරනුයේ සත්ත්ව ලෝකයේ සතුන් කිහිපදෙනෙකි.  එම සතුන් විසින් සිය දේහය වට විද්යුත් ක්ෂේත්‍රයක් ඇතිකර ගන්න අතර එමඟින් ගොදුරු හා ගැනීම ප්‍රමුඛව සිදු කරන අතර තමන්ද ආරක්ෂාව සපයා ගනියි.  
නිදසුන් :
විදුලි ආඳන් විදුලි මත්ස්‍යයින් හා විදුලි මඩුවන්

සමහර විදුලි ආඳන් තමන් විසින් නිතුත් කරනු ලබන විද්‍යුත් තරංග ආධාරයෙන් තමන්ගේ ලිංගිකත්වය, තමන් ප්‍රජනනය සඳහා ඇති කැමැත්ත සිය සහකරුරැසහකාරිය වෙත දැන්වීම සිදු කරනු ලබයි.  

තාප සන්නිවේදනය

සත්ත්ව ලෝකයේ තාප සන්නිවේදනය සිදු කරනු ලබන්නේ කුරුමිණී විශේෂයක් පමණි.  එමඟින් ඔවුන් තම  ආරක්ෂාව සපයා ගනිති.  තමන් සතුරෙකුගේ ගොදුරක් බවට පත්වේ යැයි හැඟුන විගස තම සතුරාගේ ශරීරය වෙතට අධික තාපයෙන් යුක්ත වූ ද්‍රව්‍යක් පිට කර ඔවුන් ගැලවීමට උත්සහා දරයි.  

ලෝකයේ   ජීවි ප්‍රජාව සත්ත්ව හා ශාක ලෙස බෙදා වෙන් කළ හැක.  සත්ත්වප්‍රජාව අතර විවිධාකාර  සන්නිවේදන මාධ්‍යයන් පවති.  ජීවිලෝකයේ උසස්ම   සත්වයා වන මිනිසා අතර සන්නිවේදන මාධ්‍යයන් රාශියක් ඇති බව අප සැම දන්නා කරුණකි. නමුත් සතුන් අතර පවතින සන්නිවේදන ජාලා විවිධාකාර වේ.  මෙමඟින් නිගමනය කල හැකි වන්නේ මිනිසා මෙන්ම අනෙකුත් ජීවින් අතරද විවිධ සන්නිවේදන මාධ්‍යයන් පවතින අතර එම සන්නිවේදන මාධ්‍යයන් සත්ත්වයාගෙන් සත්ත්වයාට වෙනස් වන බවයි. විශේෂයෙන් තම සන්නිවේදන ක්‍රියාවලියේ යෙදෙනුයේ තම අවශ්‍යතවයන් සපුරා ගැනීම ප්‍රධාන අරමුණ කර ගනිමින් බවයි.




සඳු පූර්ණිමා...

(ඡායා රූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂාව.


ලෝක ආහාර වැඩ සටහන මගින් 2007 අප්‍රේල්  15 - 30 දක්වා කාලය තුළ ද්විත්‍රීය දත්ත භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිත භාවය පිළිබඳ තක්සේරු කිරීමක්  සිදු කර තිබේ. මෙම අධ්‍යයනය සඳහා සහභාගී වූ පර්යේෂණ කණ්ඩායම ආහාර හා කෘෂිකර්ම සංවිධානය එක්සත් ජාතීනගේ සංවර්ධන වැඩසටහන, ලෝක ආහාර වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය  සමීපව කටයුතු කර ඇත. මෙහිදී ආහාර සුලභතාව්‍ය ආහාර උපයෝජ්‍යතාවය සහ ආහාර පරිහරණය පිළිබඳව අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආහාර සුලභතාව ප්‍රධාන වශයෙන් වී නිශ්පාදන සහ අලවිය මත තීරණය වී ඇති අතර 2005 - 2006 කාල සීමාව තුළ දී එහි සැළකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබේ. එසේ වුව ද දිවයිනෙහි ශුද්ධ සහල් සැපයුම ගෘහ ඒකක ඉල්ලුම සපුරා ලීමට එය ප්‍රමාණවත් නොවේ. දෙවනුව පරිභෝග කරණ අල වර්ග වැනි ද්විතීක ආහාර වර්ග නිශ්පාදනය පහළ ගොස් ඇති අතර අතිරේක ආහාර සපයා ගනු ලබන්නේ තිරිඟු පිටි ආනයන මගින්ය. 

සහලින් ස්වං පෝෂිතතාවය පිළිබඳ දිස්ත්‍රීක්ක අතර අසමානතාවයක් පවතී. අතිරික්ත වී නිශ්පාදනය ඇති ප්‍රධාන දිස්ත්‍රීක්ක කිහිපයක්  පමණක් ඇත. එයින් උතුරු මැද පළාතේ ප්‍රදේශ කිහිපයක අර්බුද කාරී තත්ව එහි නිශ්පාදිතය හා බලපා තිබේ. එහි ප්‍රථිඵලයක් වශයෙන් අතිරික්ත නිශ්පාදන හුවමාරු වීම සීමා වී තිබේ. ලිබරල් වාදී වෙළදපල ක්‍රමයක් තුළ වී සහ සහල් අලවිය වඩාත් තරග කාරීවිය යුතු නමුත් වෙළදපල සඳහා ප්‍රවේශවීමට ඉඩ ප්‍රස්ථා සීමා වී ඇත. එහෙයින් අතිරේක ඉල්ලුම සඳහා ප්‍රමාණවත් ප්‍රතිචාර නොලැබේ. මාතර, හම්බන්තොට, පුත්තලම, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රීක්කවල ග්‍රාමීය ප්‍රදේශවල ඇති දුරස්ථ භව වෙළදපල සඳහා ප්‍රවේශ වීමට ඇති දුර්වල ඉඩ ප්‍රස්ථා නිශ්පාදන හිඟය ආහාර සුලභතාව සහ සැපයුම සම්බන්ධ සාකච්ඡා වන මාතෘකාවක් වී තිබේ. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දුර්වල මාර්ග පද්ධතිය ආහාර සැපයුම සම්බන්ධයෙන් ප්‍රධාන සීමාවක් වී තිබේ.

ආහාර මිල ඉහල යාම සියලුම දිස්ත්‍රීක්කවල සිටින දිළිඳු ජනයාට ආහාර ලබා ගැනීම සඳහා ප්‍රවේශවීමේ ඇති අවස්ථා සීමා කරයි. ඉහල මිල ගණන් වාර්තාවන ප්‍රධාන දිස්ත්‍රීක්කවනුයේ යාපනය, මඩකළපුව, බදුල්ල, මොණරාගල, කළුතර, අම්පාර සහ මහනුවර වේ. දරිද්‍රතා සීමාවෙන් පහළ සහ එම සීමාවේ ජීවත්වන ජනතාව සඳහා ආහාර මිල ඉහල යාම තදින්ම බලපානු ලබයි. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව  සම්බන්ධව බලපානු ලබන ඊළග වැදගත් දෙය වන්නේ ශ්‍රමිකයන්ගේ මූලික වැටුප් ඉතා ඉහළ ප්‍රතිශතයක් පහළ ගොස් ඇති අතර එය 1978 පැවැති මට්ටමට  වඩා 40% කින් අඩු වී ඇත. මෙහි බලපෑම උතුර - නැගෙනහිර පළාත්වලදී ඉහළ අගයක් ගනී. තවද වතු ආශ්‍රිත ශ්‍රමිකයන් දිළිදුබව ඉහළ මට්ටමට පවතී. බදුල්ල හම්බන්තොට තිව්‍රතාවය 7% හෝ ඊට වඩා වැඩි මට්ටමට පවති. උතුරු නැගෙනහිර ගැටළු පවතින ප්‍රදේශවල දිළිදුබවේ තීව්‍රතාවය ඉහත සඳහන් දිස්ත්‍රීක්කවල මට්ටමට වඩා ඉහලය. දුර්වල මාර්ග පද්ධති නිසා යටිතල පහසුකම් නොමැතිවීම නිසා වෙළදපලට ළගා වීම සඳහා ඇති භෞතික අපහසුකම් ජනජීවිතයේ ක්‍රියාකාරකම් පහසුවෙන් පවත්වාගෙන යාම සඳහා සීමා පනවා තිබේ.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය උපතේදී ළමා මරණ අනුපාතය සහ මානව අනුපාතය පහළ මට්ටමක පැවතිය ද මන්ද පෝෂණය පිළිබඳ දර්ශක ඉහළ මට්ටමක පවතී. එය දිස්ත්‍රීක්කයෙන් දිස්ත්‍රීක්කයට වෙනස්වන අතර  ගැටුම් පවතින උතුර නැගෙනහිර සහ වතු ජනාවාසවල ඉහල අගයක් ගනී. බීමට සහ පරිහරණයට සුදුසු ජලය ලබා ගැනීමේ අපහසුව විශේෂයෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කවලදී වාර්තා වේ. පැල්පත් නිවාස ප්‍රතිශතය දිස්ත්‍රීක්කයෙන් දිස්ත්‍රීක්කයට වෙනස් වේ. බස්නාහිර පළාතේ දිස්ත්‍රීක්කවලදී ගෘහ ඒකකවලින් 95% සඳහා වැසිකිළි පහසුකම් ඇති නමුත් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කවලදී එය 30% කි.




සඳු පූර්ණිමා..

(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )


Desert Flower..

  ඇය වාරිස් ඩයරී  නම් විය. වාරිස්  කියන්නේ අප්‍රිකාවේ පිපෙන සුන්දර මලක්. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඇය සුන්දර යකඩ මලක්. මෙ වන විටත් බොහෝ පිරි...